Hot!

රජයේ තවත් මඩ පෝස්ටර් සැලැස්මක් හෙළිවෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට එක්වූ බව දක්වා මුද්‍රණය කර ඇති මඩ පෝස්ටර් තොගයක් දිවයින පුරා බෙදාහැර ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් ඔස්සේ දැනගන්නට ලැබී ඇත.

මේ පෝස්ටර් ජනවාරි 7 රාත්‍රියේ දිවයින පුරා ඇලවීමට සංවිධාණය කර ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ගෙනැවිත් ඇති පෝස්ටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මේ මොහොතේ දී ආරථික සංවර්ධණ නියෝජ්‍ය අමාත්‍ය S.M. චන්ද්‍රසේන ගේ නිවසෙහි ගබඩා කර ඇතැයි වාර්ථාවේ.

මෙය අවසන් මොහොත දක්වා රහසක් ලෙස තබාගැනීම රාජපක්ෂ කණ්ඩායමේ බලාපොරොත්තු වූවත්. ඔවුන් සමඟ සිටින පාක්ෂකයන් රාජපක්ෂ කණ්ඩායම කෙරෙහි ඇතිකරගත් කලකිරීම නිසි ඔවුන් විසින්ම මේ ආකාරයේ කරුණු සම්බන්ධයෙන් තොරතුරු අප වෙත ලබා දීමට කටයුතු කරමින් පවතී.