Hot!

අපිට මෛත්‍රීව විශ්වාසයි - වාසුදේව

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කළහොත් සිය සහාය ඔහුට ලබා දෙන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍ය වරයා වැඩිදුරටත් පවසන්නේ "මේ පාර ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත් මේ රටට ව්‍යසනයක් වුණු වාධායක ජනාධිපති ක්‍රමය වගේම මැතිවරණ ක්‍රමය අනිවාර්යයයෙන්ම වෙනස් කරනවා කියලා මට විශ්වාසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළොත් ඔහුට ඒ වෙනුවෙන් අපේ පක්ෂයේ පූර්ණ සහාය ලබා දෙනවා.

තමන් ජයග්‍රහණය කළාට පස්සේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න පියවර ගන්නවා කියලා ජනාධිපතිතුමා අපේ පක්ෂයට පොරෝන්දුවක් දීලා තියෙනවා.

මේ රටේ හැම අවුලකටම මුල්වුණු මේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න මම එදා ඉඳලම පෙනී සිටියා. ඉදිරියේදීත් ඒ මතයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ." යනුවෙනි