Hot!

ජිනීවා වියවුල

ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍යයි



l කුමුදු කුසුම් කුමාර

ජිනීවා පරාජය සිංහල චිත්තය තුළ මහත් වික්ෂෝභයක් ඇති කොට තිබේ. ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන බව දැනගත් විට පළමුව ප්‍රකාශ වූයේ සන්ත්‍රාසයට පත් වීමකි. බියකි. ඉන්පසු එයල ‘මෙය විය නොහැක්කකිල කුමන හෝ දෛවෝපගත සිද්ධියකින් කිසියම් ආකාරයකින් ලංකාව මින් ගැලවෙනු ඇත‘ යන ප්‍රාර්ථනාමය සිතුවිල්ලක් බවට හැරවුණි. ඉනික්බිති එය වහසි බස් දෙඩුමක් බවට හැරවුණි. ඉන්දියාව යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නේ යැයි ප්‍රකාශ කළ පසු බලාපොරොත්තු සුන් වීය. ලද පරාජයෙන් පසු වික්ෂිප්තභාවයට පත්ව දැන් කෙරෙමින් පවතින්නේ වගකීමෙන් ගැළවීමට බිල්ලට දෙන්නට අය සෙවීමයිග වඩා වැදගත් වන්නේ සිහි එළවාගෙන මෙම තත්වය උදාවූයේ කෙසේද යන්න පිළිබඳ සිතා බැලීම යි.

ජිනීවා යාමේ ඉරණම

ජිනීවා යන ගමන අපේ කාලයේ ලංකාවේ ඉරණමත් සමඟ බැඳී ඇති සෙයකිග පළමුව ජීනිවා ගියේ එකළ ප්‍රේමදාස ජනාධිපති සමයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වූ මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර ය. එකළ රාජ්‍ය මර්ධනයට ලක්ව සිටි සිංහල තරුණ පිරිස් අතුරුදහන් කිරීම වෙනුවෙන් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෝකයට ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නට යැයි කීම මෙම ගමනේ අරමුණ වීය. ඔවුන් නවාතැන් ගත්තේ එකළ දෙමළ ජනවාර්ගික අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැඟුවේ යැයි කියැවෙන තමාරා කුණනායගම් ගේ නේවාසයෙහි ය. අද මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වන අතර වාසුදේව නානායක්කාර කැබිනට් ඇමතිවරයෙකිග තමාරා කුණනායගම් ජිනීවා නුවර ලාංකේය තානාපතිනියයිග මෙවර ජීනිවා යාම පිළිබඳ වත්මන් රජයෙන් චෝදනා ලැබ සිටින්නෝ සුනිලා අබේසේකරල පාක්‍යසෝති සරවනමුත්තුල නිමල්කා ප්‍රනාන්‍දු සහ සුනන්ද දේශප්‍රිය වැනි සිවිල් සංවිධාන නැතහොත් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ වෙති. මොවුන්ගේ ජිනීවා ගමන ඔවුන් විශ්වාස කරන පරිදි ලාංකේය දෙමළ ජනයාගේ පමණක් නොව දකුණේ අනෙකුත් ජනයාගේද අයිතිවාසිකම් මර්ධනය කරන වත්මන් රජයේ ක්‍රියා කලාපයට එරෙහිව ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නට යැයි ලෝකයට කියා සිටීම සඳහා යග දෛවයේ සරදමක් බඳු මෙම උත්ප්‍රාසජනක සිදුවීම් තුළින් මතුවන වැදගත් කරුණ නම් ’80 ගණන් වල සිටම අප අත් දැක ඇති පරිදි අපට අපේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්න මෙරට තුළ විසඳා ගැනීමට නොහැකි වීමෙන් ඒ සඳහා භාහිර බලවේග මැදිහත්වීම වළක්වා ලීමට අප අපොහොසත් ව ඇති බවයි.

වෙනත් අයුරකින් මෙය කියන්නේ නම් රට තුළ ආරාවුලේ එක් පාර්ශ්වයක් භාහිර බලවේගවල පිහිට පැතීමෙන් කියැවෙන්නේ රට තුළ දේශපාලනය සඳහා ඉඩ කඩ නැතිව ගොස් ඇති බවයි. ’80 ගණන් වල මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර ජිනීවා ගියේ රාජ්‍ය මර්ධනය විසින් එලෙස දේශපාලන නිදහස සඳහා ඉඩකඩ අවුරා තිබූ තත්වයක් යටතේ යග එසේ තිබියදීත් ඔවුන් බහුජන ව්‍යාපාර ගොඩ නැඟීම අත්හැර දමා තිබුනේ ද නැතත් රාජ්‍ය මර්ධනයට එරෙහිව රට තුළ බලවේල වලට තනිව සාර්ථකව මුහුණ දිය නොහැකි වූ තත්වයක් යටතේ ඔවුන්ට භාහිර ලෝකයේ පිහිට පතන්නට සිදුවීයග සිවිල් සංවිධාන සාමාජිකයන් තම අරමුණු සාක්ෂාත් කරගැනිමට භාහිර බලවේගවල පිහිට පැතීමට අමතර හේතුවක් ද තිබේග ඒල ඔවුන් ගේ දේශපාලනය බහුජනයා සංවිධානය කිරීම මත පදනම් නොවීමයිග යුද්ධය සමයේ රාජ්‍ය මර්ධනය තමනට එරෙහිව එල්ල වූ විට ඔවුන් වෙනුවෙන් දේශපාලන බලපෑම් කරන්නට බහුජන දේශපාලනයක් ඔවුනට නොතිබුණු හෙයින් විදේශ රාජ්‍යයන් සහ රාජ්‍ය නොවන සංවිධාන වල පිහිට පතන්නට ඔවුනට සිදුවීය. එම අවධියේ ඔවුනට ප්‍රබල පිටිවහලක් සපයන්නට භාහිර බලවේග අසමත් වීයග නමුත් අද වන විට ජාත්‍යන්තර බලවේග තම සහයට කැඳවීමේ සිවිල් සමාජ සංවිධාන උත්සාහය පළ දරා තිබේග යුද්ධයෙන් පසුව වුවත් ලංකාවේ දේශපාලන ගැටලු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳාගැනීමට අප යොමුවීනම් මෙලෙස අපේ දේශපාලනය ජාත්‍යන්තරකරණය වීමට ඉඩ තැබෙන්නේ නැත.

ජාතිය එක්සත් කිරීම

ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසු රජයේ රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අසන ලද ර්‍මෙම කාරණයේදී රටේ ජනතාව රජය සමග සිටින්නේද?” යන ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර වූයේ ‘ජනතාවගේ දේශපාලන පක්ෂපාතීකම් කුමක් වුවත් ඔවුන් මේ මොහොතේ රට වෙනුවෙන් පැහැදිළිව එකට සිටින’ බව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතා කැමැත්ත ඇති බවයි.

තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජන මාධ්‍යයන්ට කළ ප්‍රකාශ වලින් කියා සිටියේ ජිනීවා පරාජයෙන් උදාවන තත්වයට ‘අප ජාතියක් වශයෙන් එක්ව මුහුණ දිය යුතු’ බවයිග අමාත්‍ය වරයා තව දුරටත් කියා සිටියේ ජනතාවට ආණ්ඩුව සමඟ විවිධ ප‍්‍රශ්නල විවේචන තිබිය හැකි වුවත්ල අමාත්‍යවරයෙකුල මන්ත‍්‍රීවරයෙකු වංචා දූෂණවලට සම්බන්ධ නම් එයට එරෙහි විය යුතු සහ විවේචනය කළ යුතු නමුත් රට වෙනුවෙන් වූ කාරණයකදී ආගම්ල පක්ෂල ජනවාර්ගික භේද වලින් තොරව ශ‍්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගී සිටිය යුතුය යන්නයි. මේ අභියෝගය අපට ජයගත හැකිවන්නේ රටක් ලෙස එකට සිට ගැනීමෙන් පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉහත ප්‍රකාශවලට ප්‍රතිපක්ෂවල ජිනීවා කාරණයේදී ආණ්ඩුව විවේචනය කරන්නන් ගේ තර්කය වන්නේ මෙය රටේල ජාතියේ හෝ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පාලන තන්ත්‍රයේ නොහොත් රෙජීමයේ ප්‍රශ්නයක් බවයි.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන් ඇසූ ප්‍රශ්නයෙන් සහ ඊට අමාත්‍යවරයා දුන් පිළිතුරෙන් කියැවෙන්නේ ජිනීවා කාරණයේදී රටේ ජනතාව රජය සමග සිටින බව අවධාරණය කිරීම රජයට අවශ්‍ය බවයි. එහිදී අන් කවුරුන් කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතා කැමැත්ත ඇති බව අවධාරණය කිරීමෙන් කියැවෙන කරුණ වටහාගන්නට ද අපට හැකිවිය යුතුය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම තම ප්‍රකාශයන්ගෙන් අවධාරණය කර සිටින්නේ ජිනීවා පරාජයෙන් උදා වී ඇති තත්වයට මුහුණ දීමට නම් රටක් ජාතියක් ලෙස ලාංකේය ජනයා එක්සත් විය යුතු බවයි. ආණ්ඩුව පිළිබඳ වංචා දූෂණ යනාදී දේ සම්බන්ධයෙන් ජනයා‍ට විවේචන තිබිය හැකි වුවත් මෙහිදී ඒවා අමතක කොට ජාතියක් වශයෙන් එක්සත් වන්නට යැයි අමාත්‍යවරයා ලාංකේය ජනයාට කියා සිටින විට ඉන් මඟ හැරී යන කරුණ වන්නේ මෙහිදී සුළු කරුණු ලෙස සළකනු ලැබෙන බව පෙනෙන දේශපාලකයන්ගේ වංචා දූෂණ යනාදිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වීමට ඉඩ සළසා දීමම අපට එක්සත් ජාතියක සමාන අයිතිවාසිකම් ඇති පුරවැසියන් ලෙස සළකනු නොලැබීම ප්‍රකාශ වීම යන්න පමණක් නොවේ. ඒ හා සමඟ බද්ධ වූ නමුත් ඊට වඩා බෙහෙවින් වැදගත් වනල ආණ්ඩුව මෙරට මහජනතාවට එක්සත් ජාතියක සමාන සාමාජිකයන් ලෙස සළකන්නේ ද යන්න බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙන මූලික කරුණු කිහිපයක් කෙරෙහිද අපට මෙහිදී අවධානය යොමු කළ හැකිය.

වත්මනෙහි එක්සත් ලාංකේය ජාතියක් සඳහා අවශ්‍ය මූලිකම කොන්දේසිය වන්නේ දෙමළ ජන කොටස් එක්සත් ජාතිය තුළට එක් කරගත හැකි පරිදි ඔවුනට සමාන පුරවැසියන් ලෙස ලැබිය යුතු අයිතිවාසිකම් තහවුරු කෙරෙන පරිදි බලය බෙදා හරින දේශපාලන ව්‍යුහයක් සහ අනෙකුත් ආයතනික ව්‍යුහයන් ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන්ගේද එකඟතාවෙන් සකස් කර ගැනීමය.

එය හැරුණු කොටල වත්මන් ආණ්ඩුව තම උත්සාහයන්හිදී එක් ජාතියක් වශයෙන් ලාංකේය ජනතාව තමන් වටා එක් කරගන්නට නම් රජය මහජනතාවට ලාංකේය ජාතියේ සමාන පුරවැසියන් ලෙස සැළකිය යුතුය. ඒ සඳහා පළමු කොටම කිසිවෙකු නීතියට ඉහළින් නොසිටිනු ඇත යන්න සහතික කෙරෙන පරිදි නීතියේ පාලනය තහවුරු කිරීම සැමට සමානයන් සේ සළකන ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් රට තුළ ස්ථාපිත කිරීමල සහ පුරවැසියනට බියෙන් තොරව තම අදහස් ප්‍රසිද්ධියේ පළ කළ හැකි නිදහස් වට පිටාවක් සහතික කිරීම රජයේල වගකීම වෙයි. ඉහත කරුණු මුල් කොට ගෙන ජනතාවගේ පැත්තෙන් එල්ල වන විවේචන අප හමුවේ මතු කරන ප්‍රශ්නය නම් මෙබඳු අත්දැකීම් හමුවේ සමස්ත ලාංකේය ජනතාවට තමන් එක ජාතියක සමාන සාමාජිකයන් ය යන හැඟීම ඇතිවිය හැකිද යන්නයි.

නීතියේ පාලනය

එක්සත් ජාතියක සාමාජිකයන් වශයෙන් දේශ මාමක හැඟීමක් ජනතාව තුළ ඇතිවන්ට නම් පළමු කොටම බියෙන් තොරව තම ජීවිතය පවත්වා ගෙන යන්න‍ට ජනයාට හැකි වට පිටාවක් රටේ තිබිය යුතුයග එවැනි වටපිටාවක් මහජනයාට අහිමි කරන නීතියේ පාලනය පිළිබඳ මහජන විශ්වාසය බිඳීමට හේතුවන කරුණු අතර දෙමළ ප්‍රදේශ වල සිදුවන බවට වාර්තා වන ක්‍රෑරකම්ල ජනයා අතුරුදහන් කිරීම්ල පැහැර ගැනීම පාතාලයේ සාමාජිකයන් සමාජයෙන් ඉවත් කිරීමල මත් ද්‍රව්‍ය වෙළෙදාමේ අධිපතියන් සහ ඔවුනට ආරක්ෂාව සළසන දේශපාලකයන් පිළිබඳ වාර්තා ප්‍රධානයග මෙම සිදුවීම් අප සමාජය තුළ බලවත් අනාරක්ෂිත හැඟීමක් මහජනයාට ඇති නොකරන්නේද?

1987-90 සමයේ අප ජිනීවා ගියේ ජනයා අතුරුදහන් කිරීම ගැන ලෝකයට කියා සරණක් පතන්නට නම් අතුරුදහන් කිරීම් සිදුවෙමින් බවතින බවට ඒ හා සමාන පැමිණිලි අදත් කෙරෙයිග ආයුධ සන්නද්ධ කණ්ඩායම් වෑන් වලින් පැමිණ මිනිසුන් පැහැර ගෙන සැඟවී යාම තවදුරටත් සිදුවෙමින් පවතියිග කොළොන්නාව නගර සභාවේ සභාපති පැහැර ගෙන යන්නට සුදු වෑන් රියකින් පැමිණියේ යැයි කියන හමුදා භට පිරිසක් පොලිස් අත් අඩංගුවට පත්වීම වාර්තා වූයේත් රාජ්‍ය ආරක්ෂාවට අදාළ පුවත් ජංගම දුර කථන කෙටි පණිවිඩ මගින් යැවීම තහනම් කෙරුණේත් ජිනීවා සමුළුවේ ලංකාව පිළිබඳ උණුසුම අතර මැදදීයග තමන් ත්‍රස්තවාදයට සම්බන්ධයැයි සැක පිට චෝදනා රහිතව වසර දෙක හමාරක් රජයේ අත් අඩංගුවේ තබාගෙන සිටි කාලය තුළ තමන්ට දුන්නේ යැයි කියන වධ හිංසා පිළිබඳ ‍ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ දෙමළ ජාතික ව්‍යාපාරික තරුණ පියෙකු වැල්ලවත්තේදී පැහැරගෙන යාම සිදුවී වැඩි කලක් නැත.

මෑත කාලයේ වාර්තා වූ සුවිශේෂ වැදගත් කමක් ගන්නා සිදුවීම් අතර යාපනයේ ලලිත් සහ කූගන් තරුණයන් පැහැර ගැනීම සඳහන් වෙයිග ලලිත් සහ කූගන් ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී බිහිවූ ‘ජන රළ’ කණ්ඩායම සමග අතුරුදහන් වූවන්ගේ මා පියන් සංවිධානය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ප්‍රසිද්ධියේ ප්‍රවිශ්ඨ වූ සිංහළ සහ දෙමළ තරුණයන් දෙදෙනෙකිග හරියටම 1987-90 සමයේ මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර යන තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනා මෙනිග එදා ඔවුන් අතුරුදහන් කිරීමට කවුරුන්හෝ කටයුතු කළේ නම් අද ලංකාවේ ඉතිහාසය කෙබඳු වනු ඇතිව තිබුණි දරෑ පෙර එල්ටීටීය සමඟ සිටි උතුරු නැඟෙනහිර තරුණ ජනයා ‘ජන රළ’ කණ්ඩායම සමඟ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසීම දිරිගැන්විය යුතු දෙයක් ලෙස නොව මර්ධනය කලයුතු දෙයක් ලෙස අප සළකන්නේ නම් ඉන් පෙන්නුම් කෙරෙන්නේ තරුණයන්ට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඉඩ සළසා දීම ශිෂ්ඨ සම්පන්න සමාජයක ඉමහත් වගකීමක් බව අප නොදන්නා බවයිග ග්‍රීකයන් දේශපාලනය අර්ථ ගැන්වූයේ මෙම නිශ්චිත අර්ථයෙන් බව මෙහිදී අපට සිහිපත් කළ හැකිය.

පාතාලයට අයත් මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයන් ලෙස ජන මාධ්‍ය වලින් ලේබල් අලවනු ලැබෙන පුද්ගලයන් අතුරුදහන් කිරීම් හරියටම එබඳු ලේබල් ඇලවීමෙන් සාධාරණය කෙරෙන්නාක් මෙනිග පාතාලයේ සාමාජිකයෝ තවත් සමහරෙක් පසු ගිය කාලයේ පොලිස් අත් අඩංගුවට ගැනීමට යාමේදී හෝ අත් අඩංගුවෙන් පැන යාමට තැත් කළේ යැයි කියන අවස්ථා වලදී හෝ මරණයට පත් වූහග පාතාලයේ සාමාජිකයන් තනි තනිව ගෙන සමාජයෙන් ඉවත් කිරීමෙන් පාතාලය නැති කළ හැකි යැයි සිතීම සමාජ සංසිද්ධීන් හි පැවැත්ම පිළිබඳ දුර්වල අවබෝධයක් ද සමාජය සායනිකව මෙන් පිරිසිදු කොට සියලු අවුලින් තොර කළ පරම පිරිසිදු පර්යායක් බවට පත් කිරීමේල හරයෙන් ෆැසිස්ට්වාදී වන අපේක්ෂාව ද පළ කරයිග එයල නූතන විය නොහැකිවීම පසෙක තිබියේවාල කවර හෝ ශිෂ්ඨ සමාජයකට කිසිසේත්ම නොගැලපෙයිග පුදුමය නම් අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියල ඉපැරණි අතීත සම්ප්‍රදායේ උරුමය ගැන අතිශයෝක්තියෙන් ඔද වඩන්නන් මෙබඳු ක්‍රියා සෘජුව හෝ ව්‍යංගයෙන් හෝ අනුමත කිරීම යිග බෞද්ධ චින්තනය පදනම් කරගත්තේ යැයි කියන මහින්ද චින්තනය මෙම ක්‍රියා මාර්ග අනුමත කරන්නේදරෑ මහජනයාද තමන් නරක යැයි නිර්වචනය කර ගන්නා කොටස් මේ අකාරයටම සමාජයෙන් ඉවත් කරන්නට පෙළඹුණ හොත් ඇති විය හැකි ඵල විපාක කවරේ දැයි සිතා බැලීම වටීග මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයන් සම්බන්ධයෙන් නීතිය සාධාරණව ක්‍රියාත්මක නොකිරීම මහජනයා පොලීසිය සාධාරණ යැයි විශ්වාස නොකිරීමට හේතු වෙයිග නීතියේ පාලනය තහවුරු වන්නට නම් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳවද ජනතාව තුළ විශ්වාසය තහවුරු විය යුතුයල අධිකරණය දේශපාලනයට යටත් වී ඇතැයි යනුවෙන් කෙරෙන විවේචන කෙරෙහි අවධානය යොමුකළ යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය

එක්සත් ජාතියක පූර්ණ කොටස් කරුවන් වන පුරවැසියන් වන්නට නම් රජය ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් සුරැකිය යුතුයග සියළු පුරවැසියන්ට රජයේ සියලු කටයුතු සම්බන්ධයෙන් සමානව සැළකිය යුතුයග බලයේ සිටින දේශපාලනඥයන්ට එක් පුරවැසි අයිතීන් පද්ධතියකුත් අනෙක් අයට ඊට අඩු අයිතිවාසිකම් පද්ධතියකුත් තිබීම එක්සත් ජාතියක් ගොඩ නැංවීමට එරෙහි ව යයිග පුරවැසියන් අතර සුපිරි පුරවැසියන් සිටිය නොහැකග වැදගත් වන්නේ පුරවැසියා දරන තානාන්තරය නොව ඇයගේ දේශපාලන ක්‍රියාවන් ය.

යුද්ධය අවසන් වී වසර තුනක් ගෙවී ඇතත්ල සාමාන්‍ය මහජන ජීවිතයේ හමුදා මැදිහත් වීම් සම්පූර්ණයෙන්ම නතර කෙරුණු තත්වයක් තවම දකින්නට නැතැයිදල සමාජය සහ ආර්ථිකය විවිධ ආකාරයෙන් මිලිටරීකරණය කෙරෙමින් ඇතැයි ද හදිසි නීතිය අවසන්ව කළක් ගතවී ඇතත් හමුදා සෙබළු නිති පතා මහ මඟ දකින්නට ලැබේයල යනුවෙන් චෝදනා තවමත් පැණ නැඟෙයි.

රටේ නීතිය සහ සාමය පෙර නොවූ විරූ පරිදි බිඳ වැටී ඇතැයි ද නීතියට පිටස්තර දාමරික කම් වැඩිවී ඇතැයි ද ජන මාධ්‍ය වාර්තා කරයි.

දිගු කාලයක් තිස්සේ මහත් වැර වෑයමෙන් ජනතාව දිනාගත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෘත්තීය සමිති අයිතිවාසිකම් සංවර්ධනයේ නාමයෙන් එකින් එක උදුරා ගැනීම තම පුරවැසි භාවය කෘශ කිරීමක් ලෙස ජනයා ට දැනෙනු ඇතග රජය උසාවි ගොස් වැඩ වර්ජනල පිකට් කිරීම්ල විරෝධතාල පෙළපාලි යනාදිය නීති විරෝධී කරන තීන්දු ලබා ගැනීම මීට දැක්වෙන උදාහරණයකිග මෙම පසුබිමෙහි රජයේ කොටස් කරුවන් වන වාමාංශික පක්ෂවල සාමාජිකයන් ජන විරෝධතා එරෙහිව යාමේ මැර කණ්ඩායම් බවට පත් වීමට උත්සාහ කිරීම පෙන්නුම් කරන්නේ භයානක ප්‍රවණතාවකි.

රාජ්‍ය හමුදා දුර්විපාක නොලබා මහජන විරෝධතා මැඬලීමට යෙදීම සහ පොලීසිය සහ විශේෂ සාධක බලකාය සීමාව ඉක්මවා බලය යෙදීම එම බලකායන් රෙජීමයේ අතකොළුවක් බවට පත්වීමක් ලෙස ජනතාව දකිතිග නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් පෞද්ගලික විශ්‍රාම වැටුප් පනතට එරෙහිව පළ කළ සහ හලාවත ධීවරයන් තෙල් මිල වැඩි කිරීමට එ‍රෙහිව පළ කළ විරෝධතාවන්ට රජයේ බලකායන් එල්ල කළ ප්‍රහාරල රජයේ නොවන විවිධ දේශපාලන පක්ෂ කම්කරු ශිෂ්‍ය ස‍හ සිවිල් සංවිධාන පෙළපාලි පිකට් කිරීම් කිරීම් ආදියේදී කඳුළු ගෑස්, වතුර ප්‍රහාර එල්ල කරමින් රජයේ බලකායන් හැසිරෙන ආකාරය මෙලෙස අසීමිත බලය යෙදවීමට උදාහරන ලෙස හඳුනා ගෙන ඇතග විරුද්ධ පිළේ සංවිධාන තම විරෝධතා ක්‍රියා වලින් ජනතාවට හිරිහැර කරන හෙයින් ඒවා මර්ධනය කරන්නට සිදුවන්‍නේ යැයි රජය කියන නමුත් ආණ්ඩුවෙන් සංවිධානය කරන විරෝධතා වලින් ජනතාවට හිරිහැර වන බවක් රජය නොසළකන සේ පෙනෙයි මහජනයාට අඩුවෙන් හිරිහැර වන ආකාරයට ජනතා විරෝධතා සංවිධානය කරන්නට උදව් කිරීම බටහිර රටවල පවා රජයේ භාවිතාව වන නමුත් වත්මන් රජයේ අරමුණ වී ඇත්තේ ජනතා විරෝධතා පැවැත්වීම වළකා ලීම බව විවේචකයන්ගේ මතයයි.

සංවර්ධනයේ නාමයෙන්ල නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් තොරව දිළින්දන් සහ වෙනත් වැසියන් තම පාරම්පරික වාසස්ථාන සහ ජීවනෝපාය අවකාශයන්ගෙන් විතැන් කිරීමේ උත්සාහයල සහ සංවර්ධනය නාමයෙන් පරිසරය විනාශ කරන ආකාරයෙන් කටයුතු කිරීම ද අයත් වන්නේ පුරවැසියන් එක්සත් ජාතියෙන් පිටමං කිරීමට නොවේද?

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳ ප්‍රශ්ණ දැන් හුදෙක් උතුරු නැගෙනහිර හෝ දෙමළ ජනයාගේ පමණක් නොව සමස්ත ලාංකේය ජනයා මුහුණපාන ජාතික මට්ටමේ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ඒ පිළිබඳ එල්ල වන චෝදනා වලින් පෙනෙයි.

නිදහස

එක්සත් ජාතියක පූර්ණ කොටස් කරුවන් වන පුරවැසියන් වන්නට නම් ජනයා‍ට අදහස් බියෙන් තොරව පළ කිරීමේ නිදහස තිබිය යුතුයග රටල වාසයට නිදහස් තැනක් ලෙස නොදැනේ නම් ජාතික හැඟීමක් ඇති විය නොහැකිය. නොබියව අදහස් පළ කිරීමට අවශ්‍ය මෙම නිදහසත් මාධ්‍ය නිදහසත් අතර සම්බන්ධයක් තිබිය හැකි නමුදු ඒ දෙකම එකක් නොවේග මේ බව විදහා දක්වන උදාහරණයක් මෑතදී ‘ඉරිදා දිවයින’ ප්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකර ‘රාවය’ කර්තෘ වික්ටර් අයිවන් විසින් යෝජිත දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දක්වමින් ‘රාවය’ ට කළ ප්‍රකාශයක දකින්නට ලැබු‍ණි. අපේ රටේ මාධ්‍ය නිදහස ගැන ඇත්තටම ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිවරයා මසකට සැරයක් පුවත් පත් සාකච්ඡාවක් තියලා කර්තෘවරුන්ට ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් හදලා තියෙනවා. යැයි ගාමිණී සුමනසේකර පවසා තිබුණි. ඔහුට අනුව මෙහි ලා ගැටලුව වන්නේ ප්‍රශ්න වලට වගට වගකිව යුතු කෙනෙක් නැති හෙයින් එකම ප්‍රශ්න ඊළඟ වාරයේදීත් නැවතත් මතු කරන්නට සිදුවී තිබීමයිග එකම ප්‍රශ්න පුන පුනා ඊළඟ වාරයන්හිදීත් ඇහීමේ තේරුම කුමක්දැයි තමන් තමන්ගෙන්ම ප්‍රශ්න කරගන්නේ නැත්තේ මන්දැයි පුවත් පත් කතුවරුන් කල්පනා කොට ඇත්දැයි පැහැදිළි නැත. පුවත් පත් කතුවරුන්ගෙන් ඇසිය හැකි තවත් ප්‍රශ්නයක් වන්නේ මෙම ලිපියේ ඉහත සඳහන් කළ ආකාරයේ කරුණු පිළිබඳ ප්‍රශ්න ඔවුන් ජනාධිපතිගෙන් අසන්නේද යන්නයි. ප්‍රශ්න වලට වගකිව යුතු කෙනෙක් නැති හේතුවෙන් මොන ප්‍රශ්න ඇසුවත් එහි ප්‍රථිඵලයක් නැති බව පුවත් පත් කතුවරුන් පෙන්වා දිමට ඉඩ තිබේ. ඉන් තවත් ප්‍රශ්න මතුවිය හැකි නමුත් ඒවා හඹා යාම මෙම ලිපියේ මාතෘකාවෙන් ඔබ්බට මා ගෙන යයි.

මගේ අදහස පුවත් පත් කතුවරුන්ට ජනාධිපතිවරයාගෙන් එකම ප්‍රශ්න ඊළඟ වාරයේදීත් නැවතත් මතු කරන්නට මාසිකව ලැබෙන වරම මහජනයාට තම අදහස් නිබයව පළකිරීමේ නිදහසක් ඇතැයි නොපෙන්වන බවයි. ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමට පුවත් පත් කතුවරුන්ට දැනෙන නිදහස තම අදහස් පුවත් පත් වලට ලියා එවීමට හෝ වෙනත් ආකාරයකින් පළ කිරීමට ජනතාවටද තිබිය යුතුයග තමන්ටද එබඳු නිදහසක් ඇතැයි ඔවුනට දැනිය යුතුය. ඔවුන් ඒ පිළිබඳ බියෙන් තොර විය යුතුය. එසේ ජනයා දක්වන අදහස් පළ කරන්නට පුවත් පත් කතුවරුන්ට නිදහස ක් දැනිය යුතුය. නමුත් පුවත් පත් කතුවරුන්ට එබඳු නිදහසක් දැනෙන්නේ නැත්නම්ල නැතහොත් ජන මාධ්‍යල පාලක රෙජීමය ගැන සළකන කළ සවයං වාරණය පනවා ගන්නේය යනුවෙන් නැඟෙන චෝදනාවේ ඇති සත්‍යය සහ එසේ වී ඇත්තේ මන්දැයි විමසා බැලිය යුතුය.

ජාතිය යනු රජයේ අවශ්‍යතාවට ජනයා වීදියට කැඳවීමට ඇති මන්ත්‍රයක් පමණක් වන්නේ නම් එක්සත් ජාතියක් ඇති විය නොහැකියග යමෙකු ජාතිය වෙනුවෙන් ක්‍රියාකරන්නට නම් ඇයට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් තමන් එම ජාතියේ පූර්ණ සාමාජිකයෙකු යැයි ප්‍රබල හැඟීමක් ඇති විය යුතුය. ලාංකේය ජාතියක් ලෙස නැඟී සිටීමට නම් මහජනයාට ජාතික හැඟීමක් ඇති විය යුතුයි. මා ඉහත සාකච්ඡා කළේ ඊට එරෙහිව යන රාජ්‍ය භාවිතාවන් පිළිබඳ මූලික කරුණු කිහිපයක් පමණි.

අනෙක් අතට ලාංකේය ජාතිය යන්නෙහි ශුද්ධ වූ හරයක් නැති බවද අප සිහිපත් කළ යුතුයග ගෝලීයකරණය තුළ ජාතික රාජ්‍යයත්ල ධනේශ්වර පංතියත් දෙකම ජාත්‍යන්තර ප්‍රාග්ධනයට තදින් ගැට ගැසී ඇති තත්වය යටතේ ශුද්ධ වූ අර්ථයෙන් තිබිය හැකි ලාංකේය ජාතිය කුමක් ද ලාංකේය ජාතිය තමන්ට නොසලකන්නේ නම් මිනිස්සු කලින් කලට ලංකා ජාතිය හැර ගොස් අමෙරිකානුල බ්‍රිතාන්‍යල ඉන්දියානුල යුරෝපීය ආදී ජාතීන් හි සාමාජිකයෝ බවට පත් වෙති.  ඔවුන් ජාති ද්‍රෝහීන් ද?


0 comments: