Hot!

බැසිල් යයි.. යළි එන්නේ රනිල්ට එකතු වෙන්නද?

බැසිල් රාජපක්ෂග මහතා ඊයේ උදෑසන ලංකාවෙන් පිටත්ව ගියේය. ඒ ඔහුගේ බිරිඳ වන පුෂ්පා සමඟිනි. ඔහු දින කිහිපයක් ඇමෙරිකාවේ තමන්ගේ නිවසට වී කාලය ගත කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් පසු මේ මස අවසානයට යළිත් ලංකාවට පැමිණීමට නියමිතය. ඒ පවතින දේශපලන තත්වය වෙනස් වීමකට් ලක් වුවහොත්ය. 

හෙතම ලංකාවෙන් පිට වීමට පෙරදින රාත්‍රියේ රාජපක්ෂ පවුලේ අයවලුන් අතර දැඩි වාචික ආරවුලක් ඇති වූ බව වාර්තා වේ.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වෙන ආරවුල නිසා හෙතම යළිත් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමට උතසහ දැරියහොත් ඒ ගැන පුදුම විය යතු නැති බව, එම පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයෙකු අපට පැවසීය.