Hot!

ගෝලීය උණුසුම වාර්තාගත ලෙස ඉහළ ගිහින් -නාසා

ගෝලීය උණුසුම 2014 වසරේ දී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව නාසා ආයතනය පවසයි. අවුරුදු ලක්ෂ ගණනකට මෙපිට වාර්තාගත වූ වැඩිම උෂ්ණත්වය පසුගිය වසරේදී වාර්තා වූ බව නාසා විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති. වසර ගණනාවක් පුරා ගෝලීය උෂ්ණත්වය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණත්, ඉකුත් මාස 12 තුළ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩිවී ඇත. ඒ නිසා අයිස් තට්ටු දියවීම හේතුවෙන් දැවැන්ත තර්ජනයක් එල්ලවී ඇත. මේ අතර ආහාර සුරක්ෂිතතාව සහ පානීය ජල හිඟයද ඉදිරියේ දී ප්‍රබල ගැටලුවක් ලෙස ඉස්මතු වීම හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑමක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

කෙ‍ෙස් වෙතත් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ‍නොඉක්මවන බවට වගබලා ගැනීමට තවමත් ඉඩකඩ විවෘතව ඇති බව පරිසරවේදීන්ගේ නිගමනයයි.

ගෝලීය උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යාම ඉලිනිනෝ සංසිද්ධිය හේතුවෙන් සිදුවූවත් නොවීමත් ලානිනෝ සංසිද්ධිය හේතුවෙන් ඇතිවීමත් විශේෂත්වයක්. මෙම බලපෑම වැඩි වශයෙන්ම දැනී ඇත්තේ යුරෝපා රටවලට සහ ඔස්ට්‍රේලියාවටයි.

‍ෙම් වසර මැදදී ප්‍රංශයේ පැවැත්වීමට නියමිත දේශගුණික විපර්යාසය පිළිබඳ ජගත් සමුළුවේදී මෙම කරුණ කෙරේ විශේෂ අවධානයක් යොමුවනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර පසුගියදා ඉන්දියාවේ සංචාරයක යෙදුන එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් පවසා ඇත්තේ දේශගුණික විපර්යාසයට එරෙහි සටනේ දී ඉන්දියාව පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතු බවයි.

වත්මන් ලෝක ප්‍රජාව මුහුණ දෙන තීරණාත්මක සාධකයක් වන දේශගුණික විපර්යාසය පිළිබඳව ඵලදායි විශ්වීය සම්මුතියකට එළඹීමේ ලා ඉන්දියාවේ ක්‍රියාකාරිත්වය අතිශය වැදගත් වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කරයි.