Hot!

1987 ජිනීවා ශ්‍රී ලංකා යෝජනාව සහ අද ඉන්නා රාජපක්ෂ

| සුනන්ද දේශප්‍රිය

2012 ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව පසුබිමෙහි මෙයට වසර 25කට පෙර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම :ඹභක‍්‍යඍ- ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවත් එම යෝජනාවට හේතු සාදක වූ කරුණු කාරණාත් යළි සළකා බැලීම වැදගත් ය. ඒ මන්ද යත් වසර 25කට පසු ආපසු ශ්‍රී ලංකාව යළි එතැනටම පැමිණ ඇති සෙයක් පෙනෙන නිසා මෙන්ම වත්මන් යෝජනාවට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව විසින් මතු කරනු ලබන විවේචන ද එම පසුබිමෙහි විමසා බැලිය හැකි නිසා ය.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම ආරම්භ කරන ලද්දේ 1946 දෙසැම්බර් 10දා ය. ඒ එක්සත් ජාතීන්ගේ ආර්ථීක සහ සංස්කෘතික කවුන්සිලය යටතේ ය. මුල් කාලයෙහි එනම් 1967 දක්වා ම මෙම කොමිසම අනුගමනය කළෙA මැදිහත් නොවීමේ සහ හුදු සහායවීමේ පිළිවෙතකි. එනම් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම උදෙසා රාජ්‍යයන්ට සහාය වීමේ පිළිවෙතකි. එනමුත් 1967 දී කොමිසම මානව හිමිකම් කෙළෙසීම් ගවේෂනය කරමින් වාර්තා ඉදිරිපත් කරන මැදිහත් වීමේ පිළිවෙතට ගමන් කළා ය. ඊට හේතුව වූයේ යටත්විජිතහරණයේ ප්‍රතිපලයක් ලෙස බිහිවු නව නිදහස් රටවල් එ.ජා. සංවිධානයෙන් මානව හිමිකම් අරභයා සක්‍රීය භූමිකාවක් අපේක්ෂා කළ නිසා බව කියනු ලැබේ. ඊට උදාහරණයක් දකුණු අප්‍රිකාවේ රජකළ වර්ගවාදයට විරුද්ධ වීමේ අවශ්‍යතාවය යි. 1980 ගනන් වන විට කොමිසම මානව හිමිකම් සුරුකීම සඳහා සුවිශේෂිත වූ කමිටු පිහිටුවීම අරඹා තිබුණි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොමිසම ප්‍රථමවරට යෝජනාවක් සම්මත කරන ලද්දේ 1984 වසරේදී ය. ජන්දයකින් තොරව එම වර්ශයේ මාර්තු 14 දා සම්මත කරන ලද එය මෙසේ ය:

"කොමිසම, ශ්‍රී ලංකාණ්ඩුව විසින් ස්වේච්ජාවෙන් ඉදිරිපත් කරන ලද තොරතුරු සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ සාමය ශක්තිමත් කොට පවත්වා ගනිමින් සංහිදියාව යළි පිහිටුවීමට අවශ්‍ය සියළුම පියවර දිගටම කරගෙන යන ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමින් සර්ව පාක්ෂික සාකච්ජා සභාව ඇතුළු පුනරුත්ථාපනය සහ ප්‍රති සංධානය කරා වූ සියළුම පියවර අගයකරමින් එමගින් කල්පවත්නා සාමයක් ඇතිවනු ඇතැයි විශ්වාසය පළ කරයි. එබැවින්ම මෙම කාරණය අරභයා තව දුරටත් සළකා බැලීම අනවශ්‍ය යැයිද කොමිසම තීරණය කරයි.ZZ (කොමිසමේ තීරණය1984/111)
අනතුරුව එළඹුන තෙවසරෙහිදීම කොමිසමේ සැසිවාරයන්හිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙළෙසීම් සහ දෙමළ ජනයාට කැරෙන අසාධාරණයන් පිළිබඳ බැරූරුම් සාකච්ජා ඇති විය. 1986 වසරෙහි දී අතුරුදහන්වීම්, නීතියට පිටින් කැරෙන මනුෂ්‍ය ඝාතන සහ රදවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ විවේචනාත්මක වාර්තා තුනක් ඉදිරිපත් කර තිබුණි. ජනාධිපති ෙජ්. ආර්. ජයවර්ධන තරුණ දෙමළ කැරැල්ල අතුගා දමන සේ නියෝග දී යුද හමුදා මුදා හැර තිබුණි. උතුරු නැගෙනහිර සිදුවන මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ විරෝධය පළ කරමින් දේශීය මානව හිමිකම් සංවිධාන විසින් වාර්තා පළ කිරීම ද ඇරඹී තිබූ අතර මහින්ද රාජපක්ෂ ද ඒ මානව හිමිකම් ව්‍යායාමයන් සමඟ ඇසුරු කරමින් සිටියේ ය. එනමුත් මේ කිසිත් නෙැසැළකූ ජනාධිපති ජයවර්ධනගේ ඉලක්කය වූයේ සුලූතර ප්‍රජාවන් යටපත් කළ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැති ජාවාරම්කාර ආර්ථීක සංවර්ධනයක් ඇති කිරීම ය. එම පිළිවෙත් සහ ජනාධිපති රාජපක්ෂගේ වත්මන් පිළිවෙත අතර බොහෝ සමානකම් තිබේ.

එමෙන්ම ජනාධිපති ජයවර්ධන විසින් සිංහල ජනයාගේ සාධාරණ කෝපය ලෙසින් සාධාරණ කරන ලද 1983 කලූ ජූලියෙන් පසු ඔහු ඉන්දියාව සමඟ නොනිල දේශපාලන යුද්ධයකට ද එළඹ සිටියේ ය. ඉන්දියානු විරෝධය ජයවර්ධන දේශපාලනයේ නිසඟ සළකුණක් විය. ජනාධිපති රාජපක්ෂ ද මේ තාක් දුරට උත්සාහ කර ඇත්තේ දේශපාලන විසදුම සම්බන්ධයෙන් ඉන්දියාව ගොනාට ඇන්දවීමට ය.

එවැනි තත්ත්වයක් යටතේ 1987 වසරෙහි දී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කොමිසමෙහි සභාගත කරන ලද්දේ දුරු රටක් වූ ආජන්ටිනාව විසිනි. එරට නියෝජිත පිරිසේ ප්‍රධානියා වූයේ වින්දිතකු වී රටින් පලා යාමට සිදුවූත් කීර්තිමත් මානව හිමිකම් ආරක්ෂකයකු වූත් ලියන්ද්‍රෝ දෙස්පොයි ය. ඔහුට කොමිසම තුළ මහත් පිළිගැනීමක් තිබුණි.
එකළ ශී්‍ර ලංකාණ්ඩුවේ ජිනීවා තානාපති ධුරය උසුළන ලද්දේ එවැනිම කීර්තිමත් ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල විසිනි. එසේ නමුත් කොමිසමෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජිතත්වය දරන ලද්දේ ජනාධිපති ජයවර්ධනගේ සොහොයුරා වූ එච්. ඩබ්. ජයවර්ධන විසිනි.

එච්. ඩබ්. ජයවර්ධන ඇතුළු කණ්ඩායම ආජින්ටිනා යෝජනාවට එරෙහිව ප්‍රතිවිරුද්ධ යෝජනාවක් ගෙන ඒමට පකිිස්ථානය එකඟ කරවා ගත් නමුත් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබුන බැවින් එම ප්‍රයත්නය අත හැර දැමීමට සිදුවිය.
1987 යෝජනාව සහ එහි පසුබිම් සිදුවීම් පිළිබද සිත් ගන්නා රචනාවක් පළ කළ ටැමිල් ටයිම්ස් කර්තෘ පී. රාජනායගම් (ඔහු මහින්ද රාජපක්ෂ සමඟ එක්ව 1990 ගණන් මුල් භාගයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවාහිදී එක්ව කටයුතු කළේ ය) කියා සිටියේ අවසානයේ දී ශ්‍රී ලංකා දූත පිරිසට කපන්න බැරි අත සිඹීමට සිදු වූ බවයි. ශ්‍රී ලංකා දූත පිරිසෙහි සිටි නියෝජ්‍ය නීතිපතිවරයකු වූ සුනිල් ද සිල්වා 1982 ජනමත විචාරණය කිසිදු දූෂණයකින් තොරව සිදුවුනැයි කිසිදු අතේ පැලවෙන බොරු කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළ අන්දම ඔහු එහි සදහන් කළේ ය. අද ගජ බින්න ඇදබෑමේ හිටපු නීතිපති මොහාන් පීරිස් භූමිකාව එදා රඟපෑවේ සුනිල් සිල්වා ය.

කැනඩාව සහ නෝර්වේ යන රටවල් ද පසුව ආජන්ටීන යෝජනාවෙහි සම සහායකයින් බවට පත් විය.
1987 යෝජනාව සම්බන්ධයෙන් වැදගත් කරුණක් වූයේ ඉන්දියාව එම යෝජනාවට ප්‍රබල සහයෝගයක් ලබා දීමයි. නැගෙනහිර පළාතෙහි එවකට දියත් කර තිබූ හමුදා මෙහෙයුම් සිය ගණනින් සිවිල් ජනයා මරා දමා ඇති බව ඉන්දීය නියෝජිත පිරිසේ ප්‍රධානී විවේන්ද්‍ර පෙන්වා දුන්නේ ය. ඉන්දීය තානාපති ටී.එස්. තේජා උතුරු පළාතට පණවා ඇති ආර්ථීක සහ සන්නිවේදන සම්බාධක දෙමළ සටන්කාමීන්ට පමණක් නොව සිවිල් වැසියන් ද පීඩාවට පත් කරන බව පෙන්වා දෙමින් කියා සිටියේ ඒ වන විටත් දෙලක්ෂයක් ජනයා විපතට පත්ව ඇති බවය. යුද්ධ මෙහෙයුම් මගින් දෙමළ සිවිල් ජනයාට ඇතිවන හිරිහැර ඉන්දියානු නියෝජිත පිරිසේ උග්‍ර විවේචනයට ලක් විය.

ජිනීවා නුවර වත්මන් ශ්‍රී ලංකා තානාපතිනිය වන තමාරා කුනනායකම් ලෝක ශිෂ්‍ය ක්‍රිස්තියානි ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටිමින් මෙම යෝජනාව සම්මත කරවීම පිණිස විශාල මෙහෙයක් කළ අයෙකි. (1990 ගණන් මුලදී ඇය මහින්ද රාජපක්ෂ සමඟ එක්ව ශ්‍රී ලංකා රජයේ මානව විරෝධි ක්‍රියා මානව හිමිකම් කොමිසම හමූයේ හෙළිදරව් කිරීම පිණිස මහත් වැඩ කොටසක් කළා ය). ෙජ්.ආර්. ජයවර්ධන රජයේ මානව විරෝධී ක්‍රියා පෙන්වා දෙමින් උග්‍ර විවේචනයක් ඉදිරිපත් කළ ඇය කියා සිටියේ ත්‍රස්තවාදය සහ ඛෙදුම්වාදය ගැන සඳහන් කරමින් මානව හිමිකම් කෙළෙසීම් දිගටම කරගෙන යෑමට ශ්‍රී ලංකාණ්ඩුවට ඉඩ දිය නොහැකි බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි හෙළා දුටු ඇය වධහිංසා පැමිණවීම්, අතරුදහන් කරවීම් සහ නීතියට පිටන් කැරෙන ඝාතනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාණ්ඩුව වගකිව යුතු බව කියා සිටියා ය. එනමුත් අද ඒ මහත්මිය රඟපාන්නේ ඊට සහමුලින්ම වෙනස් රාජ්‍ය මර්දනය ආරක්ෂා කිරීමේ භුමිකාවකි.
බි්‍රතාන්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපදය 1987 යෝජනාවට ඍජු සහයෝගයක් පෙන්නුම් කලේ නැති වුව ද යෝජනාවට සාමාජික රටවල් 42න් බහුතර ජන්දයක් ලැඛෙන බව පැහැදිළිවම පෙනෙන්නට තිබුණි. නමුත් කොමිසම එහි ස්වභාවය අනුව වැඩි බරක් තැබුවේ ජන්දයකට නොයා සම්මුති යෝජනාවක් සම්මත කර ගැනීම පිණිස ය. ශ්‍රී ලංකාව අවසානයේ දී කර කියා ගත හැකි දෙයක් නැතිව යෝජනාව ඉදිරිපත් කළ රටවල් සමඟ සාකච්ජාවකට එකඟ විය. එම සාකච්ජාවේ ප්‍රතිපලයක් වශයෙන් ශ්‍රි ලංකාව zඑලඹෙන සැසිවාරයේ දී යෝජනාව පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයZ යනුවෙන් වූ වගන්තිය zශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසමට නොකඩවා තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කැරන්නේ යZ යනුවෙන් වෙනස් කෙරුණි. 1984 යෝජනාව මතකයට නංවමින් සහ එ.ජා. විශේෂ නියෝජිතයින්ගේ වාර්තා සැළකිල්ලට ගනිමින් සම්මත වූ එම යෝජනාවෙහි ප්‍රධාන කරුණු දළ වශයෙන් මෙසේ විය:

1. වෙනසක් නැතිව සෑම තැනෙකදීම පිළිගැනෙන අන්තර් ජාතික මානුෂීය නීතියට සම්පූර්ණයෙන්ම ගරු කරන සේ සෑම පක්ෂකින්ම සහ කණ්ඩායමකින්ම ඉල්ලා සිටී.

2. මානව හිමිකම්වලට සැළකීම සහ නිදහසේ මූලික අයිතීන් මත පදනම් වෙමින් බලය පාවිච්චි කිරීම සහ ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම අතහැර සාකච්ජාමය දේශපාලන විසදුමක් සොයා ගන්නා ලෙස සෑම පක්ෂකින්ම සහ කණ්ඩායමකින්ම ඉල්ලා සිටී.
3. අන්තර් ජාතික මානුෂිය නීතිය ප්‍රචාරය කිරීමෙහි සහ ප්‍රවර්ධනය කිරීමෙහි ලා අන්තර් ජාතික රතු කුරුස සංගමය සමඟ ඇති සබඳතා ඉහළ නංවන සේ ශ්‍රී ලංකා රජයට ආරාධනය කරයි. කරදරයට පත්වන සැම වින්දිතයකුටම මානුෂිය ප්‍රමිතින් යටතේ සහාය වීමට එයට ඉඩ ලබා දෙන සේ ඉල්ලා සිටී.
4. මෙම කාරණය අරභයා ශ්‍රී ලංකාණ්ඩුව නොකඩවාම කොමිසමට තොරතුරු සපයනු ඇතැයි විශ්වාශය පළ කරයි.
මෙම යෝජනාව ඉන්දියාව සහ ආජන්ටීනාව පරදා තමන් ලද ජයක් බවට අද කැරෙන අපට 23යි උන්ට 24යි කතාව මෙන්ම එදා ද ලංකාන්ඩුව සහ එහි ප්‍රචාරකයෝ ව්‍යාජ ඝෝෂාවක් නැගූහ. ආජන්ටිනාවට සහ ඉන්දියාවට දරුණු ලෙස බැණ වැදුණහ.
එසේ නමුත් මෙම යෝජනාව විසින් මතු කරන ලද ප්‍රශ්ණ සම්බන්ධයෙන් වැඩ කිරීමට එකළ විපක්ෂ මංත්‍රිවරයකු වූ මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විය. වාසුදේව නානායක්කාර සමඟ ජිනීවා පැමිණ තමාරා කුනනායකම් ඇතුළු අනෙක් අය හා එක්ව ඔහු ඉදිරිපත් කළේ එකී යෝජනාවේ පසු විපරම සඳහා අවශ්‍ය වූ කරුණු ය. පසුගිය 04 දා පා.ම. මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී හැන්සාඩ් කතා ගෙනහැර පාමින් එදා ලංකාව සම්බන්ධයෙන් රාජපක්ෂ පිළිවෙත මෙසේ දැක්වීය:

 මානව හිමිකම් නොසළකන්නේ නම් විදේශාධාර නතර කළ යුතුය. කොන්දේසි පැනවිය යුතු ය.
 අන්තර් ජාතික රතු කුරුස සංවිධානයට පූර්ණ අවසර දියයුතුය. අතුරුදහන් කිරීම් පිළිබඳ එ.ජා. වැඩ කණ්ඩායමට සහ ජාත්්‍යන්තර ක්ෂමා සංවිධානයට ශ්‍රී ලංකාවට පැමිණිමට අවසර දිය යුතුය.
 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් රැක ගැනීමට ජිනීවා කරා පමණක් නොව ලොව ඹ්නෑම තැනකට යා යුතුය.
අද ජනාධිපති ධුරය දරන්නේත් ඒ රාජපක්ෂමද?




0 comments: