Hot!

බොකෝ හරාම් විනාශය සැටලයිට් ඇසින්

|  නරේන් විශ්වජිත්

බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන් විසින් විනාශ කරනලද නගර ආශ්‍රිතව ලබාගත් සැටලයිට් ඡායාරූපවලින් දැවැන්ත විනාශයක් දැක්වෙන බවත්, මේ හේතුවෙන් මරණයට පත්ව ඇති පිරිස අතිවිශාල විය හැකි බවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි.

ඇම්නෙස්ටි පවසන ආකාරයට මෙම මාසයේදී බාගා සහ ඩොරෝන් බාගා පළාත්වල ගොඩනැගිලි 3,700ක් පමණ සම්පූර්ණයෙන්ම හෝ කොටසක් විනාශ වී තිබේ.

මෙම ප්‍රහාර හේතුවෙන් 2000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට පැවසෙන වාර්තා සාවද්‍ය බව පවසන නයිජීරියානු රජය එය 150ක් පමණ බව කියයි.

කෙසේ වෙතත් ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල් පවසන්නේ ඇසින් දුටු සාක්ෂි අනුව මෙම මරණ සංඛ්යාෙව අති විශාල විය හැකි බවයි.