Hot!

එයාර් ඒෂියා ගුවන් අනතුර : පුද්ගලයින් 162ක් අතුරුදන්

අතුරුදන් වු ඉන්දුනිසියාවේ එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානාවේ ගමන් ගත් පිරිසෙන් 149 දෙනෙකු ඉන්දුනිසියානු ජාතිකයින් බව එරට මාධ්‍ය වාර්තා වේ.අතුරුදන්වන අවස්ථාව වන විට එම යානාව මගීන් 162 දෙනෙකු රැගෙන පියාසර කර ඇති බව ඉන්දුනිසියානු මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරියානු ජාතිකයින් තිදෙනෙක් සිංගප්පූරු ජාතිකයෙකු සහ මැලේසියානු ජාතිකයෙකු ද එහි සිටි බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. අතුරුදන් වු පිරිස අතර කුඩා දරුවන් 16 දෙනෙකු සහ එක් ළදරුවෙකු වන බව ඒයාර් ඒෂියා ගුවන් සේවය නිවේදනය කළේය.

ඉන්දුනිසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබිය දී යානය අතුරුදන් වී ඇත්තේ ඉන්දුනිසියානු වේලාවෙන් උදෑසන 07.24ට පමණ බවද ඒයාර් ඒෂියා ගුවන් සේවය පැවසීය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ QZ 8501 නමැති ඒ - 320 එයාර් බස් වර්ගයට අයත් යානාවක්. මීට පෙර මෙවැනි ගුවන් යානා අනතුරු දෙකක් මෑත කාලයේ වාර්තාවුවිය. ඒ, මැලේසියානු ගුවන් සේවයට අයත් A 370 සහ A17 දරන යානා දෙකයි. A370 යානය අතුරුදන් වුණේ මගීන් 239 දෙනෙකු සමගයි. ඵ්‍ය 17 යානාව මගින් 298 දෙනෙකු සමග අනතුරට පත් විය.

අතුරුදන් වූ ජාතිකයින් මෙසේය;

Nationalities of passengers:
 1 Singapore
1 Malaysia
3 South Korea
1 United Kingdom
149 Indonesia

Nationalities of crew:
1 France
6 Indonesia