Hot!

URGENT: “කියපන් අපි එනවා කියලා - මල්වඩම් ලැස්ති කරගෙන හිටපල්ලා”


මානව හිමකම් ක්‍රියාදරයින් සියල්ලටම පාහේ මේ වන විට මරණීය තර්ජන ආරක්ෂක අංශ විසින් එල්ල කරමින් තිබේ. මෙහි එක පියවරක් ලෙස ඊයේ දිනයේදී බ්‍රිටෝ ප්‍රනාන්දු ඉලක්ක කළ අතර අද උදෑසන ප්‍රසංග ප්‍රනාන්දු හට මරණීය තර්ජන එල්ල කොට තිබේ. එම දුරකථන ඇමතුම පටිගත කිරීමට ඔහු සමත් වී ඇති අතර ඔබ සියලු දෙනාගේම දැනගැනීම උදෙසා එය අපි මෙසේ ප්‍රසිද්ධ කරමු. මොවුන්ගේ සහ පවුල්වල සාමාජිකයින්ගේ ජීවිත වලට වී ඇති මෙම බරපතල තර්ජන ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මොවුන්ගේ සහ පවුල්වල සාමාජිකයින් සියලුදෙනාගේම ජීවිත ආරක්ෂා කරන ලෙසත් අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.