Hot!

ශ‍්‍රි මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරු හා අතිරේක ලේකම් වහා අස්වනු!

| චිත‍්‍රාල් පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අයුතු ලෙසට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ඉවතට දමමින් සම්මත කරගත් ඊනියා 18 වන සංශෝධනය යටතේ, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරය හා කොමසාරිස් ධූර ‘නිවට’ ලෙස ලබාගෙන, රාජපක්ෂ රෙජිමයේ සියලූ මානව හිමිකම් උල්ලංඝණයන් සාධාරණීය කරමින් කටයුතු කළා පමණක් නොව, සාමාන්‍යය ජනතාව මුලා කර නොමග යැවීමට ද, තව දුරටත් ඔවුන් ව පීඩාවට පත් කිරීමට ද කටයුතු කළේ ය.

එපමණක් නොව, කොමිෂමේ දූෂිත නිලධාරීන් ආරක්ෂා කරමින්, අල්ලස හා දූෂණයට මං පෑදුවේ ය. කොමිෂම හමුවට, යුක්තිය අපේක්ෂාවෙන් එන සාමාන්‍යය ජනයා පීඩාවට පත් කළේ, දූෂිත, නීති විරෝධී කි‍්‍රියාවන්හි නියැළි රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට ය; තෘප්තිමත් කිරීමට ය.

හිටපු ජනාධිපතිගේ දූෂිත පාලනය රැුක ගනිමින්, දූෂිත ක‍්‍රියාවන්ට හවුල් වෙමින් නීතිඥ නිමල් පුංචිහේවා මහතා අතිරේක ලේකම් පදවියේ රැුඳී සිටින්නේ මු`ඵ ලොවම පිළිගත් තනතුරු දැරීමේ පටිපාටියන් කෙලසමින් ය; නීති විරෝධීව ය; හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවශ්‍යතා පිරිමැසීමට ය.

නීතියට පටහැනිව දූෂිතව තනතුරුවලට පත්කිරීම මෙන්ම දූෂිත ආකාරයට ලබාදෙන පත්වීමී බාර ගැනීම ද එක හා සමාන වරදවල් ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව ජනතාව දෙන ලද ඡුන්දය, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ සභාපති, කොමසාරිස්වරු, අතිරේක ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප‍්‍රමුඛ දූෂිත නිලධාරීන්ට විරුද්ධව දෙන ලද ඡුන්දයකි.

ජනාධිපති ධුරයට පොදු අපේක්ෂක ලෙසට මෛත‍්‍රීපාල සිරිසේන මහතා බහුතරය ඡුන්දයේදී බලයට පත් කළ එක් ප‍්‍රධාන කාරණයකි, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති විරෝධී ව පත්වීම් ලබාගෙන ධුර හොබවන සභාපති, හිටපු විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා වන ඔබ ඇතුළු  සියලූ ම කොමසාරිස්වරු හා ඒ ආකාරයෙන් ම පත්වීම් ගෙන සිටින අතිරේක ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා ඉවත් කරවීම.

ඒ නිසා, නොපමාව ඔබ සියලූ දෙනා හොබවන තනතුරුවලින් ඉල්ලා අස්ව, යහ පාලනයට ඉඩ සලසන ලෙසට ඉල්ලා සිටිමු.