Hot!

දිව දෙකේ හිරුණිකා


hirunika 1
පහත පලවන ඡායාරූප අප වෙත එවා තිබුනේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකයෙකි. ඡායාරූප සමග එවා ඇති සටහන වේදනාව හා කලකිරීම හේතුවෙන් සීමාව ඉක්මවා ඇති බැවින් අපට පල කළ නොහැක. ඔහු එහි ලියා තිබුනේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සියළුම සාමාජිකයන් නින්දිත ආකාරයට ‘ලකී අයියාගේ ලොකු දුව ' විසින් රවටා දැමූ බවයි.

මෙම ඡායාරූප ගෙන ඇත්තේ හිරුණිකා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට යාමට පැය 24කට කලිනුයි. මෙම රැස්වීමට පැමිණ ඇති හිරුණිකා මහජන පක්ෂයේ සාමාජිකයන් ඉදිරියේ පවසා ඇත්තේ ‘දිවංගත විජය කුමාරතුංග සහ තම පියා වැනි පක්ෂය වෙනුවෙන් දිවි පිදූ මිනිසුන්ගේ මරණයන් සැබෑ ලෙස අර්ථ ගැන්වීම සඳහා පාවාදීම්වලින් තොරව ජයග්‍රහණය තෙක් ඉදිරියට යා යුතු බවයි. පක්ෂයේ අරමුණු වෙනුවෙන් තමන් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බවත් ඉදිරියේදී පක්ෂයට ලැබෙන කෝටාවෙන් තමන් ඡන්දය ඉල්ලීමට සූදානම් බවත්ය.'
ඇගේ ඉල්ලීම සලකා බැලූ මහජන පක්ෂයේ සාමාජිකයන් ඇයව ඡන්දයට ඉදිරිපත් කිරීම සඳහා ඒකමතිකව යෝජනා සම්මත කොට ගෙන ඇත. පැය 24 ක් ගතවීමට මත්තෙන් හිරුණිකා නතර වූයේ අරලියගහ මන්දිරයේය. ජනාධිපතිවරයා අතින් මැද කොළඹ සම සංවිධායක ධූරය ලබා ගනිමින් තම පියා ඇතුළු පක්ෂය වෙනුවෙන් දිවි පිදූ සියළුම අය හිරුණිකා විසින් වෙන්දේසි කරන ලදී. හිරුණිකා වත්මන් ශ්‍රි ලංකාවේ ජඩ දේශපාලන රැල්ලේ නැගී එන තරුවකි.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංග නවරත්න මහතා අද මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ‘හිරුණිකා මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩලය හමුවේ පැවසූ දෑ හෙළි කළ හොත් ඇයට ඡන්දය ඉල්ලනවා තබා රටේ සිටීමටවත් නොහැකි බව' යි. මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ ඇය මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඇමතූ ආකාරයයි.
hirunika 2
Lankanewsweb