Hot!

Special: ගෝඨාබය ජනමතය කොල්ලකෑමට අර අඳියි!

| ශානක ද සිල්වා
TOP SEC OPPජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම පරාජය වන හා දේශපාලන වශයෙන් කුජිත වන මහින්ද රාජපක්ෂව බලහත්කාරයෙන් බලයේ තබා ගැනීම සඳහා වන හමුදා සැලසුමක් හා ජන්ද මගඩියකින් ජනමතය කොල්ලකෑම සඳහා වන සුදානමක තොරතුරු රැසක් රටට ආදරේ කරන දේශමාමක බුද්ධි අංශ සාමාජිකයින් විසින් අප වෙත ලබා දී ඇත. මේ වන විට එම සැලසුම් සියල්ල හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා විසින් පොදු විපක්ෂයේ නායකයින්ට ලබා දී ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග සාකච්ඡා කර ඇත. ඒ අනුව මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් වරයා වෙතත් දැනුම්දුන් විපක්ෂයේ නායකයින් කෙලින්ම හමුදාපති දයා රත්නායකගෙන් මේ පිළිබඳව විමසා තිබේ. මේ වන විට මිනීමරු ගෝඨා එම සැලසුම් සියල්ල අසාර්ථක වී තිබේ.

1. Operation Liberation (සැලසුම් අංක 1)

“යුද්ධයේදී අඳුර ඔබේ මිතුරෙකි! විශ්මය ඔබේ ආයුධයයි!” යන්න සැලසුම් ප්‍රවේශය කර ගනිමින් 8 වැනිදා රාත්‍රියේ කොළඹ හා තදාසන්න නගරවල විදුලි විසන්ධිවිමක් සිදු කොට විශ්මය ගෙන ඒම රාජපක්ෂලාගේ උපායයි. එසේත් නැත්නම් හමුදාව හා ආරක්ෂක අංශ ස්ථාන 14කින් යොදවා කොළඹ නගරයට ඇතුළුවන මාර්ග වසා දමා නගරය සීල් තැබීම උපාය වනු ඇත. මේ තුලින් ඔවුන් අපේක්ෂා කරන්නේ කොළඹ නගරය ජනතාවගෙන් හුදකලා කිරීමයි. ඒ අනුව පොලිසිය රැඳී සිටින විශේෂිත මරමස්ථාන, මුර කපොලු හා මාර්ග බාධක වල බලය හමුදාව අතට ගනු ඇත. මේ වන විටත් හමුදා බල ඇණි කිහිපයක් ඒ සඳහා මෝදර රොක් හවුස් කඳවුරේ සීරුවෙන් තබා ඇත.'

මීට පෙර කළ සැලසුමට යම් සංශෝධනද එකතු කර ඇති අතර සැලසුමේ අණ සහ පාලනයට අවසන් සටනේ සිටි සුවිශේෂී චරිතද කිහිපයක්ද එක් කර ඇත. මෙහෙයුම ක්‍රියාමක කරනුයේ හදිසි තත්වයක් මත වන අතර ආරක්‍ෂිත මෙහෙයුමක් Defensive Operation ලෙස මෙය ක්‍රියාවට නංවාලීම සඳහා සැලසුම් කර ඇත. මෙහෙයුම් මැදිරිය දන්වන ඔනෑම අවස්තාවක කොළඹ නගරයේ ඕනෑම ස්ථානයක් වැටලීමට, වසා දැමීමට, ඇතුළු වීම තහනම් කිරීමට, අත්අඩංගුවට ගැනීමට හමුදාව හෝ හමුදා නිල ඇඳුම් අන්දවන ලද ගෝඨාගේ රක්නා ලංකා මැරයින්ට ඉඩ ලැබෙන පරිදි සැලසුමේ අණ සහ පාලනය සකස් කර ඇත.

සාමාන්‍යයෙන් යුද හමුදාව සිවිල් වැසියන් යම් ක්‍රියාවලිකට සම්බන්ද වන්නේ නම් එය යම් කාර්යක් සේ (Task) සලකනවා විනා එය කිසි ලෙසකින්වත් මෙහෙයුමක් ලෙස අර්ථ කථනය කරන්නේ නැත. මා මිත්‍ර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසුරියගේ අත්සනින් නිකුත් කර ඇති ඉහත ඉතා රහසිගත ලිපියේ එය දක්වා ඇත්තේ Concept of Operation යන්නයි. යුද හමුදාව මෙහෙයුමකට හැරෙන්න මෙහෙයුම යන වචනය භාවිතා යන්න භාවිතා කිරීම තුලින්ම අපිට මෙහි අරුත කුමක්ද යන්න හොඳින් පැහැදිලිවේ.

ඉහත සැලසුමේ උපාය ගොඩ නගා ඇති මුලික සාධකය වන්නේ බලය පවත්වා ගැනීම සඳහා ආවසි භුමිය සීල් තබා ගැනීමයි. ඒ සඳහා හමුදාව මහින් කොළඹ නගරය වට කිරීම මිනීමරු ගෝඨාගේ අරමුණ විය. ඒ සඳහා රොක් හවුස් කඳවුරේ ඇති යුද ටැංකි හා පනාගොඩ කන්දවුරේ ඇති බෆල් රථ යොදා ගනිමින් කොළඹ නගරයේ මාර්ග වසා දැමීම සැලසුම විය.  මෙය උදාහරණයක් ලෙස දැක්වුවහොත් මාළු ටැංකියක ජලය සියල්ල ඉවත් කල පසු ඉතිවන්නේ මාළු ටික පමණි. ජලය සාමාන්‍ය ජනතාවටත්, මාළු මැර හමුදාවටත් උපමා කර ගන්න.

සැලසුමට පෙර ජනතාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට ජනතාව නොමග යැවීම සඳහා සකස් කල Deceptive ප්‍රයෝග Phy Opps මනෝ මෙහෙයුම් සියල්ල දැන් ව්‍යර්ථ වි ඇත.

අණ සහ පාලනය


කලින් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් පිරිසක් මේ සඳහා යොදවා තිබුනද දැන් ඒ සියල්ල පසු පසට කැඳවා ඇත. ඒ වෙනුවට යුද හමුදා සක්‍රීය සේවටේ නිරත රාජපක්ෂ සට්ටම්බියන් පිරිසක් පමණක් යොදා ගෙන ඇත. (දැන් මේ වන විට ඔවුන්ද ආගිය අතක් නැති බව වාර්තා වේ)

ඇමෙරිකාවේ සිට කැඳවනු ලැබූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන පුද්ගලයින් සිව් දෙනෙකු සන්නිවේදනය කිරීම සඳහා යොදාගැනීමට නියමිතව සිටි රහස් කේත 4ක් විය.

CMD 01- ගෝඨාභය රාජපක්ෂ ( Jaguar නාමයෙන්ද)
CMD 02- නම් කර නොතිබිණ  ( Geronimo නාමයෙන්ද)  ශවේන්ද්‍ර සිල්වා*
CMD 03-නම් කර නොතිබිණ   ( Rome l නාමයෙන්ද)  විශේෂ බලකා බලසේනාකාධිපති බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ*
CMD 04- නම් කර නොතිබිණ  ( Patten නාමයෙන්ද)  වසන්ත කරන්නාගොඩ*

දෙවැනි හමුදා සැලසුම මේ වන විට සම්පුර්ණයෙන්ම අත් හර දමා ඇත.  ඒ අනුව රාජපක්ෂ ජන්දය අන්ත පරාජයක් ලබා ඇත්නම් රටින් පලා යාමටද සැලසුම් කර ඇතත් එය තවම තහවුරු වී නැත. රාජපක්ෂලා සී ෂෙල්ස් හෝ සී ෂෙල්ස් පෙන්වා වෙනත් රටකට පලායාමේ ඉඩ කඩක් ඇත. එසේත් නැත්නම් රනිල් වික්‍රමසිංහගෙන් ආරක්ෂාව ඉල්ලා මැදමුලනට රිංගා ගැනීමට ඉඩක්ද ඇත. මේ ගැන කීමට තවම කාලය වැඩි බව මාගේ මතයයි. මේ සියලු කරුණු  මැතිවරණ ප්‍රතිපල පරතරය මත රඳා පවතී. යම රජු ඇතුළු මේ මිනීමරු පවුල සතුව B සැලසුම  C සැලසුම  D සැලසුම යනුවෙන් අවම වශයෙන් සැලසුම් 4ක්වත් ඇති බවට සැක නැත. ඒවා ක්‍රියාත්ක්මක කරනුයේ වර්ධනය වන තත්වයන්, කළමනාකරණයට අපහසු තත්වයන් සියල්ල සැලකිල්ලට ගැනීමෙනි. පරාජය වුවත් ජනාධිපති පුටුවෙන් මහත්මයෙකු සේ රාජපක්ෂ බැස යාවි යැයි කියා සිතීමට කිසිසේත් නොහැක.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඊයේ දිනයේදී රාජපක්ෂට දුරකතනයෙන් කතා කොට මැතිවරණය සාධාරණව පැවැත්වීම, ප්‍රචණ්ඩත්වය අවම කිරීම හා ජන්ද ගනනය කිරිම විශ්වාසවන්තව හා විනිවිද පෙනෙන අකාරයෙන් කල යුතු බවට දැඩි ස්වරයකින් දැනුම් ඩි ඇත.  ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයකදී ජන්ද ගනනය කිරිම විශ්වාසවන්තව හා විනිවිද පෙනෙන අකාරයෙන් කල යුතු බවට ඇමෙරිකාව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට දැනුම් දුන්නේ පළමු වතාවටය. එම ඇමතුමෙන් පසු රාජපක්ෂ යම් පිඩනයකින් සලිතවී ඇති බවට සැක නැත.

මෛත්‍රී පාලනයක් යටතේ නව හමුදාපතිවරයා බවට පත්වීමට සුදුසුකම් ලබා සිටින මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාට අපි මේ මෙහොතේ සුභ පැතුම් එක කර සිටින්නෙමු. මේ වන විට රුසියාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන ඔහුගේ මව් එක්කකය වන්නේ යුද හමුදා ඉංජිනේරු බලකායයි.

ප්‍රතිපල නිකුත්වන අවස්ථාවේදී හමුදාව යොදවා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ විසින් යම් යම් සිද්ධීන් ඇති කිරීමට උත්සාහ කළහොත්  ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප සුදානමින් සිටින බවද දැනුම් දීමට කැමැත්තෙමි.