Hot!

අධිකරණයේ කශේරුකාව තවත් ශක්තිමත් වේ: රජාගේ අනෙක් කනටත් පහරක්!

ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව ජනපති ජනහමු හො ඒ සමාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තහනම් කරමින් කඩුවෙල දිසා අධිකරණයෙන් පැනවූ වාරණය ඉවත් කරන්නැයි අද (07) අයිටීඑන්, රූපවාහිනී හා ස්වර්ණවාහිනී ආයතන ගොනු කළ පෙත්සම අභියාචනා මහාධිකරණය ඉවත දමා තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතාට අවාසි වන ආකාරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමට ඉහත සඳහන් කළ ආයතන සූදානම් වන බවට සඳහන් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීතීඥයින් කඩුවෙල දිස්ත්‍රික් උසාවියෙන් එම වාරණ නියෝගය ලබා ගෙන තිබිණි. එම නියෝගය ඉවත් කරගැනීමට රාජපක්ෂ පිල විසින් මාධ්‍ය ආයතන පොළඹවා අභියාචනාධිකරණය වෙත යොමු කළත් එම උත්සාහය අසාර්ථක වී තිබේ.