Hot!

මෛත්‍රී ජනාධිපතිවරණය 51.28% කින් ජයගනී!

පොදු  අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා 2015  පැවැති ජනපතිවරණයෙන්  51.28ක ප්‍රතිශතයක් හෙවත් 6,217,162 ක ඡන්දයක් ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ මහතා මේබව පැවසුවේ අද (09) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පවත්වන ලද විශේෂ පුවත්පත් සාකච්ඡාවකදීය.

එහිදී අදහස් දැක්වූ සිරිසේන මහතා මෙම  ජයග්‍රහණයේ සැබෑ අරුත ක්‍රියාත්මක කිරීමට නම් සමකාමීව මේ ජයග්‍රහණය සමරන්නැයි ඉල්ලා සිටියේය.