Hot!

රාජපක්ෂ අධෝ මුඛයෙන් දොඩයි

"අපි අධිකරණයට ඇඟිලි ගහන්නෙ නැහැ” – ජනපති නීතිඥයින් අමතමින් කියයි 

වත්මන් රජය රටේ නීතියේ ආධිපත්‍යය සුරැකීමට කැපවී කටයුතු කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීමේ නීතිඥ සංගමය ඊයේ කොළඹදී සංවිධානය කළ හමුවකට එක්වෙමිනි.

නීතිඥයෙකු ලෙස තමන් සැමදා අධිකරණයට ගරු කරන බව ද ජනාධිපතිතුමා එහිදී පැවසී ය.

නීතිඥයෙක් ව‍ශයෙන් මම හැමදාම උසාවියට ගරු කළා.උසාවි තීන්දුවට හිස නැමුවා. අපි කිසි විටෙක ඇගිලි ගහන්න යන්නේ නැහැ. උසාවියේ කාර්යවලට. මේ අවස්ථාවේදි ඔබට මම බොහොම පැහැදිලිව කියනවා. අධිකරණයේ ස්වාදීනත්වය රැකගෙන ඔබට ඔබේ  රැකියාව නිදහසේ කරන්න අද පුළුවන්කම තියෙනවා බය නැතිව
ජනාධිපතිවරයා පැවසුවේ, ආණ්ඩුව කිසිම අවස්ථාවකදී වරදකරුවන් ආරක්ෂා කර නොමැති බව ය.

දැන් අපි මතක තියාගන්න අපි කොයි අවස්ථාවකවත් අධිකරණයට ඇඟිලි ගැහුවා,අධිකරණය අපි නටවනවා එහෙම අධිකරණ ලංකාවේ නැහැ. බොහොම පැහැදිලිව කියන්න ඕන. ඔබ දන්නවා ඇති දැන් අපේ මන්ත්‍රිවරු කී දෙනෙක් රිමාන්ඩ් කරනවාද? වරදක් කරා නම් අපි වරදකාරයා රැකගන්න ගියේ නැහැ.ඉතිං ඒක හින්දා අපි නීතියේ ආධිපත්‍ය රැකගන්න බොහොම පැහැදිලිව අපි කැපවීම සමහරුන්ට ඇමරිකාවෙන් ලැබෙන ඩොලර් ලොකුයි. නමුත් අපිට ඇමරිකන් ඩොලර් ලොකු නැති විත්තිය අද මේ සහෝදර පිරිසට මං මතක් කර ‍දෙනවා