Hot!

අපේ කාලේ යුග පුරුෂයා

මම රාජ්‍ය සේවකයන්ට අකැමති,ඉතාම සරලව කිවුවොත් වෛර කරන කෙනෙක්.

මගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ පටන් ව්‍යාපාරය සම්බන්ධ අනේක විධ කටයුතු වලට මට රාජ්‍ය සේවකයන්ගේ පුහු මාන්න උද්දච්චකම් බලන්න වුණා.එක හේතුවක් දේශපාලන හයියක් නැතිකම.

රජයේ ආයතන,සංස්ථා මණ්ඩල කෝකත් එකයි.නමුත්,පෙන්ෂන් නැති ආවෝ ගියාද මන්දා පෙන්ෂන් කන්තෝරුවලට වඩා මේ අය ටිකාක්  හොදයි.

දැන් මාස දෙක තුනකට උඩදි ආයෙමත් ව්‍යාපාර ලියාපදිංචි කරන වැඩේට කන්තෝරු ගානේ රිංගන්න වුණා.පළ පුරුද්ද නිසා ඒ යද්දි,වෙන වැඩකුත් කරන්න උස්සන් ගියේ රස්තියාදුවේ නිකරුනේ  කාදමන්න කාලයක් නැති නිසයි.ඇගේ ලේ පිච්චුනු තරම් කියන්න වචන නැහැ.

මගේ පුද්ගල ලියාපදිංචියේ විකාර තත්වයක් හදාගන්න මැකෝ හම්බෙන්න යනකන් මං එයා  ගැනත්  හිතන් හිටියේ අනික් ආන්ඩුවේ කාළකණ්නි විදියටමයි.

රැස් විහිදෙන ටයිමහත්තුරු වෙනුවට කසිකබල් කාමරේක ,මල් මහපු යටකරපු නැති බොත්තම් ඇරපු කමිසයක් ඇදලා,කකුල් පොඩි පුටුවක් උඩින් තියන් හිටියේ අමුතු මිනිහෙක්.

ඒ මොහොතේ පටන් මම ඔබට ගරු කළා.
ආදරය කළා.
ඔබව ඇදහුවා.
ඔබව අනුගමනය කළා.

ඔබ මෙන්ම '82 වසරේ පරිපාලන සේවයට එක්වු බොහෝ අය උත්තමයන්.
අවාසනාවට අද වන විට ඔබේ කණ්ඩායමේ අය ඇගිලි ගානක් තරම්වත් රාජ්‍ය සේවයේ නැතිව ඇති.
ඒ තැබු පයක් ආපසු නොගන්නා අය.

I can read you without words.

You are the Great Goverment Servent I've ever seen.& You are the predecessor of my small life path.

I Respect You Simple Humble Man..!!


நன்றி......!!!

- http://malmihi.blogspot.ch/2015/01/blog-post_9.html