Hot!

මැතිවරණ කොමසාරිස්ට සජිත්ගෙන් ලිපියක්


මහින්දට මෙවර ගොඩයාමක් නැති බව මහින්දම දනියි. මේතරම් බංකොලොත් වන්නට මහින්දට සිදුව ඇත්තේ ඒ නිසාය. මහින්දගේ අවසන් රැළි වලට “අද සජිත් ස්ටේජ් නගිනවා” කියා බොරු ප්‍රචාර යවා සෙනග ගෙන්වීමට මහින්ද කටයුතු කළේ ඒ නිසාය. යුධ ජයග්‍රහණය තව තවත් විකුණාගෙන කෑමට නොහැකි වූ කළ සජිත්ව විකුණාගෙන ඡන්ද ටිකක් ලබාගැනීමට මහින්ද අසාර්ථක උත්සහයක නිරතවෙයි. අද රාත්‍රියේ ” සජිත් සන්ධානයට ආවා”යැයි පෝස්ටරයක් රට පුරා ඇලවීමට, මහින්දගේ අනුගාමිකයින් සියල්ල සූදානම් කරගෙන සිටින්නේද එබැවිනි. මෙරට මැතිවරණ ඉතිහාසයේ, මහින්ද තරම් බංකොලොත් මැතිවරණ ව්‍යාපාරයක නිරත වූවෙකු බිහිවී නොමැති සේම, ඉදිරියේදීද බිහිනොවනු ඇත.