Hot!

මළා....! අන්ත දූෂිතයෙක් ජනාධිපති ලේකම් තනතුරට!

අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ලේකම් තනතුර සඳහා රාජපක්ෂ රෙජීමයේ අන්ත දූෂිතයෙකු වන පරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී අබේකෝන් නැමති දූෂිත නිලධාරියාව අද (10) පත්කොට තිබේ.

 මොහු මැතිවරණ අවධියේදී ස්වාධීන රූපවාහිනිය(ITN) වෙත සම්මුඛ සාකච්ඡාවක් සඳහා පැමිණ පරිපාලන රෙගුලාසි සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දෙන ලෙස විවෘතව ඉල්ලා සිටි පුද්ගලයෙකි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජේෂ්ඨ උපදේශකයෙකු පවසා සිටියේ මෙම පත්කිරීම තාවකාලික එකක් බවයි. මේ පිළිබඳව අගමැති කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියෙකු පවසා සිටියේ ජනාධිපතිවරයා මෙම පත්වීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ උපදෙස් නොපැතූ බවයි.

මෙම දූෂිතයාව වහාම ක්‍රියාත්මක වන පරිදි එළවා නොදැමුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට  සහයෝගය දැක්වූ සියළුම වෘත්තිය මෙම පත්වීමට විරෝධය පලකරමින් උද්ඝෝෂණයන්හි නියැලීමට මේ වන විට සූදානමින් සිටී.