Hot!

ප්‍රථමවතාවට ජපන් ආරක්‍ෂක අමාත්‍යවරයෙකු කොළඹ වරායේ සංචාරයක

ශ‍්‍රී ලාංකේය වරාය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයෙකුගේ ආගමනය සනිටුහන් කරමින් ජපාන ආරක්‍ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඬේරා මැතිතුමා පසුගිය දා කොළඹ වරායේ විශේෂ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වි ය. එහි දී නියමු මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන රැුසක් එතුමාගේ නිරීක්‍ෂණයට ලක් වි ය. කොළඹ වරාය මේ වන විට අත්කර ගෙන ඇති ප‍්‍රගතිය ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයාගේ විශේෂ ඇගයුමට ලක් වූ අතර, ශ‍්‍රී ලංකාව හා ජපානය අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් දෙරට වරායයන් අතර සමුද්‍රිය සංවර්ධන සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරිණ.




මෙහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා කොළඹ වරාය ලෝකයේ ඉහළ ම වර්ධන අනුපාතය වාර්තා කිරීමට මේ වසරේ පළමු කාර්තුව තුළ හැකි වූ බවත්, ශ‍්‍රී ලංකාව සහ ජපානය අනාදිමත් කාලයක සිට මිත‍්‍ර සම්බන්ධතා පැවැති රටවල් දෙකක් බවත්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායමින් 80%ක දායකත්වය ලබා දෙන ජය බහලූ පර්යන්තය ඉදිකිරීමෙහි ලා ජපන් රජය ලබා දුන් දායකත්වය විශේෂයෙන් කැපී පෙනෙන බවත්, ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයාට පැහැදිලි කළේ නව පර්යන්ත ඉදි කිරීම ඇතුළු පුළුල් යටිතල පහසුකම් ක‍්‍රියාදාමය කොළඹ වරාය තුළ ස්ථාපිත වීම පිළිබඳ එතුමාගේ විශේෂ අවධානයට ලක් කරමිනි.

මෙම අවස්ථාවට ජපාන තානාපති අතිගරු කෙනිචි සුබනුමා මැතිතුමා ඇතුළු ¥ත පිරිසක් මෙන් ම, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ නිලාන් වික‍්‍රමසිංහ, හබර් මාස්ටර් කපිතාන් අතුල හේවාවිතාරණ යන මහත්වරුන් එක් වි ය.

ජපාන ආරක්‍ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඬේරා මැතිතුමාගේ කොළඹ වරාය ආගමනය සංකේතවත් කරමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා විසින් ජපාන ආරක්‍ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඬේරා මැතිතුමා වෙත විශේෂ තිළිණ ප‍්‍රදානයක් ද සිදු කරන ලදි.

0 comments: