Hot!

ජනතාව මුලා කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය


විශ්ව ඉන්ද්‍රජිත්  





2015 යහපාලන ආණ්ඩුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ඉතා කඩිමුඩියේ ය. මෙහි නිර්මාතෘවරයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයා හා ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතාය. මෙම සංශෝධනයේ පරමාර්ථ කිහිපයක් දැකිය හැකිය. එහි ප‍්‍රධානතම පරමාර්ථය වන්නේ ජනාධිපතිවරයාගේ යම් යම් බලතලයන් කප්පාදුව හා රාජපක්‍ෂවරුන්ගේ දේශපාලනය අතුගා දැමීමයි.





ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීමේ එක් අංගයක් ලෙස පෙනී යන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පවතින බලයයි. 70 (2) වගන්තියට අනුව ජනාධිපතිවරයාට අවුරුදු 4 1/2 යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය සීමා කොට තිබේ. මෙය ජනාධිපතිවරයාගේ පරමාධිපත්‍ය බලය සීමා කිරීමකි.





නමුත්, 2002 වර්ෂයේ සරත් එන් සිල්වා අගවිනිසුරුවරයා හා හත් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් දී තිබු තීරණයට අනුව ජනාධිපතිවරයාගේ මෙම බලය සීමා කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 කින් හා ජනමත විචාරයකින් එම වගන්තිය සංශෝධනය විය යුතු බව නඩු තීන්දුව මගින් දන්වා තිබේ. නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දී 70 (1) වගන්තිය ඇතුළත් කර මෙම නඩු තීන්දුව සලකා බලා තිබේද ? නැත්නම් මෙම නඩු තීන්දුව මගහැර නොසලකා හැර ඇත් ද යන්න පිළිබඳ ගැටළු ඉස්මතුවේ.





නැතිනම් එම නඩු තීන්දුව ආවරණය කිරීම සඳහා 33 (2) ඈ වගන්තිය ඇතුළත් කර ඇත් ද යන්න පිළිබඳ සැකයක් මතු වෙමින් පවතී.





ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ  වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙනුවෙන් පවරා හෝ නියමකර ඇත්තා වූ බලතල වලට හා කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට, 33 (2) ඇ වගන්තියට අනුව, පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසන් කිරීම සහ විසුරුවා හැරිමට බලය ඇත්තේ ය. මෙම වගන්තිය 70 (2) යන වගන්තියට අතිරේකයක් ලෙස කිසිම තැනක සඳහන් කර නොමැත. ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා ලිය හැකි නෛසර්ගික බලය නැවත වතාවක් තහවුරු කර ඇත.





ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ  වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙනුවෙන් පවරා හෝ නියමකර ඇත්තා වූ බලතල වලට හා කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට, 33 (2) ඇ වගන්තියට අනුව, පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසන් කිරීම සහ විසුරුවා හැරිමට බලය ඇත්තේ ය. මෙම වගන්තිය 70 (2) යන වගන්තියට අතිරේකයක් ලෙස කිසිම තැනක සඳහන් කර නොමැත. ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා ලිය හැකි නෛසර්ගික බලය නැවත වතාවක් තහවුරු කර ඇත.





තවද, 62 (2) වගන්තිය අනුව, සැම පාර්ලිමේන්තුවක්ම පලමු වරට රැස්වීමට නියමිත දින පටන් හෝ අවුරුද්දකට නොවැඩි කාලයක් පවතින්නේ ය. එහෙත් නියමිත කාල සීමාවට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ය. එහි පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය නිසා ම පාර්ලිමේන්තුව විසිර ගියා සේ සැලකෙන්නේ ය.





මෙම වගන්තිය අනුව ද පාර්ලිමේන්තුව විසිර විය හැකි බලය ජනාධිපතිවරයාට හිමිවේ.  මෙම වගන්තිය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළත් කර ඇත්තේ ඉතා කූඨ උපක‍්‍රමයක් ලෙස බව පෙනේ. එය ඔහු තමාගේ ජනාධිපති සිහිනයේ එක් කුමන්ත්‍රණයක් ලෙස මෙය ඇතුළත් කර ඇති බව පෙනෙන්නට තිබේ. තමා කවදා හෝ ජනාධිපති වුවහොත් (එය නොවනු බව ජනතාව දනී) හදිසි අවස්ථාවලදී ප‍්‍රයෝජනයට ගැනීමට මෙම වගන්තිය ඇතුළත් කර ඇති බව පෙනී යයි.





ලංකාවේ හුදු මහජනතාව 19 වැනි ව්‍යවස්ථාව ගැන දැන සිටියේ 70 (2) වැනි වගන්තිය එනම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් යනතෙක් විසුරුවා හැරිය නොහැකි බවයි. ව්‍යවස්ථාවේ 32 (2) අද සහ 62 වන වගන්තිය පිළිබඳ දැන ගැනීමට හැකි වී ඇත්තේ මෙම පාර්ලිමේන්තුව විසුරුවාලීමෙන් පසුවයි.





කෙසේ වෙතත් නවතම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කමිටු අවස්ථාවේ දී ලබා දෙන ලද පිටපතට වෙනස් වූ පිටපතක්  සම්මත වී ඇති බවයි. දැනටමත් මේ පිළිබඳ අදාළ වගකිව යුතු පාර්ශ්වයන් අධ්‍යයනය කරමින් පවතී. මෙයින් පෙනෙන්නේ රනිල් හා ජයම්පති දෙදෙනා ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, රටේ මහජනතාවත් ගොනාට අන්දවා ඇති බවයි.





මෙහිදී දින 100 ආණ්ඩුව මගින් සිදුකර ඇත්තේ මහජනතාව යළි යළිත් ඇන්දවීමයි.





















සබැඳි පුවත් 













මෛත්‍රී නිවැරදිද ? 


0 comments: