Hot!

මහින්ද , ජනසම්මතයට හිස නැමූ පාලකයෙක් නොවේ

| තුසිත හල්ලොලූව සහ ප‍්‍රසන්න සෝලංගආරච්චි

අශිෂ්ඨ පාලනයක් අවසන් කිරීමට ශී‍්‍ර ලංකාවාසි ජනතාව පියවර ගෙන අවසන්ය. පැරදුනත් නොයන, කෙසේ හෝ දිනන, සියලූ බලාපොරෙත්තු සහ කයිවාරු අවසන් කරමින් මහින්ද රාජපක්‍ෂ උපන් ගෙදරට කොටුවී සිටී. සමහරුන් මේ මොහොතේ උත්සාහ කරන්නේ මහින්ද රාජපක්‍ෂ විශිෂ්ඨයෙකු කිරීමටය. ඒ මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමට ප‍්‍රථම සිය තනතුර අතහැර ගියා යැයි ප‍්‍රකාශ වීම නිසාය.

තමාගේ පරාජයට හේතුව දෙමල, මුස්ලිම් සුළු ජාතීන් යයි මහින්ද රාජපක්‍ෂ ප‍්‍රකාශ කරමින් සිටී. ඒ ප‍්‍රකාශය එකමුතු රටක ජාතින් තුළ වෛරය ඇති කරන්නකි. එපමණක් නොවේ. පරාජයෙන් වියරු වැටුණ මහින්ද රාජපක්‍ෂ තමන්ට ඡන්දය දුන් සියලූ සුළු ජාතින් අවමානයට ලක් කරයි. මහින්ද රාජපක්‍ෂට යාපන දිස්ති‍්‍රක්කයෙන් පමණක් 74,454ක ඡන්ද ප‍්‍රමාණයක් ලැබී තිබිණ. ප‍්‍රභාකරන් මරා දැමූ යාපන හිටපු නගරාධීපති දොරේඅප්පා ද ශ‍්‍රීලනිපයේ බව මහින්ද අමතක කර ඇත.

එසේම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නිර්මාණය කිරිමට ඇපකැපවූ බදූර්දින් මොහොමඩ්, සී.ඒ.ඇස්. මරික්කාර් ආදින්ට ශක්තියක් වූ ලාංකේය මුස්ලිම් ජනතාවට ශී‍්‍රලනිපය අහිමි කළේ මහින්ද රාජපක්‍ෂ විසිනි. මේ සියලූ තත්ත්වයන් සමාලෝචනය කරන විට බලයෙන් පහවූ මහින්ද රාජපක්‍ෂ ගැන වඩාත් ප‍්‍රවේශම් විය යුතුව ඇත. ඔහුගේ ආණ්ඩුවේ සිටි සමහර මැති ඇමතීන් මේ වන විට පාර්ලිමේන්තු බලය පෙන්වමින් මෛති‍්‍රපාල සිරිසේනගේ ජයග‍්‍ර‍්‍රහණය හෑල්ලූ කරමින් සිටිති. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ අනන්‍යතාව සහ එහි හිමිකම ගැන යම් යම් ප‍්‍රකාශ කරමින් සිටිති. එහෙත් නිර්ව්‍යාජ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ පක්‍ෂිකයා පසුගිය ජනවාරි 8 වෙනි දින මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයට කැපවී කි‍්‍රයා කළ බව රටේ ජනතාවට රහසක් නොවේ.

මේ රටේ ප‍්‍රගතිශීලින් පෙළ ගැස්වීමේ කාර්යය සිදුකළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ධජය යටතේ ය. ඒ ඉතිහාසය දන්නා කිසිවෙකු මහින්ද රාජපක්‍ෂට ශී‍්‍රලනිපයේ නායකත්වය දීමට කතා කළ නොහැකිය. ඊට හේතු දෙකකි. පළමුවැන්න රටේ ජනතාව මහින්ද රාජපක්‍ෂ බලයෙන් පළවා හැර ඇත. ජනතාව විකල්පය ලෙස තෝරා ගන්නා ලද්දේ ශී‍්‍රලනිපයේ සහජාත පුත‍්‍රයෙකු වන මෛති‍්‍රපාල සිරිසේනය. මේ තත්ත්වය තුළ පරාදවී ගෙදරට විසිවුණු මහින්ද රාජපක්‍ෂ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට පත් කිරීමට තැත් කිරීම පක්‍ෂයට කරන ද්‍රෝහිකමකි. ජනතාව දුන් බලය යොදා සිය පවුලට වාසිදායක බල ආධිපත්‍යයක් නිර්මාණය කරගත් මහින්ද රාජපක්‍ෂ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට කළ කෙනහිළිකම් අප‍්‍රමාණය. පක්‍ෂයේ පැවැත්ම දුර්වල කළේය.

සිය පක්‍ෂය ගැන නොතකා තමන්ගේ පවුලේ පැවැත්ම ගැන පමණක් කල්පනා කළ මහින්ද රාජපක්‍ෂ ඔහුගෙන් පසු අධිපතිවාදී බලය සිය පුත‍්‍රයා වූ නාමල් රාජපක්‍ෂට පැවරීමේ උත්සායක නිරතව සිටියේය. ඒ වෙනුවෙන් සෑම පාක්‍ෂිකයෙක්ම රැවටීමට ලක් කළේය. එසේම පක්‍ෂයේ තරුණ සංවිධානය නාමල් රාජපක්‍ෂගේ බලාධිකාරය ගොඩනංවන යාන්ත‍්‍රණය බවට පත්කරමින්, විනයගරුක, යුක්තිගරුක තරුණ සංවිධානයක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ සංවිධානය අද නිල් බලකාය නමින් දූෂිතයන්ගේ, වංචාකරුවන්ගේ සහ හොරුන්ගේ නවාතැන් පොළක් බවට පත්කරගෙන සිටියේය.

මහින්ද රජකම් කරද්දී නාමල් යුවරජු ලෙස අභිෂේක ගැන්වීමේ අටියෙන්, ලංකාවේ සිටින සියලූ තරුණයන්ගේ තරුණියන්ගේ අයිතිකරුවා නාමල් යැයි බලහත්කාරී මතවාදයක් ගොඩනංවමින් සිටියේය. මහින්දට අවශ්‍ය වූයේ කෙසේ හෝ අනාගත බලාපොරොත්තුව මුදුන්පමුණුවා ගැනීම පමණි.

1951 නිර්මාණය කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ආදි ජාතින් සහෝදරත්වයෙන් සම අසුන් ගන්වා තිබිණ. එය ඓතිහාසික සත්‍යයකි. ඒ තුළ පළාත් කුල හෝ ආගම් බේද තිබුණේම නැත. එහෙත් පවුලක් ශක්තිමත් කරන්නට යාම තුළ මහින්ද රාජපක්‍ෂ ශී‍්‍රලනිපයට කළ විනාශය දන්නා කිසිවෙකු මෛති‍්‍රපාල සිරිසේනගේ ජයග‍්‍රහණයට එරෙහිව මහින්ද ශක්තිමත් කළ යුතු නැත. ඒ සඳහා කල්ලි ගැසිය යුතු නැත. මෛති‍්‍රපාල සිරිසේන මේ ජයග‍්‍රහණය කරවා ඇත්තේ රටට අහිත කර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමේ කාර්යයි. එය පක්‍ෂය පිළිගත් මූලික ප‍්‍රතිපත්තියකි.

ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ විශ්වාසයද එය විය. ආණ්ඩුවේ තවමත් රැඳී සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතින් මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට කැඳවීම ගැන අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතකි. දැන් මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තු දේශපාලනයට කැඳවීමේ කොන්ත‍්‍රාත්තුව භාරව සිටින්නේ විමල් වීරවංශ මිස ශී‍්‍රලනිපය නොවේ.

මේ කුමන්ත‍්‍රණය ජයග‍්‍රහණ කළොත් මේ රටේ ගොඩනැගෙන ජන වාර්ගික සමගිය නැවත අනතුරට පත්වේ. දූෂණ වංචා රජවනු ඇත. සිසුන් මර්දනය කරනු ඇත. මාධ්‍ය බිය ගන්වනු ඇත. මහින්ද රාජපක්‍ෂ සිය වාසිය පිණිස කළ මෙවැනි ද්‍රෝහිකම් බොහෝය. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තුලින් නිර්මාණයවූ මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මහින්ද රාජපක්‍ෂට එරෙහිව එළියට බැස්සේ විදේශ කුමන්ත‍්‍රණ නිසා නොවේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අනන්‍යතාවය සහ ආරක්‍ෂාව වෙනුවෙනි. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කපා දමා මහින්ද රාජපක්‍ෂ කරගත් විනාශය නිසාය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ඉතිහාසයේ රට වෙනුවෙන් ලබාදුන් ජයග‍්‍රහණ බොහෝ්ය. ඒ සියල්ල අදත් සිහිපත් කරන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පොදු සහ සාමුහික ජයග‍්‍රහණ හැටියටය. ඒ මිස අරයාගේ මෙයාගේ හපන්කම් ලෙස නම් නොවේ. එහෙත් මහින්ද රාජපක්‍ෂ විසින් ඒ ශ‍්‍රීලනිප අනන්‍යතායව මුළුමනින්ම විනාශ කළේය. දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් විසින් ආරම්භ කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රතිපත්ති මුල්කොට මිස පුද්ගලවාදය මුල් කොට ගත් දේශපාලන ධාරාවක් නොවේ. ඒ තුළ ඇත්තේ කාලීනව නිර්මාණය වන ප‍්‍රගතිශීලි මතවාද වෙනුවෙන් පෙනී සිටිම සහ එකී සටන් මුවහත් කොට ජයග‍්‍ර‍්‍රහණය කරවිමය.

ශී‍්‍රලනිප මහ ලේකම් ලෙස මෛත‍්‍රිපාල සිරිසේන මේ සිදුකරමින් සිටිනනේ ඒ පක්‍ෂයට පැවරුණ අනන්‍ය ජාතික කර්තව්‍ය බව රටට රහසක් නොවේ. ඒ නිසා ශී‍්‍රලනිපය මෙන්ම ලාංකේය ජනතා ප‍්‍රර්ථනා සිය බලලෝභී, පවුල්වාදි දේශපාලනය හරහා යටපත් කළ මහින්ද රාජපක්‍ෂ නැවත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හරහා දේශපාලනයට කැඳවීම පරාජය කළ යුතු බව අප කියා සිටිමු.