Hot!

සැහැල්ලු දුම්රිය පද්ධතිය සමගින් නිවාසි මාලඹේ ව්‍යාපෘතියේ අගය තවත් වැඩි වෙයි

මාලඹේ නගරය තොරතුරු තාක්ෂණය, උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ජීවන ශෛලීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. එම නගරයේ මධ්‍යගත පිහිටීම හේතුවෙන් අනෙකුත් ප්‍රධාන නගරවලට පහසුවෙන් ළඟා වීමට ඇති හැකියාව නිසා මෙරට ජනතාවගේ විශේෂ අවධානය ඒ වෙත යොමුවී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ඉදිවීමත් සමග මාලබේ නගරයට හිමිවූ ආකර්ෂණය මෑතකදී රජය විසින් සැහැල්ලු දුම්රිය පද්ධතිය (LRT) ඉදිකිරිම සඳහා අනුමැතිය ලබාදීමත් සමග ඉදිරි වසරවලදී තවත් තීව්‍රවනු ඇත. එම සැහැල්ලු දුම්රිය පද්ධතිය හරහා කොළඹ නගරයේ සිට මාලබේ නගරයට විනාඩි 27ක් වැනි ඉතා කෙටි කලෙකින් ළඟා විය හැකිය.

ශ්‍රී ලංකා රජය විසින් දියත් කරනු ලබන මෙගාපොලිස් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාලබේ නගරය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සඳහා දැනට ඉතිරි වී ඇති ඉඩම් කට්ටි වෙන්කර ඇති බැවින් මෙවැනි මට්ටමේ නිවාස ව්‍යාපෘතියක් ඉදි වන්නේ ද නැත.

කොළඹ නගරයට ආසන්නව ඉදි කෙරුණු විශාලත ම නිවාස ව්‍යාපෘතියවන ඕකිඩ් මාලබේ ව්‍යාපෘතිය නිවාස සහ බද්ධ නිවාසවල සම්මිශ්‍රණයකින් සැදුම්ලත් අක්කර 22ක දැවැන්ත භූමි ප්‍රමාණයක විහිදී ඇත. එහි තුන්වන සහ අවසාන අදියර මේ වසරේ පළමු කාර්තුවේදී අවසන් කෙරුණු අතර දේපළ වටිනාකම සහ ඉල්ලුම හේතුවෙන් මෙය කදිම ආයෝජනයක් බවට පත්ව ඇත.

මෙරට ප්‍රමුඛත ම නිවාස ඉදිකිරීම් සමාගමක්වන නිවාසි ඩිවලොපර්ස් සමාගම සිය මවු සමාගමවන ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් (ICC) සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය නිවාස ඒකක 160කින් ද, විශාල විවෘත ප්‍රදේශයකින් ද දැවැන්ත පිහිනුම් තටාකයකින් මෙන්ම හරිත වටපිටාවකින් ද සමන්විත වේ.

ප්‍රාථමික සහ ද්විතීයික පාසල්, උසස් අධ්‍යාපන ආයතන, රෝහල්, දෙපාර්තමේන්තු, ආපනශාලා, බැංකු සහ මුල්‍ය සේවා ආයතන මෙන්ම තාක්ෂණික සමාගම් රැසක් ද මේවන විටත් මාලබේ නගරයට ළඟා වී ඇති අතර ඉදිරියේදී එම තත්ත්වය තවත් වැඩිදියුණුවනු නොඅනුමානය. තවද මෙම ව්‍යාපෘතිය නගරබද කලබලකාරී පරිසරයෙන් මිදී සුවදායී වටපිටාවක් අපේක්ෂා කරන පාරිභෝගිකයන් හට වඩාත් යෝග්‍ය ආයෝජනයක් ද වෙයි.

නිවාසි සහ ICC සමාගම් එක්ව මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළ දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් නිමවා ඇත. වසර 35කට අධික පුළුල් පරාසයක විහිදුණු අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන ICC සමාගම, උසස් ම ප්‍රමිතිය සහ නියමිත වෙලාවට ව්‍යාපෘති නිමා කිරීම සම්බන්ධව කීර්තිමත් නාමය සමගින් මෙරට ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගම බව සනාථ කර ඇත.

0 comments: