Hot!

දිවි ගමනින් නික්මුණු ‘ආත්මයේ රැජිණ‘ - අරිතා ෆ්‍රෑන්ක්ලින්

‘ඔබ හැබෑම කලාකරුවෙකු වෙන්න, ඔබ කරන කියන දෑ විශ්වාසයෙන් යුතුව සිදුකරන්නට නොහැකි නම් එය නොකර ඉන්න‘

 

‘ආත්මයේ රැජිණ‘ යන නමින් හැඳින්වුණු අරිතා ෆ්‍රෑන්ක්ලින් සිය දිවියේ 76 වන කඩඉම පසුකරමින් සිටියදී  ඊයේ (16) දින දිවියෙන් සමුගත්තාය. මිචිගන් හි ඩෙට්රොයිට් හි පිහිටි සිය නිවසේදී ජීවිතය හැරගිය අරිතා 2010 වසරේදී සිට අග්න්‍යාෂයේ වැළඳුණු පිළිකාවකින් පීඩා විඳිමින් සිටියාය.

අරිතා අවසන් වශයෙන් ප්‍රසංග වේදිකාවේ පෙනී සිටියේ එල්ටන් ජෝන් පදනම විසින් පසුගිය නොවැම්බර්යේදී නිව්යෝර්ක්හි පැවැත්වූ උළෙලේදී ය.

‘අපේ ජීවිත වල අඳුරට මුහුණදුන්නු අවස්ථාවකදී මේ විඳින වේදනාව වචනයෙන් පවසන්නට බැහැ‘ යනුවෙන්  අරිතාගේ මරණය පිළිබඳ මාධ්‍යට සැලකළ ඇගේ පවුලේ සමීපතමයින් පවසයි.

[caption id="attachment_20602" align="alignnone" width="195"] අරිතා ප්‍රසංගයක් අතුරතුරදී[/caption]

 

අවුරුදු 13 මව සංගීත ලෝකයට ආ හැටි

1942 මාර්තු 5 වැනිදා  මෙලොව එළිය දුටු අරිතා මිසිසිපි ගඟ සමීපයේ වූ මෙම්පිස් හි හැදී වැඩුණාය. අරිතාට වයස අවුරුදු 6 ක් ගතවූ තැන ඇගේ මාපියන් නීතියෙන් වෙන්වුණු අතර ඇයට වයස අවුරුදු 10 ක් එළඹුණු විට මව ද ජීවිතක්ෂයට පත්විණි. පසුකාලීනව අරිතා සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගොස්පෙල් ගායිකාවක හා පියානෝ වාදන ශිල්පිනියක ලෙසිනි.

[caption id="attachment_20605" align="alignnone" width="300"] ග්ලින් හා පුතු සමග (1978)[/caption]

 

උසස් පාසලේ ඉගෙනගන්නා සමයේදී වයස අවුරුදු 13 දී මව් පදවිය ලබන අරිතා ඉන් වසරක් ඉක්ම ගිය තැන වෙනත් පියෙකුට දාව උපන් සිය දෙවන දරුවාට ද උපත දුන්නාය. ටෙඩ් වයිට් ඇගේ පළමු සැමියා වූ අතර රංගන ශිල්පියෙකු වන ග්ලින් ටර්මන් සමග ඇය 1978 වසරේදී විවාහ වූවාය. 1984 දී මේ විවාහය දෙදරා යන අතර මියයන විට ඇය දරුවන් සිව්දෙනෙකුගේ මවක් වූවාය.

[caption id="attachment_20603" align="alignnone" width="236"] නිව්යෝර්ක්හි පිටිහි කොළොම්බියා ශබ්දාගාරයේදී පටිගත කිරීමක් අතරතුර (1962)[/caption]

 

කොළොම්බියා තැටියෙන් ඇට්ලැන්ටික් තැටි වලට

කොලොම්බියා තැටි වලට සිය හඬ එක්කළ ඇය 1966 වසරේදී ඇට්ලැන්ටික් ලේබලයට හඬ මුසු කළාය. මෙකල ඇය ජනාදරයට පත්වන්නේ Respect ගීතය හරහාය.

‘Lady Soul‘ නමින් මෙකල ඇමරිකාව හා යුරෝපය පුරා ජනප්‍රියත්වයට පත්වූ අරිතා Time සඟරාවේ කවරයට ද සිය රුව මුසුකරන්නට වරම් ලැබුවාය. කළු ජාතික කාන්තාවක් ලෙස මේ සමයේදී ඇය හිමිකරගත් ගෞරවාදරය මෙන්ම ඇගේ අපූර්ව හැකියාව වෙනුවෙන් මාර්ටින් ලූතර් කිං ඇය වෙත සම්මානයක් ද පුද දී ඇත.

[caption id="attachment_20608" align="alignnone" width="226"] Time කවරයේ ඡායාරූපය[/caption]

 

අරිතාව අගයන කරන පුද්ගල චරිත හා සංගම් 

දශක 7 ක් සැපිරුණු ඇගේ නිර්මාණ දිවියේදී ග්‍රැමී සම්මාන 18 කින් පිදුම් ලැබූ ඇය Respect (1967) හා I Say A Little Prayer (1968) ගීත වලින් ජනාදරයට පත්වූවාය. එමෙන්ම, ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ග්‍රෑමී සම්මානයෙන් 1994 වසරේදී පිදුම් ලබන්නට ද සමත්වූවාය. බිල්බෝර්ඩ් චාර්ට් අතරට අරිතාගේ ගීත 100 කට අධික ප්‍රමාණයක් ඇතුළත් වී ඇත.

Rock හා Roll සංගීත ශෛලීන් වෙනුවෙන් සුවිශේෂී දායකත්වය ලබාදුන් කලාකරුවන් අගයන Rock & Roll Hall of Fame (1987) වෙත ප්‍රවිශ්ට වූ පළමු කාන්තාව ඇයයි. මෙතෙක් කලක් ලොව බිහිවූ විශිෂ්ඨතම ගායන ශිල්පීන් 100 දෙනා අතරට ද ඇය අයත්ය.

බැරැක් ඔබාමා ජනපති ලෙස ධූරය දෙන අවස්ථාවේදී සිය ගායනයෙන් ඒ අවස්ථාව ඔපවත් කළාය. එමෙන්ම, ඇමරිකානු සංස්කෘතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ පිරිස් වෙනුවෙන් පිදෙන Kennedy Center ගෞරව ප්‍රදානයේදී අරිතා You Make Me Feel Like ගීතය ගායනා කළ අවස්ථාවේදී එවක ජනපතිධූරය දැරූ ඔබාමා හැඟීම්බර වූවේය.

[caption id="attachment_20604" align="alignnone" width="234"] විශිෂ්ටතම ගායන ශිල්පිනියට (R&B) හිමිවූ ග්‍රැමී සම්මානය අතැතිව (1975)[/caption]

 

සිවිල් අයිතීන් පිළිබඳ ව්‍යාපාරය වෙනුවෙන් සිය හඬ අවදි කළ අරිතාගේ නික්මීමත් සමග බිල් හා හිලරි  ක්ලින්ටන්  යුවළ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ‘වසර 50 ක් පුරාවට ඇය අපේ ආත්මය කැළඹුවා‘ යන්නයි.

‘ඇමරිකාව යනු කුමක්දැයි වටහාගන්නට ඇගේ කටහඬ හේතුවුණා. ඇමරිකාවේ ඉතිහාසය, අපේ බලය මෙන්ම වේදනාව ද ඇගේ කටහඬින් අවදි කළා‘ යනුවෙන් බැරැක් ඔබාමා ඇය ගැන පවසයි.

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපතිධූරය දරන සමයේදී Presidential Medal of Freedom 2005 වසරේදී හිමිකරගැනීමට සමත්වූ ඇය ඇමරිකාවේ ජාතික සම්පතක් බව ක්ලින්ටන් ජනපතිතුමා වරෙක පැවසුවේය.

‘දෙවියන්ගෙන් තිළිණ වූ අපූර්ව  කටහඬක් තිබුණු ඇය අතිවිශිෂ්ඨ කාන්තාවක්‘ යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය.

‘කළු ජාතික කාන්තාවක් නොතකා හරින්නේ නැහැ‘ යනුවෙන් සිවිල් අයිතීන් වෙනුවෙන් වූ ඇමරිකානු සංගමය ඇය ගැන (ACLU) පවසයි.

 



 

BBC හා The New York Times (ඡායා)

සටහන - වින්ධ්‍යා ගම්ලත්  

 

 

 

0 comments: