Hot!

දිමුතුලා, කුමාර්ලා සහ තවත් අය

| සනත් බාලසුරිය

දිමුතු ආටිගල සහ ප්‍රේමකුමාර ගුණරත්නම් මරණයේ එළිපත්ත මතටම දක්කාගෙනගෙන යන ලදහ. එහි දෙදිනක් හිටිපියවර රඳවා තබන ලදහ. ඔවුන් අතීරණයේ මුහුණලා සිටියේ මරණය දෙසට බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් අවසන කිසියම් ඉන්ද්‍රජාලික බලවේගයක් විසින් ඔවුන් තමන්ට පිටුපසින්, බොහෝ දුරින් තිබූ ජීවිතය පැත්තට ආශ්චර්යමත් ලෙස තල්ලූකර දමන ලදහ.

මෑත ඉතිහාසය ගත්තත්, මෙසේ මරණයේ එළිපත්තට ඇදගෙන යන ලදුව යළි ජීවිතට තල්ලූවීමේ ආශ්චර්යමත් භාග්‍යය ලද්දෝ සිටින්නේ දෑතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. මාධ්‍යවේදීහු වූ කුරුබරන්, කීත් නොයාර් හා විද්‍යාධරන් ඒ ආශ්චර්යය මීට පෙර පසක්කළ තිදෙනෙකි. එහෙත් නම් කියැවෙන්නෝ පමණක් නොව නමක්වත් අසන්නට නැති සිය දහස් ගණන් මනුෂ්‍යයෝ මේ ආශ්චර්යය මුණනොගැසී ම මරණයේ ආගාධය වෙත ම තල්ලූකරන ලදහ. ඇතැමෙක් අප අදටත් අදහන පරිදි, මරණයේ එළිපත්ත මත, ජීවිතයටත් නැති මරණයටත් නැති අද්භූත කළු කුහරයක සිරගතකොට සිටිති. ප්‍රගීත් එක්නැලිගොඩත් ලලිත් - කූගන් දෙදෙනාත් මේ කළු කුහරයේ සිරවී සිටිතැZයි අපි තවමත් අදහමු.

දිමුතු - කුමාර් දෙ දෙනා ජීවිතය ලැබීම නම් ආශ්චර්යය පසුපස ඇති ඉන්ද්‍රජාලික බලවේග හඳුනාගැනීම අතිශය වැදගත් ය. එය හෙටත් අප බලාපොරොත්තු විය යුතු මෙවැනි ම අලූගෝසුකම්වලින් එහි ගොදුරු බේරාගැනීමේ මාවතක් කියාදෙන නිසා නොවේ. ඊට ප්‍රතිපක්ෂව හෙටත් මේ ඉරණමට මුහුණ දෙන හැම මනුෂ්‍ය ප්‍රාණියකු අරබයා ම මේ අසාමාන්‍ය ඉන්ද්‍රජාලික බලය ප්‍රායෝගික ව යොදන්නට බැරිය යන යථාර්ථය එමඟින් පසක් කරන බැවිනි. එහෙයින් ම මේ ඉරණමට ගොදුරුවන හැම මනුෂ්‍ය ප්‍රාණියකු ම වෙනුවෙන් ඉන්ද්‍රජාලික බලාවේගයන් කි්‍රයාවේ යෙදවීමට දැඟලීම වෙනුවට, සමස්ත ක්‍රියාව නැවැත්වීම උදෙසා සටන් කිරීම සමාජයක් වශයෙන් අප ගතයුතු සාමූහික ක්‍රියාමාර්ගය බව තේරුම් ගැනීමට එම අවබෝධය උපකාර වන බැවිනි.

පෙනෙන්නට ඇති පරිදි මෙම කි්‍රයාදාමයේ ප්‍රධාන ඉලක්කය ප්‍රේමකුමාර් ගුණරත්නම් ය. දිමුතු ආටිගල ඒ කේන්ද්‍රයේ උපකාරක අවශ්‍යතාවකැයි නැඟ=ණු තර්කය තවමත් බොරුවී නැත. ඒ ආශ්‍රයෙන් මෙහි සැලසුම දළ වශයෙන් සිතියම් ගතකිරීමට පුළුවන.

ප්‍රේමකුමාර් ගුණරත්නම් ඕස්ටේ්‍රලියාවේ සිට රටට ඇතුළුවී ඇත්තේ පසුගිය සැප්තැම්බරයේ දී බව කියැවේ. ඒ ජවිපෙ සිදුවූ අලූත් දෙකඩවීමත් සමඟිණි. පසුගිය සඳුදා (09) දොරමඩලාව නම් රූපවාහිනී වැඩසටහනකින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂම කී පරිදි, ඕස්ටේ්‍රලියාවේ සිට පැමිණි ගුණරත්නම් ඇතුළු මේ කණ්ඩායම ගැන සිය මිලිටරි මර්දන යන්ත්‍රය උසිගැන්වීමට ඔහු කටයුතු කර ඇත. ආයුධ සන්නද්ධ කැරැල්ලකට යාමේ සූදානමක් ඇතුළු මනස්ගාත ගොන්නක් මේ උසිගැන්වීම පසුපස තිබූ වෛෂයික කාරණා බව ඔහු කීවේ ය.

ප්‍රේමකුමාර් ගුණරත්නම්ට එරෙහිව zගහලා දැමීමේ ඕඩරයZ නිකුත්වූයේ මෙයින් මාස හතරකටත් කලින් බව හෙළිවූයේ වෙබ් අඩවි කිහිපයකින් වුවත්, රටේ මිලිටරි හා දේශපාලන රහස්‍ය මූලාශ්‍ර ඒ බව විශ්වසනීය ව තහවුරුකර තිබිණි. ඒබව බබ්බුන් නොවන දේශපාලන කි්‍රයාකාරීන් අතලොස්සකට හෝ රහසක් නොවී ය. එහෙත් zඕඩරයZ ක්‍රියාත්මක කරන්නට සිව්මසක් ගතවිය.

ඒ අතරතුර කාලයේ ගුණරත්නම්ලාගේ ම zජනඅරගලZ සගයන් වූ ලලිත් කුගන් දෙපළ අතුරුදහන් කැරිණි. (ඉන්ද්‍රජාලික බලපෑමක් අදටත් නැත) සන්නද්ධ කැරැල්ල ගැන මවන ලද භීතිකාව පුස් වෙඩිල්ලක් විණි. දෙමළ විමුක්ති අරගලය කෘෘර ලෙස මර්දනය කිරීම උදෙසා ජවිපෙ එදා කළ රාජ්‍ය මර්දන යන්ත්‍රය උසිගැන්වීම හරිද වැරදිදැ යි පැහැදිළි දේශපාලන ස්ථාවරයක් රටට නොකියා ම, ඔවුහු ඒ යුද්ධයෙන් නැගුණු දෙමළ කඳුළු බලන්නට ජනඅරගලකාරයන් වශයෙන් උතුරට නෑගම් ගියහ. අවසන ජනඅරගල ව්‍යාපාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙසින්, ඒ වනවිටත් තිබූ කුඩා පක්ෂයක නමකින් ද කෑල්ලක් ඈඳාගනිමින් දොරට වැඩැම්මීමට කටයුතු කරමින් සිටියහ.

ප්‍රේමකුමාර් ගුණරත්නම් zගහලා දාන්නට ඕඩර් නිකුත්කළයුතුZ තරම් පුද්ගලයකුය යි රෙජීමය සිතන්නේ ඇයි? ලියුම්කරු සිතන කාරණා කිහිපයක් වෙයි. ඒ ජවිපෙ පසුපස සිටි සැබෑ රහසිගත නායකයා ලෙස ඔහු වටා ගොඩනැගී තිබූ අද්භූත ප්‍රතිරූපය නිසා ය. තමන්ගෙන් කැඩීගිය පසු ජවිපෙ හිතාමතා ඔහු අරබයා මවන්නට කටයුතු කළ බිල්ලකු බඳු ප්‍රතිරූපය නිසා ය. කලින් ජවිපෙන් කැඩීගිය වීරවංශගේත්, ආරක්ෂක න්‍යායාචාර්යවරයකුයයි පෙන්නන්නට හදන චම්පිකගේත් උසිගැන්වීම් නිසා ය. අවසාන වශයෙන් තම හිසට ඉහළින් කපුටකුවත් ඉගිල නොයායුතුය යි කියන රෙජීමයේ ආරක්ෂක බූදල්කාරයා ගේ මුග්ධ චණ්ඩිකම නිසා ය.

ඔහු ගේ ඉරණම තීන්දු කරන්නට මේ මොහොත තෝරාගැනුණේ පක්ෂයේ දොරට වැඩුම නිසාමය යි සිතීම මුලාවකි. එම පක්ෂය හෙට අනිද්දාට පාලක රෙජීමයට දේශපාලන අභියෝගයක් වේය යි සිතීමට වාස්තවික හේතු නැත. එසේනම් ගුණරත්නම් ගේ ඉරණම ලිවීමට මෙවැනි මොහොතක් තේරූ අනෙක් හේතුව කුමක්ද?

සිය ගොදුර ඕස්ටේ්‍රලියානු පුරවැසිකමක් හිමියකු බැවින්, තමන්ගේ ම රටේ කාලකණ්නින්ට zගහලා දානවාටZ වඩා කල්පනාකාරීව මෙය කළයුතුය යි ඝාතකයින් සැලසුම් කරතිබුණු බව පෙනේ. ඔහු පිළිබඳ ඔත්තු බැලීම පසුගිය කාලය පුරා සිදුවී ඇත්තේ ඒ අනුවය. ඕස්ටේ්‍රලියාව ඇතුළු ක්‍රිස්තියානි බහුතරයක් සහිත රටවල් පාස්කුවත් සමඟ දිගු සතිඅන්ත නිවාඩුවකට එළැඹෙයි. මේ රටවල දීර්ඝ සතිඅන්ත යනු බොහෝ කාර්යාලීය වැඩ ඇනහිටින සමයකි. ඕස්ටේ්‍රලියානු පුරවැසිභාවය ලබාසිටින සිය කරදරකාරයා දඩයම් කිරීමට, මේ දීර්ඝ සතිඅන්ත නිවාඩුව යොදාගැනීමට රාජ්‍ය ත්‍රස්තවාදය විසින් තීරණය කළබව පෙනේ.

මේ දඩයම හොඳහැටි ඔත්තු බලා කළ එකක් බව පැහැදිළි වන්නේ එහි ඇනවුම්කරු වූ ගෝඨාභයගේ ම මුග්ධ චණ්ඩිපාට් එකෙනි. ප්‍රේමකුමාර ගුණරත්නම් නම් සිය රටේ පුරවැසියා ශ්‍රී ලංකාවේදී අතුරුදහන් වී ඇති බවත්, ඔහු සොයාගැනීමට උදව් කරන ලෙසත් ඕස්ටේ්‍රලියානු මහකොමසාරිස්වරිය ගෝඨාභයගෙන් කරන ලද ඉල්ලීමකට ඔහු අත ගාම්භීර පිළිතුරුත්, අභියෝගාත්මක ප්‍රශ්නත්, වැලක් ම තිබී ඇත. ඔහු ගේ අභියෝගය වී ඇත්තේ ප්‍රේමකුමාර් ගුණරත්නම් නමින් ඕස්ටේ්‍රලියාවේ පුරවැසියකු මෙහි පැමිණ ඇත්නම් එය සියලූ දත්ත සමඟ ඔප්පු කරන ලෙස ය. මෙය බළලා මල්ලෙන් එලියට පැනීමක් මිස අන් දෙයක් නොවේ. ගුණරත්නම් පැහැරගෙන යාමට පෙර ඔහු පිළිබඳ සියලූ තොරතුරු සොයාගෙන ඒ ගැන නැෙඟන්නට ඉඩ ඇති ප්‍රශ්නවලට ද වේලාසනින් ම පිළිතුරු සහ අභියෝග සොයාගෙන සිටිබව මින් පැහැදිළිව ඇඟවෙයි. දීර්ඝ සතිඅන්ත පාස්කු නිවාඩුවේ දී මේ ප්‍රශ්නවලට පිළිතුරු පමාවනු ඇති බවටත්, සිය zඕඩරයZ සම්පූර්ණ කිරීමට ඝාතකයන්ට අවස්ථාව ලැඛෙනු ඇතිබවටත්, ඕඩර් දුන් අය තක්සේරු කළ බව සැකකිරීමට සිද්ධි දාමය රුකුල්දෙයි.
එහෙත් සිදුවූයේ අනෙකකි ඕස්ටේ්‍රලියානු බලධාරීහු ද, ගුණරත්නම් වෙනුවෙන් පෙනීසිටි පිරිස් ද, මේ මුග්ධ චණ්ඩි පාට්එකට පාස්කු නිවාඩුව අවසන් වන්නට පෙර පිළිතුරු සැපයූහ. ගුණරත්නම් එළියට දමන්නට සිදුවූ ඉන්ද්‍රජාලික බලවේගය එය යි. දිමුතු, කුමාර් දෙදෙනා වෙනුවෙන් රටතුළ නැඟ=ණු හෙ~හි ප්‍රබලත්වය අවතක්සේරු කිරීමට මෙයින් අදහස් නොකෙරේ. එහෙත් අවසාන වශයෙන් එහි තීරණාත්මක තැන තිබුණේ ඕස්ටේ්‍රලියාව ඇතුළු ජාත්‍යන්තරයේ බලපෑම ය. විශේෂයෙන් යොදාගත් රූපවාහිනී වැඩසටහනකට වෙනත් අනම් මනම් දොඩවන්නට මෙන් පැමිණ, හදිසියේ මතක් වූවාක් මෙන් ප්‍රේමකුමාර් ගුණරත්නම් පොලීසියට බාරවූ පුවත කියන්නට ගෝඨාභයට ම සිදුවන්නේ මේ නිසා ය. ගුණරත්නම් ගේ කතාව එසේ විසෙඳන විට දිමුතුට ද ඉබේටම ජීවිත දානය ලැබිණි.

උතුරේ දෙමළුන් මරනවිට ඊට එරෙහි ජාත්‍යන්තර අතපෙවීම් එපායZයි මුරගෑ පක්ෂයක අභ්‍යන්තර නායකයකුට, එතැනින් කැඩීවිත් මාස ගණනක් ඇතුළත ජාත්‍යන්තර බලපෑම මත ම ජීවිත දානය ලැබුණේ එපරිද්දෙනි. ඒ වනවිටත් ඔහු හෝ ඔහුගේ නව පක්ෂය එදා කී සටන්පාඨ ගැන වෙනස් ස්ථාවරයක් ප්‍රකාශ කර තිබුණේ නැතිවීම දෛවෝපගතයකි.

මරණයේ එළිපත්ත මතට ඇදගෙන ගිය ගුණරත්නම්ටත්, දිමුතුටත් ජීවිත දානය ලැඛෙන ඉන්ද්‍රජාලික බලවේගයේ කුමක්දැයි දැන් පැහැදිළි ය. හෙට ඒ ඉරණමට මුහුණදෙන මනුෂ්‍යයකු වෙනුවෙනුත් මෙවැනි ඉන්ද්‍රජාලික බලයක් මැදිහත්කරවා ඔහුට ජීවිත දානය ලබාදෙන්නට අප සමත්වනු ඇතිද? නැතිනම් එවැනි ඉන්ද්‍රජාලික බලයකින් නොව මිනිසාට ජීවිතයට ඇති අයිතිය රැකගැනීමට හැකිවන පරිදි මෙවැනි අළුගෝසුකම්වලට නැවතීමේ තිත තැබීම පමණක්ම අපේ සමාජයට නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව උදාකරලනු ඇතිද යන්න ගැඹුරෙන් සිතාබැලීමට මේ සිදුවීම නැවත අප පොළඹවයි.

සිය විරුද්ධවාදියා ගැන ෆැසිස්ට් න්‍යායෙන් නොසිතන සියලූ දේශපාලන කි්‍රයාධරයන් දිමුතු - කුමාර් දෙපළගේ පණබේරීම සම්බන්ධයෙන් සතුටු වනු නියත ය. එවැන්නෝ බහුතරයක් ඔවුන් ගේ ජීවිතය වෙනුවෙන් වචනයෙන් හෝ පෙනීසිටියහ. එහෙත් කතාන්තරය මෙලෙස අවසානයක් දැක ඇතිබැවින් ඊට තවත් කෙටි ඌණපූරණයක් එක් නොකළොත් එය අඩුවකි.
අන්තිම දෙමළාත් මරා යුද්ධය අවසන් කිරීමට තමන් ආණ්ඩුව ඇදගෙන ගියේ zනාවන්නට ගෙනයන බල්ලකු මෙනැZයි එදා මේ පෙරටුගාමී සමාජවාදීන් ද ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ මුලසුන් අරා සිටි ජවිපෙ කීවේ ය. බලෙන් ඇදගෙන ගියායZයි කී බල්ලා යුද්ධයේ අවසන් කාර්තුවේදී පමණක් අවම වශයෙන් දෙමළුන් හතලිස් දහසක් පිස්සුවෙන් කාදැම්මේ ය. එදා ඒ මුලසුන්වල සිටියවුන්ම අද ඒ බල්ලා විසින් මරණය කරා ඇදගෙන යන්නේ මරන්නට ගෙනයන හරකුන් මෙනි. අවාසනාවකට තාම මේ ඇරැඹුම පමණි.

දරුවන් දෙදෙනකු ම අහිමිවීමේ දුක තමන්ට දෙන්නට එපායZයි ගුණරත්නම් මාතාව අයැද සිටියා ය. මෙදා ඇගේ අයැදුම මුළු රටටත්, ලෝකයටත් ඇසිණි. මෙබඳු අයැදුම් කී දහසක් නම් මෙයින් අවුරුදු තුනකට එපිට උතුරින් නැගෙන්නට ඇද්ද? එහෙත් ඒ අයැදුම් කණක නොවැටුණු ජාතියක් වූ අපි ඒ දෙමළ දරුවන් ගේ මලමිනී මත කිරිබත් උයා කෑවෙමු.
අනෙකා සිය විමුක්තිය ඉල්ලා සටන් කරන විට ඌට එරෙහිව රාජ්‍යයේ මර්දන යන්ත්‍රය උසිගන්වා ඊට ආශිර්වාද ද කළ ජාතියක් වන අප, අද අපේ අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන විට, එදා අපේම ආශිර්වාදය ලද මර්දන යන්ත්‍රය අප පසුපස එලවාගෙන එයි. මේ ටික තේරුම් ගන්නට මේ තරම් සිදුවීම් ප්‍රමාණයකුත් මදිනම්, තවත් නරබිලි කීයක් ඒ සඳහා අවශ්‍යද යන්න තීරණය කිරීමේ zස්වෛරීත්වයZ ද අප සතු ය.
සනත් බාලසූරිය




0 comments: