Hot!

ඝාතනයෙහි අනෙක් අර්ධය

බාලචන්ද්‍ර ඝාතනය පිළිබඳ මෙම පින්තූර සාක්ෂි සටහන,  ජනමාධ්‍යන් අතට සේන්දු වීම සිද්ධ වී ඇති ආකාර දෙකක් පිළිබඳ අනුමාන කළ හැකි ය. පළමුව, කිසිවකු විසින් හෝ ඒවා ආණ්ඩුවේ වාර්තාවන් අතුරින් සිතා මතා පිටතට කාන්දු කරනු ලැබ ඇතැයි කිව හැකි ය.  නැතහොත්, බිහිසුණු නමුත් ඓතිහාසික සිහිවටනයක් වනු පිණිස, මෙම ඝාතන කල්ලියේ සිටි සොල්දාදුවකු විසින් සිය ජංගම දුරකතනයේ සටහන් කර ගන්නට ඇතැයි අනුමාන කළ හැකි මෙම සාක්ෂි, පසුව තම හෘදය සාක්ෂියට අවනත වීමේ ප‍්‍රතිඵලයක් හේතුවෙන් මෙසේ හෙළි කරන්නට ඇතැයි අනුමාන කළ හැක.

එම්. ජේ. අක්බාර් විසිනි
 English Version

මරණය, අර්ධ සත්‍යයක් වන්නට පිළිවන්ද? මෙම ප‍්‍රශ්නය නිසැකවම ගැට ගැසී ඇත්තේ ඝාතකයකුගේ අවසාන අපේක්ෂාව හා ඔහු සතුව ඇතිඉස්තරම්ම නිදහසට කරුණ සමග ය.  මේ අනුව ඝාතනය වනාහි හැම විටම විවෘත විවාදයක් බවට අබිරහස් ප‍්‍රබන්ධ සාහිත්‍ය ප‍්‍රභේදය තුළ හ`ගවනු ලැබීමේ සෑහෙන ඇත්තක් තිබේ. වින්දිතයෙකු නොමැති ඝාතනයක් තිබිය නො හැකි වීම මළවුන්ට කිසිදු වැදගත් නොවන නමුත්  ජීවත්වන්නවුන්හට බරපතල උද්වේගයක් ඇති කරයි. ඝාතනයේ ස්වභාවය දරුණු වූවද - නොවූවද, සාධාරණය ඉටුකිරීමෙන් මෙහා, ඊට යුක්ති සහගත අවසානයක් හිමි නොවේ.

බාලචන්ද්‍රන් නම් දොළොස් හැවිරිදි දරුවා ශී‍්‍ර ලංකාවේදී ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක් වූ අයුරු විදහා දක්වන මෙම ඡායාරූප  ගොරතර ය.  ඒ මුහුණෙහි පිරී ඉහිරී පවතින අවිහංසකකම වනාහි ඒ මොහොත පිළිබඳ අපේ පරිකල්පනාවන්ට අතිරේක වධයකි.  මෙතැන්හි, ඝාතකයන්ගේ පැත්තෙන් සැළකූ කල නම් ඔහු කළ එකම වැරැද්ද වැරදි දෙමාපියනට දාව ජන්මලාභය ලැබීමේ පාපයයි.  ඔහුගේ පියා වනුයේ, ලංකාවේ දෙමළ ජනතාවට තමන්ගේම වූ වෙනම රාජ්‍යයක් ගොඩනැංවීමේ පරමාර්ථය වෙනුවෙන් සමස්ථ ජීවිතය වියපැහැදම් කිරීම අවසානයේ පරාජය කොට මරා දමන ලද එල්. ටී. ටී.ඊ.යේ ආඥාදායක නායක ප‍්‍රභාකරන් ය. කිසිදු යුද්ධයක් සුන්දර නො වන්නේ මුත් ලංකාවේ යුද්ධය වනාහී විශේෂයෙන් ම දයා විරහිත වූවකි. 2008-09 සිසිරයේ සිදුවූ එල්.ටී.ටී.ඊ. සමූල ඝාතනයෙන් පසු බාලචන්ද්‍රන් ප‍්‍රාණ ඇපකරුවෙකු බවට පත් විය. ශී‍්‍ර ලංකා හමුදාවන් විසින් සිදුකරන ලද, සාපරාධී මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව දියත් කර ඇති අඛන්ඩ ක‍්‍රියාවලිය තුළ, බි‍්‍රතාන්‍යයේ ‘චැනල් 4’ රූපවාහිනී නාලිකාව විසින් මෙම ඝාතනයේ සාක්ෂි විකාශනය කළ අතර මෙම ඝාතනය, ඉතා ඉහළින්ම ආ නියෝගයක් මත සිදුකර ඇතැයි චෝදනා නැගී ය. 

ශ‍්‍රී ලංකා යුද හමුදාව සිය ප‍්‍රකාශකයකු හරහා මීට දක්වන ලද නිල ප‍්‍රතිචාරය වූයේ, මෙය  ‘‘බොරු, අර්ධ සත්‍යයන් සහ අනුමානයන්’’ බව ය.

එය අර්ධ සත්‍යයක් නම්, එහි අනෙක් අර්ධය කුමක්ද?

මෙහි ඇති අනුමානයක් සේ සැළකිය හැකි අංශු මාත්‍රය 
වන්නේ අදාළ නියෝගය ඉහළින්ම ආ බව කීම ය. නමුත් මූලාශ‍්‍රය මුළුමනින් තහවුරු නො කරන ලද්දේ වුව, ඒ වනාහි  ඕනෑම අයෙකුගේ සාමාන්‍ය බුද්ධියට අනුකූල කල්පනාවකි. අත් අඩංගුවට පත් වූ මෙවැනි සුවිශේෂි අයෙක් ගැන ඉහළින්ම එන නියෝගයක් නොමැතිව අවසන් තීන්දුවකට එළඹීමමේ අවදානම ගැනීමට, කිසිදු නිළධාරියකු එඩිතර වන්නේ නැත. පැය විසිහතරකින් ඉක්බිති, ශ‍්‍රී ලංකාණ්ඩුවේ තරමක ප‍්‍රඥාවක් ඇති අයෙක් හමුදාවේ පළමු ප‍්‍රකාශයට ඌණ පූරණයක් සපයමින් කියා සිටියේ,  මෙම ඡායාරූප සැළසුම් සහගත ලෙස වෙනස් කරන ලද ඒවා බවයි.  නමුත් එම සේයා රූවල සත්‍යතාව තමන් තහවුරු කොටගත් බව ‘චැනල් 4’ නාලිකාව කියා සිටියේය.

බාලචන්ද්‍රන් අත් අඩංගුවේ දී ඝාතනය කළේය යන කතාන්දරය හුදෙක් ‘අර්ධ සත්‍යයකැ’යි ශී‍්‍ර ලංකා යුද හමුදාව ප‍්‍රතිචාර දැක්වීය. එය අර්ධ සත්‍යයක් පමණක් නම්, සත්‍යයේ අනෙක් අර්ධය කුමක්ද? 

නමුත් මෙයට සරළ පිළිතුරක් තිබේ. පින්තූර ව්‍යාජ ඒවා නම්, මේ දරුවා ජීවතුන් අතර සිටිය යුතුය. එසේ ජීවතුන් අතර ඇත්තේ නම්, ඔහු සිටිය යුත්තේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව භාරයේ ය.  එබැවින්, සකළ බලාධිකාරයන් විසින් දැන්, කළ යුතුව තිබෙන්නේ දරුවා ඉදිරිපත් කිරීමයි. අවසාන ‘හේබයාස් කෝපුස්’ ආඥාව එයයි: ඔහුගේ සිරුර - මේ කාරණාවේදී නම් ජීවතුන් අතර සිටින ඔහුගේ සිරුර ඉදිරිපත් කිරීමයි.

සිදු නො විය හැක්කේත් එය යි.  ඒ වෙනුවට - ජනමාධ්‍ය කතාන්දර සදාකාලිකව පුනරුච්ඡාරණය කළ නොහැකි බව දන්නා - බලධාරින්ගෙන් ටොන් ගණනින්  ලැබෙනු ඇත්තේ නිශ්ශබ්දතාවයි.  මේ නිහැඬියාවට මේ දක්වාත් - ඉදිරියේදීත් අනුග‍්‍රහ සපයනු ඇත්තේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යටි අභිලාෂ සහිත බලගතු රාජ්‍යයන් තුනක් වන ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදයයි. මේ කිසිවෙකුත්, ජීනීවා හී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී බරපතල ලෙස ‘‘කොළඹ’’ ප‍්‍රශ්න නො කරනු ඇත. එසේ කරන්නට ගොස් මෙම තීන්දුව ගනු ලැබූ වත්මන් ආණ්ඩුව සමග වන සබඳතා දුර්වල කර නො ගනු ඇත. ඒ වෙනුවට ඝාතනයේ තර්කය ඔවුන් විසින් අනුමත කරනු ඇත. කොළඹ ආණ්ඩුව විසින් මෙම දරුවා මරා දමා ඇත්තේ එක ම එක නිෂ්චිත කරුණක් වෙනුවෙනි:  එනම් තව වසර දහයකට, පහළොවකට පසු පියාගේ අඩිපාරේ යාමට බාලචන්ද්‍රන් නම් වන මෙම දරුවා ජීවතුන් අතර නො සිටිය යුතුය යන්නයි. එය සහතික කළ හැකි එකම විසඳුම අවනීතික අවසානයකි. වර්තමාන හෝ අනාගත ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් සළකන කල්හි, එවැනි භාවිතාවක් ගැන දිල්ලිය, බෙයිජීන් හෝ වොෂින්ටනය අති සංවේදීතාවක් පෙන්වන්නට ඉඩක් නැත. ඔවුන් එක් වැරදි වචනයක් බිනුවහොත් ජීනීවාහීත් වෙනත් තැන්වලත් සෑම වර්ගයකම පිසාචයින් අවදි කරව
 ඔවුන්ට අයත්ඇට සැකිලි කර්ණකටුක ගාලගෝට්ටි නගනු ඇත.

සෑම සාම්ප‍්‍රදායික ඝාතන අභිරහසකදී මෙන්ම මෙහිදී ද පැහැදිලි කාරණාවක් ඝාතකයින්ට මගහැරී තිබේ. ඒ කරුණ වනාහී, රහස් පරීක්‍ෂක හර්ක්‍යුල් පොයිරෝ*ගේ මොළය පවා නොඉවසිලිමත් ලෙස ක‍්‍රියාකරවමින්  අපරාධ අනාවරණය කරන්නට මාවත විවර කරන්නට සමත් තරමේ වැදගත් හෝඩුවාවකි.  මෙම සිද්ධියේදී, කොළඹ ප‍්‍රාඥයින්ගේ අවධානයෙන් ගිළිහුණ වැදගත් ම සාධකය බවට පත්ව ඇත්තේ අ
ධ්‍යතන යුගයේ ජංගම දුරකථනයේ නැගී ඒමයි.

මෙබඳු ජංගම දුරකතනයන්හි නිමැවුම්කරුවන් වනාහි, කැමරා නිපදවන්නන් මෙන්ම  සන්නිවේදන විශේෂඥයෝ ද වෙති. දැන්, සෑම පුද්ගලයකු ම ඇවිදින කැමරාවකි. අපි තවමත් අඛන්ඩව, මෙම ජංගම දුරකතන විප්ලවයෙන් ගම්‍යමාන වන්නාවූ අරුත් විග‍්‍රහ කරගැනීමට වෙර වඩමින් සිටින්නේ වන මුත් එක් දෙයක් සක් සුදක් සේ පැහැදිලි ය. යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය මේ වනවිට ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ යුගයෙන්, කැමරා සාක්ෂි යුගය කරා සංක‍්‍රමණය වී ඇත. අපි සීසීටීවී (ආවෘත පරිපථ රූපවාහිනී කැමරා) අන්වේක්ෂණය ගැන නිගමනයකට බැස නො මැත්තේ වෙමු. යම් අවස්ථාවක, ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සිදුවුවහොත් මේවා සෑම තැනකටම අවශ්‍ය වන්නේ වෙයි.  සන්සුන් සමයයන්හි, අප කනස්සලූ වන්නේ, ආණ්ඩුව අපේ පුදගලික ජීවිතයට එබී බලනා බවට මැසිවිලි නගමිනි. ඇතැම්විට, පෞද්ගලිකත්වය යනු මේ වන විටත් යථාර්තයේ නො පවතින දෙයක් වන්නට පිළිවන. පුද්ගලික දුරකථන සංවාද, නිත්‍ය ලෙස ම ගමන් කරන්නේ, ඔත්තු කාර්යංශයන්හි සවන් හරහා ය.  නමුත් ආණ්ඩු වදවෙන්නේ වෙනත් කාරණා ගැන ය.  අද වනවිට,  ඕනෑම නිලධාරියකුට සිය ජංගම දුරකතනය අතට ගෙන, එක් නිමේශයකදී,  ඕනෑම ලිපිගොනුවක් පිටපත් කරගැනීමට ඇති හැකියාව නිසා, ඔහු තුළ පවතින උවමනාව මත, යම් දූෂණයක් හෙළිදරව් කරලීමේ අවකාශය පවත්නා සේම, කල් යල් බලා, තම ප‍්‍රධානීන් බිත්තියට හේත්තුකොට, බ්ලැක්මේල් කිරීමට ද අවකාශ තිබේ. කෙසේ හෝ, දැන් සියලූ වැදගත් සිද්ධීන් මුළුමනින් ම පාහේ, පටිගත කෙරේ. ඇතැම්විට උත්සවකාරී හැ`ගීමක් සහිතව ය - තවත් විටක ශෝකී සහානුකම්පාවෙනි.

අශිෂ්ඨ ර
ජයක් විසින් අපගේ පුද්ගලිකත්වයට පහර දෙනු ලැබීමෙන් අපි නොඉවසිලිවන්ත වී සිටිමු. නමුත් ඇතැම් විට සුවිශාලම අන්තරාය එල්ල වන්නේ නිර්නාමික තැනැත්තෙක්ගෙන් විය හැකිය. 

බාලචන්ද්‍ර ඝාතනය පිළිබඳ මෙම පින්තූර සාක්ෂි සටහන,  ජනමාධ්‍යන් අතට සේන්දු වීම සිද්ධ වී ඇති ආකාර දෙකක් පිළිබඳ අනුමාන කළ හැකි ය. පළමුව, කිසිවකු විසින් හෝ ඒවා ආණ්ඩුවේ වාර්තාවන් අතුරින් සිතා මතා පිටතට කාන්දු කරනු ලැබ ඇතැයි කිව හැකි ය.  නැතහොත්, බිහිසුණු නමුත් ඓතිහාසික සිහිවටනයක් වනු පිණිස, මෙම ඝාතන කල්ලියේ සිටි සොල්දාදුවකු විසින් සිය ජංගම දුරකතනයේ සටහන් කර ගන්නට ඇතැයි අනුමාන කළ හැකි මෙම සාක්ෂි, පසුව තම හෘදය සාක්ෂියට අවනත වීමේ ප‍්‍රතිඵලයක් හේතුවෙන් මෙසේ හෙළි කරන්නට ඇතැයි අනුමාන කළ හැක. 

ඇත්ත, අපි තවම නො දනිමු. නමුත් කිසියම් වැදගත් යමක් ඒ ආරක්ෂක දැල තුළින් ලෙස්සා ගොස් ඇති අතර එය මුසාවක් නොවේ.

ජ්‍යෙෂ්ඨ ඉන්දීය පුවත්පත්කලාවේදී එම්.ජේ.අක්බාර් විසින් 'The other half of murder' මැයෙන් 'ද සන්ඩේ ගාඩියන්'  පුවත්පතට ලියන ලද ලිපියේ සිංහල අනුවාදය. 
______________________________
_________________________
*හර්ක්‍යුල් පොයිරෝ  - ප‍්‍රකට ඉංග‍්‍රීසි රහස් පරීක්‍ෂක ප‍්‍රබන්ධ කතාකාරියක වන අගතා ක‍්‍රිස්ටිගේ ප`බන්ධ කතා මාලාවන්හි එන බෙල්ජියම් ජාතික රහස් පරීක්‍ෂකවරයෙකි.