Hot!

මංගල සුශ්මා හමු වෙයි - ලංකාවට පැමිණෙන ලෙස ආරාධනයක්

නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමත් සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටියි.

සෙනසුරාදා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය මංගල සමරවීර අද ඉරිදා ඉන්දීය විදේශ අමාත්‍යවරිය සුශ්මා ස්වරාජ් හමු වී සාකච්ඡාක් පවත්වා තිබේ. ඇයට ලංකාවට පැමිණෙන ලෙසද ඇමතිවරයා ආරාධනා කොට ඇත.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් හෙට සඳුදා පැවැත්වීමට නියමිතයි. එහිදී ජනාධිපති මෛත්‍රී විසින් අගමැති මෝදීට ලංකාව පැමිණෙන ලෙස කළ ආරාධනය නිල වශයෙන් ලබා දෙනු ඇත.

මේ අතර ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.