Hot!

ස්වයං අධ්‍යයනයේ නියැලුණු කලාකරුවෝ

ඕනෑම විෂයක් සම්බන්ධව නිසි අධ්‍යයනයක නියැලීම ඒ කටයුත්ත පහසු කරලනු ඇත. නමුත්, මේ සඳහන ස්වයං අධ්‍යයනයේ  නියැලී පසුකලෙක අතිවිශිෂ්ඨයන් බවට පත්වුණු කලාකරුවන් ගැනයි. මේ ඔවුන් ගැන වූ ලිපි පෙළේ අවසන් කොටසයි. 




 

ග්‍රෑන්ඩ්මා මෝසස්


ඇනා මේරි රොබර්ට්සන් නැතිනම් ‘ග්‍රෑන්ඩ්මා‘ කලා නිර්මාණ ඉදිරිපත් කිරීමට පෙළඹෙන්නේ වයස අවුරුදු 78 දී ය. කිසිදිනක සම්මත අධ්‍යාපනයක් නොලද ඇය ගැන ඇගේ මරණයෙන් පසුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ 1961 දී පළකල මරණ දැන්වීමේ දක්වන්නේ ‘ස්වයං ඉගෙනුම ලද ආදිතමයෙකු‘ ලෙස ය.


ඇගේ කුඩා අවදියේදී ‘lambscapes’ නමින් ඇගේම චිත්‍ර ශෛලියක් වර්ධනය කළාය. මිදි හා දොඩම් යුෂ වල වර්ණක යොදාගනිමින් මේ නිර්මාණ සැකසුණි. ‘ඇය සිය තුරුණු වියේදී හා වැඩිහිටි සමයේදී American printmaking firm Currier හා Ives වල තිබුණු දර්ශන පිටපත් කළාය.‘ ක්‍රම ක්‍රමයෙන් මෝසස්ගේ කලා හැකියාවන් වැඩිදියුණු වන්නට වූවේය. ඇගේ පවුල ක්‍රමයෙන් වර්ධනය වෙත්ම නිවස පුරාවට ඇගේ අතින් ඇඳි චිත්‍ර දිස්වන්නට වූවේය. එමෙන්ම, ඇගේ මිණිබිරියන් වෙනුවෙන් බෝනික්කන් පවා නිර්මාණය කරදුණි.



මහළු වීමත් සමග ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි ඇය කිසිවිටක සිය අතරැඳි පින්සල අත්නොහැරියාය. තමන් පසුකර පැමිණි යුගයේදී අත්දුටු වර්ණයෙන් පිරි, යථාර්තවාදී අත්දැකීම් 1500 කටත් අධික නිර්මාණ ඔස්සේ කරළියට පැමිණුනි.


1939 වසරේදී ඇය ඇඳි සිතුවම් Museum of Modern Art හි “Contemporary Unknown American Painters” ප්‍රදර්ශනය කෙරුණි. මින් වසරකට පසු ඇය සිය ඒකපුද්ගල ප්‍රසංගය දියත් කළාය. ඇය මියගිය 1961 වසර වනවිට ඇමරිකානු ගැමි කලාව ස්වයං අධ්‍යනය කළ වයස්ගත ආච්චි බවට පත්වූවාය. කලා හා සැලසුම් නිර්මාණ කොලිජීයේ ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීමට පවා ග්‍රෑන්ඩ්මා සමත් වූවාය.


හෙන්රි ඩර්ගර්


චිකාගෝ රෝහලේ භාරකරු ලෙස 1930 දී සිට 1973 දක්වා කාලසීමාවේදී සේවය කළ හෙන්රි ඩර්ගර් සිය විවේක කාලයෙන් වැඩි කොටසක් ගතකළේ වාසස්ථානයේ ය. උද්යෝගිමත්ව හා කාර්යශූර ලෙස ලේඛනයේ හා චිත්‍ර ඇඳීම ඔහුගේ එකම අභිලාෂය බවට පත්ව තිබුණි. පිටු 15 සිට 145 දක්වා වූ ප්‍රමාණයක් තුළ රූප සටහන් සීයකට අධික ප්‍රමාණයක් ඔහුගේ අතින් නිර්මාණය විය.



ක්‍රිස්තියානි දහමේ එන දුෂ්ඨ අධිරාජයා විසින් දියත් කළ වහල් ක්‍රමය වෙනස් කිරීමට දායක වූ ළදරු වියේ පසුවූ Vivian Girls නම් රැජිණියන්ගේ කතාව In the Realms of the Unreal නම් චිත්‍රයෙන් නිරූපණය කර ඇත.



දිය සායම් හා කොලාජ් යොදාගනිමින් ඔහු සිය චිත්‍ර පාට කළේය. කාන්තා වීරවරියන්ගේ වීර ක්‍රියාවන් නිරූපණය කරන චිත්‍ර නිර්මාණය කෙරුණු අතර මේ ක්‍රියාවන් තුළ ඔවුන් අත්විඳින දුක, වේදනාව ද ගැබ්වී තිබුණි. මෙවැනි අසිරිමත් නිර්මාණ තුළින් Vivian Girls කතෝලික සාහිත්‍යයේ එන බිහිසුණු කතාවන් නිරූපණය වුවද ඒවා හාසයෝත්පාදක පොත් වල සිටින චරිත හෝ දැන්වීම් වල දකින තරුණියන් මෙන් දිස්විය.


කලා පාසල් තුළින් කිසිලෙසකින්වත් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හෙන්රිට නොලැබුණි. ජනප්‍රිය සංස්කෘතියේ දක්නට ලැබෙන ද්‍රෘෂ්‍ය මෙවලම් හා තේමා හරහා ඔහුගේ කලා හැකියාවන් දියුණු කරගැනීමට අවස්ථාව ලැබුණි. වයස අවුරුදු 8 දී සිට කතෝලික අනාථ නිවාසයක හැදී වැඩුණු හෙන්රි අවුරුදු 13 දී මානසිකව දුබල දරුවෙකු බව හඳුනාගැනුණු අතර ඉන් පසු ඔහු Illinois Asylum වෙත යැවුණි.



කලාකරුවෙකු ලෙස මෙන්ම දරුවන් ආරක්ෂා කිරීමට කැපවුණු තැනැත්තෙකු ලෙස ද හඳුනාගත හැක. වයස අවුරුදු 81 දී දිවියෙන් සමුගත් ඔහුගේ සොහොන් කොත මත ‘කලාකරුවෙකු හා දරුවන්ගේ ආරක්ෂකයා‘ යන නාමයන් දෙකම සනිටුහන් කර තිබුණි.


 

 

 

 

යොකෝ ඔනෝ


යොකෝගේ පියා සංගීතඥයෙකු වූ අතර ඔහුගේ අභිලාෂය වූවේ දිනෙක ඇය පියානෝ වාදන ශිල්පිනියක වනු ඇති බවයි. කිසිදිනෙක ද්‍රෘෂ්‍ය කලාව විධිමත් ලෙස හදාරා නොතිබූ යොකෝ ප්‍රථම උපාධියෙන් පසු තෝකියෝවේ පිහිටි ගකුෂින් හි දර්ශනය හැදෑරීමට අයදුම් කළාය. මෙහි වසර දෙකක අධ්‍යාපනය හැදෑරූ ඇය සිය පවුලේ උදවිය සිටි නිව්යෝර්ක් වෙත ගියාය.



ඇය තුළ සහජයෙන්ම තිබූ සංගීත සංරචන හැකියාව ද උරගා බලමින් 1950 දී සාරා ලෝරන්ස් කොලීජියට ඇය ඇතුල් වූවාය. කවියන්, ද්‍රෘෂ්‍ය කලාකරුවන්, සංගීතඥයින්, නර්තන රචකයින් ආදී පිරිස් නිරන්තරයෙන් මෙහි ගැවසුණු අතර බහු මාධ්‍ය සම්බන්ධ නව අත්හදාබැලීම් ද සිදුකෙරුණි. New School for Social Research හි පර්යේෂණාත්මක සංගීත සංයෝජනය පිළිබඳ පාඨමාලාවකට දායක වූවාය. ඇගේ සංගීත පසුබිම පෙරටුගාමී පරපුරට ඇතුළත් වීමට දැඩි රුකුලක් විය.


විධිමත් කලා අධ්‍යාපනයක් නොතිබීම නව අත්හදාබැලීම් වලට ඇයව යොමුකළ සුවිශේෂී කරුණක් විය හැක. ඔනෝගේ ද්‍රෘෂ්‍ය කලා හා ප්‍රාසාංගික කලා ගෙනහැර බැලූවිට ඒ තුළ න්‍යායාත්මක කරුණු ගැබ්ව ඇතිබව හඳුනාගත හැකිය.


එමෙන්ම, ඇය 1969 දී  විවාහ දිවියට ඇතුළත්වුණේ සුප්‍රකට සංගීතඥයෙකු වූ ජෝන් ලෙනන් සමගය. මේ විවාහ දිවියද ඇගේ නිර්මාණ දිවියට සුවිශේෂී රුකුලක් විය. විධිමත් කලා අධ්‍යාපනයක් ලැබීමට උත්සහ නොකළාක් මෙන් ඔනෝ කිසිවිටෙක ඔහුගේ සහයක් බලාපොරොත්තු නොවී ස්වයං හැදෑරීමක් කළ කලා ශිල්පිනියක ලෙස ප්‍රකට වූවාය.

 


තෝර්න්ටන් ඩයල්


ඇලබාමාවේ ජීවත් වූ කළු ජාතික ගොවි පවුලකට දාව ව ඩයල් ඉපදුණේ 1928 දී ය. වයස අවුරුදු 13 වන තෙක් පාසලකට ඇතුල් වීමේ අවස්ථාව ඔහුට හිමිනොවුණි. දෙවන වසරට ඇතුළත් වූ පසුවද අනෙක් ළමුන්ට වඩා වැඩිමහල් තැනැත්තෙකු මෙන්ම කම්කරුවකු ලෙස සේවයේ නිරතවීම නිසා පාසල් ජීවිතය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් ඔහුට නොතිබුණි. ඩයල් පාසලෙන් පැනගොස් කුලී රැකියාවන්හි නිරත වෙමින් මුදල් උපයන්නට වූවේය. වැඩිහිටියෙකු වූ පසුවද දුම්රිය මැදිරි නිපද වූ කම්හලක සේවයේ නිරත වූවේය. ඔහු මෙම කම්හල 1981 දී වසා දමන තෙක්ම එහි රැඳුණු අතර මින් ලබාගත් අත්දැකීම් ඔස්සේ කලා නිර්මාණ වලට යොමුවූවේය. විවිධ මෙවලම් හා තාක්ෂණික උපයෝගී කරගනිමින් නිර්මාණකරණයේ නිරත වීමට මෙහිදී අනුබලයක් ලැබුණි. මෙහිදී ඔහු නිමකළ අර්ධ රූපික, අර්ධ අමූර්ත දෑ පසුකාලීනව අතිවිශාල එකලස් නිර්මාණ බවට පත්විය.



‘මගේ කලා නිර්මාණ කියන්නේ මා අත්විඳින නිදහසේ සාක්ෂියයි‘ 1990 මැදභාගයේදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඩයල් පැවසුවේය. ‘මං මොනවිදියේ කලා නිර්මාණයක් ආරම්භ කළත් ඊට වුවමනා කරන ඕනම දෙයක් සම්බන්ධ කරන්නට හැකියි. මගේ හිතේ තියෙන අදහසට ගැළපෙන ඕනම දේකින් නිර්මාණයක් පටන් අරන් ඊට ගැළපෙන ඕනම දෙයක් කොහෙන් හරි හොයාගන්නවා.‘‘


ඇමරිකානු සමාජය තුළ දක්නට ලැබුණු වියවුල් පිළිබඳ මනා අවබෝධයක් තිබුණු ඩයල් සංජනනාත්මක විශේෂඥයකු වූවේය. ජාතිවාදය, ලිංගිකත්වය නිසා සිදුවන වෙනස් කොට සැලකීම්, දුප්පත්කම නිසා මිනිසුන්ට අවම පහසුකම් යටතේ ජීවත්වීමට සිදුවීම, දේශපාලන සංසිද්ධි, ඵෙතිහාසික ස්ථාන, ක්‍රිස්තියානි දේශනා ආදිය ඔහුගේ නිර්මාණ වලට හසු වූ තේමාවන් විය.


ඔහු සතුවූ සුවිශේෂී කෞශල්‍යය හා විනිවිද දැකීමේ භාවාත්මක ශක්තිය ආදිය ඔහුටම අනන්‍යය. එදිනෙදා ජීවිතයේදී ඇස ගැටෙන විවිධ වස්තු වලින් අසාමාන්‍ය නිර්මාණ කිරීමේ සුවිශේෂී හැකියාවක් ඩයල් සතුවිය.


 

 

Artsy ඇසුරිනි 

සටහන වින්ධ්‍යා ගම්ලත් 

මීළඟ කොටසින් ස්වයං අධ්‍යයනයේ නියැලුණු තවත් කලාකරුවන් සිව් දෙනෙකු ගැන තොරතුරු  බලාපොරොත්තු වන්න 

සබැඳි පුවත් 

 ස්වයං අධ්‍යයනයේ නියැලුණු කලාකරුවන් සිව්දෙනෙකුගේ කතාව (පළමු ලිපිය)

මා චිත්‍රයට නැගුවේ ජීවිතයේ යථාර්තයයි  – ෆ්‍රීඩා කාර්ලෝ

උමතුව මගේ ජීවිතයයි ෆ්‍රීඩා කාර්ලෝ 

 

0 comments: