Hot!

බොලිවුඩ් නළු සල්මන් හඳ පානේ ගෙදර යයි ?

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ද ප්‍රචාරක කටයුතු සඳහා එක්වීමට පැමිණි බොලිවුඩ් නළු සලමන් ඛාන් ඊයේ (29) රාත්‍රියේම නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

ඔහුට ඉන්දියාවෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ මෙසේ පිටව ගොස් ඇති බව පැවසේ.

කෙසේවවුද ඊයේ (29) ඔහුගේ රථ පෙරහැර වැලිකඩ අඔ ගහ හන්දිය ප්‍ර දේශයේදී අනතුරට ලක්ව ඇති බවද පැවසේ.

සිද්ධියෙන් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර ඇති බවද පැවසේ.

මේ සම්බන්දයෙන් අප වැලිකඩ පොලිසියෙන් කළ විමසීමකදී ඊයේ අඹගහ හන්දිය ප්‍ර දේශයේදි රිය අනතුරක් සිදුවූ බව ස්ථිර කළේය.

කෙසේවවුද වැඩි විස්තර ලබාදීම අප හා සම්බන්ධ වූ නිලධාරියා ප්‍රතික්ශේප කළේය.

වැඩි විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෙලිකරනු ඇති බවද ඔහු කීය.

මේ අතර ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් දිවයිනට පැමිණ සිටින්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටන වෙනුවෙන් නොවන බවත්, ඔහු පැමිණ සිටින්නේ ගංවතුරෙන් විපතට පත්වූවන් පිළිබඳව සෙයා බැලීමට බවත්  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබිනි.

අද (30) සන්ධාන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම එබව සඳහන් කළේය