Hot!

ලොව දිනූ කලාකරුවන්ගේ උදේ කාලය ගෙවුණු හැටි

ජනාදරයට පත්වූ විශිෂ්ට නිර්මාණ බිහිකළ කලාකරුවන් සිය නිර්මාණ දිවිය ගතකරන්නේ ඔවුන්ටම අනන්‍ය පිළිවෙලකටය. මේසන් කරි විසින් රචිත Daily Rituals: How Artists Work නම් කෘතියේ නිර්මාණවේදීන් 161 දෙනෙකුගේ දෛනික දින චර්යාව ගතවූ අන්දම ගැන සටහන් තබා ඇත. මේ අතර නවකතා රචකයින්, විද්‍යාඥයින් මෙන්ම දාර්ශනිකයින් ද සිටියි. මේ ලිපියෙන් අවධානයට ලක්වන්නේ එවැනි කලාකරුවන් කීපදෙනෙකුගේ උදෑසන දින චර්යාව ගෙවුණු අන්දම ගැනය. 


 


සැල්වදෝර් ඩාර්ලි


ඩාර්ලි සෑම දිනකම අවදි වීමෙන් පසුව සටහන් තබන්නේ ‘මම සැල්වදෝර් ඩාර්ලි වුණු නිසා දැඩි සතුටක් අත්විඳිනවා. මං, මගෙන්ම ඇහුවේ අද මං කරන්න යන අරුම පුදුම දේ මොකක්ද කියලා‘‘ යන්නයි. ඔහු මේ බව සටහන තබන්නේ 1935 දී ය.


ඩාර්ලිගේ උදෑසන කාලය එලෙස ගෙවුණත් උදෑසනින්ම අවදිවීමට දැඩි අකමැත්තක් දක්වන සුප්‍රසිද්ධ කලාකරුවන් ද සිටියි. පැබ්ලෝ පිකාසෝ එවැන්නෙකි.  සාමාන්‍යයෙන් ඔහු සිය කලාගාරයට යන්නේ දහවල් 2 ට පමණය.


 

ජැක්සන් පොලොක්  


ජැක්සන් වරෙක මාධ්‍යවේදියෙකු සමග පවසන්නේ, ‘‘දවල් කාලේ හොඳටම නිදාගෙන රෑ එළිවෙනකල් වැඩකරන පරණ පුරුද්දක් මට තියෙනවා‘‘ යන්නයි.



ඇන්ඩි වෝර්හොල්


ඇන්ඩි වෝර්හොල් 1976 – 1987 අතර කාලපරිච්ඡේදයේදී සතියේ සෑම දිනකම උදෑසන 9 ට අවදි වී ඔහුගේ මිතුරෙකු වූ පැට් හෙකට් හට දුරකථන ඇමතුමක් ලබාගැනීමේ පුරුද්දක් තිබුණි. සිය ගතවූ දිනය ගෙවුණු අන්දම ගැන ඇන්ඩි පැට් සමග කතාබහේ යෙදුණේ මෙලෙසිනි.


සමහරවිට මේ කතාබහ පැය දෙකක් දක්වා දික්වුණු අවස්ථාවන් ද තිබේ. ඉන්පසු ඇන්ඩි ඇඟපත සෝදාගෙන, ඇඳුම් පැළඳුම් වලින් සැරසී පහළ තට්ටුවට පැමිණෙන අතර ගේදොර බලාගන්නා පිරිස සමග ආහාර ගනී. ඉන්පසු, ඔහු Madison Avenue, වෙන්දේසි පොළ, Jewelry District හි වෙන්දේසි හල හෝ කෞතුක භාණ්ඩ තිබෙන කඩ සාප්පු වලට ගොස් ඒවා මිලදීගැනීමට උදෑසන කාලය සම්පූර්ණයෙන්ම වැයකරයි.


බල්තස්


බල්තස්ගේ මූලික තොරතුරු ඉල්ලා Tate Gallery ය 1968 දී යොමුකළ ලිපියකට පිළිතුරු වශයෙන් ටෙලිග්‍රෑම් පණිවිඩයක් යොමුකරමින් ඔහු පවසන්නේ, ‘‘මා සම්බන්ධයෙන් කිසිම මූලික විස්තරයක් අවශ්‍ය වෙන්නේ නෑ. බල්තස් කියන්නේ කිසිම දෙයක් නොදන්නා චිත්‍ර ශිල්පියෙකි. අපි ඔහුගේ චිත්‍ර දෙසට පමණක් අවධානය යොමුකරමු‘‘ යන්නයි.



ප්‍රංශ මාධ්‍යවේදිනියක වූ ඇලන් වර්කොඩෙල්ට් විසින් බල්තස්ගේ ජීවිතගේ අවසාන වසර කීපය ගැන සටහන් තබමින් ඔහු ගැන මතකය අවදි කරන සටහන් පෙළක් 2002 වසරේදී නිකුත් කළාය.


පූසන්, සේවකයින් හා සිය දෙවන බිරිඳ සමග බල්තස් සිය දිවියේ අවසන් භාගයේදී ජීවත් වූවේය. උදේ කෑම වේල ගැනීමට 9.30 ට පමණ අසුන් ගන්නා බල්තස් දෛනිකව ඔහු වෙත එන ලිපි කියවන අතර ඉර එළිය වැටී ඇති ආකාරය අනුව චිත්‍ර අඳිනවාද ?  නැද්ද ?  යන්න තීරණය කරයි.


 

 

 

ඉර එළිය වැටී ඇති ආකාරය අනුව උදේ කාලය ගතවීමෙන් පසුව හෝ සවස් කාලයේදී හෝ ඔහු (දිවියේ සැඳෑ භාගයේදී ඔහු රෝද පුටුවකට සීමා වී සිටියදීද මේ පුරුද්ද අත්හැරියේ නැත.)



අවසන් නොකළ චිත්‍ර ඉදිරිපිට සිට යාඥා කියමින් දැහැන්ගත වන ඔහු හැමවිටම දුම් ඉරුවේය. ‘‘දුම්බීම නිසා චිත්‍ර අඳිද්දී මගේ ඒකාග්‍රතාව වර්ධනය වන බව මං ක්‍රමයෙන් අවබෝධ කරගත්තා.‘‘ යනුවෙන් ඔහු වරක් පැවසුවේය.


රොබට් රොසෙන්බර්ග්


රොබට් රොසෙන්බර්ග් 1993 දී ෆ්ලෝරීඩාවේ පිහිටි ඔහුගේ දේපළ බලාකියා ගැනීමට මැට් හෝල් යොදවා සිටියේය. සෑම දිනකම රොසෙන්බර්ග්ව අවදි කරවන මැට් පවසන්නේ, ‘සෞඛ්‍යසම්පන්න කෑම වේලක්‘ තියෙනවා යන්නයි.


සිය විටමින් ගන්නා රොසෙන්බර්ග් කළු කෝපි බීමට පුරුදු වී සිටියේය.


‘දෙවියනේ, එයා කළු කෝපි කෝප්ප තුනක් බීලා තමයි දවස පටන්ගන්නේ‘‘ යනුවෙන් මැට් පවසා ඇත.


The Young and the Restless නමින් රූපවාහිනියේ විකාශය වූ නාට්‍ය නැරඹීමට ද ඔහු යොමුවී සිටියේය. රොසෙන්බර්ග් පදනමේ ජ්‍යෙෂ්ඨ භාරකාර ධූරය දරන රොබට් රොසෙන්බර්ග් පවසන්නේ, ‘එයා ගොඩක් වෙලාවට රූපවාහිනියට ඇබ්බැහි වෙලා හි‍ටපු කෙනෙක්‘ යන්නයි. 2016 වසරේදී ඔහු Artsy සඟරාවට පවසන්නේ, ‘‘ඔහු රූපවහිනියට දැඩිව ඇබ්බැහි වෙලා ඉන්න ඇත්තේ ද්‍රෘෂ්‍යමය වශයෙන් උත්තේජනයක් ලබාගන්න බව මගේ විශ්වාසය‘‘ යන්නයි.



පුවත්පත් වලින් කපාගන්නා රූප මෙන්ම සඟරා වල පළවී තිබූ ඡායාරූප ද එක්කළ රොසෙන්බර්ග් ඒවා ඒකරාශී කර එකිනෙකට සම්බන්ධ කළේය.


ක්‍රිස් ඔෆිලි


ක්‍රිස් බ්‍රිතාන්‍යයේ සිට ට්‍රිනිඩෑඩ් වෙත 2005 වසරේදී ගියේය. මේ අතරතුර සමයේදී දෛනික කටයුතු වල නිරතවීමේ ස්ථිර රටාවක් නිර්මාණය කරගැනීමට ඔහු සමත්විය. ‘‘මගේ දෛනික වැඩකටයුතු ගැන දැඩි උනන්දුවක් දැක්වූවා කියලා මේ වනතෙක් මට වටහාගන්න බැරිවුණා. ඒත්, මං හිතන්නේ එදිනෙදා කාලසටහනට අනුව වැඩකරද්දි ටොන් ගණන් නීති තිබ්බා‘‘ යනුවෙන් New York Times වාර්තාකරුවෙකු සමග ඔහුගේ එදිනෙදා කටයුතු ගැන විස්තර කරමින් පැවසුවේය.


 


ඔහුගේ චිත්‍රාගාරය කොටස් වලට බෙදා තිබූ අතර තෙල් සායම් යොදාගෙන නිර්මාණය කළ චිත්‍ර එක් පසෙකත්, දිය සායම් යොදා නිර්මාණය කළ චිත්‍ර තවත් පසෙකත් තබා තිබුණි. උදෑන 9 – 10 අතර කාලයේදී චිත්‍රාගාරයට පිවිසෙන ඔහු මෙහි මුල්ලක වෙන්කර තිබූ ඉඩක සිට චිත්‍ර අඳින්නට පටන් ගනී. ඉන්පසු, දැවැන්ත කොළය කොටස් 8 කට වෙන්කරන ඔහු එහි පැන්සලකින් සංකේත යෙදීමට පටන් ගනී. ඉන්පසු, දිය සායම් වලින් චිත්‍ර අඳින්නට පටන් ගන්නා අතර සෑම කොටසකටම අප්‍රිකානු මිනිසෙකුගේ හිසක සටහනක් අඳියි. එක කොළයක් පුරා මෙවැන්නක් ඇඳීමට ගතකරන කාලය විනාඩි 5 – 15 පමණ වේ. සමහර දිනවල මෙවැනි එක් රූපයක් පමණක් ඔහු අතින් ඇඳේ. මෙවැනි දිය සායම් චිත්‍ර 181 එකතුවෙන් නිර්මාණය වූ සිතුවම් පෙළ දශකයකට පමණ කාලයකට පසු හාලම් හි Studio Museum හි ප්‍රදර්ශනය කෙරුණි.


 

ලුවී බෝර්ජියස්


ලුවී සිය දෛනික දිවියේ පුරුදු එලෙසින්ම අනුගමනය කළ තැනැත්තියක බව දිගුකාලයක් පුරා ඇය සමග සිටි සහායිකාවක වූ ජෙරී ගොරොවොයි පවසයි.


සෑම උදෑසනකම අවදිවී කිරි වීදුරුවක් බොන ඇය සීනි ආහාරයට එක්කර ගැනීම පාලනයට ජෙලි ආහාරයට ගැනීමට ද පුරුදු වී සිටියාය.


උදෑසන 10 ට නිවසින් පිටවී බෘක්ලින් හි පිහිටි චිත්‍රාගාරයට ගොස් දෛනික වැඩකටයුතු වල නිරතවීමට ඇය පුරුදු පුහුණු වී සිටියාය.




[caption id="attachment_22194" align="alignleft" width="300"] 10 am is When You Come to Me (2006) කලාකෘතිය[/caption]

10 am is When You Come to Me (2006) කලාකෘතිය මගින් ඇය මේ බව පිළිබිඹු කර ඇත. චිත්‍රාගාරය නිහඬ, නිසංසල තැනක් බවට පත්කරගැනීමට ඇය නිරන්තරයෙන් කටයුතු කළාය.


 

පුංචි හඬක් ඇහුණත් ඇය නොසන්සුන් වෙනවා‘ යැයි ඇගේ සහායිකාව පවසන්නීය.


 

වෑල්ඩින් හා අනෙක් තාක්ෂණික සහයන් ලබාගැනීමට සිය උදෑසන කාලය යොදවන ඇය දවල් ආහාරය ගැනීමෙන් අනතුරුව පැය කීපයක් පුරා ඇඳීමේ නිරත වී දවසේ ඉතිරි කාලය මූර්ති සඳහා යෙදවූවාය.




 

එන්. සී. වයිත් 

එන්. සී. වයිත් Treasure Island and Robinson Crusoe වැනි සම්භාව්‍ය ගණයේ සාහිත්‍ය කෘතීන් චිත්‍රයට නැගුවේය. උදෑසන 5 ට පමණ අවදි වන ඔහු  එන්. සී. වයිත්ගේ උදෑසන ආහාරය වූයේ කිරි ය.


 

ඉන්පසු, දර පළන ඔහු පොරව අතැර දමා 6.30 වනවිට උදේ කෑම වේල ගනියි. මිදි, පෑන්කේක්, බිත්තර හා කෝපි ඒ අතරට අයත්ය. ආහාර සකස් වන තෙක් පෙන්සිල්වේනියා චිත්‍රාගාරයට යන ඔහු ලිපියක් හෝ දෙකක් ලියයි. වෑන් රථයේ යන එන අතරතුරදී තැපැල් කාර්යාලයට යන වයිත් මෙම ලිපි තැපැල් කරයි.


 

නැවතත් වැඩකටයුතු වලට යොමුවෙන ඔහු පයිප්පය දල්වාගෙන චිත්‍ර ඇඳීමට පටන් ගන්නා අතර සාමාන්‍යයෙන් ඔහු වේගයෙන් වැඩ වල නියැලේ. සමහරවිට, චිත්‍රයක් ඇඳ නිමා කිරීමට ඔහුට ගතවන්නේ පැය කීපයක කාලයකි.


 


චිත්‍ර ඇඳීම අතරතුරදී දුෂ්කරතා වලට මුහුණපාන විට කාඩ්බෝඩයකින් කපා ගන්නා කුඩා කොටසක් වීදුරු අතරින් එන එළිය වැසීමට යොදාගනී. යම් හෙයකින් දහවල් 1 වනවිටත් මේ කාඩ්බෝඩ් කොටස ඉවත් කිරීමට අමතක වුණේ නම් මෙදින සිදුවන වැඩකටයුතු ඉතා සෙමින් වන බව ඔහුගේ පවුලේ උදවිය දැනගනී.


 

විලියම් කොනින් හා එලායින් ඩි කොනින්

විලියම් කිසිදා උදෑසන අවදි නොවූ තැනැත්තෙකි. තරුණ වියේ සිටියදී පවා උදෑසන 10 හෝ 11 ට අවදි වීම ඔහුගේ පුරුද්ද වී තිබූ අතර තේ කෝප්පයක් කීපයක් පානය කර දවසේ වැඩකටයුතු වලට පිවිසුණේය.


ඉන්පසු ගතවූ සවස් කාලය වනතෙක්ම චිත්‍ර ඇඳීමේ නිරත වූ විලියම් එය මදකට හෝ නවතා දමන්නේ සවස් කාලයේදී කෑම ගැනීමට හෝ මිතුරෙකු හමුවීමට පමණි. මේ පුරුද්ද විවාහ වූ පසුව පවා නොනැවතුණි.



චිත්‍ර ශිල්පිනියක වූ එලායින් ෆ්‍රෙඩ් සමග විලියම් 1934 දී විවාහ වූවේය. මේ දෙදෙනාම පාන්දර වතතෙක් චිත්‍ර ඇඳීමේ කටයුතු වල නිරත විය. උදෑසනින් පරිපූර්ණ කෑම වේලක් ගැනීම වෙනුවට කෝපි හා කිරි පානය කළ මේ දෙදෙනා ඒවා සිසිල් කරගැනීමට ජනෙල් පඩිය මත ඒවා තබා තිබුණි. (මෙකල ශීතකරණය සුඛෝපභෝගී භාණ්ඩයක් වූ අතර ඔවුන් මෙය මිලදීගැනීමට තරම් ආර්ථික හැකියාවක් නොපැවතුණි).


කෝපි බී සිටි ඔවුන් යුනියන් චතුරස්‍රයේ පිහිටි ඔවුන්ගේ චිත්‍රාගාරයට ගොස් චිත්‍ර ඇඳීමේ කටයුතු වල නිරත වූ අතර කෝපි හෝ සිගරැට් බීමට පමණක් මේ කටයුත්තට විරාමයක් දුණි.


ජොන් මිරෝ

ජොන් සිය දෛනික කටයුතු වලට දැඩිව ඇබ්බැහි වී සිටියේය. චිත්‍ර ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට පෙර අවදියේදී වයස අවුරුදු 18 දී පමණ සිට දැඩි කාංසාමය තත්ත්වයෙන් පීඩා විඳි නිසා නැවතත් තමන්ට එවැනි ඉරණමකට මුහුණදෙන්නට සිදුවනු ඇතැයි ඔහු මහත් කණස්සල්ලෙන් පසුවීම ද මීට හේතුවිය.


සිය බිරිඳ හා දියණිය සමග බාසිලෝනා හි දිවිගෙවූ 1930 දී පමණ සිට ඔහු උදෑසන 6 ට අවදි වූවේය. ඉන්පසු, චිත්‍ර ඇඳීමට පෙර පිරිසිදු වී කෝපි හා පාන් සමග සැහැල්ලු ආහාර වේලක් ගැනීමට ජොන් පුරුදු පුහුණු වී සිටියේය.


උදෑසන 7 සිට දහවල වන තෙක් නොනැවතී චිත්‍ර අඳින ජොන් චිත්‍රාගාරයෙන් පිටවී පැයක පමණ කාලයක් ව්‍යායාම වල නිරත වේ.


දැඩි සැලකිල්ලෙන් යුතුව ව්‍යායාම වල නිරත වූ ඔහු එය කාංසාවෙන් ගැලවීමට හැකි මගක් ලෙස හඳුනාගත්තේය. බාසිලෝනා හි ජීවත් වෙන සමයේදී ස්වීඩනයට අනන්‍ය වූ ජිම්නාස්ටික් වල නිරත වූ අතර කැටලෝනියාවේ නිවාඩුව ගතකරන සමයේදී වෙරළේ පිහිනීම හා ඇවිදීමේ නිරත වූවේය.


මරියානා ඇබ්‍රාමොවික්

රංගන ශිල්පිනියක වූ ඇය Museum of Modern Art Gallery හි දවසට පැය 7 ක් පුරා නොසෙල්වී සිටින අතර, සතියට දින 6 ක් පුරා අඛණ්ඩව සති 11 ක් පුරාවට මෙලෙස සිටියි. ඇගේ නිර්මාණ සමස්තය මෙන්ම ශාරීරික වශයෙන් දැඩි ඉවසීමක් ඇය සතුවූවාය.

සිය රංගන කාර්යයන් අතුරතුරදී කිසිලෙසකින්වත් ඇය කිසිවක් ආහාරයට නොගත් අතර කිසිවක් පානය කළේ ද නැත. මරියානා රාත්‍රී කාලයේදී විනාඩි 45 න් 45 ට නැගිට කුඩා ප්‍රමාණයේ වතුර වීදුරුවක් පානය කළාය. ඉන්පසු, සාමාන්‍ය ඇය උදේ 6.30 ට අවදි වන අතර ඇගේ ප්‍රසංග ඉදිරිපත් වන දිනයකදී නම් උදේ 7 ට අවදි වී අවසන් වතුර වීදුරුව පානය කළාය. බත්, පරිප්පු හා කළු තේ උදේ ආහාරය ලෙස ගත්තාය.


 


ඉන්පසු, උස් කර සහිතව කොලරයකින් යුතු ගවුමකින් සැරසෙන මරියානා රැගෙන යාමට උදේ 9 වනවිට ඇගේ සහයක හා ඡායාරූප ශිල්පියෙකු රැගත් මෝටර් රථයක් නිවසට පැමිණේ. ඊළඟ විනාඩි 45 ක කාලය ඇය සිව්වරක් නානකාමරයට යයි. ප්‍රසංගයන් අතරදී කිසිම විටක විවේක කාමරයේ ගත නොකළ මරියානා කැතීටරයක් පාවිච්චි කරනු ඇත බව මාධ්‍යවේදීන්ගේ විශ්වාසය විය.


කෙසේවුවත්, ඇය පැවසුවේ තමන්ට විවේක කාමරයට යාමේ අවශ්‍යතාවක් මතු නොවූවේ පවතින දරාගැනීමේ හැකියාව නිසා බවයි. පෙර දිනයේදී කළ ඉදිරිපත් කිරීම් බිත්තියේ සනිටුහන් කරන ඇය කෞතුකාගාරය විවෘත කරන තෙක් විනාඩි 15 ක කාලයක් පුරා තනිවම බලාහිඳියි.


ජෝර්ජියා ඕ කෙෆී

'‘උදේට කිසිම මනුස්සයෙක් නැති නිසා හොඳම වෙලාව උදේ. ලෝකයේ කිසිම මනුස්සයෙක් නැති බව දැනෙද්දි මගේ හිතට සතුටක් දැනෙනවා‘‘ බව ඇය 1966 දී සම්මුඛ සාකච්ඡාවකට අදහස් පළකරමින් පැවසුවාය.


ඇය 1949 දී මෙක්සිකෝවට යෑමත් සමග උදෑසනින්ම අවදි වූ බව වාර්තා වේ. ගින්දරේ උණුහුම විඳිමින් තේ කෝප්පයක රස බලමින් අළුයම නැගෙන අන්දම ඇඳේ සිට නැරඹීමට ඇය පුරුදු වී සිටියාය. බස්තමක් ද අතින්ගෙන පැය භාගයක පමණ කාලයක් කාන්තාරයේ ඇවිදින ඇගේ දෑසට හසුවෙන සර්පයින් මරාදැමුවාය. මෙලෙස මරාදැමූ සර්පයින් කුඩා පෙට්ටි වල අසුරා නිවසට පැමිණි ආගන්තුකයින්ට ද පෙන්වුවාය.



අරක්කැමියා පිළියෙල කළ තැම්බූ බිත්තර, පාන්, සුදු ළූණු තෙල් සමග මිශ්‍ර කළ මිරිස් මෙන්ම පළතුරු, කෝපි හෝ තේ උදේ ආහාර වේල ලෙස සාමාන්‍යයෙන් උදේ 7 වනවිට ගැනීමට ඇය පුරුදු වී සිටියාය.


සමහර අවස්ථාවල ගෙවත්තේ ඇවිදීම හෝ ඇයව මුණගැහීමට පැමිණි පිරිස් සමග කතාබහ කිරීමට ද උදෑසන කාලය යොදාගත්තාය. නමුත්, ඇය වඩාත් ඇළුම් කළේ චිත්‍ර අඳින කුටිය තුළට වී කල්ගත කිරීමටය. ‘‘චිත්‍රාගාරය කියන්නේ අපේ හැඟීම් නිදහසේ එළිදකින තැනක්. බොහොම නොඉවසිලිවන්තව කටයුතු කළ හැකි තැනක්‘‘ යන්න ඇගේ විශ්වාසය විය.


 

 

 

 

 

අනුවර්තනය - වින්ධ්‍යා ගම්ලත් 

0 comments: