Hot!

ඡන්දය දා කුමන්ත්‍රණයට දායකවූවෝ: මහින්ද, ගෝඨා, අගවිනිසුරු, ජී. එල්. සහ ගම්මන්පිල

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය විරෝධී ලෙස කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමට උත්සහ කළ බව කියමින් විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (14) පැමිණිලි කළේය.

ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වන අතරතුර අරලියගහ මන්දිරයේ සිදුවූවා යැයි කියන කුමන්ත‍්‍රණයකට හිටපු ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්ෂ, ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල සහ අගවිනිසුරුවරයා සම්බන්ධව ඇති බවටද සමරවීර මහතා චෝදනා කරයි.

අදාල පිරිසට එරෙහිව පැමිණිලි කර ඇත්තේ විදෙස් කටයුතු අමාත්‍ය වරයා බැවින් ඔවුන්ට විදෙස්ගතවීමේ හැකියාවද ඇහිරී යනු ඇතැයි විදෙස් කටයුතු සම්බන්ධ ප්‍රවීනයයෝ පෙන්වා දෙති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසුව සමරවීර මහතා මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය

සම්පූර්ණ පැමිණිල්ල