Hot!

රාජපක්ෂ , මැදමුලනේ හොර සිරිසේන සමඟ පැමිණ ඡන්දය දෙයි - ඇත්ත සිරිසේන තනිවම ගොස් ඡන්දය දෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙවර මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු මෙන්ම විකටයෙකු වන මැදමුලනේ සිරිසේන සමඟ ගොස් වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහ විදුහලේදී තම ඡන්දය අද උදෑසන ප්‍රකාශ කළේය.  ඊයේ රාත්‍රී සිට අද උදෑසන දක්වා ජනධිපති රාජපක්ෂට නිදා ගැනීමට හැකි වූයේ විනාඩි 20ක පමණ කාලයක් බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

කලින් මැතිවරණයක් ප්‍රකාශ කිරීම ගැන අවසාන මොහොතේ පවා අතිශය පසු තැවීමට පත් වූ හෙතම අද දිනයේ කාලගුණය අයහපත් වී ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අසිරූ වෙතැයි තදින්ම විශ්වාස කළ බව පැවසේ. නමුත් මේ දක්වා මුලු රටේම කාලගුණික තත්වය ඉතා යහපත් බව සඳහන් වේ.

මේ අතර විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොළොන්නරුව, නව නගරයේ ශී‍්‍ර විද්‍යාලෝක විහාරයේදී තම ඡන්දය භාවිත කළේය.

රටේ බොහෝ පළාත්වල සාමකාමී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වුනාද ඇතැම් ප්‍රදේශවලදී සුළු ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණයක් වාර්තා වී ඇත.