Hot!

සල්මන් ජැකලීන්ගේ ආප්ප කයි

ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීම සඳහා පසුගියදා ලංකාවට පැමිණ, හදිසියේම පිටව ගිය බොලිවුඩ් නළු සල්මන් ඛාන් ලංකාවෙන් පිටව යාමට පෙර ජැකලීන් ෆර්ඩිනෑන්ස් විසින් ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හි විවෘත කරන ලද "කෑම සූත්‍ර" අවන්හලටද ගොස් එහි ආප්ප  රස බලා ඇති බව වාර්තා වේ.

සල්මන් අවන්හලට ගිය අවස්ථාවේ ඡායාරූපයක් මේ සමග පළවේ.

කෙසේවුවද සල්මන් ඛාන් ගේ සංචාරය මේවනවිට ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දීය දේශපාලනයේදී දැඩි කතා බහට ලක්ව තිබේ.

නැති බැරි පුද්ගලයින්ට සත්කාර කිරීමට:

මේ අතර ඊයේ (31) දෙහිඕවිට පැවති ජන හමුවකදී, ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේ, ඉන්දීය නළු නිළියන් පැමිණියේ සායනයක් පවත්වා නැති බැරි පුද්ගලයින්ට සත්කාරයක් සිදු කිරීමට බවයි.

“වෘත්තිකයන් මේ රටට එනවා යනවා. මේ යන වෘත්තිකයෙක් මාව හම්බවෙන්න ආවා. සල්මන් ඛාන් හා නිලි ජැක්ලින්. ඇවිල්ලා මාව මුණගැහුනා. මුණ ගැහිලා කට්ටිය යන්න ගියා. මම ඇහුවා මොකටද මේ පළාතේ ආවේ කිව්වාම එයාලගේ ව්‍යාපෘතියක් තියෙනවා බැරි අයට එයාලගේ සල්ලි වලින් හම්බකරන සල්ලි වලින් ටිකක් බැරි අයට වියදම් කරනවා. ඉතින් සායනයක් පවත්වලා කණ්නාඩි දීලා ලෙඩ බලලා සත්කාරයක් කරනවා. පහුගිය කාලේ ඇවිල්ලා යාපනේත් ගියා කියලා පෙන්නුවා පිංතූර. පත්තරෙත් දානවා නිකන් ඕන බොරුවක්. මං දැක්කා එක ඉංග්‍රිසි පත්තරේක තියෙනවා මිලියන 700ක් මං දීලා ගෙන්නුවාලු“ යැයි ජනාධිපතිවරයා පැවසී ය.