Hot!

යලි ඇවිලෙන ඉන්දු - පකිස්තාන යුද්ධය

ටයිම්ස් පත්‍රයට අනුව ඉන්දියාව සතුව න්‍යෂ්ටික මිසයිල 140ත් 150ත් අතර සංඛ්‍යාවක් ඇති අතර, පාකිස්තානය සතුව 130ත් 140ත් අතර සංඛ්‍යාවක් ඇත. රටවල් දෙකට ම න්‍යෂ්ටික මිසයිල ගෙන යා හැකි බැලිස්ටික් මිසයිල තිබෙන අතර, ඉන්දියාවේ අග්නි-ඪ මිසයිලයට කිලෝමීටර 5,000ක් ගමන් කල හැකි අතර පකිස්තානයේ ෂාහීන් මිසයිලයට 2,000 දුර ගමන් කල හැකිය. 

කේ. රත්නායක 

බදාදා දෙරටේ ගුවන් හමුදාවන් අතර ඍජු ගැටීම්වලින් පසු, දකුනු ආසියාවේ න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් දෙක අතර පූර්න පරිමාන යුද්ධය පුපුරා යාමට තර්ජනය කරමින් ඉන්දියාව හා පාකිස්තානය අතර ආතතීන් පැසවමින් පවතී.

ඊයේ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ සැසියක් ඇමතූ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, “සාමයට ඇඟවුමක්” ලෙස අල්ලාගත් ඉන්දියානු පියාසර කොමාන්ඩර් අභිනන්දන් වරදමාන් අද දින නිදහස් කිරීමට තම ආන්ඩුව තීරනය කර ඇති බව ප්‍රකාශ කලේ ය. එහෙත්, තත්ත්වය “පාලනයෙන් පිට පැන්නහොත්” පකිස්තානයට ප්‍රතිප්‍රහාර දීමට සිදු වන” බවට ඛාන් අනතුරු ඇඟවී ය.



ඉන්දියානු මිලිටරි කඳවුරුවලට පහර දීමට පකිස්තාන ජෙට් යානා කාෂ්මීරයේ ඉන්දියාව විසින් පාලනය කරන ප්‍රදේශයට ඇතුල් වූ විට ඉන්දීය හා පකිස්තාන ගුවන් හමුදා ජෙට් යානා අතර බදාදා පුපුරා ගිය ගැටුමේ දී වරදමාන් අල්ලා ගනු ලැබී ය. ඉන්දියාව ප්‍රහාරය වැලැක්වූව ද පාකිස්තාන හමුදා ඉන්දීය මිග්-21 යානයක් බිම හෙලා එහි නියමුවා අල්ලා ගත්තේ ය.

පෙරේදා පස්වරුවේ පසු භාගයේ ඉන්දියාවේ සන්නද්ධ හමුදා ප්‍රධානීන් තිදෙනා මාධ්‍ය හමුවක් පැවැත්වූ හ. පියාසර කොමාන්ඩර් නිදහස් කිරීම ගැන ”සතුටුවන” නමුත් පකිස්තානය තුලට මිලිටරි ප්‍රහාර දිගට ම සිදු කරන බවට ඔවුහු දිවුරා කිහ. “පකිස්තානය ත්‍රස්තවාදීන්ට පහසුකම් සලසන තාක් කල් අපි ත්‍රස්තවාදී කඳවරු ඉලක්ක කරගෙන පහර දෙනවා” යි මේජර් ජෙනරාල් සුරේන්ද්‍ර සිං මහල් ප්‍රකාශ කලේ ය. “ඔවුන් අප ව තවදුරටත් ප්‍රකෝප කරන්නේ නම් අපි හදිසි අවස්ථාවන්ට සූදානම්” යි කියමින් ඔහු, පකිස්තානය විසින් ඉන්දීය මිලිටරි කඳවුරු ඉලක්ක කරගැනීම හෙලාදැක්කේ ය.

යුද ඝෝෂාවෙන් අඩු නැති පකිස්තාන මිලිටරි ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ගාෆූර් ඊට කලින් ම මෙසේ අනතුරු අඟවා තිබුනි:“ඕනෑම ඉන්දියානු ආක්‍රමනයක් වැලැක්වීම සඳහා පාලන රේඛාව (එල්ඕසී) දිගේ පාකිස්තාන හමුදා භටයන් සීරුවෙන් සිටිනවා.” ඉන්දියාව හා පාකිස්තානය පාලනය කරන කාෂ්මීරයේ ප්‍රදේශ දෙක වෙන් කරන්නේ පාලන රේඛාවෙනි.

ඉස්ලාමාබාදය නියමුවා නිදහස් කිරීම හා එය නව දිල්ලිය විසින් සාදරයෙන් පිලිගැනීම මගින් ආරවුල නො විසඳනු ඇති බව මෙම තර්ජනයන් ප්‍රදර්ශනය කරයි.

1947 දී දකුනු ආසියාව වාර්ගික ව බෙදන ලද තැන් පටන්, ප්‍රතිගාමී මිලිටරි-මූලෝපායික ප්‍රතිමල්ලවතාවේ හිර වී සිටින ඉන්දියාවේ හා පකිස්තානයේ ධනපති ප්‍රභූන් ප්‍රකාශයට පත්කල යුද්ධ තුනක නිමග්න වී ගනන් නැති දේශසීමා කලහයන් වල පටලැවී ඇත්තේ, වාසිය තකා පොරකමින් හා දේශීය සමාජ අතෘප්තිය අපසරනය කිරීමේ උපක්‍රමයක් ලෙස ඔවුන්ගේ සතුරුකම් යොදාගනිමිනි.

රටවල් දෙක තුලට ම වැඩෙන දේශපාලන අර්බුදයන් ද චීනයට එරෙහි වොෂින්ටනයේ මුනගැටුමේ දී “ගෝලීය මූලෝපායික සහකරුවෙක්” හා ඉදිරිපෙල රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කරගැනීමේ ධාවනය සමග ද නවතම ගැටුම බැඳී තිබේ.

පකිස්තානය තුල කඳවුරු තිබෙන ජායිස්-ඉ-මොහොමඞ් (ජේඊඑම්) ඉස්ලාමීය ත්‍රස්තවාදී කන්ඩායම විසින් කාෂ්මීරයේ පුල්වාමාහි දී පෙබරවාරි 14දා සිදුකල ප්‍රහාරයක්, ඉස්ලාමාබාදයට එරෙහි ආතතීන් තීව්‍ර කිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව විසින් ඩැහැගත්තේ ය. එම ප්‍රහාරයෙන් 40කට වැඩි ඉන්දියානු සොල්දාදුවන් පිරිසකගේ ජීවිත බිලිගත්තේ ය.

1971 ඉන්දු-පකිස්තාන යුද්ධයෙන් මෙපිට නව දිල්ලිය පකිස්තානය ඇතුලත සිදු කල පලමු ගුවන් ප්‍රහාරය දියත් කරමින් බලාකොට් වෙත නව දිල්ලිය අඟහරුවාදා ප්‍රතිප්‍රහාරයක් එල්ල කලේ ය. ආන්ඩුවේ ඉහල නිලධාරියෙක්ගේ තොරතුරුවලට අනුව, බලාකොට් ප්‍රහාරය ජීවිත 200ත් 300ත් අතර ප්‍රමානයක් බිලිගත් බව ඉන්දීය මාධ්‍ය අවධාරනය කරයි.

වඩාත් හිතෛෂී වෙලඳ ජාතිය යන තත්ත්වය අහෝසි කරමින් හා වාරිමාර්ග කටයුතු හා විදුලිබලය නිෂ්පාදනය සඳහා පකිස්තානයට අවශ්‍ය ජලාපවාහනය අඩුකිරීමට ඉන්දු නිම්න ජල ගිවිසුම යටතේ තමන්ට ඇති හිමිකම් යොදාගැනීමට සපථ කරමින් පාකිස්තානය මත දන්ඩනීය ආර්ථික පියවරයන් පැටවූමෝදි ආන්ඩුව ප්‍රහාරය සූදානම් කලේ ය.

“ලෝකයේ විශාලතම වීඩියෝ සම්මේලනය” යනුවෙන් හඳුන්වමින් ස්ථාන 15,000ක දී ඊයේ බීජේපී ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් සංවිධානය කල මෝදි මිලිටරි ගැටුම දේශපාලනික ව ගසාකෑමේ සිය උත්සාහය ප්‍රදර්ශනය කලේය. වාර්තාවලට අනුව එම රැස්වීමේ දී මෝදි කොටියක ජනකායක් සමග කතා කල බව යි.

මෝදි මෙසේ සපථ කලේය: “ඉන්දියාව එක අයෙකු ලෙස සටන් කරමින් ජීවත්වෙමින් ජයගන්නවා ඇති. එවිට, කිසිවකුටත් ඉන්දියාව සංවර්ධනය කරා යන ගමනට හරස්විය නොහැක. 2014 බීජේපීයේ මැතිවරන ජයග්‍රහනය “ජනතාවගේ අවශ්‍යතා සම්පූර්න කිරීම සඳහා වූ ජනවරමක්” බවත්, “2019 මැතිවරනය ජනතාවගේ අභිලාෂයන් සම්පූර්න කිරීම පිලිබඳ වන එකක්” බවත් ඔහු වැඩිදුරටත් කීවේ ය.

යුද උත්සන්නිය ඇවිලීම සඳහා මෝදි මෙසේ ප්‍රකාශ කලේ ය: “අපට අපගේ ආරක්ෂක හමුදාවන්ගේ හැකියාවන් පිලිබඳ ව සම්පූර්න විශ්වාසය තිබෙනවා. ඒ නිසා, ඔවුන්ගේ අධිෂ්ටානයට බලපාන කිසිවක් සිදු නො වීම අතිශය තීරනාත්මක යි.”

ඉන්දියාවේ විරුද්ධ පක්ෂවලට නොසඟවා තර්ජනය කල ඔහු “ශක්තිමත් ආන්ඩුවක්” ප්‍රතික්ෂේප කරන අය හෙලාදැක්කේ ය.

2014 දී බලයට පත්වීමෙන් පසුව, ඉන්දියාවේ සුපිරි-ධනවත් ප්‍රභූවේ සම්පූර්න පිටුබලය ඇතිව මෝදි, අන් සියල්ලට මත් වඩා චීනයේ හා පාකිස්තානයේ වියදමින් ඉන්දියාවේ මහා බල අභිලාෂයන් ඉදිරියට දැමීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග නව දිල්ලියේ මූලෝපායික හවුල්කාරීත්වය ගැඹුරු කලේ ය. අප්‍රේල් හා මැයි මාසවල පැවැත්වෙන එලඹෙන මැතිවරනයේ දී ඔහු බලයේ රැඳී සිටීමට අධිෂ්ටාන කරගෙන සිටින්නේ, ඉනික්බිතිව, ඉන්දියාවේ විදෙස් පිලිවෙත් උත්සුකයන් වඩා ආක්‍රමනශීලී ව ලුහුබැඳීම සඳහාත්, සමාජ විරෝධය මර්දනය කරමින් පාලක ප්‍රභූවේ ආර්ථික නියෝගයන් පැටවීම සඳහාත් තම ආඥාදායක පාලනය ශක්තිමත් කරගැනීම එල්ල කර ගෙනයි.

කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි ඇතුලු විරුද්ධ පක්ෂවල නායකයෝ, තම යලි තේරී පත්වීමේ උද්ඝෝෂනය ඔජ වැඩවීමට අර්බුදය දේශපාලනීකරනය කරතැයි මෝදිට චෝදනා කල හ. එහෙත්, විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් අඟහරුවාදා කැඳවූ සර්ව-පාක්ෂික හමුවකට හැල්මේ දිව ගිය ඔවුහු, පාකිස්තානයට එරෙහි ආන්ඩුවේ යුද ධාවනයට “එක හඬින්” අනුමැතිය පල කල හ.

පොදුවේ ගත් කල, ඉන්දීය-පාලිත කාෂ්මීරය තුල බෙදුම්වාදී කැරලිකාරීත්වය සඳහා පාකිස්තානය උඩගෙඩි දීම සම්පූර්නයෙන් නවත්වන තෙක්, සාමකාමී විසඳුමක් සඳහා සාකච්ඡා කිරීම් තබා පාකිස්තානය සමග ඉහල පෙලේ සබඳතා නව දිල්ලිය පැත්තෙන් යලි අරඹන්නේ නැතයි ඊයේ පුනරුච්ඡාරනය කල මෝදි ආන්ඩුවේ ආස්ථානයට ඔවුන් සියලු දෙනා දීර්ඝ කාලයක් තිස්සේ පිටුබලය දී ඇත.

බොහෝ ඉන්දියානු මාධ්‍ය ඉන්දියාවේ පකිස්තාන-විරෝධී උද්ඝෝෂනයට තරයේ සහයෝගය දෙමින් සිටී.

න්‍යෂ්ටික අවි ද ඇතුලු ව දෙපාර්ශවයේ මිලිටරි ආයුධ සන්සන්දනය කරමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත බදාදා ලිපියක් පලකලේ ය. ලිපියේ ප්‍රදර්ශනකාමී අභිප්‍රාය ඉන්දීය මිලිටරියේ සුපිරිභාවය අවධාරනය කිරීම වුව ද කලාපයේ ද ඉන් ඔබ්බේ ද මිලියන ගනන් ජනයා සමූලඝාතනය කරනු ඇත්තා වූ න්‍යෂ්ටික හොලෝකෝස්ටයක් ලිහා හැරීමට රටවල් දෙකෙහි ම පාලක ප්‍රභූන්ට හැකි බව එම ගනන්හිලව් වලින් තහවුරු වේ. 

ටයිම්ස් පත්‍රයට අනුව ඉන්දියාව සතුව න්‍යෂ්ටික මිසයිල 140ත් 150ත් අතර සංඛ්‍යාවක් ඇති අතර, පාකිස්තානය සතුව 130ත් 140ත් අතර සංඛ්‍යාවක් ඇත. රටවල් දෙකට ම න්‍යෂ්ටික මිසයිල ගෙන යා හැකි බැලිස්ටික් මිසයිල තිබෙන අතර, ඉන්දියාවේ අග්නි-ඪ මිසයිලයට කිලෝමීටර 5,000ක් ගමන් කල හැකි අතර පකිස්තානයේ ෂාහීන් මිසයිලයට 2,000 දුර ගමන් කල හැකිය. 

සොල්දාදුවන් මිලියන 1.2කින් සමන්විත ඉන්දීය හමුදාව සන්නද්ධ භටයන් ගෙන යන රථ 336ක්, යුද ටැංකි 3,565ක් හා මිලිටරි තුවක්කු 9,719ක් පාලනය කරන අතර, පාකිස්තානයට භටයන් ගෙන යන රථ 1,605ක්, යුද ටැංකි 2,496ක් හා කාල තුවක්කු ඒකක 4,472ක් තිබේ. ලැයිස්තුව මෙලෙස ඉදිරියට ඇදේ.

එවන් මාරාන්තික මිලිටරි ගුවන් බලයක් අත්පත් කරගැනීම සඳහා නව දිල්ලිය හා ඉස්ලාමාබාදය යන දෙගොල්ලන් ම අධික ලෙස වියදම් කර ඇත්තේ, මිලියන ගනන් කම්කරුවන් හා දුගී ගොවීන් මූලික සමාජ ප්‍රතිපාදන අහිමි කර හාමතට ගොදුරු කරමිනි. 2018 වර්ෂය සඳහා ඉන්දියාවේ ආරක්ෂක අයවැය රටෙහි දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 2.1ක් හෙවත් ඩොලර් කෝටි 5810ක යෝධ මුදල් වෙන්කිරීමක් කල අතර පාකිස්තානය ඩොලර් කොටි 1100ක් හෙවත් දදේනියෙන් සියයට 3.6ක් වැය කලේය.

බලාකොට් ගුවන් ප්‍රහාරයට පෙරාතුව ඉන්දියානු ආන්ඩුව පූර්න පරිමාන යුද්ධයකට සූදානම්වීම් ආරම්භ කල බව මාධ්‍ය වාර්තා වලින් තහවුරු වේ. ප්‍රහාරයට දින හයකට පෙරාතුව, ආන්ඩුව විසින් පවත්වාගෙන යන තෙල් සමාගම්වලින් උතුරේ ගුවන් ක්ෂේත්‍රවල ජෙට් යානා ඉන්ධන පිරවුම් හල්වල ගබඩා කර ඇති තෙල් ප්‍රමානය ඉහල දමන ලෙස දන්වන ලදී.

මාධ්‍යයන් විසින් අවුලුවාලන විෂකුරු පාකිස්තාන-විරෝධී උද්ඝෝෂනය පිලිබඳ තවත් ප්‍රකාශනයක් වූ, දක්ෂිනාංශික භූ-මූලෝපායඥ බ්‍රහ්මා චෙලනිගේ ලිපියක මෙසේ සඳහන් විය: “පාකිස්තානය සමග සාමය මිරිඟුවකි. ඉන්දීය ගුවන් හමුදාව (අයිඒඑෆ්) උචිත පරිදි එහි මිරාජ්-2000 ගුවන් යානය ත්‍රස්තවාදීන් මත බෝම්බ හෙලීමට යෙදවී ය.”

ජේඊඑම් විසින් සිදුකලේ යයි චෝදිත, ඉන්දීය පාර්ලිමේන්තුවට 2001 දෙසැම්බරයේ එල්ල කල ප්‍රහාරය පිලිබඳ ව ද සඳහන් කල චෙලනි, “දන්ඩනීය ගුවන් ප්‍රහාර යොදාගෙන ක්ෂනික ව ප්‍රතිචාර නො දැක්වීම” ගැන අගමැති අතල් බෙහාරි වජ්පායි විවේචනය කලේ ය. “බලාකොට් නියෝජනය කරන්නේ න්‍යෂ්ටික බලයක් ප්‍රථම වරට තවත් න්‍යෂ්ටික ව සන්නද්ධ රාජ්‍යයක් තුල කල පලමු ගුවන් ප්‍රහාරය යි” යි ඔහු කියාගෙන ගියේ ය. “එකට එක කිරීමේ ක්‍රියා මගින් අනිවාර්යයෙන් ම ක්ෂනික ව බරපතල න්‍යෂ්ටික අර්බුදයක් ජනනය කිරීම පිලිබඳ බටහිර ශාස්ත්‍රාලික න්‍යායයන්” ඉන්දියාව විසින් කම්මුතු කලේය.

සරල බසින් කියන්නේ නම්, චෙලනි නව දිල්ලියෙන් ඉල්ලා සිටියේ න්‍යෂ්ටික ප්‍රහාරයක් බවට පත්වීමේ හැකියාව නො තකා පකිස්තානය තුල සිටින “ත්‍රස්තවාදීන්” මරා දැමීමට ගුවන් බලය පාවිච්චි කරන ලෙස යි. මෙය අවධාරනය කරන්නේ ඉන්දීය පාලක ප්‍රභූව කිසිදු ඉවක්බවක් නැතිව ක්‍රියා කිරීමට සුදානමි.

2002 මැයි 31දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කල “ඉන්දු උප මහාද්වීපය තුල යුද්ධයට විරුද්ධ වීම සඳහා සමාජවාදී මූලෝපායක්” නමැති කර්තෘ මන්ඩල ප්‍රකාශය මෙසේ අනතුරු ඇඟවී ය:“න්‍යෂ්ටික යුද්ධයක් පුපුරා යාම විය නො හැක්කක් යයි විශ්වාස කිරීම කම්කරු පන්තියට අනතුරුදායක අනුවන ක්‍රියාවක් වනු ඇත. කාෂ්මීරයේ පකිස්තාන-පාලිත කලාපයේ තිබෙනවා යයි කියන ත්‍රස්තවාදී පුහුනු කඳවුරු මතට ප්‍රහාර එල්ල කිරීමට සීමා වන “සීමිත යුද්ධයක” හැකියාව පිලිබඳ ව සමපේක්ෂනය කිරීම මගින් මහජන භීතිය හීන කිරීමට ඉන්දීය ආරක්ෂක විශ්ලේෂකයන් උත්සාහ දරා තිබේ. එහෙත් ඕනෑම ගැටුමක් සතුව එහි ම මිලිටරි හා දේශපාලනික ගතිකයක් පවතී.”

ඒ අතරතුර ගත වූ 17 අවුරුදු කාලය තුල කලාපයේ බලතුලනය තියුනු ලෙස මාරු වී තිබේ. ඉන්දු-පකිස්තාන ප්‍රතිමල්ලවතාව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ චීනය සමග වන ගැටුමෙහි පටලැවී ඇත. ආසියා-පැසිෆික් කලාපය තුල එහි ආධිපත්‍යය ශක්තිමත් කරගැනීමේ අධිෂ්ටානයේ දී වොෂින්ටනය, නව දිල්ලිය සමග තම මිලිටරි සබඳතා ගැඹුරු කරගෙන තිබේ. එයට ප්‍රතිචාර වසයෙන් බීජිනය ඉස්ලාමාබාදය සමග සිය මිලිටරි හා ආර්ථික සබඳතා ප්‍රසාරනය කර ඇත.

එම තතු යටතේ න්‍යෂ්ටික ව සන්නද්ධ ඉන්දියාව හා පාකිස්තානය අතර ඕනෑම යුද්ධයක් එක්සත් ජනපද හා චීන මැදිහත් වීමක් ඉක්මන් කර විනාශකාරී තුන්වන ලෝක යුද්ධයක් පුපුරා යාමේ සැබෑ විභවයක් ඇත.

පෙබරවාරි 14දා සිදු වූ පුල්වාමා බෝම්බ හෙලීමට ඉන්දියාව විසින් පකිස්තානයට “දඬුවම් කිරීම” සඳහා සහයෝගය කල්තබා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල ට්‍රම්ප් පරිපාලනය, සංයමයෙන් කටයුතු කර වැඩිදුර මිලිටරි ක්‍රියා අත්හරින ලෙස දෙපාර්ශවයෙන් ම ඉල්ලා ඇත. එසේ කිරීමේ දී පවා, ඉන්දියාව සමග සිය හවුල්කාරීත්වය අවධාරනය කරමින් “ත්‍රස්තවාදී” මර්මස්ථාන බිඳ දමන ලෙස ඉස්ලාමාබාදයට ඇනවූයේ නව දිල්ලිය සමග වන සිය චීන-විරෝධී සන්ධානය ශක්තිමත් කරගැනීමේ හොඳ ම විධිය එය නිසා ය.

0 comments: