Hot!

රුසියාව හා චීනය ආර්ථික සහයෝගිතාවය පුලුල් කරයි

ක්ලාරා වීස් විසිනි
යුරෝපය හා එක්සත් ජනපදය විසින් පනවනු ලැබූ සම්බාධක හමුවේ රුසියාව, මෑත මාසවලදී චීනය සමඟ ආර්ථික සහයෝගිතාව සැලකිය යුතු තරම් පුලුල් කරනු ලැබ ඇත. එජ විසින් රුසියාව හා චීනය ඉවත්කර තැබීමට වෙර දරන, ටීපීපී හා ටීටීඅයිපී යන ශාන්තිකර හා අත්ලාන්තික් වෙලඳ සංවිධානයන්ට ප්‍රතිචාර වශයෙන් ඒ දෙරට අතර සංවිධානයක් බිහිවෙමින් තිබේ.

පසුගිය සතියේ බීජිනයේ පැවති ඒපෙක් හෙවත් ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංසදයේදී රුසියානු හා චීන සමාගම් ගිවිසුම් දුසිම් ගනනකට එලඹුනහ. රුසියානු රජය සතු රොස්නෙෆ්ට් තෙල් සමාගම හා චීනයේ රජය සතු සීඑන්පීසී සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම ඉන් වඩාත් වැදගත්ය. රොස්නෙෆ්ට් සර්බියාවේ වැන්කෝර් තෙල් බිම් වලින් සියයට 10ක් සීඑන්පීසී වෙත අලෙවි කලේය. බෙහෙවින් නයගැතිව සිටින රුසියානු සමාගම මෙම ගිවිසුම තුලින් සිය විදේශ නය ගෙවා දැමීමට බලාපොරොත්තු වෙයි. මූල්‍ය ක්ෂේත්‍රයට යුරෝපා සංඟමය හා එජ විසින් පනවන ලද සම්බාධක හේතුවෙන් රොස්නෙෆ්ට් හා ගෑස්ප්රොම් වැනි දැවැන්ත සමාගම්, දැන් තම නය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුනපා සිටියි. සිතාමතා සිදුවන සමපේක්ෂනය මඟින් උත්සන්න කෙරී ඇති රූබල් මුදල නාටකාකාර ලෙස අවප්‍රමානය වීම, සිය විදේශ නය හිමියන් සමඟ ඇති ගනුදෙනු වලදී රුසියානු බලශක්ති සමාගම් තවදුරටත් දුබල කර ඇත.

චීන විශ්ලේෂකයෙක් රොයිටර් වෙත පැවසුවේ, දැවැන්ත දේශපාලන ඇඟවුම් ද සහිත, රුසියානු බලශක්තිය චීනය වෙත සැපයීමේ ගිවිසුම, දෙරට අතර සම්බන්ධතා ඉමහත් ලෙස ශක්තිමත් කරනු ඇති බවයි.

අතීතයේදී රුසියානු බලශක්ති ප්‍රභවයන් මිලට ගැනීමට විදෙස් සමාගම් වලට හැකිවූයේ, ඒවායේ අරමුදල් සම්පාදනයේදී විශේෂිත අභියෝගයන්ට මුහුන පෑමට සිදුවීම වැනි සුවිශේෂ අවස්ථාවලදී පමනි. කතිපයාධිකාරයෙකුවූ මිකායෙල් කෝඩෝකොවුස්කි 2003දී අත්අඩංඟුවට ගෙන දීර්ඝ සිර දඬුවමකට යටත්කිරීමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූයේ ද ඔහු සර්බියාවේ තෙල් බිම් එජ සංගත වලට විකිනීමට උත්සාහ දැරීමයි.

ඊට පටහැනි ලෙස, සයිබීරියාවේ විශාලතම තෙල් නිධියක් වන වැන්කෝර්, කිසිදු විශේෂ අභියෝගයක් ඇති නොකරයි. මෙම කොන්ත්‍රාත්තුවේ වැදගත්කම ජනාධිපති පුටින් පුද්ගලිකවම අවධාරනය කර ඇත. “සාමාන්‍යයෙන් අපි විදේශ හවුල්කරුවන්ට (බලශක්ති නිධි) පැවරීමට බෙහෙවින්ම අදිමදි කරමු. එහෙත් චීන මිතුරන් සම්බන්ධයෙන් කිසිදු බාධාවක් ඇත්තේ නැත.” ඔහු පැවසීය.

ඒපෙක් සමුලුවේදී ගෑස්ප්රොම්, රුසියානු ගෑස් චීනය වෙත සපයන සිලා සිබිරි (සයිබීරියන් බලශක්ති) නල මාර්ගය ඉදිකිරීමට කෙරෙන සම්පූර්න ආයෝජනයේ වගකීම භාර ගැනීමට සූදානම් බව නිවේදනය කලේය. එහි මුලු ආයෝජනය ඩොලර් බිලියන 55කි.

රුසියාවේ කොමර්සන්ට් පුවත්පත පැවසුවේ, මෙම නල මාර්ගය සඳහා ඉහල පිරිවැයක් දැරීමට සිදුවන බවින්, ගෑස්ප්රොම් සමාගමට ව්‍යාපෘති දෙකම සඳහා එක විට මූල්‍ය සම්පත් සපයා ගැනීමට නොහැකිවන අතර එයින් සිදුවන්නේ දකුනු අන්තයේ ව්‍යාපෘතිය අතහැර දැමීම බවයි. දකුනු අන්ත ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වූයේ යුක්රේනය මඟහැර යුරෝපයට ගෑස් සැපයීමයි. එම ව්‍යාපෘතියට මෑතකදී යුරෝපීය සංඟමය විසින් වල කපන ලදී.

ඒපෙක් සමුලුවෙන් පසුව ගෑස්ප්රොම්හි ප්‍රධානියා වන ඇලෙක්සි මිලර් පැවසුවේ, මෑතකදීම රුසියාව යුරෝපයට වඩා චීනයට ගෑස් සපයනු ඇති බවයි.

චීනය හා රුසියාව අතර ආර්ථික සහයෝගිතාව ප්‍රසාරනය වීම පිලිබඳ අලුත්ම නිදසුන සමුලුව අවසානයේදී ඇතිකරගත් ගිවිසුම්ය.

2013 මැයි මාසය වන විටත් රුසියානු රාජ්‍ය ගෑස් ඒකාධිකාරය වන ගෑස්ප්රොම්, චීනයට ගෑස් සැපයීම සඳහා ඩොලර් බිලියන 400ක වටිනාකමක් ඇති ගිවිසුමක්, එරට සීඑන්පීසී සමඟ ඇතිකරගෙන තිබුනි. නිරන්තරයෙන් බිඳ වැටීමට මුහුනපාමින් දස වසරක් තිස්සේ දිගට ඇදී ගිය සාකච්ඡා වලින් පසුව රුසියාව, යුක්රේන අර්බුදය නිසා යුරෝපයට ගෑස් සැපයීම පහත වැටීම හමුවේ, කඩිනමින්ම ගිවිසුම ඇතිකර ගත්තේය. ගෑස්ප්රොම්, යුරෝපීය රටවල් ගෙවන සාමාන්‍ය මිලට වඩා සැලකිය යුතු අඩු මිලකට ගෑස් සැපයීමට එකඟවී ඇත.

චීනය සමඟ සසඳන කල රුසියාවේ දුබල ආර්ථික තත්වය එරට විශ්ලේෂකයෙක් පෙන්වා දුන්නේය. “ගෑස්ප්රොම් හා රොස්නෙෆ්ට් දැවැන්ත ලෙස චීනය මත රඳාපවතියි. දැන් බීජිනයට ලාභ කොන්දේසි පැනවීමට අවස්ථාව සැලසී තිබේ.”

එජ හා යුරෝපය සමඟ සබඳතා පිරිහෙමින් තිබිය දී ක්‍රෙම්ලිනය ආසියාව වෙත, විශේෂයෙන්ම චීනය වෙත, දිශානුගත වීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පුටින් යලි යලිත් පෙන්වාදී ඇත. පසුගිය වසරේදී ජර්මනිය අභිබවා රුසියාව චීනයේ වඩාත් වැදගත් වෙලඳ සහකරු බවට පත් විය.

ඒ සමගම යුරෝපයට කෙරෙන රුසියානු බලශක්ති අපනයන මෑත වසරවලදී සැලකිය යුතු ප්‍රමානයකින් පහත වැටී ඇත. ඒ ෂෙල් ගෑස් වැනි විකල්ප ගෑස් මූලාශ්‍රයන් වැඩිවීම නිසා නොවේ; 2009දී එජ ලෝකයේ විශාලතම ගෑස් නිෂ්පාදකයා වශයෙන් සිටි රුසියාව පසුබැස්සවීය. එබැවින් යුක්රේන අර්බුදයට පෙර සිටම ලෝක වෙලඳපොලේ රුසියාවෙහි තත්වය තියුනු ලෙස පහත වැටුනි. එසේ වුව ද රුසියානු ආර්ථිකය බෙහෙවින් පදනම්ව සිටින බලශක්ති අපනයනයේ වැඩිම ප්‍රතිශතය යුරෝපීය සංඟමයට කල සැපයුමයි. දැන් මෙය වෙනස්වෙමින් තිබේ.

චීනය රුසියානු බලශක්ති මූලාශ්‍රයන් මත රැඳී සිටියි. 2013දී රුසියාව ලෝකයේ ලොකුම බොරතෙල් හා ද්‍රවීය කාබනික ඉන්ධන අපනයන කරුවා වශයෙන් එජ අභිබවා ගියේය. 2020 වන විට චීනයේ තෙල් ආනයනය 2005 තිබුන මට්ටමට වඩා සිව් ගුනයකින් එනම්, දිනකට කියුබික් මීටර් බිලියන 9.2 දක්වා වැඩිවනු ඇති බවට ගනන් බලා තිබේ. අනෙකුත් දේ ද සමඟ චීනය බලශක්ති අපනයනය කරන මුහුදු මාර්ග හිර කිරීමේ එජ ව්‍යායාමයෙහි ප්‍රතිපලය වශයෙන්එරට, රුසියාවේ බලශක්ති මූලාශ්‍රයන් සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කරයි.

රුසියාව හා චීනය තම මූල්‍ය සහයෝගිතාවය ද දැඩි කර ගැනීම සඳහා වෙහෙසෙයි. සියල්ලටත් වඩා බටහිර ප්‍රාග්ධන වෙලඳපොලවලට සිය ප්‍රවිෂ්ටය සීමාකර තිබෙන සම්බාධක නිසා රුසියානු බැංකු, චීනයට ලඟාවීමට උත්සාහ දරයි. වීටීබී යන රුසියාවේ දෙවන විශාලතම බැංකුව, ලන්ඩන් කොටස් හුවමාරුවේ සිට සිංගප්පූරුවට මාරුවී ඇත. යුක්රේන අර්බුදය නිසා එම බැංකුව මේ වසර තුල ඩොලර් බිලියන ගනනක අලාභයකට මුහුන පා සිටියි.

ඊට අමතරව රුසියාව හා චීනය, ගනුදෙනු කිරීමේදී එජ ඩොලර් වෙනුවට යුආන් හා රූබල් යොදාගැනීමේ යෝජනාවක් පිලිබඳව මාස ගනනක් තිස්සේ සාකච්ඡා කරමින් සිටියි. මෙය දැනටමත් දුබලවී ඇති එජ ඩොලරයට තවදුරටත් වල කපමින් ලෝක ආර්ථිකය කෙරේ මූලික බලපෑමක් සිදුකරනු ඇත. චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන අතර රුසියාව ඉහලම දහ දෙනා අතර නමවෙනි තැන පසුවෙයි.

රුසියාව හා චීනය අතර ඇතිවෙමින් තිබෙන සන්ධානය එජ හා යුරෝපය විසින් දැකගන්නේ වැඩෙන කනස්සල්ලකින් යුතුවය. මොස්කෝව හා බීජිනය අතර හවුල්කාරිත්වය ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය විස්තර කලේ “ඇමරිකාවේ නොම්මර එකේ ප්‍රතිපත්ති අභියෝගය” ලෙසය.

යථාර්තයේදී රුසියාව හා චීනය ප්‍රතිචාර දක්වන්නේ, තමන් ආර්ථික වශයෙන් හුදෙකලා කිරීමත් මිලිටරිමය වශයෙන් වැටලීමත් ඉලක්ක කරගත් එජ විසින් ගොඩනඟන කඳවුර කෙරෙහිය. රුසියාව හා චීනය බැහැර කර ගොඩනඟන අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය, දල වශයෙන් ලෝක ආර්ථිකයේ සියයට 40ක පංඟුවකට දායක වෙයි.

දෙරට දේශපාලන හා මිලිටරි කටයුතුවලදී ද සමීප සහයෝගිතාවක් ගොඩනැඟීමට සැලසුම් කරයි. රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති ඇනටෝලි ඇන්ටනොව් 18දා කියා සිටියේ, මොස්කෝව හා බීජිනය අනාගතයේදී, පෙබරවාරියේ කියෙව්හි සිදුවූ සීඅයිඒ පිටුබලය ලැබූ කුමන්ත්‍රනය වැනි “වර්නවත් විප්ලවයන්ට” එරෙහිව ඒකාබද්ධව සටන් වදිනු ඇති බවයි.

“ආසන්නයේ සිදුවන මේ සියල්ල හමුවේ, අපගේ රටවල් දෙකේම ආරක්ෂාවට තර්ජනය කරන මෙම අභියෝගවලට රුසියාව හා චීනය සහයෝගයෙන් මුහුන දිය යුතු බව අපි සිතන්නෙමු” යයි ඇන්ටනොව් පැවසීය.

ඒ අතර රුසියාව චීනය වෙත හැරීම පිලිබඳව රුසියානු පාලක පැලැන්තිය ගැඹුරින්ම බෙදී සිටිති. සැමටත් වඩා කෝඩෝකොවුස්කි විසින් නියෝජනය කරන කතිපයාධිකාරීන් අතර සිටින එජ ගැති කොටස්, යුක්රේන අර්බුදය වොෂින්ටනය සමඟ වඩා සමීප සහයෝගයක් ගොඩනඟා ගැනීමටත්, යුරෝපීය සංඟමයට ඒකාග්‍ර වීමටත් යොදාගත යුතු බව කියා සිටිති.