Hot!

යුද්ධය අවසානයේදී හමුදාවට භාරවූ දමිළ ජාතිකයින් 500 ක් අතුරුදහන්






ශ්‍රී ලංකාවේ 2009 යුද්ධය අවසානයේ භාර වීමෙන් පසු යුද හමුදා අත්අඩංගුවේ දී දෙමළ 500 ක් අතුරුදහන් වූ බව තක්සේරු කෙරෙන නව අධ්‍යයනයක්









2009 මැයි 18 හෝ ඊට ආසන්න දිනවල යුද්ධයේ අවසාන භාගයේ සිය අත්අඩංගුවේ දී අතුරුදහන් වූ 500 ක් පමණ වෙතැයි ගණන් බලා ඇති දෙමළ පිරිසට සිදුවූයේ කුමක් දැයි ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අතුරුදහන් සහ ආගිය අතක් නැති අයගේ ඥාතීන්ට පැහැදිලි කර දිය යුතුයැයි එම නම් ලැයිස්තු සංසන්දනය හා විශ්ලේෂණය කළ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන දෙකක් පවසයි.









ශ්‍රී ලංකාව, ලෝකයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන් අතරින් විශාලතම සංඛ්‍යාවක් සහිත රටක් වෙයි. එනමුත් මේ 500 රටේ එකම තැනකින් එකම කාලයක් තුල අතුරුදහන් කරවන ලද විශාලතම සංඛ්‍යාවයි. එම 500 පිළිබඳ තක්සේරු කළ ක්‍රමවේදය සඳහා බලන්න:





“How many people disappeared on 17 - 19 May 2009 in Sri Lanka?”













“2009 දී යටත් වීමෙන් පසු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ දරුණු පරිමාණයම වහාම පරීක්ෂණයක් පැවැත්වීම සඳහා හේතු කාරණා සපයයි,” - 
ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා









“දශකයකට ආසන්න කාලයක් ගතවී තිබුණත්, ඒ වෙනුවට සිදුවී ඇත්තේ, එක්සත් ජාතීන්ගේ වාර්තා සහ ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ අනුව අප දන්නා පරිදි එකී භාරවීම් සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 සේනාංකයේ අණදෙන නිලධාරියාගෙන් කිසිවෙක් මේ වනතුරු ප්‍රශ්න කර නොතිබීමයි. එම නිලධාරියා වන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විධායක ජෙනරාල් ධුරයට උසස් වීමක් ලබා දීම අතුරුදහන් වුවන්ගේ පවුල්වලට කරන ලද අවමානයකි. එහි උත්ප්‍රාසය වන්නේ යුද හමුදාවේ මානව හිමිකම් අධ්‍යක්ෂ මණ්ඩලයද ඔහු යටතට පත්වීමයි. ඥාතීන්ට පිළිතුරු ලබාදිය යුතුමය. ඔවුන් සත්‍යය දැනගත යුතු අතර සත්‍යය දැනගැනීමේ අයිතියක් ඔවුන්ට හිමිය.”









යුද්ධයේ අවසානයේදී අතුරුදහන් වුවන් පිළිබඳව ජීවිත බේරා ගත්තවුන් ගෙන් අවුරුදු ගණනාවක් පුරා ITJP එකතු කර ඇති තොරතුරු වලින් පුද්ගලයන් 300 කට වැඩි දෙනකුගේ නම් සහ ඡායාරූප ද්විභාෂික වෙබ් අඩවියක ප්‍රදර්ශනය කර ඇත . එය සහ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාධාරීන් සහ ඥාතීන් විසින් එකතු කරගන්නා ලද වෙනත් ලැයිස්තු විශ්ලේෂණය කළ මානව හිමිකම් දත්ත විශ්ලේෂක සමූහය (HRDAG) විසින් - දැනට එකතු කර ඇති සහ මෙතෙක් ගණනය කර නැති නම් වලින් - අතුරුදහන් කොට තිබිය හැකි සමස්ත සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාලේඛණමය විශ්ලේෂණයක් සිදුකරන ලදී.









“ඇතුලත දැකිය නොහැකි කළුවර කාමර දෙකක් ගැන හිතන්න,” යි HRDAG සංඛ්‍යාලේඛන විශේෂඥ පැට්‍රික් බෝල් පැහැදිලි කළේය. “අපි පළමු කාමරයකට බෝල විසි කොට ඒවා එකිනෙක හා ගැටෙන හඬට කන් දෙනවා: ක්ලික්, ක්ලික්, ක්ලික්. ඒ හා සමාන බලයක් යොදා දමා ගසනවා: ක්ලික්. අපිට ලැබෙන ඇඟවුම තමයි, දෙවැනි කාමරය වඩා විශාල වීම හේතු කොටගෙන බෝල වලට විසිරෙන්නට වැඩි ඉඩක් ලැබීමෙන් එකිනෙක ගැටෙන වාර ගණන අඩුයි කියන එක. මෙය විවිධ ලැයිස්තු වල අතිපිහිත වන නම් වලින් ආරම්භ කර අතුරුදහන් වී තිබිය හැකි සංඛ්‍යාව පිළිබඳව ඇස්තමේන්තුවක් සකස් කරන්නේ කෙසේද යන කාරණය පිළිබඳ ප්‍රතිභානශීලී පැහැදිලි කිරීමක්.”









“මුලින්ම 2011 වාර්තාවේ සඳහන් වුනේ අතුරුදහන් වීම් 20 යි . ඊළඟට 2014 දී අපට නම් 103 ක් හමුවුනා . මේ අවුරුද්ද මුල එය 280 දක්වා ඉහළ ගිය අතර HRDAG සංවිධානයේ අපේ වෘත්තීය සගයන් විශ්වාස කරන පරිදි ඒ පුද්ගලයන් ගණන 500ක්. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලංකාව තුල මෙන්ම යුද සමයේ බොහෝ සාක්ෂිකරුවන් පලාගොස් ජීවත්වන රටින් පිටතත් තොරතුරු දිගටම රැස් කිරීමේ අවශ්‍යතාවයි,”





යනුවෙන් සූකා මහත්මිය පැවසුවාය.









මේ කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දත්ත රැස් කර බෙදා හදා ගැනීමෙන් උපකාර කළ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ටත්, ලොව පුරා විසිරී සිටින ඔවුන්ගේ හිටපු සගයන්ටත්, ශ්‍රී ලංකාව තුල දෙමළ මානව හිමිකම් ක්‍රියාධාරීන්ටත්, ITJP සහ HRDAG සිය කෘතඥතාව පිරිනමයි. ඒ පුද්ගලයන් නම් නොකරන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ය. සිය ආදරණීයයන් කොහිද, ඔවුන්ගේ ඉරණම කුමක්ද කියා දැනගැනීමේ අනුල්ලංඝනීය අයිතියක් ඥාතීන් ට ඇත. ඔවුන්ට සත්‍යය සොයා දීමේත්, ඔවුන්ගේ බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් සාක්ෂි ඇති අවස්ථා වලදී, ඒ සඳහා වගකිවයුත්තන්ට දඬුවම් දීමේත් වගකීමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බැඳී සිටී.


0 comments: