Hot!

ජනමාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධ ගැන යුක්තිය ඉල්ලා පැවති කළු ජනවාරිය



ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ “කළු ජනවාරිය 2019” විරෝධතාවය ලිප්ටන් වටරවුමේදී ඊයේ (29) දින පැවැත්විණි.
අදහස් දක්වමින්



මීට සමගාමීව ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ආයතන වලට එල්ල කළ අපරාධවලට සාධාරණ පරික්ෂණයක් ඉල්ලා ලංකාවේ ප්‍රමුඛ පෙලේ ජනමාධ්‍ය සංවිධාන පොලිස් කොමිෂන් සභාව ට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ඊයේ උදෑසන කාලයේදී සිදුවිණි.
පොලිස් කොමිසමේදී



මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ද සංදේශයක් ලබාදීම සිදුවිය.



0 comments: