Hot!

සෞදිය සමාජ ක්‍රියාකාරිනියන්ට මරණ දඬුවම නියම කරාවිද ?

සෞදි අරාබියේ සිටි කාන්තා සමාජ ක්‍රියාකාරිනියන් වන ලොජේන් අල් හත්ලොව්ල්, ඉමාන් අල් නෆ්ජාන් හා අසීසා අල් යූසුෆ් මේ වනවිට දින 100 කට අධික කාලයක් පුරා රඳවා තබාගෙන සිටින අතර ඔවුන් දරුණු බධ බන්ධනයන්ට ලක්කිරීමට නියමිත බව Amnesty International වාර්තා කරයි. පසුගිය මැයි මස 15 වෙනිදා සිට මේ දක්වාම මානව හිමිකම් ක්‍රියාධරයින් 12 දෙනා කිසිදු නඩු විභාගයකින් තොරව රඳවා තබාගෙන සිටියි.

‘‘සෞදි අරාබි කලාපය තුළ මානව හිමිකම් ආරක්ෂා කරන්න පෙනී ඉන්න බොහෝ දෙනෙකු කිසිදු නඩු විභාගයකින් තොරව රඳවා තබාගෙන හිඳීම අතිශය සාහසිකයි. මෙවැනි දඬුවමක් ලබන්න ඔවුන් කරපු එකම වරද අසාධාරණය වෙනුවෙන් හඬ නැගීම පමණයි. මාස තුනකටත් අධික කාලයක් තිස්සේ මොවුන් මේ විදියට රඳවා තබාගෙන ඉන්නවා. මේ කටයුත්ත තවත් ඉදිරියට සිදු නොවිය යුතුය. ‘‘ Amnesty International මැදපෙරදිග කලාපයේ අධ්‍යක්ෂ සමාහ් හඩීඩ් පැවසුවේය.

මේ මස මුලදීද සමාර් බදාවි, නසීමා අල් සාදා යන මානව හිමිකම් ක්‍රියාකාරිනයන් දෙදෙනා ද රඳවා තබාගෙන සිටියි. නවුෆ් අබ්දුල්ලාසීස් හා මායා  අල් සරා යන සමාජ ක්‍රියාකාරිනියන් දෙදෙනාට ද මීට පෙර හිංසා පීඩා සිදුකෙරුණි. මේ වනවිට සමස්තයක් ලෙස මානව හිමිකම් ක්‍රියාකාරිනියන් 12 දෙනෙකු සෞදි අරාබිය තුළ රඳවා තබාගෙන සිටින අතර ඔවුන්ව දරුණු වධබන්ධනයන්ට ද ලක්කරයි. මෙලෙස රඳවා තබාගෙන සිටින මානව හිමිකම් ක්‍රියාධරයින් බොහොමයක් දෙනා කාන්තාවන්ට ද වාහන පැදවීමේ අවසරය ඉල්ලමින් හා පිරිමි භාරකාරීත්ව හිමිකමට එරෙහිව අරගල කළ පිරිසක් වීම ද විශේෂත්වයකි.

 

Amnesty International ඇසුරිනි

0 comments: