Hot!

අපේ රටේ අනාගතය වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් ගනිමු

| ලයනල් බෝපගේ
නියමිත දිනට දෙවසරකට කලින් ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් විට අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්න ගැන පරිස්සමෙන් සිතා බැලිය යුතු ව ඇත. 
අනාගතයේ යම් දිනෙක ශක්තිමත් අන්දමේ, අතතනෝමතික සහ අධිකාරිවාදී පාලනයක් පිහිටුවීම සඳහා පදනමක් සපයන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බව මම දැඩි ලෙස විශ්වාස කරමි. අප අතර දේශපාලන වෙනස්කම් තිබුනද, අප සියළු දෙනාම එක් වී විපක්ෂ පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සඳහා සහයෝගය දිය යුතු යයි මා ඉල්ලා සිටින්නේ ඒ නිසා ය. විපක්ෂ පොදු අපේක්ෂකයා විසින් යෝජනා කර තිබෙන ප‍්‍රතිපත්ති ස්ථාවරයන් හා වැඩසටහන යහපාලනය කෙරෙහි වඩා හිතවාදී වෙයි.
2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග රටේ යටිතල පහසුකම්වල පුළුල් සංවර්ධනයක් සිදු කොට ඇති අතර එහි ගෞරවය රාජපක්ෂ පාලනයට හිමි විය යුතුය. මෙම සංවර්ධන ක‍්‍රියාවලියන් එසේ සිදු වුණත්, ඒ හා සමඟ අනුබද්ධව සිත් තැවුල් ඇති කරන සාධක බොහොමයක් ද පවතී. යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලබන්නේ අධික ලෙස ණය වීමෙනි. කොළඹ නගරය ලස්සන කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් දිගු කලක් නගරයේ පදිංචිව සිටි වැසියන් ප‍්‍රමාණවත් වන්දි ගෙවීමකින් තොරව අවතැන් කර ඇත. සේවා ආර්ථිකයේ වර්ධනයක් සිදු වී ඇතත්, අධ්‍යාපනය, සෞඛ්‍යාරක්ෂාව, සහ නීතිය හා සාමය වැනි මූලික සේවාවන් සැපයීම සම්බන්ධයෙන් බරපතල ගැටළු මතු වී තිබේ. දේශපාලන, ආර්ථික හා යුද බලය පාලක රාජපක්ෂ පවුල අත ක‍්‍රම ක‍්‍රමයෙන් සංකේන්ද්‍රණය කර ගනිමින් පැවතීම ඉමහත් ගැටළු සහගත තත්වයක් ඇති කරලයි. අයෙකු රටට දක්වන ලැදිකමත් බලය සහ බලවත් වීම ස`දහා අවස්ථාවත් උදා වෙන්නේ, ඔහු හෝ ඇය පාලක පවුල වෙත දක්වන පූර්ණ පක්‍ෂපාතිත්වය සමඟින් පමණි. ආරක්ෂක අමාත්‍යාංශය සංවර්ධන ව්‍යාපෘති අත් පත් කර ගැනීම මගින් හා සිවිල් පරිපාලනයට බරපතළ ලෙස මැදිහත් වීම මගින් රාජ්‍ය පාලනය දිනෙන් දින මිලිටරිකරණය කරමින් පවතී.
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මධ්‍යගත විධානය යටතේ ජනාධිපති ධුරය, පාලක හවුල හා රජය තනි ඒකකයක් බවට පත් කර තිබේ. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් එවැනි විතැන් වීම් ඇති කිරීමත් සමග රාජ්‍යයේ බලාධිකාරය හා යුක්තියුක්තභාවය දුබල වී ඇත. රජය වැඩි වැඩියෙන් අධිකාරී ස්වරූපයක් අත් කර ගනිමින් තිබේ. තමන්ට එරෙහිව යන කොටස් බොරුවෙන් රැුවටීමටත්, යළි එකතු කර ගැනීමටත්, මිලයට ගැනීමටත් කැරට් අල සහ යෂ්ටි ප‍්‍රහාර යොදා ගන්නා ප‍්‍රවේශයක් අනුගමනය කරන පාලක පවුල වඩ වඩාත් නොඉවසිල්ලෙන් යුතුව විසම්මතියට එරෙහිව කටයුතු කරයි. කොටි සංවිධානය නැවත නැඟී සිටීම වැළැක්වීමේ මුවාවෙන් සියලූ විරුද්ධ අදහස් මර්දනය කරන්නට ආණ්ඩුවට අවස්ථාව ලැබෙන පරිදි හදිසි නීතිය භාවිතා කිරීම සාමාන්‍ය තත්වයක් බවට පත් කොට තිබේ. නීතිය හා සාමය පවත්වා ගැනීමට වඩා පාලක පවුලේ උවමනාවන්ට ප‍්‍රමුඛත්වය ලබා දී තිබේ. පාලක පවුලට හිතවත් අයට ඕනෑම අපරාධයක් කොට ද`ඩුවම් නොලබා සිටිමේ හැකියාවත්, පවුලට එක`ග නොවෙන හා එරෙහිවන අයට දැඩි ද`ඩුවම් ලබා දීමත් දකින්නට ඇත.
ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට අධිකරණමය සමාලෝචනයකින් තොරව සීමාරහිත සහ කොන්දේසි විරහිත මුක්තියක් ලබා දෙයි. මේ හේතුවෙන් යහ පාලනයටත් නීතිය සුරුකීමටත් ඉඳුරාම පටහැනි වන ආකාරයෙන් දිගින් දිගටම දඬුවම් නොලැබ සිටීමේ සංස්කෘතියකට අනුබල ලබා දී එම සංස්කෘතිය දැඩි සේ තහවුරු කොට ඇත. මානව හිමිකමි බරපතල ලෙස කඩ කරන ලද අයට එරෙහිව විශ්වාස සහගත සාක්‍ෂි ඇති විට පවා ඔවුන්ට එරෙහිව කටයුතු කොට නොමැත. මානව අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය කරන ලද, සිවිල් යුද්ධයේ දෙපැත්තේම සිටි සමහර දෙනාට පාලකයන් විසින් මුක්තිය ලබා දී ඇත. එවැනි ආකාරයට නොකඩවා ද`ඩුවම් නොලැබ සිටින්නට තිබෙන හැකියාව පිළිබඳ විශ්වාසය ලබා දීමෙන්, ගැඹුරු ලෙස මුල් ඇද තිබෙන ද`ඩුවම් නොවිඳීමේ පසුබිම එවැනි මානව අයිතීන් උල්ලංඝනය කරන්නන් තව දුරටත් දිරිමත් කර ඇත. බරපතල අයථා කටයුතු සහ අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ අවස්ථාවලදී පවා පාලකයන් විසින් විනිවිද පෙනෙන අන්දමේ පරීක්‍ෂණ කටයුතු පැවැත්වීම වුවමනාවෙන්ම මැඬ පවත්වා ඇත.
කොළඹදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, යාපනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලලිත් හා කුහන් යන ක‍්‍රියාකාරිකයන් දෙදෙනා අතුරුදහන් කිරීම, කොළඹදී සන්ඬේ ටයිම්ස් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම, මූතූර්හිදී ්ජඑසදබ ක්‍දබඑරු ක් ත්‍්සප නම් රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයන් 17 දෙනෙක් ඝාතනය කිරීම, ත‍්‍රිකුණාමලයේදී පාසැල් සිසුන් පස්දෙනෙකු ඝාතනය කිරීම හා කොළඹදී ඇතැම් අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැක කරුවන් සමහර දෙනෙකු මරා දැමීම වැනි බොහෝ අපරාධ ගැන කරන ලද පරීක්ෂණවලින් ඒ අපරාධවලට සම්බන්ධ කිසිවකු මෙතෙක් නීතිය ඉදිරිපිටට පමුණුවා නැත. නිරතුරුවම මැතිවරණ පවත්වන නමුත්, පාලක හවුල විසින් ප‍්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, බිය ගැන්වීම් හා මැතිවරණ නීති රීති අමු අමුවේ උල්ලංඝනය කිරීම් හේතුවෙන් එම මැතිවරණ අවුල් වියවුල් සහගත තත්වයකට පත් කොට ඇත. මහජන මතය සාධාරණ ලෙස හා නිදහස් ලෙස ප‍්‍රකාශයට පත් වීම එමගින් වළක්වා තිබේ. මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්, ස්වාධීන නීතිඥයන් හා පුවත්පත් කලාවේදීන් නිරතුරුව ම හිංසනයට ලක් කිරීමත් බිය ගැන්වීමත් දිගින් දිගටම කරමින් ඇත. 17වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ත් 18වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හ`දුන්වා දීම ත් හේතුවෙන් නීතිය හා සාමය බි`ද වැටී මැතිවරණ අක‍්‍රමිකතා වැඩි වී තිබේ.
මෙම ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා ස්වාධීන කොමිෂන් පත් කිරීම යන කරුණු වෙත ප‍්‍රමුඛත්වය ලබා දී තිබේ. රටේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවන ගැටලූ වන ජීවන වියදම, රැුකියා අවස්ථා, අධ්‍යාපනය හා ආරක්ෂාව සහ සමග මේ කරුණු වල සම්බන්ධයක් නැතැයි ඇතැම් අය තර්ක කරනු ඇත. එහෙත්, තරමක් ගැඹුරින් සිතා බැළුවහොත්, ඉහත ස`දහන් කොට තිබෙන රාජ්‍ය පාලනය සම්බන්ධ කාරණා සහ ජනතාවගේ දෛනික ගැටලූ අතර වෙන් කළ නොහැකි ආකාරයේ සම්බන්ධයක් පවතින බව පෙනී යනවා ඇත. ඒවා එකිනෙක හා සම්බන්ධ වී පවතින ආකාරය පැහැදිලි කිරීම ස`දහා උදාහරණ කීපයක් ගෙන හැර දක්වන්නට මට ඉඩ දෙන්න.
ශ‍්‍රී ලංකාවේ තිබෙන නිදහස් වෙළ`ද කලාප 14ක කම්කරුවෝ 250,000ක් සේවය කරති. ඔවුන්ගේ අවම මාසික වැටුප රු. 7000ක් පමණ වන අතර ඔවුන්ගෙන් 80% ක් පමණ දෙනා එම ප‍්‍රදේශයට පිටතින් සංක‍්‍රමණය වූ කාන්තාවන් ය. සිය සේවායෝජකයන්ට එරෙහිව කිසිදු ආකාරයක වෘත්තීමය ක‍්‍රියාමාර්ගයක් ගන්නට ඔවුන්ට ඇති අයිතිය අහිමි කොට ඇත. නිදහස් වෙළ`ද කලාපයේ කම්හල් මූලික කම්කරු අයිතීන්ට ගරු කරන්නට අසමත් වී තිබේ. මෙම තත්වය විසින් රැුකියා අනාරක්ෂිතභාවයට, සේවා තත්වයන් පහත වැටීමට හා වැටුප් පහත හෙළීම සඳහා කෙරෙන බල කිරීම් වලට මඟ පාදා ඇත.
ඇන්සල් ලංකා සමාගම බියගම අපනයන සැකසුම් කලාපයේ පිහිටි කම්හල කි. 1994දී දහස් ගණනක් ඇන්සල් ලංකා සේවකයෝ ඔවුන්ගේ වෘත්තීය සමිති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරුද්ධව පෙළපාලි ගිය අවස්ථාවේදී පොලිස් වෙඩි තැබීමෙන් එක් සේවකයකු මරණයට පත් විය. 2011 වසරේ කටුනායක නිදහස් වෙළ`ද කලාපයේ බ‍්‍රැටෙක්ස් කම්හලේ ඇ`ගලූම් සේවකයන්ගේ වර්ජනය එවැනි තවත් නිදසුනකි. බ‍්‍රැටෙක්ස් සේවකයෝ 1700ක් දෙනා වැටුප් වැඩිවීමක් ඉල්ලමින් ද සංවිධානය වීමට තිබෙන අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහි වෙමින්ද වැඩ වර්ජනයක් දියත් කළ අතර සමාගම ඊට ප‍්‍රතිචාර දැක්වූයේ සේවකයන් 38දෙනෙකු සේවයෙන් පහ කර දැමීමෙනි.
ඇන්සල් ලංකා සේවකයන්ගේ වෘත්තීය සමිතිය එම කම්හළේ කම්කරුවන් නියෝජනය කරන බව පිළිගැනීම ඇන්සල් ලංකා සමාගම විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. 2013 ඔක්තෝබරයේදී සේවකයෝ නැවතත් වැඩ වර්ජනයක් දියත් කළ හ. සේවකයන් සමග හෝ ඔවුන්ගේ වෘත්තීය සමිතිය සමග හෝ කිසිදු සාකච්ඡුා කිරීමකින් තොරව ඇන්සල් සමාගම වෘත්තීය සමිති නායකයන් බය ගැන්වීමට දැඩි ක‍්‍රියාමාර්ගයක් ගනිමින් නිෂ්පාදන ඉලක්ක හිතුවක්කාර ලෙස ඉහළ නංවා දිරි දීමනා ද කප්පාදු කළේ ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සේවකයන්ගේ මාසික දිරි දීමනාව රු. 5000කින් පමණ කපා දමන ලදි. වැඩ වර්ජනයට එක් වූ සේවකයෝ කම්හලෙන් පිටත බස් නැවතුම් පලේ ක`දවුරු බැ`ද ගෙන තම වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය දිගටම කර ගෙන ගියහ.
ඇන්සල් ලංකා කළමනාකරණය වැඩ වර්ජනය කඩාකප්පල් කිරීම ස`දහා කොන්ත‍්‍රාත් සේවකයන් උපයෝගී කර ගත්තේ ය. වැඩ වර්ජනය කළ සේවකයන් කොන්ත‍්‍රාත් සේවකයන්ට පහර දුන් බවට බොරු පැමිණිල්ලක් කර, කම්හල ඉදිරිපිට ක`දවුරු බැ`ද සිටින සේවකයන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගත්තේ ය. කම්හළේ නිෂ්පාදන ඉලක්ක වැඩි කිරීමට එරෙහිව දෙමසකට වැඩි කාලයක් වැඩ වර්ජනය කරමින් සිටි සේවකයන් 300කගේ සේවය අවසන් කිරීමට සමාගම කටයුතු කළේ ය. කම්නරුවන්ගේ අයිතිවාසිකම් රකින්නේයයි පවසමින් සිටි රාජපක්‍ෂ පාලනය සත්‍ය වශයෙන් කළේ සමාගමේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර දීම පමණි.
2012 පෙබරවාරි මස හලාවතදී ළමයින් හා කාන්තාවන් ඇතුළු ධීවරයන් 5000 කට වඩා වැඩි පිරිසක් ඞීසල් හා භූමිතෙල් මිළ ඉහළ නැංවීමට එරෙහිව විරෝධය පෑහ. මෙම මිළ ඉහළ නැංවීම සිදු කරන ලද්දේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන කප්පාදු කිරීමේ පියවරවල් වල එක් කොටසක් වශයෙනි. 15,000ක් පමණ ජනයා වෙරළේදී හමුදාව හා පොලිසිය සමග මුහුණට මුහුණ ලා සිටියහ. පොලිසිය ඇ`දිරි නීතිය පනවා සාමකාමී උස්ඝෝෂකයන්ට එරෙහිව ක`දුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළේය. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනතුරු ඇ`ගවීමකින් තොරව සජීවී පතුරම් යොදාගෙන කරන ලද වෙඩි තැබීමෙන් එක් ධීවරයකු මිය ගොස්, තවත් කීපදෙනෙකුට තුවාල සිදු විය. එය ජනාධිපති රාජපක්ෂගේ පාලනය විසින් සැලසුම් සහගතව එල්ල කරන ලද ප‍්‍රහාරයකි. රජය මෙම ප‍්‍රහාරය එල්ල කළේ කලින් ඇති කර ගන්නා ලද ගිවිසුම ක් මත වාරික වශයෙන් ලබා දුන් ඇමෙරිකන් ඩොලර් මිලියන 800ක ණය මුදලේ අවසන් වාරිකය ලබා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අළුත් එක`ගතාවක් අත්සන් කරන්නට සූදානම් වෙමින් සිටින අතරතුර දී ය. යුද්ධයෙන් පසු ධීවරයන්ට මුහුදේ ඕනෑම තැනක සිය කර්මාන්තය කරගෙන යාමට ඉඩ දෙන බවට පාලකයන් විසින් කලින් පොරොන්දු වී සිටි නමුත්, පසුව කල්පිටිය වැනි ආසන්න ප‍්‍රදේශවල පවා මුහුදේ මසුන් මැරීම ඔවුන්ට තහනම් කරන ලදී. ඒ වෙනුවට ජීව බහුලත්වයකින් පොහොසත් මෙම ප‍්‍රදේශය භෝජන ශාලා සහ සංචාරක කර්මාන්තය ගොඩ නංවන්නට යොදා ගැනීමට පාලකයන් ඉලක්ක කර ගෙන තිබුණි.
2013 අගෝස්තු මස රතුපස්වලදී බොන්නට පිරිසිදු ජලය ඉල්ලා සිටි ගම් වැසියන් 5000ක් විසුරුවා හැරීම ස`දහා යුද හමුදාව බලය පාවිච්චි කරන ලදි. ගම්වාසීන්ගේ අදහස වූයේ එහි පිහිටි අත් මේස් කම්හලකින් මුදා හරිනු ලබන අපද්‍රව්‍ය හේතුවෙන් ජලය ¥ෂණය වී තිබෙන බව යි. සිතා මතා කරන ලද හමුදා මැදිහත්වීමක් හේතුවෙන් එම කම්හලට එරෙහිව සාමකාමී ලෙස පෙළපාලියක යෙදුනු ගම්වාසීන් තිදෙනෙක් මරා දමන ලද අතර පණහකට වඩා වැඩි පිරිසක් දැඩි ලෙස තුවාල ලැබූ හ. ප‍්‍රහාරක රයිෆල් භාවිතා කරමින් ස්ථාන තුනකින් සම්බන්ධීකරණය කොට හමුදාව මෙම ප‍්‍රහාර එල්ල කොට තිබුනි. සාමාන්‍ය ජනයාට තුවක්කු එල්ල කරන්නට පෙර, භටයන්ට අණ දුන් එක් ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියෙක් සිද්ධිය ආවරණය කරමින් සිටි ජනමාධ්‍යකරුවන්ට එම ස්ථානයෙන් පිට ව යන ලෙසට දැඩි නියෝගයක් කර ඇත. ඉවත් ව යාම ප‍්‍රතික්ෂේප කළ ජනමාධ්‍යකරුවන්ට පසුව තම ජීවිත ගලවා ගැනීම සඳහා පළා යන්නට සිදු විය. සොල්දාදුවන් විසින් ජනමාධ්‍යකරුවන් ඉලක්ක කර ගැනීමෙන් පෙනෙන්නේ ඔවුහු ජනමාධ්‍යකරුවන් පැහැදිලිව තෝරා වෙන් කරගෙන සිටි බවයි. ජනමාධ්‍යකරුවන්ගේ මයික්‍රො චිප් අත්අඩංගුවට ගත් හමුදාව කැමරා පොළවේ ගසා කුඩු කරන ලදී. සාමාන්‍යයෙන් කරන අන්දමටම, මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක කොටසක් බව කියා සිටි රජයේ ප‍්‍රකාශකයෝ දේශපාලන පක්ෂ මේ සිද්ධි පිටුපස සිටින බවට චෝදනා කරමින් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල වගකීම ජනමාධ්‍යවලට පැවරූ හ.
දේශීය උද්ඝෝෂණ හා ජාත්‍යන්තර විරෝධය මැද්දේ රාජපක්ෂ පාලනය පාර්ලිමේන්තුව උපයෝගී කරගෙන අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ 2013 ජනවාරියේදී අග විනිසුරුවරිය සිය නිලයෙන් පහ කර දැම්මේය. රාජපක්ෂ රෙජිමය අධිකරණයේ ස්වාධීනත්වයට කෙතරම් ඇඟිළි ගසනවා ද යන්නත් මැතිවරණ කොමිෂන් සභාව, ජාතික මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව සහ පොලිස් කොමිෂන් සභාව ඇතුළු වෙනත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ අත්‍යවශ්‍ය බවත් මෙම සිද්ධිය විසින් පෙන්වා දෙන ලදි. ආචාර්ය බණ්ඩාරනායකට තමන්ගේ පාර්ශ්වය වෙනුවෙන් කරුණු කියන්නටවත් තම ආරක්‍ෂාව වෙනුවෙන් බිය ගැන්වීමෙන් තොරව පෙනී සිටින්නටවත් අවස්ථාවක් ලබා දුන්නේ නැත. රාජපක්ෂ රෙජිමයට හිතවාදී පුද්ගලයෝ හා සංවිධාන එම දෝෂාභියෝගයට එරෙහිව ආචාර්ය බණ්ඩාරනායක වෙනුවෙන් පෙනී සිටි අය ද්‍රෝහීන් ලෙස නම් කොට ඒ අයගේ විරෝධය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක කොටසක් ලෙස හ`දුන්වා දුන් හ. අග විනිසුරුවරියගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙරමුණ ගෙන වැඩ කළ ප‍්‍රසිද්ධ නීතිඥයන් කිහිප දෙනෙකුට එරෙහිව රට බේරා ගත් දේශපේ‍්‍රමී බලකාය යයි කියා ගත් සංවිධානයක් විසින් දෝෂාභියෝගයෙන් පසුව මරණ තර්ජන එල්ල කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පවරන ලද අපහාස නඩුවක් ආවරණය කිරීම 2014 මැයි මාසයේ දී පොලිසිය විසින් ජනමාධ්‍යවලට තහනම් කරන ලදී. රාජපක්ෂ මහතාගෙන් හරස් ප‍්‍රශ්න ඇසීම ආවරණය කිරීමට මාධ්‍යවලට ඉඩකඩ නොදුන් අතර, ආරක්ෂක ලේකම්වරයාගේ පැමිණීම හා පිටවීම රූගත නොකරන ලෙසට ද අනතුරු අඟවා තිබිණි. ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් විසින් ජනමාධ්‍යකරුවන් වසර ගණනාවක් සිර ගත කර තබන බවට තර්ජනය ද කර තිබිණි. රාජපක්ෂ මහතා සාක්‍ෂි දෙමින් සිටියේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් ප‍්‍රහාරක යානා මිළ දී ගැනීමේදී සිදු වූයේ යයි කියන දැවැන්ත ¥ෂණ කටයුතු සම්බන්ධයෙන් 2008 දී සන්ඬේ ලීඩර් පුවත්පත පළ කළ ලිපි පෙළක් පිළිබඳ ව එම පුවත්පතට එරෙහිව ඔහු විසින් පවරා තිබුණු නඩුවක දීය. එවැනි පොදු වැදගත්කමක් ඇති සිද්ධියකට අදාල නඩු විභාගයක් ආවරණය කිරීම තහනම් කිරීම තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය පැහැදිලි ලෙස උල්ලංඝනය කිරීමකි.
යහපාලනය තහවුරු කිරීම ස`දහා උගත් පාඩම් හා සංහි`දියා කොමිෂම විසින් කරන ලද නිර්දේශ අනුව යමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් 2014 ජුනි මාසයේදී මාධ්‍යකරුවන් ගවේශනාත්මක වාර්තාකරණය සම්බන්ධයෙන් පුහුණු කිරීමටත් ඔවුන් ඒ සඳහා දිරිමත් කිරීමටත් පවත්වන ලද වැඩමුළුවකට ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් විය. අමාත්‍යාංශය විසින් වැඩමුළුව පවත්වන ලද ස්ථානයේ කළමනාකරණයට එල්ල කරන ලද බිය ගැන්වීම් හේතුවෙන් එම වැඩමුළුව පවත්වන්නට නොහැකි විය.
කම්හල්වල වැඩ කරන කම්කරුවන්, ධීවර ජනයා හෝ ජනමාධ්‍යකරුවන් ගැන කථා කරන විට, අප කථා කරන්නේ යමක් උපයාගෙන ජීවත් වන්නට උත්සාහ දරන අපේම සහෝදර සහෝදරියන් ගැන බව අමතක කළ යුතු නැත. ඔබ කරන්නාක් මෙන්ම ඔවුන්ද කරන්නේ ඔවුන්ගේ රුකියාව යි. අධික ජීවන වියදම නිසා සිය පැවැත්ම තහවුරු කර ගැනීමටත් වෘත්තීයමය ගරුත්වයෙන් යුතුව තම රැුකියාව කර ගෙන යන්නටත් ඔවුන්ට දුෂ්කර වී තිබේ. රුකියාව කිරීමේදී ඔවුන්ට දිනපතාම පාහේ මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ බිය ගැන්වීම් වලටත් මරණීය තර්ජන වලටත් ය. තර්ජන හා ගර්ජන හේතුවෙන් ඔවුන්ට වෘත්තීයමය ගරුත්වයෙන් යුතුව රැුකියාව කරන්නට ද හැකියාව නැත. ඔබට දැකිය හැකි අන්දමට මේ දෛනික ප‍්‍රශ්න විධායක ජනාධිපති ධුරය පිළිබඳව පවතින පූළුල් ප‍්‍රශ්ණ සමඟ, එනම්, දිවයිනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරමින් පැවතීම, නීතියේ පාලනයක් නොමැති වීම හා යහපාලනයෙන් තොර වීම සමග වෙන් නොකළ හැකි ලෙස බැඳී පවතී.
දමිල, ක`දුරට දමිල හා මුස්ලිම් ප‍්‍රජාවන් වැනි සිංහළ නොවන ජන කොටස් වල ප‍්‍රශ්න ද මේ හා සමාන වෙයි. ජීවන වියදම, අධ්‍යාපනය හා රුකියා අවස්ථා වැනි කරුණු වැදගත් කොට සලකන ඔවුහු, එදිනෙදා ජීවිතයේ දී ඔවුන් මුහුණ පා සිටින හමුදාමය බිය ගැන්වීම් වලින් සහ මැදිහත් වීම් වලින් ද පීඩාවට පත්ව සිටිති.
2009 දී යුද්ධය අවසන් වුව ද සැබෑ සාමය තවමත් උදා වී නැත. ර`දවා තබාගෙන සිටින දහස් ගණනක් හැරෙන්නට අවතැන් වූ බොහොමයක් දෙනා නැවත පදිංචි කරවීම ගැන රජය ප‍්‍රශංසාවට ලක් විය යුතු ය. ළමා සොල්දාදුවන් ද සාර්ථක ලෙස පුනරුත්ථාපනය කොට ඇත. එහෙත්, කොටි සංවිධානය පරාජයට පත් කර සය වසකට පසුව පවා තවමත් උතුරු නැගෙනහිර පළාත්වල යුදමය පරිපාලනයක් පවත්වා ගෙන යෑම මෙහි අනෙක් පැත්තයි. හමුදාව විසින් දැවැන්ත සාරවත් බිම් තීරු දිගින් දිගටම අල්ලාගෙන සිටියි.
නැවත පදිංචි කරවීමේ හා පුනරුත්ථාපනය කිරීමේ ප‍්‍රයත්නයන් තිබුනද, උතුරු නැගෙනහිර අවතැන් වූ බොහෝ ජනයා තවමත් නිවාස රහිතව, මානසික වශයෙන් පීඩා විඳිමින් සහ විරැුකියාවෙන් පෙළෙමින් සිටිති. ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අරුත්බර හා කල් පවත්නා දේශපාලන විස`දුමකට එළඹීම සඳහා බැ?රුම් උත්සාහයක් මෙතෙක් දරා නැත. දහස් ගණන් එල්.ටී.ටී.ඊ. සැකකරුවෝ නඩු විභාගවලින් තොරව තවමත් සිරගත කර සිටිති. උතුරු නැගෙනහිර පළාත්වල කාන්තාවෝ තවමත් හිංසනයට, ¥ෂණයට හා ලිංගික වහල් සේවය ස`දහා බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට ලක් වෙමින් සිටිති. ඇත්තෙන් ම, දැඩි මිලිටරිකරණය නිසා කාන්තාවන්ට එරෙහිව කරනු ලබන ලිංගික ප‍්‍රහාර හා වෙනත් අපයෝජන වැඩි වී ඇති බව වාර්තා වේ. පාලකයන් විසින් යොදා ගෙන තිබෙන ඉඩම් අත්පත් කර ගැනීමේ ප‍්‍රතිපත්තිය හේතුවෙන් තම ඉඩම් අහිමි වූ ඉඩම් හිමියන් විසින් නඩු දහස් ගණනක් පවරා තිබේ. අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය හා සංචාරක කර්මාන්තය වැනි කටයුතුවල දී සහ සාමාන්‍ය ජන ජීවිත කටයුතුවලට හමුදා අත පෙවීම් තවමත් සිදු වෙමින් පවතී.
උගත් පාඩම් හා සංහි`දියාව පිළිබ`ද කොමිසමේ 2011 නොවැම්බර් අවසන් වාර්තාවේ නිර්දේශ නො තකා හැර ඇත. හමුදා නිලධාරීන් හා රජයේ සේවකයන්ට එරෙහිව නඟා තිබෙන යුද අපරාධ චෝදනා විභාග කිරීම ශ‍්‍රී ලංකා පාලකයන් විසින් මග හැර තිබේ. මේ ප‍්‍රශ්ණ තවමත් උතුරු හා නැගෙනහිර පළාත්වලට සුවිශේෂ ව පවතින අතර, මෙවැනි සිදුවීම් දැන් දිවයින පුරා බල පාන්නට පටන් ගෙන ඇත.
අප ඉපදුනු හැදී වැඩුණු රටේ පවතින මෙම තත්වය හේතුවෙන් එහි නීතියේ පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය යළි පිහිටුවා ලීම සඳහා එකට එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇතැයි ඔබ කල්පනා කරන්නේ නැත්ද? මිනිසුන් ලෙස නිදහසේ ජීවත් වන්නට අපට අවශ්‍ය ද, එසේ නැත්නම් සත්ව ගොවිපළක නිවැසියන් ලෙස වඩා උග‍්‍ර වෙන අත්තනෝමතික පාලනයක් යටතේ ජීවත් විය යුතු ද? මේ අවස්ථාවේදී අපට තෝරා ගැනීමක් කිරීමට සිදු වී ඇත. වත්මන් රාජපක්ෂ පාලනය විසින් රටේ මිනිසුන්ට සිය නිදහස් හා හිමිකම් භුක්ති වි`දිමින් ශිෂ්ට සම්පන්න මිනිසුන් ලෙස නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දෙන්නේ නැත. විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ පාලක හවුලේ අපවිත‍්‍ර දේශපාලන උවමනාවන් වෙනුවෙන් නීතිය ක‍්‍රියාවේ යෙදවීමේ ආයතන හා අධිකරණය භාවිතා කිරීම, හිංසනය, බිය ගැන්වීම, ප‍්‍රචණ්ඩත්වය, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම්, දේශපාලන විරුද්ධවාදීන්, ජනමාධ්‍යකරුවන් හා මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන් අධිකරණ පටිපාටියට පරිබාහිර ලෙස ඝාතනය කිරීම් යනාදිය රෙජිමයේ ජාන තුළ නිදන්ගතව තිබෙන බව පෙනෙන්නට තිබේ.
විවිධ සමාජ සංස්කෘතික පසුබිම්වලට අයත් ජනයා එකට එක්ව වාසය කිරීමේ සුසංයෝගී වටිනාකම් විනාශ කිරීම ස`දහා පාලකයන් විසින් ආගමික අන්තවාදී කල්ලිවලට අනුග‍්‍රහය ලබා දී ඇත. මීට පෙර කවරදාකවත් දකින්නට නොතිබූ මට්ටමේ වංචාවේ, ¥ෂණයේ, ඥාති සංග‍්‍රහයේ හා ගජමිතුරු ධනවාදයේ සංස්කෘතියක් ඔවුන් විසින් බිහි කර තිබේ. පාලකයන්ගේ දේශපාලන හෙංචයියෝ ධන කුවේරයන් බවට පත් වී තිබෙන අතර, අධික ජීවන වියදම නිසා සාමාන්‍ය ජනතාවගේ ජීවන මට්ටම් දිනෙන් දිනම පිරිහී යමින් පවතී.
මේ සියල්ල වෙනස් විය යුතු ය. පාලකයන්ට ඇති බියෙන් සහ ගැති බවෙන් මිදී, සෑම පුද්ගලයෙකුටම සහ ජන ප‍්‍රජාවකටම මිනිසුන් වශයෙන් නිදහසේ හා සාධාරණ ලෙස ජීවත් වීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් බිහි කර ගැනීමට 2015 ජනවාරි 8දා මෙම මර්දනකාරී රෙජිමය ඡුන්ද බලය පාවිච්චි කොට ඉවත් කළ යුතු ය. සෑම ඡුන්දයක් ම මෙම ශුද්ධ වූ අරමුණ වෙනුවෙන් භාවිතා කළ යුතු ව තිබේ.
අනාගතයේ යම් දිනෙක ශක්තිමත් අන්දමේ, අතතනෝමතික සහ අධිකාරිවාදී පාලනයක් පිහිටුවීම සඳහා පදනමක් සපයන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බව මම දැඩි ලෙස විශ්වාස කරමි. අප අතර දේශපාලන වෙනස්කම් තිබුනද, අප සියළු දෙනාම එක් වී විපක්ෂ පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම ස`දහා සහයෝගය දිය යුතු යයි මා ඉල්ලා සිටින්නේ ඒ නිසා ය. විපක්ෂ පොදු අපේක්ෂකයා විසින් යෝජනා කර තිබෙන ප‍්‍රතිපත්ති ස්ථාවරයන් හා වැඩසටහන යහපාලනය කෙරෙහි වඩා හිතවාදී වෙයි. මෙම තත්වය තුළ, ප‍්‍රජාතාන්තවාදී අයිතීන්, නිදහස් හා ප‍්‍රජාතාන්ත‍්‍රික වටිනාකම් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි පොදු සම්මත වාදී ප‍්‍රවේශයක් ගැනීම අගයන, ඥාති සංග‍්‍රහ, පවුල් පාලනය, වංචාව හා ¥ෂණය පිටුදකින, අත්තනෝමතික පාලනය පිළිකෙව් කරන, දඬුවම් නොකර සිටීමේ සංස්කෘතිය ආපසු හරවා ලන්නට තිබෙන හදිසි අවශ්‍යතාවය විශ්වාස කරන, නීතිය ඉදිරියේ සමානාත්මතාව අගයන, සම අවස්ථාවන් සපයා ලීම උතුම් කොට සළකන, සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන, අනෙකාගේ අනන්‍යතාවට ගරු කරන, යහපාලනය ප‍්‍රවර්ධනය කිරීම තුළ දහසක් මල් පිපෙනු ඇතැයි ප‍්‍රාර්ථනා කරන සියලූ පුද්ගලයන්ගෙන්, සංවිධානවලින්, සංගමයන්ගෙන් හා ප‍්‍රජාවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මෙම ජනාධිපතිවරණයේදී විපක්ෂ පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම ස`දහා පෙරට පැමිණ සහයෝගය දෙන ලෙසයි. මෙම පාලන ක‍්‍රමය සාමකාමී අන්දමින් වෙනස් කිරීම ස`දහා තිබෙන අවසන් අවස්ථාව මෙයයි. වත්මන් රෙඡීමය නැවත බලයට පත්වුවහොත්, පාලකයන් වෙනස් කිරීම සඳහා ප‍්‍රයෝජනවත් වන මෙවලමක් ලෙස ඡුන්දය යොදා ගත හැකි වේ යයි ඇතැම් කණ්ඩායම් නොදකින්නට ද ඉඩ කඩ ඇත.
2015 ජනවාරි 8 දා මැතිවරණයේ ප‍්‍රතිඵලය කුමක් වුවත් ශ‍්‍රී ලංකාවේ යහපාලනය ස`දහා කරන අරගලය නොකඩවා කර ගෙන යා යුතු ය. 2015 මැයි මසට පෙර පැවැත්විය හැකි මහ මැතිවරණයක ප‍්‍රතිඵල ජනාධිපති ධුරයේ ඵලදායී බව සහ එහි ශක්තිය කෙරෙහි බලපානු ඇත. විපක්ෂ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්තිමය ස්ථාවර පිළිබඳව ගැටලූ ඇතත්, ඔහුගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම මඟින් වඩා සාධාරණ, වඩා යුක්ති සහගත සමාජයක් ගොඩනැගීම ස`දහා සිවිල් සමාජයට ඉදිරියට යා හැකි වෙන අන්දමේ කුඩා පරිමාණයේ හෝ ප‍්‍රජාතාන්ත‍්‍රවාදී වාසි සහගත තත්වයක් නිර්මාණය කර ගත හැකි වෙනු ඇතැයි මම විශ්වාස කරමි. එයින් වඩා පුළුල් සංවාදයකටත් දැනුවත්බව ඉහළ නැංවීමකටත් අධිවාචනය කරන්නටත් වැඩි අවකාශයක් විවෘත වෙනවා ඇත.
විරුද්ධ පක්ෂය බලයට පත් වූ පසු මේ මොහොතේ ඔවුන් පොරොන්දු වී තිබෙන දේවල් ඉටු නොකර සිටින්නට සහජ ඉඩ කඩක් තිබෙන බව ඇත්ත ය. එසේ වූවත්, වෙනස් වීම සඳහා අද පවතින ජනතා අභිලාෂය දිගටම පවත්වා ගැනීම මඟින් එසේ වෙනස් වීමට ඇති ගතිකත්වය ඉදිරියට පවත්වා ගෙන යා හැකි නම්, නව පාලනයට (අද සිටින විපක්ෂයට) සිය පොරොන්දු ඉටු කර ලනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත. ඇත්තෙන්ම, අප අළුතෙන් බලයට පත් කර ගන්නා ආණඩුවෙන් ශ‍්‍රී ලංකාවේ පවතින සියලූ සමාජ ආර්ථික ප‍්‍රශ්නවලට විස`දුම් ලැබෙනු ඇතැයි අප අපේක්ෂා කළ නො හැකි ය. දිවයිනේ රජය වෙනස් වුවහොත් ප‍්‍රශ්න විස`දා ගැනීම ස`දහා වඩා හො`ද අවස්ථාවක් උදා වෙනු ඇතැයි මම විශ්වාස කරමි. අප යථාර්ත වාදී මෙන්ම ඉවසිලිවන්තව වැඩ නටයුතු කළ යුතු ව ඇත. එබැවින්, ප‍්‍රජාතාන්ත‍්‍රවාදී අවකාශයේ සිදු වෙමින් පවතින වේගවත් හැකිළීම අවසන් කර දැමීම සඳහා අලූත් ආණ්ඩුවක් තෝරා පත් කර ගන්නට කටයුතු කරන්නැයි ශ‍්‍රී ලංකාවේ යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම ස`දහා ඇල්මක් දක්වන සියලූ පුද්ගලයන් සහ කණ්ඩායම් සියළු දෙනාම දිරි ගන්වා සිටිමි. ලැබී තිබෙන මෙම පුංචි අවස්ථා කවුළුව නිර්මාණාත්මක ලෙසත්, කල්පනාකාරී ලෙසත්, අවිහිංසාවාදී ලෙසත් පාවිච්චි කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.