Hot!

වයඹ පළාතේ වාරිමාර්ග කළමනාකරණ ප‍්‍රඥප්තිය

රවීන්ද්‍ර කාරියවසම්

වයඹ පළාත් සභාව විසින් කෙටුම් පත් කොට ඇති වාරිමාර්ග කළමනාකරණ ප‍්‍රඥප්තිය මේ වනවිට පළාත් සභාව තුල සාකච්ඡුාවට බදුන් කෙරමින් සිටි.

මෙම උත්සහාය 1980 දශකයේ සිට විවිධ ස්වරූප වලින් විවිධ රජයන් විසින් ක‍්‍රියාත්මක කරන්නට නියමිත ජලය විකිණීමේ කුමන්ත‍්‍රණයේ තවත් පියවරක් ලෙස අප වටහාගෙන සිටින්නෙමු.

සියළු දෙනාගේම අවධානය පිණිස මෙම ප‍්‍රඥප්තියේ මතු සදහන් වගන්තීන් දැඩිව ජනතා විරෝධී බව පෙන්වා දීමට කැමැත්තෙමු.

නිදහස් ජල අයිතිය විකිණීම වෙනුවෙන් වාරී පද්ධති භාවිතා කරමින් වගා කටයුතු කරන ගොවිජනතාවගේ සහභාගිත්වයෙන් සෑම ප‍්‍රදේශයකින්ම වාරී කළමණාකරණ කමිටුව බැගින් පිහිටුවා ගැනීමප‍්‍රඥප්තියේ 12 වන වගන්තිය මගින් මුලිකව සිදු වේ.

නමුත්මෙම කමිටුව ගොවි ජනතාවට අමතරව ගොවි ජනතාව වෙනුවෙන් සේවාවන් සපයන හා කෘෂි සේවාසපයන ආයතන වල වා්‍යාපාරිකයන්ටත් සාමාජිකත්වය ගත හැකිය (03 වන පරිච්ෙඡ්දයේ (2* ආ වගන්තිය* එමගින් ජලය අයිතිය බහුජාතික සමාගමකට, සීප්ලේන් ව්‍යාපාති වලට ,බෝතල් ජල සපයන සමාගම් වැනි සමාගම් අතටපත්වීමේ අවදානමක් පවතී.

කෙසේ වෙතත් මෙලෙස පිහිටුවා ගන්නා වාරී කළමණාකරන කමිටුව පළාත් සභාවේ ලියාපදිංචි වියයුතු අතර විෂය භාර අමාත්‍යවරයාගේ ජලයට අදාලව දෙනු ලබන ඕනෑම නියෝගයක් ක‍්‍රියාත්මකකිරීමට වාරි කළමනාකරණ කමිටුව හා ඒ සාමාජිකත්වය දරණ ගොවි ජනතාවට සිදු වේ. (1 පරිච්ෙඡ්දයේ (4* 2 වගන්තිය*

මෙම කමිටුව පිහිටුවීමෙන් අනතුරුව සියළුම ගොවි ජනතාව වෙත වැවක, ඇලක, ජල මූලාශ‍්‍රයක,සෑම කන්නයකම වල් කොටා පවිත‍්‍ර කිරීම වෙනුවෙන් කොටස් කර බෙදා දීමට ප‍්‍රඥප්තිය යෝජනාකරන අතර එළෙස සිය වගකීම ඉටු නොකරන ගොවි ජනතාවගෙන් පිරිසිදු කිරීම වෙනුවෙන් යනවියදම් රජය විසින් දඩ මුදලක් ලෙස පියවාගනු ලබයි.

එමෙන්ම ජල කළමනාකරණය කිරීම සදහා බාධාවන ජලමුලාශ‍්‍ර අශ‍්‍රිතව ඇති කුඩා ලදූකැලෑ කපාඉවත් කිරීමට මෙම පනත මගින් කටයුතු සලසා ඇති අතර එමගින් මෙතෙක් ජල මුලාශ‍්‍ර අශි‍්‍රතවආරක්ෂා වී තිබූ කැලෑ කපා ඉවත් කිරීමට අවශ්‍ය පසුබිම සලසාගෙන ඇත.

මෙම ප‍්‍රඥප්තියට අනුව වගා ළිදක් කපා ගැනීම, ඉදිකිරීම හෝ පවත්වාගෙන යාම (06 පරිච්ෙඡ්දයේ 02*දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර, දඩනොගෙවන ප‍්‍රඥප්තියේ විධිවිධාන කඩ කරන ගොවි ජනතාව කිසිම නඩු විභාගයකින් තොරවදිස්ත‍්‍රික් උසාවියකින් රුපියල් 50000/- ක දඩයකට යටත් කිරීමටත් මාස 06ක සිර දඩුවමකට ගොවිජනතාව පත් කිරීමට ඉඩකඩ සළසා ඇත (03 වන පරිච්ෙඡ්දයේ 18 (1* ආ වගන්තිය*.

එමෙන්ම ජල සේවා සැපයීම වෙනුවෙන් කුඹුරු වගාවල යෙදෙන ගොවියන් වී අස්වැන්නෙන්කොටසක් පළාත් සභාවට ලබා දිය යුතු අතර ජල සේවාව සැපයීම වෙනුවෙන් යන වියදමෙන් 70%ක් ගොවි ජනතාව දැරිය යුතුය. ඒ අනුව මෙම ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක විමෙන් අනතුරුව පළාත්සභාවේ නඩත්තුව වෙනුවෙන් ගොවි ජනතාවට මුදල් ගෙවීමට ද සිදුවේ.

වයඹ පළාත් සභාව මගින් පිහිටුවීමට නියමිත කමිටු කළමනාකරණය සඳහා විෂය බාරඅමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් එක් අයෙක් හෝ කිහිප දෙනෙක් පත් කර ගත හැකි අතරප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක වීමෙන් අනතුරුව ඔවුන්ගේ පිහිටෙන් නිදහස් ජල අයිතිය ආර්ථික භාණ්ඩයක්වනු ඇත.

2008 වර්ෂයේ ගෙන එන ලද පානීය ජලය පිළිබද ජාතික ප‍්‍රතිපත්තියෙහි හතේ එක වගන්තියේපළවන උප වගන්තියට අනුව සියළුම දෙනෙටම මුලික අවශ්‍යතා ලබා ගැනීමට හැකි වන පරිදි ජලයආර්ථික භාණ්ඩයක් කොට සලකා කටයුතු කරනු ලැබේ යන්න පැහැදිලිව සදහන් කර ඇත. එමෙන්ම2011 වර්ෂයේ ගම නැගුම ව්‍යාපෘතිය යටතේ නිකුත් කරන ලද වාර්තාවකට අනුව ජල සම්පාදනසේවා සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ නංවනු ඇත යන්න සදහන් කර ඇත. මේ සියල්ලමගින් රටේ ජල සම්පත විකිණිම හා පෞද්ගලිකරණය වෙනුවෙන් වැඩ කටයුතු සිදු වන බවපැහැදිලිව හදුනාගත හැකිය. වයඔ පළාත් වාරි කළමනාකරණ ප‍්‍රඥප්තිය එයින් එකකි.

ලෝක බැංකුව පවසන ආකාරයට කුඹුරු වගාව උදෙසා ජලය සැපයීම පාඩු ලබන ක‍්‍රියාවලියක් වනබැවින් සපයන සේවාව වෙනුවෙන් ගොවි ජනතාවගෙන් මුදල් අය කළ යුතුය යන ස්ථාවරයේ සිටිමින්නිදහස් ජල අයිතිය විකිණිමට ෙමි වනවිට රජයට බල කරමින් සිටී.

එ් අනුව වයඔ පළාත් වාරි කළමනාකරණ ප‍්‍රඥප්තිය තුලින් නිදහස් ජල අයිතිය ආර්ථීක භාණ්ඩයක්කොට ගැනීම තුළ කෘෂිකර්මයට, පරිසරයට, වන සතුන්ට , ජන ජීවිත වලට මෙය අයහපත් ලෙසබලපානු ලබනවාක් මෙන්ම මෙය වයඹ පළාතට සේම අනෙක් පළාත් වලටද නරක පුර්වා දර්ශයක්සපයනවා ඇත.

අද වනවිට ආහාර නොමැතිව නොයෙක් රටවල දුගී මිනිසුන් මිය යමින් සිටියි. එලෙස නිදහස් ජලඅයිතිය ආර්ථික භාණ්ඩයක් සේ සළකා කටයුතු කල හොත් බීමට දිය බිදක් නොමැතිව දුප්පතුන්මියයන්ට පටන් ගන්නා අතර එය මිහිමත කොතැනක හෝ සිදු නොවිය යුතුය.

2020 වන විට ශ‍්‍රී ලංකාවේ ජල හිගයක් ඇති වනවායැයි පවසා කළමනාකරණය කිරීමේ මුවාවෙන්ජල අයිතිය සමාගම් සතු කිරීම කෙතරම් අමන ක‍්‍රියාවක්ද? ජල කළමනාකරණයට අවශ්‍යතාවයක්තිබේ නම් පළමුව කළ යුත්තේ ශ‍්‍රි ලංකාවේ ලක්ෂයට වඩා ඇති ගම් වැව් , කුළු වැව්, දන වැව්, මහවැව්, ඔලගම් වැව්, ඇළ,වේලී,විල්, ඇතූලූ ඉපැරණිම ජල කළමනාකරණ සැළැස්ම නැවත සක‍්‍රීයකිරීමයි.

නිදහස් ජල අයිතිය පිළිබඳ මනාවයාට ඇති හිමිකම අහෝසි වීගියහොත් එදිනට බීමට දිය පොදක් නොමැතිව ජනතාවට පීඩාවට පත්වන බවත් ප‍්‍රතිපත්ති සම්පාදකයින් අවබෝධ කර ගත යුතුය.




 

0 comments: