Hot!

ආණ්ඩුවක් නොතිබූ රටවල් ගැන දැනගන්න


වරෙක ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් පවසන්නේ, ‘දේශපාලනයේදී කිසිවක් අහම්බෙන් සිදුවන්නේ නැති බවත් එවැනි අහම්බයක් සිදුවුවහොත් එය සැලසුම් කළ දෙයක් ලෙස භාරගත යුතු බවත්ය‘.
වර්තමාන දේශපාලන තත්ත්වය ගැන පවසන විද්වතුන් මෙන්ම ජනතාවගේද අදහස වී තිබෙන්නේ ආණ්ඩුවක් නැති නිසා රට අස්ථාවර, අරාජික තත්ත්වයට පත්වී ඇති බවත් ලංකාවට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම පවා නොලැබෙන බවත්ය.
නීතියේ ආධිපත්‍යය නැති තැන නිදහස ද පැවතිය නොහැකි බව පැරණි ග්‍රීකයින් පවසා තිබේ. මේ කතාව හැබෑවක්ද ? නිදහසේ ජීවත්වීමට, සුවපහසු ජීවිතයක් ගතකිරීමට ආණ්ඩුවක් අත්‍යවශ්‍යද ? කෙසේවුවත්, අරාජිකත්වය හමුවේ යළි නැගී සිටි රාජ්‍යයන් ද ලොව නැතිවාම නොවේ.
පසුකලෙක එවැනි රාජ්‍යයන් ලෝක බලවතුන් බවට ද පත්වූ අවස්ථා එමටය. අනෙක් අතට ආණ්ඩුවක් නැතිව තව තවත් අරාජිකත්වය කරා ගිය රටවල් ද පවතී. මේ ඒ ගැනයි.










මුල්කාලීන ඇමරිකාව








මුල්කාලීන ඇමරිකාව






මුල්කාලීන ඇමරිකාව අරාජිකත්වය රජකළ රටකි. මුල්කාලීන ඇමරිකාව තුළ ආණ්ඩුවක් පැවතියද මෙසමයේදී දෛනික කටයුතු වලදී ජනතාව හා ආණ්ඩුව අතර දුරස්ථ සබඳතාවක් පැවතුණි. ප්‍රාන්ත වලදී ෆෙඩරල් අධිකරණ බලය ක්‍රියාත්මක වුවද නීතියේ ආධිපත්‍යය ද නිසිලෙස ක්‍රියාත්මක නොවීය. නගරබද පිරිස් එක්වී ෂෙරිෆ් කෙනෙකු තෝරා පත්කරගත් අතර බොහෝ දුරට පුද්ගලික ආරක්ෂක සමාගමක් පවත්වාගෙන යන අයෙකු මීට පත්විය.
ඇමරිකාව - බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගැනීමත් සමග එවක බලධාරීන් තුළ ආණ්ඩුවක් යනු කුමක්දැයි යන්න ගැන පැහැදිලි දැක්මක් තිබුණ ද අරාජික රාජ්‍යයකට අවැසි පසුබිම නිර්මාණය කෙරුණේ ද මොවුන් විසිනි. මෙම බලධාරීන්ගේ මූලික අදහස වූවේ ජනතාවගේ කටයුතු වලට දැඩිව මැදිහත් නොවන අන්දමේ ආණ්ඩුවක් බිහිකරගැනීමය. මෙය ‘ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවේ, එය ජනරජයකි‘ යන ප්‍රසිද්ධ විශ්වාසයට හාත්පසින්ම වෙනස් කතාවකි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට බහුතර ජනතා කැමැත්තට අනුව ඔවුන් වෙත විවිධ නීතිරිති ඉදිරිපත් කරමින් කටයුතු කිරීමට හැකිය. අනෙක් පසින් ජනරජයක් පිළිගත් නීති හා පද්ධති වලින් සීමාවට ලක්වන අතර මේ නිසා ආණ්ඩුවකට දූෂණයේ යෙදීමට තිබෙන මාර්ග ද ඇහිරී යයි.










මධ්‍යකාලීන අයිස්ලන්තය








මධ්‍යකාලීන අයිස්ලන්තය






අයිස්ලන්තයේ භූ පිහිටීම නිසා කෙලෙසකවත් එරට ආක්‍රමණික තර්ජන වලට ලක්වීමේ අවදානමක් නොතිබුණි. මේ නිසා ස්ථාවර හමුදාවක් පැවතීමේ අවශ්‍යතාවය ද නැතිවිය. බලයට පත්වූ ආණ්ඩු විසින් පෙන්වාදුන්නේ අයිස්ලන්තයට ආණ්ඩුවක් අවශ්‍යවන්නේ මිනිසුන්ව ආරක්ෂා කිරීමට බවය. රටේ හමුදාවක් නැති නිසාම එරට පුද්ගලයින්ට ගෙවීමට සිදුවන බදු බර පවා අඩුවෙයි. ඇමරිකාවේ මුල්කාලීන බලධාරීන් මෙන්ම අයිස්ලන්ත වැසියන් මෙකල මධ්‍යම ආණ්ඩුවක් ගැන විශ්වාස කළේද නැත. පාලනාධිකාරියේ එක් සාමාජිකයෙකු නීති ගැන සිහිපත් කිරීමට මෙන්ම අවශ්‍ය අවස්ථා වලදී උපදෙස් දීමට සිටියේය. ජනතාවට තමන් කැමති ප්‍රධානියෙකුට සිය අතහිත ලබාදීමේ අවස්ථාව තිබුණි. අදාළ බලධාරියා වටා බලය ඒකරාශී නොවීය. ඝාතන හා වෙනත් අපරාධ වලට දඩ මුදල් අයකර දඬුවම් කෙරුණි. මෙය යුද්ධයට ද අදාළ විය. යම් අයෙකු යුද්ධයේදී 7 දෙනෙකු ඝාතනය කළානම් ඝාතනයට ලක්වූ තැනැත්තන්ගේ පවුල් වලට අදාළ ඝාතකයාට සිදුවනු ඇත. අයිස්ලන්තයේ යුද්ධ නොපැවතීමට ද මේ කරුණ හේතුවිණි.










ස්පාඤ්ඤය 








ස්පාඤ්ඤය






ස්පාඤ්ඤ සිවිල් යුද්ධය හා ඉන්පසු ගතවූ වසර තුනක කාලය නවීන රටක් නිදහස් හා ස්ථාවර බවට පත්වූ අවස්ථාව ලෙස දක්වයි. ඒකාධිපතියෙකු වූ ෆ්‍රැන්කෝට එරෙහිව 1936 දී සිදුකළ විප්ලවයට ආණ්ඩුවක් අනවශ්‍ය බවට තර්ක කළ පිරිස එක්විය. අවසානයේදී ෆ්‍රැන්කෝ බලයෙන් පහකළ විට මේ පිරිස ස්පාඤ්ඤය නිදහසේ පාලනය කරන්නට විණි. රටේ අඩකට වැඩි භූමි භාගයක් ගොවීන්ට ලබාදුන් අතර කිසිදු බලාධිකාරියක පාලනයකින් තොරව ඔවුන් මේ බිම් වගා කළහ. නිදහස් අදහස් පිළිගත් කලාපයන්හි අවන්හල්, සැලූන්, කම්හල් ආදී සියල්ලේ පාලනය හා හිමිකාරීත්වය ඒවායේ සේවකයින්ට පැවරී තිබුණි.






ස්පාඤ්ඤයට පැමිණි ජෝර්ජ් ඕවෙල් සමානාත්මතාවය රජවූ මේ සමාජයේ වෙනස දැක පුදුමයට පත්වී පැවසුවේ, ‘‘සාම්ප්‍රදායික පංති භේදය මත සමාජය බෙදා වෙන්කර තැබීම අතුරුදහන් වී තියෙන නිසා නිතරම සල්ලි ගැන සැලකිලිමත් වෙන දූෂිත එංගලන්තයට මේ තත්ත්වය ගැන හිතාගන්න වත් බැහැ. ගොවීන් හා අපි හැරෙන්න වෙන කිසිම කෙනෙකු මෙහේ නැහැ, ඒවගේම කිසිම කෙනෙකුට ස්වාමියෙකු යටතේ වැඩකරන්න වෙන්නෙත් නැහැ.‘‘ යන්නයි.










ඊජිප්තුව




ඊජිප්තුව





ජනතා නැගිටීමත් සමග ඊජිප්තු ජනපති බුබාරක් 2011 වසරේදී බලයෙන් පහ කෙරුණි. මිලිටරිය බලය පවරාගත් අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවිය. කෙටි කාලයක් ගතවීමත් සමග ජනපති මෝසි බලයට පත්කර මුස්ලිම් සහෝදරත්වය පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයින් සිව්දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත්කර ගැනුණි. මුස්ලිම් සහෝදරත්වය ජනගහනය සම්බන්ධයෙන් තදබල මුස්ලිම් නීති ගෙනඑනු ඇති බව විශ්වාස කෙරුණි. සිය තීරණ වලට කිසිවෙකුට අභියෝග කළ නොහැකි බවට මෝසි පැවසූ විට පවා මුස්ලිම් සහෝදරත්වයේ සහය ඔහුට ලැබුණු විට ඒ බව තවත් තහවුරු විය. ලිබරල් මතවාද විශ්වාස කළ ඊජිප්තු ජනතාව පාරට බැස උද්ඝෝෂණයේ නිරත වූ අතර මීට එරෙහිව මෝසිගේ ආධාරකරුවන් පෙළගැසෙන්නට විය. පසුකාලීනව ජෙනරල් අල් සිසි විසින් මෝසිව බලයෙන් පහකෙරුණි. නොසන්සුන්කාරී දේශපාලන වාතාවරණය හමුවේ කීපවරක්ම ඊජිප්තු පාලනය මිලිටරිය යටතට ගත් අතර මේ කාලය අතරතුරදී කිසිදු ආණ්ඩුවක් පැවතියේ නැත.










බෙල්ජියම









බෙල්ජියම






බෙල්ජියමට දින  589 ක කාලයක් ආණ්ඩුවක් නොතිබුණි. මීට පෙර ඉරාකය විසින් තබන ලද වාර්තාව බිඳහෙලීමට බෙල්ජියම මෙමගින් සමත් වුවේය.  බෙල්ජියම වැනි පොහොසත් රටකට මේ ඉරණම අත්වූයේ කෙසේද ?. එකම හේතුව අරාජිකත්වයයි. ආණ්ඩුවක් සිදුකළ යුතු එදිනෙදා කටයුතු හිටපු අගමැතිගේ නායකත්වයෙන් යුතු තාවකාලික ආණ්ඩුවක් මගින් සිදුවූ අතර සාමාන්‍ය ආණ්ඩුවක ක්‍රියාකාරීත්වය හා සමානවම මේ පිරිසට ද රට ගැන තීරණ ගැනීමේ හැකියාව පැවතුණි. ප්‍රධාන පක්ෂ දෙක වූ ෆ්ලෙමිෂ් හා වලූන්ස් පක්ෂ දෙකට සභාග ආණ්ඩුවක් ගොඩනැගීමට නොහැකි වූ නිසා මේ තත්ත්වය උද්ගත විය. බෙල්ජියමේ පැවති දේශපාලන අර්බුදය කෙතරම් දුරදිග ගියාද කිවහොත් රට දෙකඩ වනු ඇති බවට ද එකල විශ්වාසය පළකෙරුණි. කෙසේ හෝ යළි දේශපාලන ස්ථාවරත්වය සුරකිමින් නැගී සිටීමට බෙල්ජියමට හැකිවිය.










ප්‍රංශය








ප්‍රංශය






ප්‍රංශ විප්ලවය සිදුවූ 1789 සමයේදී අතිශය අස්ථාවර දේශපාලන තත්ත්වයක් රට තුළ ඇතිවිය. ආණ්ඩුවක් පිහිටුවීම හා රජු නැවත පත්කිරීම අතරතුර සංක්‍රාන්ති කාලයේදී ප්‍රංශයේ වීදි පුරා කලකෝලාහල පැතිරුණි. නීතියේ ආධිපත්‍යය බලාත්මක කිරීමට කිසිවෙකු සිටියේ නැත. ජනතාව මෙන්ම රජුට ද බලය නොතිබුණු නිසා රට වියවුල් තත්ත්වයකට මුහුණ පෑවේය. ක්‍රම ක්‍රමයෙන් රජු සිහසුනට පත්කර ආණ්ඩුවක්ද පිහිටවූ නමුත්, ප්‍රංශයේ සැබෑ ආණ්ඩුවක් නැතිව ගතවූ කාලය දිගු වූ අතර රාජකීය පාලනයක් පැවති අසල්වැසි රටවල් ද ප්‍රංශයට අත්වූ ඉරණම දැක කම්පාවට පත්වූවේය. පාලකයින් පරාජය කර නැගී සිටි පළමු රට බවට ප්‍රංශය පත්විය.














යේමනය








යේමනය






‘ප්‍රවෘත්ති කැමරා වලින් තොර සිරියාව යේමනයයි‘ යනුවෙන් වූ කියමනක් තිබේ. කෙසේවුවත්, යේමනයේ සැබෑ තත්ත්වය ගැන පුවත් ඇසෙන්නේ බොහොම කලාතුරකිනි. යේමනය දේශපාලන වියවුලෙන් පිරි රටක් බවට පත්වන්නේ 2011 දී ඇතිවූ අරාබි වසන්තයත් සමගිනි. ඇමරිකානු ආරක්ෂක අංශ මැදපෙරදිග කලාපය පුරාම පැතිරී සිටියද යේමනයේ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඔවුන් ද මෙරට නොසලකා හැර සිටී. ෂිටී මුස්ලිම් කැරලිකරුවෝ දේශපාලන නායකත්වයට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස තර්ජන එල්ල කළහ.





නව අගමැතිවරයෙකු පත්කිරීමට යන බව හෝති කැරලිකරුවෝ මින් ටික දිනකට පසු නිවේදනය කර සිටියහ. විවිධ කණ්ඩායම් 6 කට අධික පිරිසක් මේ වනවිට යේමනයේ විවිධ ප්‍රදේශ පාලනය කරමින් සිටියි. නමුත්, යේමනයේ පාලනය තනිව ගෙනයන කිසිදු කණ්ඩායමක් මේ අතර නැත. ඇමරිකන් හමුදාව මැදපෙරදිග වෙනත් රටවලට මැදිහත් වී සිටින පසුබිමක සුන්නි කැරලිකරුවන් පවා මේ යේමනයට කඩා වැද ප්‍රංශයේ සිදුවූ චාලි හැබ්ඩෝ සමූලඝාතනය වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වේ.









ඉරාකය








ඉරාකය






ආණ්ඩුවක් නැතිව වැඩිම කලක් පැවති රාජ්‍යයට හිමි වාර්තාව බිඳහෙලීමට 2010 දී ඉරාකය සමත් විය. දින 208 කාලයක් ඉරාකයේ ආණ්ඩුවක් නැතිව අස්ථාවර තත්ත්වයට පත්වූ අතර දින 207 ක කාලයක් ආණ්ඩුවක් නොපැවති නෙදර්ලන්තය මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේය. සදාම් හුසේන්ගේ බලාධිකාරිය බිඳ වැටීමට පෙර කාලසීමාවේදී සිය ජීවිත පරදුවට තබා ඡන්දය දැමීමට යෑමට ඉරාක ජනතාව අකමැති වූ අතර දේශපාලඥයින් එක්වී තීරණයක් ගන්නා තෙක් ජනතාව බලා සිටියහ. ඉරාකය අස්ථාවර වීමට බලපෑ හේතු කාරණා කීපයක් තිබේ. ඇමරිකාව - ඉරාකයේ කටයුතු වලට මැදිහත් වීමත් සමග එරට තුළ ප්‍රචණ්ඩත්වය හා අස්ථාවරත්වය එලෙසින්ම තිබුණි. අනෙක් කාරණය වන්නේ සියළුම දේශපාලන නායකයින් සිදුකළ ප්‍රෝඩාව ගැන මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු හෙළිදරව් වීමයි. සියයට 89 ක් හා 91 ක් ලෙස ප්‍රධාන පක්ෂ දෙකම ලැබූ ඡන්ද ප්‍රතිශතය සමීපයෙන් තිබුණි.





































The Richest ඇසුරිනි 

















සටහන - වින්ධ්‍යා ගම්ලත් 


0 comments: