Hot!

ඥාණසාර හිමිට වසර 19 ක සිරදඬුවම් නියම වේ

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 6කින් ගෙවී යන පරිදි වසර 19ක සිර දඩුවම් නියම කිරීමට අභියාචනාධිකරණය අද (8) දිනයේදී තීන්දු කළේය.

එල්ල වූ සියළු චෝදනා වලට ඥාණසාර හිමියන් වරදකරු බවට අභියාචනාධිකරණය තීන්දු කළේය. තීන්දුව ලබාදෙන අවස්ථාවේදී ඥාණසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේය.

තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4 කටඋන් වහන්සේ වරදකරු බවයි.

2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම තුලින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනා ඥාණසාර හිමියන්ට එල්ල වී තිබුණි.

0 comments: