Hot!

ගෝටා හැකි නම් මාව අත්අඩංගුවට ගනු

| අමිල ගුණරත්න

(සුදර්මන් රදලියගොඩ ගෙන් ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂට අභියෝගයක් )

ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුවක් නිසා දුටුතැන අත්අඩංගුවට ගැනීමේ අධිකරණය විසින් නිකුත් කල වරෙන්තුවක් ඇති පුද්ගලයෙකි. ඔහුට වරෙන්තුව නිකුත් වුයේ 2011 ජුලි 19 වන ය. මේ දක්වා ඔහු නිදැල්ලේ දේශපාලකයන් පොලිස් නිලධාරීන් ඇසුරු කරමින් සිටියි. මාස 6කට පසුත් පොලීසිය විසින් අත් අඩංගුවට නොගත් සුධර්මන් රදලියගොඩ වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් පසුගිය පෙබරවාරි 09 වෙනිදා නියෝග කළේය. නමුත් පොලිසිය මේ නියෝගය පයිසෙකට මායිම් කලේ නැත. එසේම ඔහු තරුණයන් කොරියාවේ රැකියා වලට යවන පොරොන්දුව මත රුපියල් කෝටි ගණනක් ද වංචා කොට ඇත. මෙසේ වරෙන්තු තිබියදී පසුගිය මාර්තු 21 දින සුදර්මන් කෝට්ටේ රජමහ විහාරයට පැමිණියේ නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක සමගය. මෑතකදී තමාගේ වරෙන්තුව ගැන ප්‍රකාශයක් කරමින් යම් ලෙසකින් තමා අත්අඩංගුවට ගතහොත් ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂගේ රෙදි ජනතාව ඉදිරියේ ගලවන බව සුදර්මන් රදලියගොඩ ස්වාධින රුපවාහිනියේ තම මිතුරෙකුට පවසා තිබේ. මේ අනුව ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පිරිසිදු අවංක චරිතයක් නම් ඉදිරි කාලයේ දී සුදර්මන් රදලියගොඩ අත් අඩංගුවට පත් වී අධිකරණයට ඉදිරිපත් කෙරෙන බව අපට අනුමාන කල හැක.



0 comments: