Hot!

ගෝඨාගේ රහසිගත මෙහෙයුමේ එක තිප්පොළක් වූ BMICH, ජනතාව වටලයි

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ සිදුවෙමින් පවතින ආණ්ඩුවේ කිසියම් සැක සහිත මැතිවරණ මෙහෙයුමක් පිළිබඳව තොරතුරු ලැබීමත් සමග විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් විසින් එම ස්ථාන වැටලීමට කටයුතු කර ඇතැයි වාර්තාවේ. 

 මේ වනවිට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එම ස්ථානයට ලඟාවෙමින් සිටින බව එම කාර්යාලය පවසයි. මේ පිළිබඳ සිදු කළ විමසීමකදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසූවේ මෙම ස්ථානයේ මැතිවරණයට අදාළ කිසියම් සැකකටයුතු හා නීතිවිරෝධී කටයුත්තක් සිදුවෙමින් පවතින බවට ජනතාවගෙන් තොරතුරු රැසක් තමන් වෙත ලැ‍බුණු බවත් ඒ පිළිබඳව නීරීක්ෂණය කිරීම සඳහා මෙම ස්ථානයට පැමිණි බවත්ය.