Hot!

ගෝර්කිගේ "අම්මා" නොකියවූ කරුණාවතී අම්මා

ගාමිණී මුතුකුමාරණ 

අම්මාවරුන් සිය දරුවනට ප්රාගණය හා සමාන වන්නේය. එබැවින් තම රුහිරු කිරිකර පොවා තම දරුවන් වඩන අම්මා ඔවුන් වැඩෙන කලද සිතුම් පැතුම් හදුනාගනිමින් අතහැර යා නොදී පුර්ණ රැකවරණයත් සිය නිබඳ ආශිර්වාදයත් ලබාදෙයි. ලොකු මහත්වූ දරුවනට නව ලොව වෙත පිය නැගීම සඳහා අම්මාවරු නිබඳ සෙවනැල්ලක්ම වෙති. උත්තුංග මානව ගුණාංගයන්ගෙන් හෙබි, පොළොවේ පය ගසා දිවිමග දිනන සංවේදී දරුවන් ලොවට දායාද කෙරෙන්නේද ලෙන්ගතු සහ මහත් ගුණ සපිරි සංවේදී මව්වරුන් නිසාමය. සිය දුවා දරුවන් කෙතරම් දැනුම් තේරුම් බවින් යුතු වුවද ඔවුන්ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල අවසන් තීරකයා බවට පත්වන මව්වරුද අප අතරම සිටිති. එවැනි අවස්ථාවල ඇතැම් දරුවන්ට වඩා පෙරදක්නා නුවණින් යුතු සුවිශේෂ අම්මාවරුද අපට මුණ ගැසෙති.

ලොව අග්ර ගණ්යට  සාහිත්යුය කෘතියක් වන රුසියානු සාහිත්යැවේදී මැක්සිම් ගෝර්කිගේ අම්මා කෘතිය එවැනි අම්මාවරුන් පිලිබඳ මොනවට පසක් කරයි. එහි එන අම්මාගේ චරිතය අනගිභවනීයයි. නව ලොවක් හා යහපත් සමාජයක් බිහිවන්නේ විප්ලවයක් තුලින් යයි විශ්වාස කළ ඒ අම්මා රුසියානු විප්ලවවාදී සංවිධානය වෙනුවෙන් මහත් වූ කැපවීමක් කළාය. එහිදී අම්මා දේශපාලන ක්රිවයාකාරීනියක් වන්නේ ස්වකීය පුතු පාවෙල් විප්ලවවාදී සංවිධානයේ සාමාජිකයෙකු වූ නිසාම නොවේ. අම්මා, සංවිධානයේ සාමාජිකයින් හඳුනා ගන්නේ සහ ඊට සමීප වන්නේ පාවෙල් නිසා වුවද පසු කලෙකදී ඇය එහි ක්රිේයාකාරිනියක් වන්නට වූයේ පීඩිත පන්තියේ දේශපාලන ව්යා පාරය පිලිබඳ කාලයත් සමග ඇයට ලබුණු ජීවන පන්නරයත් සමගය. රුසියානු විප්ලවවාදී ව්යා්පාරය තුළ සනිටුහන් වූ මෙවැනි යථාර්ථවාදී ගතිකයන් නිර්මාණාත්මකව පෙළගැස්වූ මැක්සිම් ගෝර්කිගේ අම්මා කෘතිය අදටත් අපට එවැනි ජීවමාන අම්මාවරුන් මුණගස්වයි. 

සටන්කාමී ලෙස විවිධ පරිවර්තනයන් උදෙසා ඇප කැප වූ බොහෝ  මව්වරුන් පසු කලෙක ලාංකීය මහ පොලොවේදීද අපට විටින් විට හමුව තිබේ.  එක්තරා කාල පරිච්ඡේදයක සමාජය වෙනස් කිරීම සදහා කාලය, ශ්ර්මය, දහදිය, උපයාගත් මිල මුදල මෙන්ම සිය දුවා  දරුවන්ගේ බඩ වියත රැකීමට තිබූ දෑද ඔවුහු  ඒ වෙනුවෙන් කැප කළහ. 

එවන් උත්තුංග ගුණාංගවලින් පිරිපුන් මවක්  පසුගියදා අප අතරින් සදහටම සමුගත්තාය. ඇය නමින්  ඩී.ඒ කරුණාවතී මාතාවය. ඇය, ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වන සිරිපාල නෙත්තිකුමාර සහෝදරයාගේ ආදරණීය මෑණියන්ය. කරුණාවතී  අම්මාගේ වියෝව, එකල විප්ලවීය දේශපාලනයක නිරතවූ  අප හැමකෙනෙකුගේම හදවත් සසල කිරීමට හේතුවූ අතර  ඇයට උපහාරයක් හා ගෞරවයක් ලෙස මෙම කෙටි සටහන තබන්නට අදහස්  කළෙමි.

මෙවැනි  බොහෝ  අම්මාවරුන් තම දිවිය අරගලය වෙනුවෙන් කැප කළේ  පුදුම සහගත ලෙස දුක් කම්කටොළු විදිමිනි. බඩට අහරක් සොයාගැනීමට කැලේ පීරමින් මහ පොළොව සමග ගැටී දහඩිය වගුරා වගාවන් කොට ඒවායින් ලැබෙන අස්වැන්නෙන් කොටසක් පක්ෂයට ලබාදෙමින් කරුණාවතී අම්මාද පුදුම වීර කතකගේ චරියාව පුහුණු කොට තිබුණේය. ඇය ගැන මෙසේ ඡේද කිහිපයක කෙටි සටහනක් තබන්නේ කෙසේද ?. වර්තමාන සමාජයට හඳුන්වා දෙන්නේ කෙසේද ? එය අසීරුය. හේතුව, අම්මා  හා බැඳුණු අපගේ මතකයන් ඉතාමත් දීර්ඝකාලීන ඒවා වීමය. නිරන්තරයෙන් එම බැඳීම් දේශපාලනික වූ අතර තවත් විටෙක ඉතා මානුෂීය  කාරණාය. 

කරුණාවතී අම්මා අපගේ  දිගුකාලීන දේශපාලන හිතවතියකි. ඒ  1971 තරම් ඈත කාලයක පටන්ය.   1977 න් පසු ඇරඹුණු ජනතා විමුක්ති පෙරමුණේ දෙවනි පුනරාගමනයටද ඇය උරදුන්නාය. නෙත්තිකුමාර සහෝදරයා මෙන්ම  ඔහුගේ මලණුවන් සුනිල් හා නැගණියන් කිහිප දෙනෙකු සමග  කරුණාවතී අම්මාද පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා එකල අප සමග එකතු වූවාය. එතැන් සිට එළැඹුණු මුළු මහත් කාලය පුරාම  ඇය අපගේ දේශපාලන ගමන් මගෙහි නොබියව හා  ධෛර්යවන්තව  කටයුතු කළාය.  1983  පක්ෂය තහනමට ලක්වීමෙන් පසුව එලඹි යටි බිම්ගත දේශපාලනයේදීත් අම්මා අපට මහත් ශක්තියක් වීය. සත්යග ලෙසම එකල ඇය අපට ගෝර්කිගේ "අම්මා" වූවාය.  පක්ෂයේ රහස් ගමන් බිමන් හා රහස් පණිවිඩවලදී ගෝර්කිගේ අම්මා මෙන්ම මේ අම්මාද ඇය විශ්වාස කළ දේශපාලන දහම වෙනුවෙන් වෙහෙසුනාය. කැපවුනාය. මැක්සිම් ගෝර්කි ලියූ "අම්මා" ගැන නොදැන සිටි මේ අම්මා අපගේ ආරක්ෂිත ස්ථානයන්හිදී ඉතාමත් අපූරුවට සතුරා නොමග යැවීමට සමත් වූවාය.  කරුණාවතී අම්මා අපෙන් සමුගෙන ගියේ මෙවන් පරමාදර්ශ  හා මතකයන්  රැසක් අපට ඉතිරිකර තබමින්ය. 

ඇය ජීවත් වූයේ කතරගමය. නෙත්තිකුමාර පවුල කතරගම මුල්බැසගත් පරම්පරාවක් වුවත් ඔවුන් එහි පැමිණ  ඇත්තේ මාතර අපරැක්කේ සිටය. ඒ නිසාම ප්රවදේශවාසීන් නෙත්තිලාගේ නිවස හැඳින්වූයේ අපරැක්කෙ ගෙදර කියාය. කරුණාවතී අම්මාගේ  සැමියා නැත්නම් නෙත්තිගේ තාත්තා බොහෝ සේ නිහඬ චරිතයක් විය. නිවසට එන අමුත්තන් පිළිගනු ලැබුවේද තාත්තා කළ යුතු  යයි  කියනා හැම දෙයක්ම සිදු කළේද අම්මා විසිනි.    කරුණාවතී අම්මා ස්වභාවයෙන්ම විවෘත මනසකින් ක්රියයා කළ අතර සාම්ප්රසදායික හණමිටි අදහස් බැහැර කළ තැනැත්තියකි. ස්වකීය නිවසේ දූ දරුවන්ගේ කටයුතුවලදී මෙන්ම සමාජ කටයුතුවලදීත් ඇය සමාජයේ පැලපදියම්ව තිබූ ඇතැම් සාම්ප්රසදායික  සිරිත් විරිත් තුට්ටුවකටවත් මායිම් නොකළාය.  

කරුණාවතී අම්මාගේ දෙවනි පුත්රමයා වන සිරිපාල නෙත්තිකුමාර සහෝදරයා  ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වන්නේ 1967 වසරේදී  පමණය. ඉන්පසු  1971 අප්රේමල් අරගලයේ පටන් මේ අම්මාද ජවිපෙ දේශපාලනය සමග වඩ වඩාත්ම හිතවත් වන්නීය. 1971 දී රජයේ හමුදා කතරගම නගරයේදී ප්රේ මා මනම්පේරි සහෝදරියට මහ දවාලේ නිර්වස්ත්රස කොට වෙඩි තබනවා අම්මා සියැසින්ම දුටුවාය. තමන් මුහුණ පෑ අතීත අත්දැකීම් මතකාවර්ජන ලෙස සිය දහස් වාරයක් පමණ  ඇය අප සමග පවසා  ඇත. 1971 දී සිරගත වුණු නෙත්තිකුමාර සහෝදරයා  දැකබලා ගැනීමට  වසර ගණනාවක් පුරා අම්මා සිරගෙවල් වෙත ගියාය.  1971  මෙන්ම 1988 හා 89  රාජ්යර භීෂණයන්ටද  අම්මා  මුහුණ දුන්නාය.  

රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු බොහෝ සගයෝ කරුණාවතී අම්මා සමග ඉතා කුළුපගව සිටියහ. රෝහණ සහෝදරයා තිස්ස කතරගම ප්රොදේශයට පැමිණි විට අම්මා මුණගැසී කතා බහ කොට යාමට අමතක නොකළේය. විජේදාස ලියනාරච්චි සහෝදරයාටද මේ අම්මා සමග ඉතා සමීප හිතවත් කමක් තිබුණේය.  ඒ පක්ෂය තහනම්  කරන්නට පෙර කාලයේය. 1983  පක්ෂය තහනම් කිරීමෙන් පසු කතරගමට පැමිණි රෝහණ සහෝදරයා පියසේන රාමනායක සහෝදරයාද  සමග පලමුවෙන්ම පැමිණෙන්නේ මේ මවගේ නිවසටය. ඔවුන් පැමිණි යතුරු පැදිය නිවස පිටුපස සඟවා තබා ගලහිටිය කරුණෙගේ හේනට යන පාර පෙන්වීමට ගිය තිලකා නංගීද සමග  තරමක් දුර යද්දී අම්මා ඉක්මන් ගමනින් ඔවුන්  පිටුපසින් පැමිණ සිය පාදයේ තිබූ සෙරප්පු දෙක ගලවා රෝහණ සහෝදරයාට දුන්නේ “පුතේ ඔය පාරවල්වල කටු තියෙනවා මේක දාගෙන යන්න. සෙරප්පු නැතිව ඔය කැලෑ පාරවල්වල යන්න බැහැ.“ යයි කියමිනි. ඒ දිනවල අම්මා බොහෝ රහස් රැක ගත්තාය. ඒ පිටස්තරයන්ට පමණක් නොව ස්වකීය පවුලේ සාමාජිකයින්ට පවා කිසිවක්ම හෙලි නොවෙන්නට ඇය වගබලා ගත්තාය.

1989 මුල් කාලයේ අම්මා කිසියම් අසනීප තත්වයක්  හේතුවෙන් බරපතල ලෙස ඔත්පලව සිටියාය. ඒ රාජ්ය් භීෂණය උත්සන්නවම තිබූ කාලයකි. අම්මා බැලීමට දිනක් රෝහණ සහෝදරයා පැමිණියේය.  "පුතේ තවත් කලක් මම ජීවත් වෙන එකක් නැහැ. මේ ලෙඩෙන් මම මැරේවි" ඇය පැවසුවාය. එහිදී රෝහණ සහෝදරයා කියා සිටියේ "නැහැ, අම්මාට අපි මැරෙන්න දෙන්නේ නෑ. අම්මා නැතිව අපි කොහොමද විප්ලවය කරන්නේ" යනුවෙනි. අම්මාට අවශ්යම ඉක්මන්  ප්රපතිකාර ලබා දීමට පක්ෂය පියවර ගත්තේය. මාස කිහිපයකට පසු කරුණාවතී අම්මා සුවය ලැබුවාය. එය මරණය තෙක්ම ඇය තුළ තිබු මතකයක් විය. 

1989 නොවැම්බර් 13 වනිදා එක් තීරණාත්මක නිමේෂයකදී රෝහණ විජේවීර සහොදරයා අත්අඩංගුවට ගැනීමට ගිය ජානක පෙරේරා හා ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු ආර්. ඩී එෆ්. ක්ෂණික විහිදුම් බලකාය උලපනේ නිවසට යාමට පෙර  ගලහ පිහිටි පක්ෂයේ  ආරක්ෂිත නිවස්නයක් වටලද්දී මේ කරුණාවතී අම්මාද එහි සිටියාය.  එච්. බී. හේරත් හා පියදාස රණසිංහ සහෝදරයා හසු වන්නේ මේ නිවස තුළදීය. විඳදරා ගැනීමට නොහැකි බරපතල විනාශයක් පැමිණ ඇතැයි ඒ මොහොතේ  අම්මාට හැඟී යමින් තිබුණු බව පසු දිනක අම්මා අප සමග පැවසුවාය. පක්ෂයට බරපතල හානි ගෙනදුන් ඇතැම්  ජුගුප්සාජනක හා අමිහිරි  සිදුවීම් පිළිබඳව ඇය කනස්සළුව හා ශෝකබරිතව කාලයට මුහුණ දුන්නාය. කරුණාවතී අම්මාගේම වචනවලින් කියනවා නම් "පුතේ ඒ ගලහ ගෙදරට උන් ආපු දවස මහ මූසල දවසක්...මට තේරුණා මහා විනාශයක් වෙන්න යනව කියල..."

ඇය දිගහරිනු ලැබූ මෙවැනි කතා බොහොමයක් සටහන් තැබිය යුතු වුවද මේ කෙටි සටහනට ඒවා ඇතුලත් කිරීමට අවස්ථාව නොකර ගනිමි.  

සිදුවූ බොහෝ විපත් මැද තමන් සමග සමීපව සිටි සිය දහස් ගණනක් සොයුරු සොයුරියන් යොවුන්  වියේදීම ඝාතනය වෙද්දී බොහෝ කලක් ආයු විඳීමට අම්මා වාසනාවන්ත වූවාය. අම්මාට මෙන්ම එකල ජවිපෙ විප්ලවීය දේශපාලනය කල අපට තවත් බොහෝ අම්මාවරු සිටියහ. රුසියානු සාහිත්යෙයේ අප කියවූ ගෝර්කිගේ  "අම්මා" ට නොදෙවෙනි වූ මේ අම්මාවරුන් ගැන අපට ඇත්තේ අනුපමේය ආදරයකි. ගෞරවයකි. ස්වකීය දූ දරුවන් මෙන්ම දේශපාලන ව්යාෙපාරයේදී  මේ අම්මාවරුන් අප පිළිගත්තේද ඔවුන්ගේම දරුවන් ලෙසටය. වමේ දේශපාලනයේදී අපට හමුවුනු මේ අම්මාවරුන් තමන් කරනා සේවාව වෙනුවෙන් කිසිදු ලාභ අපේක්ෂාවන් බලාපොරොත්තු වූයේ නැත. අව්යා ජ මිනිස්කම්වලින් පිරුණූ යහපත් හෙට දිනක් පමණක්ම ඔවුන්ගේ ප්රා්ර්ථනාව විය.  නෙත්තිකුමාරගේ අම්මා අප හදවත් තුළ සදාතනික වන්නේ මේ නිසාමය. කරුණාවතී අම්මාට අපගේ විප්ලවීය ආචාරය පිරිනමමු..!

0 comments: