Hot!

රාජපක්ෂ වැඩි ඡන්ද ලක්ෂ විසිපන් දහසකින් දිනන බව එස්. බී. කියයි

එස්.බී. අමනකම ප්‍රදර්ශනය කරයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා ඊයේ (14) නාවලපිටියේ පැවති රැලියකදී ප්‍රකාශ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ විසිපන් දහසකින් ජයග්‍රහණය කරන බවය. විශ්වවිද්‍යාල සිසුන්ට බල්ලන්, බූරුවන්, නරියන් ආදී අවමන් සහගත වචන යොදා ගනිමින් පරිභව කරන අතර ඔහු මහින්ද රාජපක්ෂ මහතා හමුවේ කොතරම් අමනෝඥ ලෙස ක්‍රියාකරන්නේ දැයි මෙම ප්‍රකාශයෙන් තහවුරු වේ. 

ලංකාවේ මුළු ජනගහණය ලක්ෂ දෙසීය අටක් වන අතර එයින් ඡන්ද දායකයන් සිටින්නේ දළ වශයෙන් ලක්ෂ 154ක් පමණය. එසේ තිබියදී වැඩි ඡන්ද ලක්ෂ විසිපන් දහසකින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බව ප්‍රකාශ කිරීම ඔහුගේ අමනෝඥ භාවය ප්‍රදර්ශනය කිරීමක්ය. 

ලක්ෂ විසිපන් දහසක් යනු මුළු ලෝක ජනගහණයෙන් 33%කටත් වැඩි ප්‍රමාණයක්ය. ආසියාවේ මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාවද මෙම සංඛ්‍යාවට සමාන විය හැකි බව අනුමාන කෙරේ.