Hot!

''මංගල, ඔබේ බලාපොරොත්තුවයි'' - සමන්තා පවර්


2019 පෙබරවාරි 28 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මංගල සමරවීර අමාත්‍යවරයාගේ 30 වසරක දේශපාලන දිවිය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයේ දී තානාපති සමන්තා පවර් විසින් පවත්වන ලද කථාවේ සිංහල පරිවර්තනය 

‘‘අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන
ගරු අගමැති රනිල් වික‍්‍රමසිංහ
ගරු අමාත්‍ය මංගල සමරවීර

මා පැමිණියේ මංගල වෙනුවෙනුයි 

අද දින මා මෙතැනට කැඳවීම මා හට කරන ලද අතිවිශේෂ ගෞරවයක් ලෙස සලකමි. 2015 වසරේදී ජනාධිපති ඔබාමාගේ අමාත්‍ය මණ්ඩල සාමාජිකාවක් ලෙස පළමු වරට ශ‍්‍රී ලංකාවට පැමිණිමෙන් පසු නැවත වරක් මෙහි පැමිණිමට ලැබීම ඉතා ආශ්චර්යජනක අත්දැකීමක්.

ශ‍්‍රී ලංකාව කලක සිටම අමෙරිකා එක්සත් ජනපදයේ සැබෑ මිතුරෙක්. ඔබ රට සමඟ මා කටයුතු කළ කාල වකවානුවේ දී මා හට ආරම්භ කිරීමට හැකිවූ බොහෝ සබඳතාවන් තවමත් නොනැසී පවතින අතර ඒ තුළින් අප දෙරටේ මිතුදම අර්ථවත්වී ඇත. ඒ පිළිබඳව මම කෘතඥතාවයට පත්වෙමි.

මේ වනවිට මම මාගේ පොතක් ලියා අවසන් කරන අන්තිම සති කීපය ගතකරමින් සිටිමි. එය නියමිත කාලයට අවසන් කිරීම උදෙසා සිල්ලර බඩුවක් ගැනීමටවත් ගෙදරින් පිටවී නොයා නොනවත්වා එක දිගට වැඩකරමින් සිටිමි. නමුත් එවැනි කාර්යබහුල අවස්ථාවක මා සැතපුම් 8000 වැඩි දුර චාරිකාවක නිමග්න කරවීමට හැකි කෙනෙකු සිටියේ නම් ඒ අන් කිසිවෙකු නොව මංගලයි.

මංගල සැබැවින්ම අපූරු පුද්ගලයෙක් 

අමෙරිකා එක්සත් ජනපද රජයේ සේවය කළ මාගේ අට අවුරුදු රාජකාරී කාල සීමාව තුළ මට හමුවූ ඉතා අපූර්ව පුද්ගලයින්ගෙන් එක් අයෙකි, මංගල. එබැවින් නිතැතින්ම මෙම අවස්ථාවේ කොටස් කරුවෙකුවීමට මට සිදුවී තිබේ.

මංගල ගැන මොකුත්ම කියන්න එපා කියලා එයා කිව්වා 

‘සෑම අවමගුල් උත්සවයකදී ම එහි මෘත දේහය වීමටත්, සෑම විවාහ උත්සවකම මනමාලිය වීමටත්, සෑම බෞතීස්ම උත්සවයක බිළිඳාවීමටත් දේශපාලඥයින් මනාප බවයි.‘  - ටෙඩී රූස්වෙල්ට් 

මගේ කථාවට ආරම්භයක් ලබාගන්නේ කෙසේදැයි මෙම උත්සවයේ ආරාධිත අමුත්තාගෙන් මා විමසූ විට ඔබ කිසිවෙක් පුදුම නොවේවි ඔහු පැවසූ දෙයට. එනම් ඔහු පැවසූවේ මෙය මංගල පිළිබඳ උත්සවයක් නිසා තමා පිළිබඳ යමක් නොකියා සිටීම වඩා සුදුසු බවයිි. අමෙරිකානු ජනාධිපතිවරයෙකු වූ ටෙඩී රූස්වෙල්ට්ගේ දියණිය ඇගේ පියා පිළිබඳ සටහනක් තබමින් වරෙක ප‍්‍රකාශ කර සිටියේ ‘සෑම අවමගුල් උත්සවයකදී ම එහි මෘත දේහය වීමටත්, සෑම විවාහ උත්සවකම මනමාලිය වීමටත්, සෑම බෞතීස්ම උත්සවයක බිළිඳාවීමටත් දේශපාලඥයින් මනාප බවයි.‘ එවැනි වදන් නිතර ඇසෙන මගේ අමෙරිකානු සවනට ඔබ සැම දන්නා මෙහි ආරාධිත අමුත්තාගේ පෙරකී වචන සැබවින්ම මා විමතියට පත් කරනු ලැබීය.
තේමාවන් තුනක් ඇති මංගලගේ ජීවන කෘතිය 


ඉන් සමථයකට පත්වීමට තීරණය කළ මා මංගලගේ 30 අවුරුදු දේශපාලන භූමිකාවෙන් අපේ කාලයේ කෙන්ද්‍රගතව ඇති අභියෝග පිිළිබඳ සහ ඒවාට අප මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අද දින මෙහිදී කථා කරන්නෙමි. මම විශ්වාස කරන්නේ මංගලගේ ජීවන කෘතිය ගමන් කරන්නේ තේමාවන් ත‍්‍රිත්වයක් යටතේ බවයි. එනම් අභිමානය, නවීකරණය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යි. එබැවින් ඔහුගේ ගෞරවය උදෙසා ඉහත කී තේමාවන් පිළිබඳ වචන කීපයක් කථාකිරීමට මම කැමැත්තෙමි.
අභිමානය

මංගලගේ මෝස්තර නිරූපණ හීනය 

මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වේ යැයි සිතමින් මංගල තම වෘත්තීය ආරම්භ කළ බව ඔහු පවසනු අපිට ඇසුනි. හිටපු මෝස්තර ඡායාරූප ශිල්පියෙකු වූ නැසීගිය බිල් කනිංහැම් වරක් ප‍්‍රකාශ කළේ එදිනෙදා ජීවිතය නොනැවසී පවත්වා ගැනීමට ඇති සන්නාහය වන්නේ මෝස්තර විලාසිතාවන් බවයි. ජනතාවට උපකාර කිරීමට තම හැකියාවන් යොදා ගනිමින් ඒ සඳහා කාලය කැපකිරීම ජීවිතය ඉතාම අර්ථවත් වන්නට හේතු වන්නේ යැයි කුඩා කාලයේදීම මංගල යම් නිශ්චයකට පැමිණ සිටි බව පෙනේ. විශේෂයෙන් මිනිසුනට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට පමණක් නොව එම ජීවිතය අභිමානවත් ලෙස ගොඩනගා ගැනීමට හැකිබව සාක්ෂාත් කරගැනීම සඳහා උපකාර කිරීමටයි ඔහුගේ අපේක්ෂාව වුණේ.

ඔහුට දේශපාලනයට ප‍්‍රවිෂ්ඨවීමට ප‍්‍රබෝධයක් ඇතිවූයේ 1980 අගභාගයේ දී දකුණේ පැවති මාක්ස්වාදී තරුණ කැරැල්ල එවකට රජය විසින් මැඩපවත්වන වකවානුවක ඝාතනය කරන ලද මළමිනී ඔහුගේ ආසන්න නගරයේ විදුලි පහන්කනුවල එල්ලා තිබෙනු දුටු සමයක දීය. ඥානාන්විත හා නව මං පෙන්වන්නියක ගේ සහ මානව අයිතීන් පිළිබ`ද නියමුවෙකු මෙන්ම නීතිඥයෙකු වූ පියෙකුගේ පුත‍්‍ර රත්නයක් වූ මංගල සිතන්නට ඇත්තේ තමාට යම් වෙනසක් කිරීමට හැකිවේය යන්නයි.

මංගල වෙනස ආරම්භ කළ සමය 

මංගල ඔහුගේ අධිෂ්ඨානය සාක්ෂාත් කරගෙන ඇත. සැබවින්ම ඔහු අතිමහත් වෙනසක් සිදුකර ඇත. ඔහු ඒ වෙනස කිරීමට ආරම්භකළා පමණි.

ඔහුගේ ජීවිත කාලයේදී කරන ලද සේවය ගැන මම ඔහුගේ සගයින්ගෙන් හා අනෙකුත් සමකාලීනයන්ගෙන් විමසු විට ඒ සියල්ලූදෙනා පුන පුනා කියා සිටියේ අභිමානය යන්නයි. ඔහුගේ ස්ථාවරය වන්නේ සෑම කෙනෙක්ම ගෞරවයට පාත‍්‍රවීමට තරම් වටිනා මිනිසුන් බවයි. ඩිග්නිටාස් යන ලතින් වචනයෙන් ඩිග්නිටි හෙවත් අභිමානය නොහොත් වටිනාකම යන්න වචනය බි`දී එයි. ඒ අනුව මංගලගේ වෘත්තීයේ සප‍්‍රාණික ප‍්‍රතිපත්තිය පුද්ගල ගෞරවාභිමානය සොයා යාම හා එය ප‍්‍රවර්ධනය කිරීම බව පෙනී යයි.

අභිමානය පිළිබඳව සිතනවිට මගේ මතකයට එන්නේ මාර්ටින් ලූතර් කිං ඔහු වෙඩිතබා ඝාතනය කිරීමට පෙර සහභාගීවූ පුරවැසි අයිතිවාසිකම් ඉල්ලා කළ අවසාන විරෝධතාවයි. තම සහෝදර කම්කරුවන් දෙදෙනෙකු කුණු අඹරන මැසිමකට අසුවී මියයාමෙන් පසු සනීපාරක්ෂක කම්කරුවන් වැඩවර්ජනයක් ආරම්භ කළා. ඉන් පසුව ඔවුහු තමන්ට අඩු කුලී ගෙවීම සම්බන්ධව ද විරෝධතා පැවැත්වූහ. ඒ 1968 වසරේදී අමෙරිකාවේ ටෙනසි ප‍්‍රාන්තයේ මෙම්ෆස් නගරයේ දී. එහිදී වැඩවර්ජකයින් ප‍්‍රදර්ශනය කළ විරෝධතා පුවරුවල සඳහන්කර තිබුණේ ‘අපිත් මිනිස්සු’ යනුවෙනුයි.

චීනය, ඊජිප්තුව හා ලංකාව

මට මතක්වෙනවා 1989 දී ටියාන්මෙන් චතුරශ‍්‍රයේ ශිෂ්‍ය විරෝධතාකරුවන් සමූලඝාතනය කරමින් යුධ ටැංකි සිය ගණනක් ඉදිරියට ඇදෙන හැටි සහ අලූපාට කලිසමකින් හා සුදු කමිසයක් ඇඳගත් එක් කෘෂ මිනිහෙක් ෂොපින් බෑග් දෙකක් අතේ අරගෙන ඒ යුධ ටැංකි ඉදිරියේ නිර්භීතව සිටගෙන ඊට අභියෝග කරන ආකාරය. වැඩ ඇරී ආපසු නිවස බලා යන ලෙසක් පෙන්නුම් කළ ඒ අභීත චීන පුරවැසියා එතැන් සිට කිසිදාක අපට දක්නට ලැබුණේ නැහැ. ඒ ඝෝර යුධ ටැංකිය ඉදිරියේ සිටගෙන මරණයට අභියෝග කළ ඒ නිර්භය කෘෂ මිනිසා තිරසාරව මූර්තිමත් කළේ පුද්ගල අභිමානය යි.

එමෙන්ම මට මතක්වෙනවා 2010 වසරේදී මොහමඞ් බවුවාසිසි නමැති පළතුරු වෙළෙන්දා දිනපතා ඔහු අත්විඳි නින්දාව හා දූෂණය තවදුරටත් ඉවසිය නොහැකි තැන තම සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගත් ආකාරය. ඔහුගේ එම ආන්දෝලානාත්මක මාරාන්තික විරෝධතාවයි පසුව මහජන නැගීසිටීමක් බවට පරිවර්ථනය වී අරාබි වසන්තය නමින් සමහර මැදපෙරදිග සහ උතුරු අප‍්‍රිකානු රටවල් කීපයක් පුරා පැතිර ගියේ.

මව්වරු වෙනුවෙන් මහින්ද සමග එකට 

එමෙන්ම මට මතක් වෙනවා මට හමුවුනු මේ රටේ අම්මාවරු පිරිසක් තම අතුරුදන් වූ දරුවන්ගේ දහඩියට දියවී ගිය පිංතූර තම කර්කෂ දෙඅත්වලින් අල්ලාගෙන ඔවුන්ගේ දුක්ගැනවිල්ලට සවන්දෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටින ආකාරය, යුද්ධයෙන් අවතැන්ව තම දරුවන් පෝෂණය කිරීමට ජීවන මාර්ගයක් නොමැතිව පිහිට අයදින පියවරුන්, පොලියට ණය දෙන්නන්ගෙන් කුඩා ණය ලබාගෙන ඒවාට අයකරන ගිනිපොලී ගෙවා ගන්නට බැරිව අසරණවූ පියවරුන්.

එබඳු අභාග්‍යයට පත්වූවන්ට අනුග‍්‍රහ දැක්වීම නොවේයි මානව අභිමානය වශයෙන් අදහස් කරන්නේ. නමුත් ඔවුන්ට ඇහුම්කන් දීම හා අනෙක් පුද්ගලයන්ගේ ජීව අත්දැකීම්වලට කන්ඳීම හා සෑම කෙනෙකුටම දෙයින් නැගී සිටීමට අවස්ථාව හා ඉඩකඩ සැලැස්වීමයි.

තීන්දු තීරණ ගන්නවුන් සහ නායකයින් ඔවුන්ගේ රට කුමක් වුවත්, කුමන සමාගම හෝ පංතියක වුවත් අන් අයගේ සිතුම් පැතුම් දුක් ගැහැට ගැන සැබෑ අවබෝධයක් ලබා ගන්නට හැකිනම් ඔවුනට මෙම අත්‍යවශ්‍ය මානසික එළිපත්ත තරණය කිරීමට හැකිනම් අපි ක‍්‍රියා කිරීමට අවශ්‍ය වන අභිප‍්‍රාය නිතැතින් අප සතුවේ.

මව්වරුන්ගේ පෙරමුණ 

1990 ගණන්වල මංගල, මහින්ද රාජපක්ෂ සමඟ එක්ව මව්වරුන්ගේ පෙරමුණ පිහිටුවාගෙන මෙම කර්තව්‍යය ඉටු කළේය. ඔවුන්ගේ එම ව්‍යායාම පද්ධතිය අතුරුදන්වූවන් සෙවීම සහ ඒ සඳහා වන්දි ලබාදීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කිරීමට ඇපකැපවී කටයුතු කළේ ය.

අතුරුදහන්වූවන් සඳහා වූ කාර්යාලය හා මංගල 

අතීතයේ සිදුකරන ලද අයථා භාවිතයන් හඳුනා ගැනීමට මූලික පියවර ගැනීම කෙරේ සහ ඒ වෙනුවෙන් සංහිඳියාව ගොඩනැගීම ඉතා වැදගත් බව පෙන්වාදීම කෙරේ මංගල ප‍්‍රසිද්ධ පුද්ගලයෙකි. විදේශ අමාත්‍යවරයා සිටියදී අතුරුදන්වූවන් සඳහාවූ කාර්යාලය පිහිටුවීමට ඔහු පෙරමුණගෙන කටයුතු කළේය. අවසානයේ එම කාර්යාලය දැන් මෙරට ක‍්‍රියාත්මකව පවතී. යුධ වින්දිතයින්ට සහ ඉන් අගතියට පත්වූවනට හානිපූර්ණ ලබාදීමට අවශ්‍ය නීති ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හරහා සම්මත කරගැනීමට මංගල මහත් උනන්දුවෙන් කටයුතු කළේය.

යුද්ධයෙන් බැට කෑ අසරණ පවුල් විසින් ලබාගත් ණය ක්ෂමාකරවීමට සංකීර්ණ තීරණ ගැනීම වෙනුවෙන් මේ මෑතක දී මුදල් අමාත්‍යවරයා ලෙස මංගල මහඟු කාර්යභාරයක් ඉටු කළේය. එමෙන් ම ඔහු දැඩි නියඟයෙන් පීඩාවට පත් ගොවීන් සඳහා ණය සහන වැඩපිළිවෙළක් පසුගිය දිනක දියත් කළේය. වරෙක නෙල්සන් මැන්ඩෙලා ප‍්‍රකාශකර සිටියේ දරිද්‍රතාවය මැඩපැවැත්වීම යනු පිනට දීම නොවන බවයි. එය සාධාරණය ඉටුකිරීමේ ක‍්‍රියාවක් බවයි. එය මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීමකි. අභිමානය හා ගුණාත්මක ජීවිතයක් ගතකිරීමට සැමට ඇති අයිතිය යි.

කෙසේ වුවත් මංගල සලකන්නේ මෙරට වැසියන් සමහර දෙනෙකුගේ  තමනට අහිමිවූ තම ආදරණීයයන් හා තම ජීවිකාවන් අහිමිවූවන් ගේ අභිමානයට මෙතෙක් සිදුකර ඇති දේ ප‍්‍රමාණවත් නොවන බවයි.

අපේ කාලයේ පවතින කලකෝලාහල වලින් විස්තර වන්නේ මානව අභිමානයේ ඌනතාවක් පවතින බවයි. එහෙත් අප ඉදිරියේ ඇති එම උපද්‍රවය අපි අපේ ඇහැට කනට නොපෙනෙන නොඇසෙන සේ සිටින්නෙමු.

නවීකරණය

දෙවනුව මට කිවහැක්කේ ශ‍්‍රී ලංකාව නවීකරණය කිරීම කෙරේ මංගල තුළ තිබෙන විශ්වාසයයි. අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ අනෙකුත් රටවලට ඔහුගේ මේ ආකර්ෂණීය දිවයින විවෘත කිරීමට ඔහු මූලිකව කටයුතු කර ඇත.

එක්සත් ජනපදය හා ශ‍්‍රී ලංකාව අතර පළමු වරට ක‍්‍රමෝපාය කථිකාවතක් දියත්කිරීමට ඔහු සමත්විය. විවෘත රාජ්‍ය හවුලට ශ‍්‍රී ලංකාව සම්බන්ධවූ බව මංගල 2015 වසරේදී ප‍්‍රකාශයට පත් කරන ලදී. දීර්ඝ හා මහත් බාධක වැඩකඩොලූ මැඩ ශ‍්‍රී ලංකාව සහශ‍්‍ර අභියෝග සමාජයට ඇතුළත් කිරීම සඳහා මංගල පෙරමුණගෙන කටයුතු කළේය. දැන් එහි ප‍්‍රතිපල ලැබෙමින් තිබේ. මෙරට ප‍්‍රවාහන හා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ යටිතල පහසුකම් ප‍්‍රවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා නුදුරේදීම එම ව්‍යාපාරය මගින් ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 පමණ ප‍්‍රතිලාභ ලබාදීමට නියමිතය.

තැපැල් හා විදුලි සංදේශ ඇමති 

ඔහුගේ මෑත කාලීන වෘත්තීය ප‍්‍රගමණයන්ට බොහෝ කාලයකට පෙර ඔහු තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයාව සිටි කාලයේ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ කර්මාන්තය පෞද්ගලීකරණය කිරීමට පෙරමුණගෙන කටයුතු කළේ මංගල සමරවීරයි. ඔහුගේ එම දූරදර්ශී ක‍්‍රියා මාර්ගය ප‍්‍රථම වරට එම කර්මාන්තයේ තරඟකාරීත්වයක් ඇතිකළ අතර එම`ගින් එකළ රටේ වරප‍්‍රසාද ලත් පිරිසක් පමණක් භාවිතා කරමින් සිටි එම පහසුකම එය ලබා ගැනීමේ අදිටනින් හත් අට වසරක් බලාසිටි පිරිසකටද භුක්ති වි`දීමට අවස්ථාව උදාවිය. ඒ අනුව එම දෙපිරිස අතර තිබූ පරතරය බි`ද දැමීමට ඔහු සමත්විය. එහි ප‍්‍රතිපලයක් ලෙස අදවනවිට ශ‍්‍රී ලංකාව ආසියාවේ එක් පුද්ගලයෙකුට වැඩිම දුරකථන සංඛ්‍යාවක් ඇති රට බවට පත්ව තිබේ. කෝටි 2 ට ආසන්න ජනගහනයක් ඇති ශ‍්‍රී ලංකාවේ කෝටි 3 හමාරකට ආසන්න ජංගම දුරකථන ග‍්‍රාහකයින් සිටින රටක් බවක් පත්ව ඇත.

ආර්ථික ආයෝජනය හා වර්ධනය උදෙසා දුරකථන සේවයේ ප‍්‍රගතිය සැබවින්ම අත්‍යවශ්‍ය පදනමක් දමාතිබේ. කෙසේ වුවත් තාක්ෂණයට කළහැකි සියලූ යහපත් දේ එනම් කෘතිම බුද්ධි තොරතුරු තාක්ෂණයේ :්ෂ* සිට ස්වයංක‍්‍රීයකරණය දක්වා සමාජ මාධ්‍යයේ සීඝ‍්‍ර දියුණුව බොහෝ සෙයින් අප ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවට අවධානම් එල්ලකර ඇත. ගෝලීය සංවර්ධනය ඉදිරියට ගෙනයාමේ දී මෙම උපකරණ තීරණාත්මක කර්තව්‍යයක් ඉටු කළද එහි ඇති අඳුරු පැතිකඩ හා සීමාවන් නොමැතිව සිදුකළහැකි ක‍්‍රියාකාරකම් සමග ගැටීමට රජයන්ට සිදුව ඇත.

මම විශ්වාස කරන්නේ නව තාක්ෂණයේ රංගප‍්‍රයෝග පිළිබඳව පරික්ෂා කිරීමේ ක‍්‍රමවේදයන් ප‍්‍රබල අයුරින් වැඩිකළ යුතු බවයි. ඒ සඳහා නැවුම් චින්තනයක්, තීක්ෂණ දෘෂ්ටිකෝණයක් සහ තීන්දු තීරණ ගන්නා පුද්ගලයන් විසින් යථාර්ථවාදී පියවර ගැනීම අවශ්‍යවන අතර ඒ තුළින් මේ වනවිටත් දේශපාලනය හා මානව අයිතීන් වෙනුවෙන් තාක්ෂණය මගින් සිදුකර ඇති බලපෑමේ තුළනය සැලකිල්ලට ගන්නා විට ඊට වඩා යහපත් තුළනයක් ඇතිකරගැනීමට ඉහත ක‍්‍රියාවලිය මගින් අපට හැකිවන බවයි.

අමෙරිකානුවන් ගැඹුරු ලෙස භේදබින්නවී සිටි පසුබිමක අප මැතිවරණයට රුසියාව මැදිහත්වීම් කරන විට අපට තිබූ ප‍්‍රශ්නය වූයේ මුසාවාද සහ අනුකරනවාදින් සමාජ මාධ්‍ය යොදාගෙන කෙතරම් බලපෑමක් අපේ රටේ අභ්‍යන්තර දේශපානයට සිදුකළේ ද යන්නයි.

නමුත් කොන්කිරීමට ලක්කරන ලද සමාජ කොටස් වල අයිතීන් හා ඔවුන්ගේ සුබසාධනය පිණිස සටන් කිරීමට මෙකී සමාජ මාධ්‍යජාලා පිල් සතුව ඇත්තේ ප‍්‍රබල ශක්තිය කි.
උදාහරණයක් ලෙස ගතහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සොයාගත් ආකාරයට මුහුණු පොතේ පළවූ මියන්මාරයේ හිංසනය පැතිර යාමයි. වෛරී ප‍්‍රකාශ සහ බොරු බේගල් ආදිය එරට රෝහීන්ග්යා සිද්ධියේ දී දාමරිකකම් පැතිරවීමට නිශ්චය භූමිකාවක් ර`ගදැක්වූ බවයි. පිලිපීනයේ සිට ඉංදියාවට සහ එතැන් සිට මෙක්සිකෝවට සහ ඉන්දුනීසියාවට මීට අවුරුදු 15 පෙර පැවති තාක්ෂණය, අනතුර පේනමානයේ සිටින ජනයා බිල්ලට දෙමින් සිටීමත් සමාජ භේදයන් අවුස්සා එමගින් විනාශකාරී හිංසනය දක්වා එකී සමාජ තල්ලූ කිරීමත් වඩාත් අන්තගාමී හඬවල් බලගැන්වීමත් මෙම සමාජ මාධ්‍ය විසින් සිදුකරනු ලබමින් සිටී.

2018 - මංගල ජාතිවාදයට එරෙහිව 

පසුගිය වසරේ මේ රටේ මුස්ලිම්වරුන් පිළිබඳ වෛරී ප‍්‍රකාශ සහ කුමන්ත‍්‍රණකාරී වාදවිවාද සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරයවීමත් සමග එය හිංසනය හා විනාශය දක්වා පැතිර ගියේය. ඔබගේ එක්තරා රාජ්‍ය නිළධාරියෙකු ඒ සම්බන්ධයෙන් කර තිබුණ විචක්ෂණ නිරීක්ෂණය මම විශ්වාස කරන්නේ මුළු ලෝකයේම අවධානයට පාත‍්‍රවිය යුතු ප‍්‍රකාශයක් බවයි. ඔහු පවසා තිබුණේ ‘විෂබීජය අපේ නමුත් එහි වාහකයා වූයේ මුහුණු පොත’ බවයි.

මෙම අති දුෂ්ඨ ක‍්‍රියාව පැවැති සමයේ එය හෙළා දකිමන් ට්විටර් පණිවිඩ නිකුත්කර ජනවාර්ගික හිංසනය පතුරුවන්නන් සහ එයට අනුබල දෙන දේශපාලකයින් මෙන්ම අනෙකුත් පාර්ශ්ව වලට කිසිදු සමාවක් නොලැබෙන බව පළමු වරටම ප‍්‍රසිද්ධියට පත්කළ දේශපාලන නායකයින් අතර එක් අයෙක් වූයේ මංගල යි.
මිශ‍්‍ර ජනවර්ගයන් සහ ආගමිකයින් ජීවත් වන මෙන්ම භාෂණයේ නිදහස හා අන්තවාදී හඬවල් ක‍්‍රියාකාරීව පවතින අපගේ වැනි සමාජවල මෙකී යථාර්ථය අප නොසලකාහැර ඇත්තෙමු.

සමාජ මාධ්‍ය වේදිකාවල බලපෑම පිළිබඳ අතිශයෝක්තියෙන් කථාකිරීමට මට නුපුළුවන. වසර 13 පෙර මුළු ලෝකය පුරා මුහුණු පොත ප‍්‍රචලිතවීමට පෙර ක‍්‍රීස්තියානි ආගමට මෙන් මුහුණු පොතටද එහි ඇලී ගැලී සිටින්නන් අඩු නොවින. වෙනත් ආකාරයකින් සිතනවා නම් එය උච්චස්ථානයට පැමිණි 2018 වසරේ එක්සත් ජාතීන් අතර රටවල් 167 ක ආර්ථිකයන්හි මූල්‍ය වටිනාකමට වඩා මුහුණු පොතේ වටිනාකම වැඩිවිය. එය ලෝකයේ රටවල් වලින් 85% වැඩි ප‍්‍රමාණය කි.

ශ‍්‍රී ලංකාවේ ද ලක්ෂ 60 ජනතාව පැහැදිලිවම නිතැතින් මුහුණු පොත පාවිච්චි කරයි. ජංගම තාක්ෂණය ලාභදායී හා බොහෝ දෙනෙකුට ලබා ගැනීමට හැකිවන තරමට එය පාවිච්චි කරන ජනගහනය ප‍්‍රමාණය නිතැතින්ම වැඩිවේ. මේ වනවිට මුහුණු පොත සමාගමේ වඩා වැඩි වේගයකින් වර්ධන වෙමින් පවත්නා වෙළඳපල ආසියාව යි.

මුහුණු පොත මෙන්ම අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා වන ට්විටර් සහ ගූගල් ආදිය දිගු කාලයක් තුළ තම සේවාවලින් සමාජයට ඇතිවන විපාක ග‍්‍රහණයකරගැනීමට අසමත්ව ඇත. අවසානයේ දැන් පෙනී යන්නේ ඔවුන්ගේ සමාජ ජාලා නිසා ජනිතවන අපයෝජනයන් හඳුනාගන්නා බවයි. උත්කෘෂ්ඨ ගවේෂණාත්මක ජනමාධ්‍ය මහජන විරෝධතා සහ අනවධානයේ තර්ජනයන් සැබවින්ම මේ සඳහා උපකාරී වී තිබේ. නමුත් මෙකී සමාගම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම හා යහපත උදෙසා සම්මාදම්වීමට මූලිකත්වයක් දී කටයුතු කිරීම අවශ්‍ය කරුණක් වන අතර එවිට ඔවුනට තව තවත් මුදල් උපයමින් එහි ව්‍යාපාරික අරමුණු කරා ගමන් කිරීමට පහසු වේ.

මේ වසරේ ක‍්‍රියාත්මක කිරීමට නියමිත ළමුන් 20 000 සඳහා වූ ඩිජිටල් සාක්ෂරතා වැඩසටහනකට මුහුණු පොත අනුග‍්‍රාකත්වය දක්වා ඇති බව දැනගැනීමට ලැබීම සතුටකි. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ආයතනයේ සුහුරු සමාජ කෙන්ද්‍රය මෙමගින් අරමුණු කරන්නේ සමාජය වඩා යහපත් ලෙස මෙකී තාක්ෂණයන් වටහා ගැනීම සඳහා පුරුදු පුහුණු කිරීමයි. මංගල එය විස්තර කරන්නේ ‘අයහපතින් යහපත නෙලා ගැනීම හා බොරුවෙන් සත්‍ය පෙරා ගැනීම’ වශයෙනි.

මෙය ඉතා වැදගත් කර්තව්‍යයකි. අධ්‍යාපනය, මනාව ගැලපූ නායකත්වය, තාක්ෂණයට නැඹුරුවූ සහ ප‍්‍රජාවට ලැදි තරුණ ජනයා නව තාක්ෂණයේ සෘණාත්මක ප‍්‍රතිවිපාක වල ආධිපත්‍ය විචක්ෂනයෙන් දකින්නට කටයුතු කරනු ඇත.

කෙසේ වුවත් මෙය මානව පලවිපාක ගැන සිතන කළ ඉතා අල්ප තත්වයකි. අපි ඊට වඩා දූරදර්ශීව හා පලල්ව සිතිය යුතුය. මගේ රටේ නම් මම කැමතියි නීති සම්පාදකයින් හා ප‍්‍රතිපත්ති සම්පාදකයින් ඊට ළඟාවිය හැකි මාර්ග ගැන සිතනවාට. එනම්:

- වෛරී ප‍්‍රකාශ ඉවත්කිරීමට අපොහොසත් වූවනට විරුද්ධව දැඩි රෙගුලාසි හා දඩමුදල් පැනවීම,
- දැන්වීම් කරුවන් (හෝ එකී මුවාවෙන් පෙනී සිටින ජාතික ආයතන) නොමග යවන සුළු හා ප‍්‍රකෝපකාරී පණිවිඩ මුදා හරින ක්ෂුද්‍ර ඉලක්ක පරිශීලකයන් ට ඒ සඳහා ඇති ඉඩ ප‍්‍රස්ථා සීමා කිරීම,
- මුසාවාද පතුරුවා ඉන් සිදුවන හානිය පිළිබඳ වගකීමෙන් මිදී සිටීමට උත්සාහ කරන නිර්නාමික ගිණුම් පවත්වාගෙන යෑමට ඇති ඉඩකඩ අවම කිරීම කෙරේ නැවත සිතා බැලීම,
- සමහරක් තාක්ෂණික ඒකාධිකරයන් අනතුරුදායක ලෙස ශක්තිමත් වී ඇත්දැයි සහ ඒවා විශාල ලෙස සමාජයට හානිකරදැයි මෙන්ම එවැනි ආයතන වල එකී අනර්ථකාරී ක‍්‍රියාකාරීත්වය මැඩපැවැත්විය යුතුදැයි දැඩිලෙස පරීක්ෂාවට ලක් කිරීම.

ආණ්ඩුවේ භුමිකාව කෙසේ විය යුතුද ? 

ඔබේ ආණ්ඩුව වැනි ආණ්ඩ විසින් ද අත්‍යවශ්‍යයෙන්ම රඟදැක්විය යුතු භූමිකාවක් ඇත. ශ‍්‍රී ලංකාවේ සියලූ ජාතික භාෂා, සියලූ ප‍්‍රජාවන් අදාල ප‍්‍රමිති අවශ්‍යතා යටතේ මුහුණු පොත විසින් ක‍්‍රියාත්මක කරන ලෙස ඊට බලකර සිටීම හා එසේ නොකරන්නේ නම් දැඩි පලවිපාක වලට මහුණදීමට සිදුවන බව එම සමාගමට ඒත්තු ගැන්වීම. දෙමළ සහ සිංහල භාෂාවලින් මුදා හරින පණිවිඩ අධීක්ෂණය කිරීිමට තරම් ප‍්‍රමාණවත් උපකරණ ස්ථාපනය කිරීම ස`දහා මුහුණු පොත ආයෝජනය කර නැතැයි කීම හුදෙක් පිළිගතහැකි කරුනක් නොවේ. කෙසේවුවත් මුහුණු පොත මීට වඩා පාරිදෘෂ්‍යභාවයෙන් යුක්ත වියයුතු අතර එවිට ශ‍්‍රී ලංකාව මෑතක මුහුණු පාන මෙරටට ආවේනික වූ නව අභියෝග වලට මුහුණ දෙන්නේ කෙසේදැයි එම සමාගමට මාර්ගෝපදේශකත්වයක් සැපයීමට විශේෂඥයිනට සහ සිවිල් සමාජයට අවස්ථාව ලැබේ.

තාක්ෂණය පිළිබඳ කථා කිරීම සෑම විටම සංකීර්ණ කරුණක් බැවින් බොහෝ රටවල් සමාජ මාධ්‍ය හා අන්තර් ජාලය නියාමනය කිරීම හෝ වාරණයන් වැඩි කිරීම සහ එම සේවා දැඩි පරීක්ෂාවට ලක් කිරීම සඳහා අවශ්‍ය වාතාවරණයන් දියත්කරනවා හැර ඔවුන්ගේ ජනතාව ආරක්ෂා කිරීමට නිසි පියවර නොගනී. ඒ වෙනුවට එකී රටල් තමා තමා පරීක්ෂාවට ලක්කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කරයි.

ඇත්ත වශයෙන්ම මෙකී වර්ණාවලියේ අනෙක් කෙළවර ජනතාව යටපත් කරගෙන සිටින සමහර රටවල් එහි සිටින ජනතාව පාලනය කිරීමට හා රැවටීම සඳහා තාක්ෂණය වැඩි වැඩියන් යොදා ගනිමින් සිටී.

#metoo hashtag නමින් මෑතක දී ප‍්‍රචලිත වූ කාන්තා ලිංගික අපචාර විරෝධතා ව්‍යාපාරය යටතේ තම අමිහිරි අත්දැකීම් බෙදාහදාගත් ඊජිප්තු කාන්තාවන් හඳුනාගෙන පසුව ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී.

එසේම මැක්සිකෝ ආණ්ඩුව විසින් නවීන ඔත්තුසේවා උපකරන යෝදාගෙන එරට ජනමාධ්‍යවේදීන්ගේ හා සමාජ ක‍්‍රියාකාරීන්ගේ දුරකථන වලට සවන් දීමට හා ඒවායේ පණිවිඩ පරීක්ෂාවලට ලක් කිරීමට කටයුතුකර ඇත.

නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු වන තුර්කිය මේ වනවිට 100,000 පමණ වෙබ් ජාලාවලට පිවිසීම වලක්වා තිබේ.

නමුත් මම සිතන්නේ මංගලගේ වෘත්තීය තුළ අපට පෙන්වා දෙන්නේ මහජන සේවකයන් වශයෙන් අප සතුව ඇති වගකීම නම් අප යොදා ගන්නා මෙකී උපකරණ සහ නීතිරීති වලින් සිදුවන මානව පලවිපාක පිළිබඳ අප සැලකිළිමත් වියයුතු බවයි. ඔහුගේ ගමන් මගේ සියලූ නවාතැන්පලවල දී අන් අය නොසලකා හැරීමට වඩා කැමැත්තක් දක්වන සමාජ ව්‍යසනයන් ආමන්ත‍්‍රණය කිරීමට පොදුජන ප‍්‍රතිපත්ති යොදාගත හැක්කේ කෙසේද යන්න මංගල ඔප්පුකර පෙන්වාදී ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය

තුන්වනුව සහ අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ අපගේ ගෞරවනීය ක‍්‍රමවේදයේ මුදුන්කණු වන එහි සියලූ ආයතන මංගල විශ්වාස කරන බවයි. ඒවා ශක්තිමත් කිරීමට ඔහු පෞද්ගලිකවම ඇපකැපවී කටයුතු කර ඇත. මංගල යනු තම ගමන් මගේ හරි වැරදි කිරා මැන බලන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයේ එක් ආයතනයක් වැනිය.

ඇමරිකාව හා ලංකාව 

මේ රටේ වැඩිපුරම විකිණෙන පොත් ලැයිස්තුව කුමක්දැයි මම නොදනිමි. එහෙත් අමෙරිකානු පාඨකයන් වැඩි පිරිසක් මිලට ගන්නේ පහත සඳහන් ග‍්‍රන්ථයන්ය.

1984

How Democracies die (ප‍්‍රජාතන්ත‍්‍රවාදය මියැදෙන්නේ කෙසේද)

How Democracies end (ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසන් වන්නේ කෙසේද)

The people vs Democracy (ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව මිනිස්සු)

Can it happen here – Authoritarianism in the US (අමෙරිකාවේ පවතින ඒකාධිපතිවාදව - එය මෙහි සිදුවිය හැකිද)

Facism – A warning  (ෆැසිස්ට්වාදය: අනතුරු ඇගවීමක්)

මෙම ග‍්‍රන්ථ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපගමණය කරමින් සිටින බව අපට දැනීම කොහෙන් හෝ පැමිණෙන සිතුවිලි නොවේ. ඒවා කැළඹිලිකාරී භූමියක් තුළ නිතැතින් හටගන්නා චේතනාවන් වේ.

x නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලොවපුරා ව්‍යාප්ත කරලීමට කැපවූ අමෙරිකානු මුරබල්ලෙකු වූ නිදහසේ නිවහන (Freedom House) අනුව සෘජුවම වර්ෂ 13 ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෝකය පුරා ආපස්සට යමින් තිබේ. එය ලේඛණගතකර ඇති පරිදි මෙසේ ඉතා බරපතල ලෙස මේ තත්වය බලපා තිිබෙන්නේ අතීතයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩා ශක්තිමත්ව පැවති රටවලය. සමස්ථයක් ලෙසගත් කළ 2018 වසරේ දී රටවල් 68 ක පුද්ගල අයතීන්වල, භාෂණයේ හා තම ඇදහිලිවල නිදහස හා නීතියේ ආදිපත්‍ය කෙරේ ඇති නිදහසේ ශුද්ධ පසුබැස්මක් පෙන්නුම්කර ඇත.

x අමෙරිකාවේ වොෂින්ටන් නුවර මූලස්ථාන කොට පිහිටුවා ඇති ලෝක සාමය උදෙසා ජාත්‍යන්තර ප‍්‍රතිපත්ති විශේෂඥ ආයතනයක් වූ කානගි උරුමය (Carnegie Endowment) ලේඛණගතකර ඇති පරිදි ලෝකයේ ආණ්ඩු 70 ට වැඩි ප‍්‍රමාණයක් පසුගිය වර්ෂ 10 තුළ නීතියේ ආදිපත්‍ය වෙනුවට නීතියේ පාලනය ස්ථාපිත කර ඇත. මේ ම`ගින් සිවිල් සමාජය පාලනය කිරීමට දැඩි ක‍්‍රියාමාර්ග කීපයක් එම රටවල් විසින් ගෙන ඇත. (නීත්‍යානුකූල ස්වභාවයක් පෙන්වා ගනුලබන සෘජු බියගන්වන සුළු ප‍්‍රයත්නයන්)   

මේ ආකාරයේ සංකීර්ණ ප‍්‍රවනතාවන් මතුවන අවස්ථාවල ඒවා විසඳීමට සරල ඇස්බැන්දුම් සොයාගත නොහැක. නමුත් දෛවයට ඉඩදී සිටීම ද ඊට විසඳුම නොවේ. නමුත් විශ්වාසනීයත්වයේ පරස්පරයක් අපේ ලෝකය පසුකරගොස් ඇති බවක් පෙනේ. ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටින ඊට ආවේණික අභියෝගවලට වඩා හො`ද විස`දුම් සෙවීම සඳහා උපදෙස් දීමට ඊට අදාල විශේෂඥයින්ට සහ සිවිල් සමාජයට හැකියාව ඇතත් ඒ ගැන නොසලකා තම ක‍්‍රියාදාමයන් රඳා පවතින්නේ ඉතා දුර්වල අත්තිවාරමක් මත වුවත් ඒකාධිපතීන් උඩගුවෙන් ක‍්‍රියාකරමින් සිටී. මේ අතරතුර අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සැගවීමට තැනක් සොයා පැනයමින් සිටින බව පෙනේ.

ෆුකුයාමා කියන්නේ මොනවද ? 


1992 දී මම විද්‍යාල උපාධිය ලබාගත්පසු මධ්‍යස්ථවාදයේ ගෝලීය විජයග‍්‍රණය පිළිබඳ ෆ්‍රැන්සිස් ෆුකුයාමා විසින් රචිත ඉතිහාසයේ නිමාව හා අවසාන මානවයා (The End of History and the Last Man) නමැති වැඩියෙන් ම අලෙවිවූ පොත් ලැයිස්තුවේ මාසයක් පමණ ගතකර තිබුණා. එහි අඩංගු නිබන්ධනවල මධ්‍යස්ථවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට සියලූ මානව සමාජ සඳහා පොදු පරිණාමවාදී රටාවක් තිබුණා. ඒ ආකාරයට බලාපොරොත්තු දේ සිද්ධවුනේ නැහැ. එබඳුම නිශ්චිතභාවයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවගමනය පිළිබඳ මිනිස්සු අද දවසේත් කථාකිරීමට පටන් අරගෙන ඇත. එහි අවසානය අභිමුඛයේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නියත පැතිරීයාම සම්බන්ධව එක් විජයග‍්‍රහයෙකුගේ කථාන්තරයක් ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ වරද අපි සිදු නොකළ යුතුය.

එක්සත් ජනපදය වැනි ප‍්‍රජාතන්තවාදය ස්ථාපිතව ඇති රටවල සිදුවූ මෑතකාලීන ප‍්‍රවනතා අපට නින්දෙන අවදී වීමට සංඥා නිකුත්කර ඇත. මධ්‍යස්ථවාදී ආයතනවල දිගුකාලීන පැවැත්ම - විද්‍යාවේ තරාතිරම - කරුණුවලට ඇති බැඳීම ආදී අපි නොසලකා හැර ඇති සියලූ දේවල් ගණන් නොගෙන සිටිය නොහැක.

ඔබ බොහෝ ඒකාධිපතිවාදීන් දෙස බලන්නේ නම් ජනතාව උදෙසා සිදුකිරීමට ඔවුන් ඉදිරියේ උන් සතුව ඇති හැකියාව අනුව බලනකළ, මම විශ්වාස කරන්නේ අපි සෑම කෙනෙක්ම තෝරා ගන්නේ ප්‍රජාතන්ත‍්‍රවාදී ස්වයං නව්‍යකරණ සඳහා ඇති හැකියාව හා දරා සිටීමේ ශක්තිය යි.

තථ්‍ය ලෙසින්ම කනගාටුදායක අයුරින් ප‍්‍රතිපත්ති කඩකිරීම් නොතකා කාලයක් තිස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ළගාවීම සඳහා වඩා පළල් ආකාරයෙන් යොදා ගන්නා හා පිළිගන්නා දත්ත ගබඩාවන් හතර දෙස බලන කළ 2018 වසරේ ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ප‍්‍රතිශතය ඉතා ඉහළ අගයක හෝ ඒ ආසන්නයට පැමිණ තිබේ.
කනගාටුවට කරුණක් නම් ප‍්‍රජාතන්ත‍්‍රවා දී දේශපාලඥයින් ඉතා සුළු පිරිසක් පමණක් මේ කාරණා ගැන කථා කරන්නට ඉදිරිපත් වීම යි. නමුත් මගේ තර්කයේ සාරය කෙටියෙන් දක්වනවා නම් ප‍්‍රඩාතන්ත‍්‍රවාදී රටවලට වඩා හොඳ ආකෘතීන් ඇති බවයි.

එකතැන පල්වෙන රාජ්‍ය ව්‍යවසාය සහ ආර්ථිකයේ පවතින පාරිදෘෂ්‍යභාවයේ අඩුව නිසා ඒකාධිපති රාජ්‍යවල ආර්ථික වර්ධනයන් හි බාධාවන් ඇතිවීමට ඉඩප‍්‍රස්ථා ඇත. චීනයේ පවා එහි වර්ධනය මන්දගාමීවෙමින් පවතී. කෙනෙකු පුදුමයට පත්වෙන කාරණය නම් විදේශ සේවකයින් අත්අඩංගුවට ගන්නා පරිසරයක් තුළ දේපල අයිතීන් සහ ඒ සම්බන්ධ නිසි ක‍්‍රියාවලියක් නොමැති පරිසරයක් තුළ තමා කෙතරම් ආරක්ෂිත දැයි ආයෝජකයින්ට සැක සංකා ඇතිවන බවයි.

තම විශ්වාසනීය උපදේශකයින්ගෙන් විවේචනාත්මක හඬක් නොනැගෙන නිසාත් ඒකාධිපතීන් වඩා කැමැත්තක් දක්වන්නේ තමාට ගැති පුද්ගලයින්ගේ ආශ‍්‍රය නිසාත් ඔවුහු බොහෝවිට වැඩ වරද්දා ගනී. ඔබ සේවය කරන්නේ බලගතු පුද්ගලයෙකුට නම් ඔබ ඔබගේ එවන් නායකයාට නරක ආරංචියක් රැගෙන යාමට මැළි වේ.

හමුදා අංශවල වඩාත් දක්ෂ නිළධාරීන් ඉහළ තනතුරුවලට පත්කිරීමට ඇති ඉඩකඩ අඩුය, ඒ වෙනුවට වඩා ගැති නිළධාරීන් ඉහළ තනතුරුවලට පත්වේ.

ජනාධිපතිවරයෙකුගේ සේවා කාලයට සීමාවක් නොැමැතිවීම හෝ යාවජීව ජනාධිපතිවරයෙකු පත්කරගත් විට එකී රාජයේ දිරායාම ආරම්භ වියහැක.

සමහරක් ඒකාධිපති ආණ්ඩු යටතේ පවතින යම් යම් අංශවල නවෝත්පාදන ක‍්‍රියාවලියක් සිදුවුවද භාෂණයේ නිදහස නොමැතිකම හා පවතින බිය හේතුකොටගෙන පෙරකී ක‍්‍රියාවලිය යටපකත් නොවන්නේදැයි ප‍්‍රශ්න කිඍිමට අපට කරුණු කාරණා තිබේ.   
  
අවසාන වශයෙන් ජනප‍්‍රිය හා ඒකාධිපති නායකයන් එසේවීමට හේතව විස්තර කෙරෙන ප‍්‍රධාන කාරණාවක වන්නේ අසමානතාවයි සහ වැඩි පිරිසකට තමන් නොසලකා හැර ඇතැයි ඒත්තු යාමයි. මෙම නැඹුරුව යාන්ත‍්‍රීකරනයත් සමග තවදුරටත් වැඩිවේ. කෙසේ වුවත් මධ්‍යස්ථ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ මෙන් ඒකාධිපති පාලන ආණ්ඩු රාමුවක් තුළ එහි බලය අග‍්‍රස්ථානය වටා කෙන්ද්‍රගතව ඇති බැවින් ප‍්‍රතිලාභ වඩා සමානව ජනතාව අතර බෙදී යතැයි බලාපොරොත්තුවීමට කිසිදු කාරණාවක් නොමැත.      
        
සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් පවත්වාගෙන යෑමේ අභියෝගය ලඝුකොට දැක්වීමට මම අදහස් නොකරමි. මගේ රට මෙන්ම ඔබේ රටත් ව්‍යාකූල කාලපරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටී.

පසුගිය වතාවේ මම මෙහි සිටින කාලයේ මට සිතාගන්නවත් පුළුවන් වුණේ නැහැ අමෙරිකානු ජනාධිපතිවරයෙකු එරට අධිකරණයට, මාධ්‍යයට, එරට කාන්තාවන්ට, සුළු ජාතීන්ට, අපගේ තානාපති නිළධාරීන්ට, අපගේ බුද්ධි අංශ නිළධාරීන්ට, නීතිය ක‍්‍රියාත්මක කරන නිළධාරීන් සහ අනෙකුත් අපගේ සමීප මිත‍්‍ර පක්ෂවලට පහර ගසාවි කියා.

අමෙරිකාවේ අපි එබඳු විවිධ ආපදාවන්ට මුහුණ දෙන්නෙමු. දැඩි අසමානතාවය, මුදල් විශාල වශයෙන් දේශපාලනයේ සැරිසැරීම, තම වාසියට හෝයියා කීම, ඡන්ද අයිතියට සීමා පැනවීම, දූෂණය, ජනතාව භේදබින්න කිරීම, වර්ගවාදය හා යම් ප‍්‍රජාවන් සමාජයෙන් බැහැර කර සැලකීම ආදිය 21 වන ශතවර්ෂයේ තම රටේ පවතින ක‍්‍රියාකාරී ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ සක‍්‍රීයව පවතින්නේ කෙසේදැයි යන්න අමෙරිකානු වැසියනට පැනනැගී ඇති බරපතල ප‍්‍රශ්නයකි.

ශ‍්‍රී ලංකාව ද ඊටම ආවේණික දේශපාලන අර්බුද අත්දැක තිබේ. ඒ සමගම ලෝකය පුරා ඒ පිළිබඳ අනතුරු සංඥා නිකුත් කෙරිණ.

නමුත් අපගේ අදාල ආයතන තම අභිප‍්‍රායන්ට නම්‍යව කටයුතු කරන බැවින් අමෙරිකාවේ හෝ වේවා ලංකාවේ හෝ වේවා එම ආයතන බිඳ වැටෙන්නේ නැත.

ඇමරිකාවෙන් උගත හැකි පාඩම් මොනවාද ? 

අමෙරිකාවේ ජනමාධ්‍යවේදීන් දූෂණය පිළිබඳ ගවේෂණය කරමින් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධව ජනතා අවධානය යොමු කරවීම කෙරේ අති විශේෂ කාර්යභාරයක් ඉටු කරන ලදී. එබඳු අවස්ථා කීපයක දී නිර්භීතව සිදුකරන ලද වාර්තාකරණ හේතුවෙන් බරපතල වැරදි කීපයක් අනාවරණය වූ අතර ඊට වගකිව යුත්තන් කීප දෙනෙකුට තම තනතුරුවලින් ඉල්ලා අස්වීමට ද සිදුවිය. අවුරුදු දෙකක පමණ නිශ්ශබ්දව සිටි අපරටේ පාර්ලිමේන්තුව යළිත් වරක් ප‍්‍රාණවත් වී තිබේ. අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ පළමු වරට එරට පාර්ලිමේන්තුවට කාන්තා නියෝජිතයින් 100 පමණ තේරී පත්ව ඇත. පෙර කිසිදාක නොවූ විරූ පරිදි තරුණ තරුණියන් වැඩි පිරිසක් සහ සුළු ජන කොටස් නියෝජිතයින් චන්දයට ඉදිරිපත්වන නැඹුරුවක් දක්නට තිබේ. එමෙන්ම අපගේ ප‍්‍රාන්ත හා පළාත් පාලන ආණ්ඩු දේශගුණික විපර්යාස විෂයයේ සිට ආගමණික හා චන්ද අයතීන් ආදී බොහෝ දැවෙන ප‍්‍රශ්න කෙරේ ඔවුන්ගේ ස්ථාවරය රැගෙන ඇත්තේ ෆෙඩරල් රාජ්‍යය එකී ප‍්‍රශ්න විසදීමට බරපතල උත්සාහයක් නොගන්නා බැවිනි.

ශ‍්‍රී ලංකාවේත් මෑතක ඇතිවූ අර්බුද වලදී මෙරට බොහෝ පුරවැසියන් කියා සිටියේ ඔවුන් කථා කරන්නේ දේශපාලන පක්ෂ හෝ පුද්ගලයන් වෙනුවෙන් නොව ඔවුන් දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් යන්නයි. එදා මෙරට පාරවල් වලට ජනතාව ස්වේච්ඡාවෙන් රොක්වුණේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ ලූයිස් බ‍්‍රැන්ඞීස් ගේ කියමනක් සනාථ කරමින්, එනම් වැදගත්ම දේශපාලන ධුරය හොබවන්නේ එරටේ පුද්ගලික වැසියන් යන්න යි.

පාරම්පරික මෙන්ම නව මාධ්‍ය ආයතන ලාංකිකයන් දැනුවත් කිරීමේ කාර්යයේදී මෙන්ම රාජ්‍ය ආයතනවල වගවීම කෙරේ යොමුකරවීමට මහගු කාර්ය භාරයක් ඉටු කරන ලදී. සිවිල් සමාජය මෙන්ම නව සහ අනෙකුත් පැවති ආයතන මේ සම්බන්ධව ක‍්‍රියාකාරී හා ඵලදායී ලෙස කටයුතු කළේය. මෙරට අධිකරණය රටේ ව්‍යවස්ථාව මුල්කොට සැලකූ අතර ඉතා ස්වාධීනව හා අරමුණේ බරපතලකම අඳුනාගෙන නීතියේ ආධිපත්‍ය බලගැන්වී ය.

මේ සියලූ කර්තව්‍යයන් හේතුවෙන් ආසියාවේ පැරණිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාක්ෂාත් කරලීම වෙනුනේ දැක්වූ ධෛර්ය සම්පන්න භාවයට මෙන්ම මංගල වසර ගණනාවක පුරා සටන් කළ රාජ්‍යයක හෝ පුද්ගලයෙකුගේ හරි වැරදි පරීක්ෂා කිරිමේ ගුණය සම්මානයට ලක් වේ.

මා බලාපොරොත්තු වන්නේ අප දෙරටේම අපි මුහුණ දෙන අභියෝග සහ ඒවා ගමන් ගන්නා දිසාවට ලැබෙන ප‍්‍රතිචාරය අවසානයක් දකින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ශක්තිමත්ව නොනැසී පවතිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වගවීම තවදුරටත් අවශ්‍යබව ඒත්තු ගන්වමිනි.


මංගල - ඔබේ බලාපොරොත්තුවයි

මංගල - ඔබේ බලාපොරොත්තුවයි - ශ‍්‍රී ලාංකිකයින් මනුෂ්‍යත්වය හා විනීතභාවයෙන් අලංක්‍යතවූ මෙන්ම නීතියේ ආදිපත්‍යට ගරු කරන ශිෂ්ඨාචාර සමාජයක් නිර්මාණය කරන අතර මම හිතන්නේ අප දෙරටේම බලාපොරොත්තුව එය බවයි. එමෙන්ම මා ඉදිරියටත් බලාපොරොත්තු වන්නේ අප දෙරට එක්ව කටයුතු කොට අපගේ අවිච්චින්න මිතුදම චිරාත් කාලයක් ඉදිරියටත් රැකගැනීම යි.

මීට ශතවර්ෂයකට පෙර ජර්මන් සමාජ හා ආර්ථික විද්‍යාඥයෙකු වූ  මැක්ස් වෙබර් මියුනිච් සරසවියේ ශිෂ්‍ය සමුළුවක් අමතමින් ‘බුද්ධිමය හෝ ආධ්‍යාත්මික ක‍්‍රියා වෘත්තීයක් ලෙස’ යන තේමාව යටතේ කළ දේශන මාලාවක කොටසක් සමගින් මම මගේ කථාව අවසන් කිරීමට බලාපොරොත්තු වෙමි. එහිදී ‘රැකියාවක් වශයෙන් දේශපාලනයේ නියැලීම’ යන මාතෘකාව යටතේ 1919 ජනවාරි 28 දින වෙබර් විසින් එක් දේශනයක් පවත්වන්නට සුළු කාලයකට පෙර ජර්මනිය 2 වන ලෝක යුද්ධයේ දී යටත්වී තිබුණා. යුද්ධය විසින් මානුෂීයව, භෞතිකව හා සදාචාරාත්මකව සිදුකර තිබූ හානිය අති මහත්. මානව ප‍්‍රගතිය පිළිබඳ බලවේගයක් බවට පත්වීමට දේශපාලනය කෙරේ විශ්වාසයක් පැවැති සමයක් නොවේ එය. එකී කාලපරිච්ෙඡ්දය එම ප‍්‍රදේශවල දේශපාලනය රැකියාවක් ලෙස කිරීම අනිවාර්යයෙන් ම ඉතාමත් දුෂ්කර විය.

සමානුපාතය, වගකීම හා ලැදියාව  - මැක්ස් වෙබර් දේශපාලනය ගැන කියන දේ 

එවැනි පසුබිමක සිට වෙබර් උත්තර සැපයීමට පටන් ගත්තේ ය. ‘ඉතිහාසය නමැති රෝදයේ ස්පෝක් කම්බි බදාගෙන සිටිය යුත්තේ කුමන වර්ගයේ මනුෂ්‍ය ජීවියෙක් ද’. දේශපාලන වෘත්තියේ දී අත්හල නොහැකි ගුණාංගයන් යැයි වෙබර් සිතූ කාරණා තුනක් ඔහු සඳහන් කළේය, එනම්: සමානුපාතය, වගකීම හා ලැදියාව යි.

සමානුපාතය: මෙහිදී වෙබර් අදහස් කරන්නේ සමාජය වෙනස් කිරීම සඳහා කෙනෙකුගේ හැකියාවට කොපමණ තරමින් නිහතමානීත්වය මුසුකළ යුතුද සහ ප‍්‍රතිපත්ති තීරණ හෝ ඒවා බරපතල ලෙස මෙන්ම ප‍්‍රායෝගිකව විශ්ලේෂණය කිරීමට හැකිවන අයුරින් නිසි දුරප‍්‍රමාණයක් පවත්වාගෙන යාම යි.

වගකීම: යනු ඒවා පිටුපස ඇති චේතනාවන් කොතරම් අර්ථාන්විත හා තර්කාන්විතද යන්න නොසලකා සිදුවිය හැකි ප‍්‍රතික‍්‍රියා සහ මැදිහත්වීම් හේතුකොටගෙන ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක පිළිබ`ද කල්පනා කිරීම.

ලැදියාව: යනුවෙන් වෙබර් නිර්වචනය කරන්නේ යම් ආකාරයක ‘ආධ්‍යාත්මිකව ඇතිවන බරපතලකම’ යි, නැත්නම් යම් කෙනෙකුගේ වීර්ය හෝ අප‍්‍රතිහත ධෛර්ය පසුපස ඇති බලවේගය යි.

දේශනය අවසානයේ වෙබර් පවසා සිටියේ:
‘ඉතිහාසයේ අපගේ සම්පූර්ණ අත්දැකීම් සනාථකර සිටින්නේ මේ දිනා ගැනීමට නොහැකි දේ සඳහා මිනිසුන් යළි යළිත් උත්සාහ නොකරන්නේ නම් ලෝකයේ ලබා ගැනීමට හැකි දේවල් වුවද කිසිදා ලබා ගැනීමට නොහැකි බවයි’. දේශපාලනය රැකියාවක් ලෙස කරන එකම තැනත්තා වන්නේ තමා අඥාණයෙකු බව ලෝකය ඔප්පුකර පෙන්වුවත් තම ජීව ගූණය බි`ද නොවැටෙන බව තමාට විශ්වාස පුද්ගලයා යි. ඔහු ඒ සියලූ මුරණ්ඩුකම් වලට මුහුණ දී තමා ලබාදීමට කැමති දේ කාටද කවදාද යන්න පිළිගැනීමට සූදානම් වේ. එසේ කර, සිදුවුන සියල්ල නොසලකා ‘එසේ නමුත්‘ යැයි පැවසිය හැකි පුද්ගලයාට යි.    

අපි දේශපාලන විශ්වාසයන් පරීක්ෂාවට ලක්කළා 

ශ‍්‍රී ලංකාව 26 අවුරුද්දක් පුරා රුදුරු සිවිල් යුද්ධයකින් බැට කෑ රටකි. එය මීට අවුරුදු 10 ට පෙරයි අවසන් වුණේ. මේ කාලය පුරා අපි හැමෝම ජීත් වන්නේ අපේ දේශපාලන විශ්වාසයන් පරීක්ෂාවට ලක් කරමින්.

සියලූ නරුමවාදයන් ක‍්‍රියාත්මකව තිබියදීත් කිසිදා නොවූ පරිදි මට අවබෝධවී ඇති කාරණාව නම් අපගේ ශක්තිය, විශේෂයෙන් දේශපාලනයේ මානව උත්සාහයන් වෙනුවෙන් සේවයක් කිරීමට කැමති පුද්ගලන් තුළ එකී ශක්තිය තිබිය යුතු තැන එලෙසම ර`දා පවතිීවී යන්නයි. දෝෂදර්ශී ලෝකය ඇති සැටියෙන් දකින එක් එක් පුද්ගලයින් මෙසේ කීමට කැමතිවනු ඇත, එනම් ‘අතීතයේ මොනදේ වුනත්’ වඩා හො`ද ලෝකයක් ගොඩනැගීමට උත්සාහ කරමු යන්න යි.

මංගල යනු අන්න ඒ කියන පුද්ගලයන්ගෙන් එක් අයෙක්. එබැවින් මම ඔහු සමග අදත් ඉදිරියටත් එකතුවී ඔහුගේ 30 අවුරුදු මහජන සේවයට ස්තුතිය හා ප‍්‍රශංසාව පුද කරමි.

අනෙක් කරුණ නම් අප සියල්ල දන්නා පරිදි නුදුරු අනාගතයේ දී එළඹීමට ඇත්තේ අපගේ යහපත්ම කාලය යිි.‘‘ 








   
   








සබැඳි පුවත්  



ඛේමාගේ කොලුවා සහ සෑම් මාමාගේ කෙල්ල



0 comments: