Hot!

Oceanfront Condominiums Nilaveli අපේක්ෂා මුදුන් පමුණුවයි

පසුගිය වසරේ අවසාන භාගයේදී International Construction Consortium සමාගම මෙරට ප්‍රථම මුහුදු වෙරළට මුහුණලා ඉදිකෙරුණු, සුඛෝපභෝගී, විවේක බද්ධ නිවාස ව්‍යාපෘතියවන Oceanfront Condominiums Nilaveli ව්‍යාපෘතියේ නිවාස හිමිකරුවන්ට යතුරු බාර දීමට කටයුතු කළේය. සාමාන්‍ය නිවසක් සහ බද්ධ නිවාස අතර වෙනස ආරක්ෂාව සහ නිස්කලංක බවයි. නිලාවැලි ප්‍රදේශයෙන් බැහැරව යළි සිය දෛනික වැඩකටයුතු සඳහා පිටත්ව යන නිවාස හිමියන්ට නිවෙස් මුරකරුවෙකු, ගෙවතු, ගොඩනැගිලි නඩත්තු සහ ආරක්ෂාව පිළිබඳ ලත වීමෙන් තොරව සිය කටයුතු නිදහස්ව ඉටුකර ගැනීමට හැකිය.

මෙම නිවාස සඳහා ඇති ඉල්ලුම මැනවින් හඳුනා ගනිමින් නිවාස හිමියෝ සෘජුව කුලී පදනම මත ලබාදීමෙන් හෝ Agoda, booking.com සහ Airbnb.com වැනි වෙබ් අඩවිවල ලැයිස්තුගත කිරීමෙන් මේවන විටත් එහි උපරිම ඵල නෙළා ගනිමින් සිටිති. ඇතුළත් වීමේ සහ පිටත් වීමේ සේවා, නිවාස පාලනය සහ ලොන්ඩ්‍රි සේවා ICC සමාගම විසින් සිදුකරනු ලබන බැවින් වෙනත් ස්ථානයක සිට සිය නිවාසය කළමනාකරණය කර ගැනීම දැන් වඩාත් පහසුවී ඇත. බොහෝ දෙනෙක් තම ආයෝජනය තවත් ආකර්ෂණීය ආයෝජනයක් බවට පත්කර ගනිමින් ICC සමාගම විසින් පිරිනමනු ලබන ටර්න්-කී විකල්පය මගින් සිය නිවාසවල ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමටත්, දැන්වීම් පළ කිරීමත් නිවාස කළමනාකරණයත් සිදු කරති.

ජනවාරි, අප්‍රේල් සහ දෙසැම්බර් මාසවල රටට විශාල වශයෙන් ඇදී එන අතර, නැගෙනහිර පළාතේ සංචාරය කරන සංචාරකයන් හෝටල් කාමරවලට වඩා බද්ධ නිවාස තෝරා ගැනීමට විශේෂ කැමැත්තක් දක්වන බැවින් එම වෙරළබඩ ප්‍රදේශවල බද්ධ නිවාස සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් වැඩිවී ඇත.



විශේෂයෙන් පවුල් වශයෙන් සංචාරය කරන සංචාරකයන් හට හෝටල් කාමරවල රැඳී සිටීමට වඩා කාමර දෙකක් හෝ තුනක් සහිත බද්ධ නිවාසයක රැඳී සිටීම වඩාත් පහසුය. තවද, මෙම නිවාස ව්‍යාපෘතියේ කාමර, උද්‍යානය, පිහිනුම් තටාකය සහ වෙරළ දසුන ද සුඛෝපභෝගී හෝටලයකට නොදෙවෙනි ලෙස සකස්කර තිබීම නිසා සංචාරකයෝ වැඩි වශයෙන් ඒ සඳහා පෙළඹෙති. එම පරිශ්‍රයේ ඇති ආපනශාලාව තුළ ආහාර ගැනීමට හෝ ආහාර රැගෙන යාමට ද හැකිය.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සම්පූර්ණ කිරීමත් සමග එම නිවාස හිමියන්ට ද නුදුරේදී ම යතුරු බාර දෙනු ඇත. නැගෙනහිර වෙරළ ආශ්‍රිත සංචාරක ඉල්ලුමෙන් උපරිම ඵල නෙළා ගන්නා පිරිස් මේවන විට ද සිය නිවාසවල ගෘහ භාණ්ඩ තැන්පත් කර සංචාරකයන් හට දොරගුළු විවර කර ඇත. www.oceanfrontnilaveli.com වෙත පිවිසීමෙන් නිවාස සහ වෙන්කරවා ගැනීම් පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. නිලාවැලි ව්‍යාපෘතියෙන් ලද සාර්ථකත්වය මත ICC සමාගම ගාල්ල ප්‍රදේශයේ ද Oceanfront Condominiums නිවාස ව්‍යාපෘතියක් මේවන විට ද ආරම්භ කර ඇත.

0 comments: