Hot!

චාර්ලි හෙබ්දෝ නවතම කලාපය ගැනීමට දිගු පෝලිම්

චාර්ලි හෙබ්දෝ සඟරාවේ නවතම කලාපය මිලදී ගැනීම සඳහා ප්‍රංශය පුරා දිගු පෝලිම් සැදී තිබුණු බව විදෙස් වාර්තා පවසයි.

එම සඟරාවේ කාර්යාලයට පැමිණි ජිහාඩ් අන්තවාදීන් කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරමින්, තවත් පස් දෙනෙකු තුවාල කර සතියකින් පසු නිකුත් වූ මෙම කලාපය පිටපත් මිලියන 5ක් මුද්‍රණය කර ඇති බව වාර්තා වෙයි.

චාර්ලි හෙබ්දෝ වෙත එල්ල වූ ප්‍රහාරයෙන් එහි මාධ්‍යවේදීන් 7 දෙනෙක්, කර්තෘවරයා ඇතුළු තවත් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉන් දින දෙකකට පසු එල්ල වූ තවත් ප්‍රහාරයකින් හා ප්‍රාණ ඇපකාර සිද්ධියකින් තවත් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.