Hot!

කටුනායක අධිවේගී මාර්ගය සියලු වාහන සඳහා විවෘත කෙරේ

අද සවස 6 සිට කටුනායක අධිවේගී මාර්ගය සියලු වාහන සඳහා නොමිලේ විවෘත වන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසුවේ, එහි උපරිම වේග සීමාව පැයට කිලෝමිටර් 70ක් වන බව  ය.

තාවකාලිකව මෙලෙස අධිවේගී මාර්ගය සියලු වාහනවලට විවෘත වන්නේ, ශූද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙනි.

හෙට පෙරවරුවේ දිවයිනට පැමිණෙන ශුද්ධෝත්තම පියතුමන් මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ කොළඹට පැමිණීමට නියමිත ය.