Hot!

සන්ධ්යා එක්නැළිගොඩ නිර්ප්රභූ ස්ත්රියකට කතා කළ හැකි ද?


සුනන්ද දේශප්රිය


ඉහත සඳහන් මැයෙහි දෙවැනි කොටස මා උපුටා ගත්තේ සුමති සිවමෝහන්ගේ ඉන්ගිරින්දු චිත්රපටය අළලා කුමුදු කුසුම් කුමාර විසින් ලියන ලද විචාරයෙනි. සුමතිගේ චිත්රිපටය ශ්රී ලංකාවේ සමාජ දේශපාලන සංවාදයන් විසින් අතහැර දමා ඇති වතුකර දෙමළ ප්රෙජාව තේමාව කරගනී. කුමුදු කුසුම් කුමාර එම පාඨය උපුටා ගන්නේ ගයාත්රීව ස්පීවැක් නම් දර්ශනවාදිනියගෙනි. ස්පීවැක් සංස්කෘතික මතවාදී ක්ෂේත්රයේ යටත් විජිතවාදයෙන් උරුම වූ ගැතිබාවය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් පරසිඳු ය.



දේශපාලන සමාජ තලයෙහි අපේම එකෙකු වූ ප්රගීත් පැහැරගෙන ගොස් මෙම 24 දිනට සිව් වසක් සපිරේ. පසුගිය දෙවසර පුරා රාජපක්ෂ ආන්ඩුවට හිස රදයක් වන තරමට ප්රගීත් අතුරුදහන් කිරීම ජාතික සහ අන්තර් ජාතික තලයෙහි උද්ඝෝෂණික මාතෘකාවක් විය. අද අගවිනිසුරු වන මොහාන් පිරීස් වසර කිහිපයකට පෙර  ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි දී අතේ පැළවෙන බොරැවක් කීවේ ප්ර‍ගීත් ගැන ය. ඉන් අනතුරුව අරුන්දික ප්රනාන්දු නම් රාජපක්ෂවාදී දේහපාලනඥයකු ද එම මඩ ගොහුරුවේ ම ලැග්ගේ ප්රගීත් තමාට ප්රංශයේ දී හමු වූ බවත් ඔහු ජිනීවා හි සුනන්ද දේශප්රිය සමඟ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට සිටි බවත් කියමිනි. එමෙන් ම ගොදුරැබවට පත් ජනමාධ්යවවේදියකු වශයෙන් අධිකරණය ඉදිරියේ නොනැවත විභාගයක් පැවැත්වෙන්නේ ද ප්රගීත් ගැන පමණ ය. 

ප්රගීත් එක්නැළිගොඩ අතුරැදහන් කිරීම පිළිබඳ කාරණය අතුරුදහන් කිරීමට රාජපක්ෂ ආන්ඩුවට බැරිවී ඇත්තේ සන්ධ්යා එක්නැළිගොඩ නම් ස්ත්රිය සිය සැමියා පිළිබඳ සත්යදැන ගැනීම සහ යුක්තිය ලබා ගැනීම පිණිස කරගෙන යන අධිශ්ඨානශීලී සහ දිරිමත් අරගලය නිසා ය.

අප බොහෝ දෙනෙකු මෙන්ම ප්රගීත් ද ප්රභූ කුලයට අයත් වූයේ නැත. අති විශේෂ කුසළතාවයන්ගෙන්  පිරි ඔහු සාමාන්ය‍යකු විය. යුද්ධයේ අතුරු පෙරමුණක් ලෙස දියත් කරන ලද ජනමාධ්යයට සහ ජනමාධ්යේවේදීන්ට එරෙහි යුද්ධයට බිලි වූ අති බහුතරය අයත් වූයේ ද නිර්ප්රභූ කුළකයට ය. ප්රගීත් පැහැර ගැනීමෙන් පසු හුදෙක් ප්රගීත් අතුරුදන්වීම පමණක් නොව ශ්රී ලංකාවේ අතුරුදහන් කි‍රීමේ සංස්කෘතියට එරෙහි ජාතික සහ අන්තර් ජාතික ප්ර කාශිකාවක් බවට පත් වූ සන්ධ්යා එක්නැළිගොඩ ද ප්රභූ කුළකයේ ස්ත්රි යක නොවුවා ය.

ජනමාධ්ය ට එරෙහි එකී යුද්ධයේ  ගොදුරුබවට විවිධ මට්ටමින් පත්වූ සියයකට ‍නොඅඩු ජනමාධ්යට සහ මානව හිමිකම්  ක්රි යාධර පිරිස් සිය පවුල් සමඟ රට හැර දේශපාලන රුකවරණ සොයා ගියහ. ඝාතනයට ලක් වූ එවැනි පිරිස් හි පවුල් බොහෝ ගණාවක් ද විදෙස් ගතව එවැනි රැකවරණ ලබා ගත්හ.

එමෙන්ම විවිධ හේතූන් උඩ මෙම පිරිසෙන් අති බහුතරය විදෙස් ගතවීමෙන් පසු හුදු කුටුම්භ රක්ෂනය සිය ජීවිතය බවට පත් කර ගත්හ. අප දන්නා පරිදි රට හැර දේශපාලන රැකවරණ ලබා ගත් සියයකට නොඅඩු මෙම පිරිසෙන් ශ්රී ලංකාව සම්බන්ධ දේශපාලන සමාජ කතිකාවතෙහි රැදී සිටිමින් ඊට දායක වන්නේ  අතලොස්සකි. ඒ අතරින්  මෙරට  මානව හිමිකම් සහ ප්රජාතන්ත්රුවාදී අයිතීන් යළි දිනා ගැනීමේ ප්රයත්නයන්ට දායක වන පිරිස ඊටත් අඩු ය. මෙම කණගාටුදායක තත්ත්වයට හොදම උදාහරණයක් නම් ජනමාධ්යවේදීන් මත හෙළන ලද යුද්ධ මර්දනයට විරුද්ධ වෙමින් සිර ගත කරන ලද සහ ඝාතනය කරන ලද ජනමාධ්ය වේදීන් වෙනුවෙන් නොබා සටන් කළ නිදහස් මාධ්ය ව්යාපාරයට ස්තුතියි කියා තුන්ඩු කෑල්ලක්වත් එවීමටවත් එළෙස සිරගතව සිට නිදහස ලැබ දේශපාලන රැකවරන සොයා ගිය  සියළු දෙනාටම වාගේ වෙලාවක්වත් නැති වීම ය.

අඩුම වශයෙන් ජනමාධ්ය  මර්දනය හේතු කොට ගෙන වි‍දෙස්ගතව දේශපාලන රැකවරණ ලැබූ පිරිසෙන් අඩක් හෝ ශ්රී ලංකාවේ ජනමාධ්ය නිදහස  සහ ප්රජාතන්ත්රවාදය ගැන උනන්දුමත් ක්රියාවළියක නිරත වූයේ නම් රට තුල මීට වඩා යහපත් ජනමාධ්ය පරිසරයක් නිමැවෙන්නට ඉඩ තිබුණි. ඊට හොදම උදාහරණයක් නම් සන්ධ්යා  නම් නිර්ප්රභූ ස්ත්රිය දෙස් විදෙස් වේදිකාවන්හි ශ්රී ලංකාවේ ජනමාධ්ය නිදහස සහ ප්ර ජාතන්ත්ර්වාදය සම්බන්ධයෙන් නඟන හඩ සහ ඊට ඇති ප්රාතිචාරයන් ය.

වාර්ශිකව අනුස්මරනයක් පමණක් බවට පත්ව ඇති ප්ර්භූ සමාජයේ ජනමාධ්යවේදියකු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ කණගාටුදායක පසුවිපරම දෙස බලන විට ප්රරගීත් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණය සොයා සන්ධ්යා ගෙන යන අරගලයේ වටිනාකම කැපි පෙනේ. ලසන්ත ඝාතනය තරම් ප්රගීත් අතුරුදහන්වීම එකවරම ජාතික හෝ අන්තර් ජාතික තලයේ ප්ර සිද්ධියක් අල්ලා ගත්තේ නැත. එසේ නමුත් ලසන්ත ඝාතනයේ සැකකරුවන් නීතිය හමුවට ගෙන එන සේ නොකඩවා කැරෙන උද්ඝෝෂණයක් නැතිව ගිය අතර ඒ ස්ථානය අල්ලා ගත්තේ සන්ධ්යා විසින් සංකේතවත් කරනු ලබන ප්රගීත් අතුරුදහන්වීම පිළිබඳ උද්ඝෝෂණය යි.  ‍ලසන්ත ඝාතනයේ පසු විපරමක් නැතිව ගොස් ඇත්තේ ඔහු සමඟ වැඩ කළ කතුවරියන් තිදෙනෙකුම ආරක්ෂාව පතා විදෙස්ගතව තිබියදීත් ය.  

190 ගණන් මුල් භාගයේ  අද සන්ධ්යා මෙන්ම ශ්රී ලංකාවේ ජනමාධ්ය  මර්දනය අන්තර් ජාතික තලයට ගෙන ගිය වෙනත් කාන්තාවක් වූවා ය. ඇය ප්රභූ පැලැන්තියට අයත් වූ වෛද්ය මනෝරානී සරවනමුත්තු ය. පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලද ජනමාධ්යවේදී රිචඩ් ද සිල්වා ගේ මව ය. ප්රභූ කාන්තාවක් වූ බැවින් ඇයගේ හඬට බොහෝ සවන් විවෘත විය. සිය පුත්රයාට සාධාරණය ලබා ගනු වස් ඇය ප්ර භූ තලයෙන් පහළට බැස අප වැනි සාමන්යතයින් සමඟ ද කටයුතු කළා ය.  ඇය දේශපාලනයට ගියේ නැත. සිය මානව හිමිකම් සටන පිරිසිඳුව තබා ගත්තා ය. 

සන්ධ්යා එක්නැළිගොඩ එහි ම අනෙක් පැත්ත නිරෑපනය කරයි. ඇය නිර්පරුභූ ස්ත්රියකි. එනමුත් ඇය සිය සැමියාට යුක්තිය ලබා ගනු වස් සමාජීය විභේදනයන් අතික්රමණය කරන්නට සමත් විය. ඇය ප්ර භූ සමාජය කරා ද සිය අරගලය ගෙන ගියා ය. ඒ අරගලය තුළ ඇය කොතෙක් දුරට ඉදිරියට ගොස් ඇත්දැයි පසුගිය නොවැම්බරයේ ඇය සමඟ සතියක් පුරා ලංඩනයෙහි උද්ඝෝෂනයන්ට සහභාගි වීමේ වාසානාව ලද මට දැක ගත හැකි විය.

ක්ෂමා ජාත්යන්තරය විසින් සංවිධානය කරන ලද රුස්වීම් ගණනාවක් ඇමැතූ ඇය සරසවි ශිෂ්ය ශිෂාවන් සමඟ මෙන්ම බ්රිතාන්ය  පාර්ලිමේන්තු මංත්රීවරුන් සමඟ ද අදහස් හුවමාරු කර ගනිමින් ශ්රී ලංකාවේ ජනමාධ්ය මර්දනය සහ අතුරුදහන් කිරීමේ සංස්කෘතිය අරභයා පුළුල් දැනුවත් කිරීමක නිරත විය. ඇයගේ අදහස් දැක්වීම් නිරවුල් ඍජු නිර්භය සහ හැගුම්බර විය. මේ සෑම රුස්වීමකටම ඇය ගියේ ලැමිනේටින් කරන ලද ප්රගීත්ගේ ජායාරූපයක් ද ඇතිව ය. ජායාරුපයකට පෙනී සිටීමට ආරාධනා ලද සෑම විටෙකම වාගේ ඇය ප්ර්ගීත්ගේ පින්තූරය තම ලය මත තබා ගත්තා ය.

බ්රිතාන්ය  පාර්ලිමේන්තුව ඉදිරිපිට ක්ෂමා ජාත්යාන්තරයේ තුන් සියයක් පමණ වූ තරුණ ස්වේජ්චා පිරිස්  පැවැත් වූ ශ්රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ විරෝධතා උද්ඝෝෂණයට ඇය බියක් නැතිව ප්ර සිද්ධියේ සහභාගි වූවා ය.

,මං කවරදාකවත් මෙහෙම ක්රියාකාරිනියක් වෙන්න බලාපොරොත්තු වුනේ නෑ. ඒත් ප්රගීත් අතුරුදහන්වුනාම ඒක මගේ ජීවිතයම වෙනස් කරා. දැන් මං ඔහු සොයා යන පූර්ණ කාලීන ක්රියාකාරිනියක්. එත් අද මං ප්රගීත් වෙනුවෙන් විතරක් වැඩ කරන ක්රියාකාරිනියක් නොවෙයි. මං සියළු අතුරුදහන්වීම් වලට විරුද්ධව එහෙම නැති වෙච්ච සියළු දෙනා වෙනුවෙන් වැඩ කරනවා, යැයි ඇය එක් ජනමාධ්යත හමුවක දී කීවා ය.

, ඔබට මේ තරම් දිරියක් කෙහෙන් ද මෙච්චර කාලයක් මේ උද්ඝෝෂණය ගෙනි යන්න ? , යැයි ඇයගෙන් ඇසූ බොහෝ දෙනෙකු විය. , ප්ර ගීත් හෝ ඔහුට වෙච්ච දෙයක් සොයා ගන්න එකත් ඔහු වෙනුවෙන් යුක්තිය ලබා ගැනීමත් තමයි දැන් මගේ ඇදහිල්ල ඉතිං භක්තියක් වැළද ගත්තහම ඒක අත හරින්නේ නෑනෙ, යැයි යන්න ඇගේ නිසඟ පිළිතුර විය, මං අවදිවෙන්නෙත්  නින්දට යන්නෙත් ප්ර ගීත් සොයා ගැනීම කියන ඇදහිල්ලත් එක්ක.

ක්ෂමා ජ්යාත්තරය ප්රගීත් සොයා ගැනීමට උදව්වන සේ අන්තර් ජාතික බලපෑමේ ව්යාපාරයක් දියත් කළේ ද සන්ධ්යා අතනෑර කරන අරගලයට දායක වනු පිනිස ය. ඒ ව්යාපාරය එංගලන්තයෙහි පාසැල් සහ සරසවි කරා ද ව්යාප්ත විය. දහස් ගණනක් පාසැල් සිසු සිසුවියන් සන්ධ්යාට ධෛර්යා පතමින් තැපැල් පත් එවූහ. ඒ අතර 11 වයසැති දැරියක චිත්රයක් ද අදිමින් ලියා එවා තිබුණේ ප්රගීත් හමුවේවා කියා ය. එවැනි බොහෝ තැපැල් පත් ඇසට කදුළක් ගෙන එන තරම් සංවේදී විය. සන්ධ්යා හමුව ප්රගීත්ගේ අතුරුදහන්වීම පිළිබඳ කරුණු කාරණා හුවමාරු කරගත් බ්රි තාන්ය පාර්ලිමේන්තු මංත්රීවරයකු තමා සමඟ ජායාරූපයකට පෙනී සිටින ලෙස ඇයට ඇරයුම් කරමින් මෙසේ කීවේ ය ,මගේ ආසනයේ මගේම පාසැළේ ශිෂ්ය ශිෂ්යාවන් සිය ගණනක් මට ප්රගීත් ගැන තැපැල් පත් එවා තිබෙනවා. ඔවුන් කැමැතිවේවි මා ඔබ හමු වූ බව දැන ගන්න, තමා උද්ඝෝෂනික විඩාවට පත් වූවිට එවැනි දරුවන් විසින් එවන ලද ලයාදර වචන කියවන බවත් ඒ වචන සෑම විටම අලුත් දිරියක් තමාට ලබා දෙන බවත් සන්ධ්යා එම දරුවන්ට කියන්නැයි එම මංත්රීවරයාට කීවා ය.

විවේක තිබූ සවස් භාගයන්හි අපි පරණ පොත් අඩු මිලට විකුණන පොත් සාප්පු පීරුවෙමු. සන්ධ්යාගේ පොත් ලැයිස්තුව දරු දෙදෙනාගේ අවශ්යමතා මත සැකසී තිබුණි. අප ලාබ වෙළදසැල් සොයමින් යනෙන අතරවාරයේත් අයගේ එකම සෙවිල්ල වූයේ පුතුන් දෙදෙනාට ඇවැසි දේ ය.  අතුරුදහන් කරන ලද සිය සහකරුට යුක්තිය ලබා ගනු වස් සිව් වසරක් පුරා නොනැවත අරගලයක නිරතව අතරවාරයේ ලැබෙන විරාමය සහ එදිනෙදා වියදම් සන්ධ්යාර නම් මේ නිර්ප්භූ ස්ත්රිය වැය කළේ සිය පුතුන් දෙ‍දෙනා වෙනුවෙන් ය. 

මවක බිරිදක සහ ක්රියාකාරිනියක ලෙස සාධාරණත්වය ඉල්ලා ඇය කරන හඩගෑමෙහි මේ ජීවන යථාර්තය ගැබ්ව තිබුණි. එහි විනිවිද කා වදින දෝංකාර දෙන බලය වූයේ ඇත්ත ජීවිතයෙන් එය පැන නගින නිසා ය. අධිශ්ඨානය ඇතොත්  නිර්ප්රීභූ ස්ත්රියට කතා කළ හැකිවා පමණක් නොව බලයක් ද විය හැකි ය. මන්ද යත් එය පැන නගින්නේ වේදනාවේ කේන්තියෙන් සහ යුක්තියේ අරමුනින් නිසා ය. සන්ධ්යා  සංකේතවත් කරන්නේ එ හැකියාව යි. 

26.01.14